අරගලකරුවන් ඉවත්වූ මන්දිර මාධ්‍යයට ප්‍රදර්ශනය කෙරේ (වීඩියෝ)
Posted on July 15th, 2022

උපුටා ගැන්ම  හිරු පුවත්

අරගලකරුවන් ඉවත් වීමෙන් පසුව කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ වත්මන් තත්ත්වය අද මාධ්‍ය වෙත ප්‍රදර්ශනය කෙරුණා.

අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ජනාධිපති මන්දිරයේ ඇඟිලි සලකුණු ලබා ගන්නා අයුරු ද දක්නට ලැබුණා.

කොළඹ කොටුව ජනාධිපති මන්දිරය අරගලකරුවන් විසින් අත්පත් කර ගත්තේ පසුගිය 09 වැනිදා පැවති විරෝධතාවය අතරතුරයි.

අරගලකරුවන්ගේ ග්‍රහණයට නතු වූ ජනාධිපති මන්දිරය ඉන් අනතුරුව මහජන ප්‍රදර්ශනය සඳහා විවර කෙරුණා.

දින 06ක පමණ කාලයක් ජනාධිපති මන්දිරය තම ග්‍රහණයේ තබා ගත් අරගලකරුවන් ඉන් ඉවත්වුයේ ඊයේ පස්වරුවේයි.

අරගලකරුවන් ජනාධිපති මන්දිර පරිශ්‍රයෙන් ඉවත් වු පසුව පුරාවිද්‍යා ස්මාරකයක් වන එහි වත්මන් තත්ත්වය වාර්තා කිරීමට අද මාධ්‍යවේදීන්ට අවස්ථාව ලබාදී තිබුණා.

අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එහි ඇඟිලි සලකුණු සටහන් ලබා ගන්නා අයුරු දක්නට ලැබුණා.

මේ අතර අරගලකරුවන් ඊයේ පස්වරුවේ අත්හැර දැමු අරලියගහ මන්දිර පරිශ්‍රය ද මාධ්‍ය වෙත අද ප්‍රදර්ශනය කෙරුණා.

මේ අතර අරලියගහ මන්දිර පරිශ්‍රයෙන් අරගලකරුවන් ඉවත් වුව ද ඒ ඉදිරිපිට ඉදි කළ කූඩාරම්වල පිරිසක් තවදුරටත් රැඳි සිටිනවා.

ඉන් කිහිපදෙනෙකු අද පෙවරුවේ මාරාන්තික උපවාසයක් ආරම්භ කළා. <br /><br />මේ අතර කොළඹ මල්පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් අරගලකරුවන් ඉවත්ව යාමෙන් පසුව එහි ආරක්ෂාව තර කර තිබුණේ මෙලෙසින්.

කෙසේවෙතත් ජනාධිපති ලේකම් කාර්යාලය අත්පත් කර ගෙන සිටින අරගලකරුවන් තවදුරටත් එහි රැඳි සිටිනවා.

ගාලු මුවදොර අරගලකරුවන් 96 වැනි දිනටත් මෙලෙස විරෝධතාවයේ නිරත වන අයුරු දක්නට ලැබුණා.

ඔවුන් ගාලු මුවදොර දී ප්‍රවෘත්ති සාකච්ඡාවක් ද කැඳවා තිබුණා.

මේ අතර පසුගිය දා පොල්දූව මංසන්ධියේ ඇති වු නොසන්සුන්තාව සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා අදහස් පළ කළා.

මේ අතර පොල්දූව මංසන්ධියේ පැවති විරෝධතාව අතරතුර සහ පසුගිය දිනවල පැවති අනෙකුත් විරෝධතාවලදී තුවාල ලැබු යුද හමුදා නිලධාරීන්ගේ සුවදුක් සොයා බැලීම සඳහා වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ මහතා යුද හමුදා රෝහල වෙත පැමිණියා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress