පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ භාෂා පරමාධිපත්‍යය ආරක්ෂා කිරීමට අසමත් වූ මහින්ද යාපා අබේවර්ධන කථානායකවරයා ජනතාවගේ පරමාධිපත්‍යය රකීවිද?
Posted on July 10th, 2022

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන B Sc(Col), PGDC(Col)

නීතිමය නිදහස වෙනුවෙන් පෙළ ගැසෙන්න ජනතාව සූදානම්ද?

අහිමි කළ අධිකරණ භාෂා අයිතිය නැවත ලබා ගත හැකි වෙයිද?

අධිකරණ අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබාදීම තහනම් කළ 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට්ටුවේ එකී තහනම ඉවත් වෙයිද?

ඉදිරියේ පත්වන ජනාධිපතිවරයා ඉංග්‍රීසි ජාතිවාදීන්ගෙන් ජනතාව මුදවා ගනීවිද?

ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ සිංහල භාෂාවෙන් ලබා දෙන ලෙස ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කතානායක මහින්ද යාපා අබේවර්ධන ගෙන් 2021 අගෝස්තු 17 දින ඉල්ලා සිටියද එය ඉටු කරමින් ජනතාවගේ පරමාධිපත්‍යය ආරක්ෂා කිරීමට ඔහුට නොහැකි විය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තමන්ට හිමි අයිතිවාසිකම් යටතේ කළ මේ ඉල්ලීම ඉටු නොකිරීමට අලි සබ්‍රි අධිකරණ ඇමතිවරයා කතානායකවරයාට සහාය දී ඇති බව එදින පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාව අධ්‍යයනය කිරීමේදී පැහැදිලි වේ.

(2021.08.17 පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාව බලන්න)

නීතිමය නිදහස ලැබීමේ අයිතිය සියලු අයිතිවාසිකම් අභිබවා යන හෙයින් ජනතාවගේ භාෂා පරමාධිපත්‍යය අහිමි කිරීමට විධායකයට, ව්‍යවස්ථාදායකයට සහ අධිකරණයට ඉඩ දෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ක්‍රියාත්මකව නොතිබියදී ජනතාවගේ භාෂා පරමාධිපත්‍යය පාර්ලිමේන්තුව විසින් අහිමි කිරීම නිවැරදි කිරීම ජනාධිපතිවරයාගේ වගකීම වේ.

එකී වගකීම ඉටුකිරීමට ඉදිරියේ පත්වන ජනාධිපතිවරයා කටයුතු කරන්නේද යන්න විමසීම නීතියේ පාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ජනතාවගේ දැනුවත්කම මත රඳා පවතී.

නීතිඥ අරුණ ලක්සිරි උණවටුන B Sc(Col), PGDC(Col) (සමායෝජක) වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යයන වැඩසටහන

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress