රට මුහුණ දෙන අර්බූදය සමනය කිරීමට ජනාධිපති අපේක්ෂක ඩලස් අලහප්පෙරුමට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කොන්දේසි 12ක්
Posted on July 19th, 2022

 Lanka Lead News

දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය ජනාධිපති අපේක්ෂක ඩලස් අලහප්පෙරුම මහතා වෙත ලිපියක් යවමින් පෙන්වා දෙන්නේ වත්මන් ආර්ථික සහ දේශපාලන අර්බුදය තවදුරටත් වර්ධනය වීම වළක්වා ගැනීම සහ නිශ්චිත කාල රාමුවකට අදාළව අර්බුදය සමනය කර ගැනීම සඳහා වැඩපිළිවෙළක් සහ එය ක්‍රියාත්මක කිරීම සඳහා මාර්ග සිතියමක් රටට ඉදිරිපත් කිරීමට ආණ්ඩුවේ පාර්ශ්ව මෙන්ම විපක්ෂයේ පාර්ශ්වද අසමත්වී ඇති බව අවධාරණය කරයි.

දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව ඉදිරිපත් කරනු ලබන එම ලිපිය මගින් ,මේ වනවිට උත්සන්න වෙමින් පවතින දේශපාලන අර්බුදය උපදින්නේ ක්‍රමයෙන් වර්ධනය වූ ආර්ථික අර්බුදයට මුහුණදීම සඳහා ආණ්ඩුවේ පාර්ශ්ව මෙන්ම විපක්ෂය සහ මහජනයා සමඟ ද එකඟතාවයක් ඇතිකර ගැනීමට නොහැකිවීම නිසා බවද පෙන්වා දේ.

ඒ අනුව ආර්ථික අර්බුදයට අදාළව මූල හේතුව 1977 සිට පවත්වාගෙන එනු ලැබූ ආර්ථික මොඩලය පිළිබඳව සහ ඒ මගින් ඇති වූ ප්‍රතිඵලය සහ එහි ගැඹුර පිළිබඳව මෙන්ම ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන විසඳුම් සහ එම විසඳුම් වල ප්‍රතිඵල ලබා ගැනීමට ගතවන කාලය පිළිබඳව මහජනයා දැනුවත් නොකිරීම නිසා පොදු මහජන විරෝධය වර්ධනය වූ බවද එම ලිපිය මගින් පෙන්වා දේ.

වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා ” පොදු මහජන විරෝධය වර්ධනය වූ තත්ත්වය තුළ ඇතිවූ ආපදාව ප්‍රයෝජනයට ගනිමින් ආපදා අධිරාජ්‍යවාදී මෙහෙයුමක් දියත් කරනු ලබන ජාත්‍යන්තර බලවේගවලට සහ ඊට දැනුම්වත්ව එකඟතාවයෙන් යුතුව සහ නොදැනුවත්ව සහාය ලබා දෙන දේශීය බලවේග වලට තම අරමුණු ඉටුකර ගැනීම සඳහා මනරම් අවස්ථාවක් නිර්මාණය විය.

මෙම තත්ත්වය තුළ ආණ්ඩුව අකර්මන්‍යව සිටීම පිළිබඳව සාමකාමීව විරෝධය පළ කිරීම සඳහා මහජනයාට ඇති අයිතියට ඔබතුමා ගරු කරන බව අපි දනිමු. එසේ වුවත් ප්‍රචණ්ඩ අරගලකරුවන් දේශපාලන වශයෙන් නිරායුධ කිරීම යනු විසඳුමක් සඳහා වන පූර්ව කොන්දේසියක් බවට පත්වේ. කඳුළු ගෑස් හෝ ජල ප්‍රහාර වලින් එම අරමුණු ඉටුකර ගත නොහැකි බව දැන් ඉතා පැහැදිලිව දැක ගත හැක. එම නිසා එම පූර්ව කොන්දේසිය ඉටු කිරීම සහ සැබෑ ලෙසම අර්බුදය ජය ගැනීම සඳහා මහජන සහය ලබාගත හැක්කේ ඊට අදාලව පැහැදිලි විසඳුම් යෝජනාවලියක් හෙවත් වැඩපිළිවෙළක් සහ එය ක්‍රියාත්මක කිරීම සඳහා මාර්ග සිතියමකට එකඟතාවයක් දේශපාලන පක්ෂ අතර ඇති කර ගැනීම මගිනි. එසේම එම එකඟතාවයට අනුව එය යථාර්ථයක් බවට පත් කළ හැකි යාන්ත්‍රණය හෙවත් එකඟතා ආණ්ඩුවක් ශක්තිමත්ව බිහිකළ හැක්කේ සහ ඊට මහජන සහාය ලබාගත හැක්කේ එවැනි එකඟතාවයක් තුළිනි.” යනුවෙන් ලිපිය මගින් පෙන්වා දේ.

ඒ අනුව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය සමාජ එකඟතාවයක් සඳහා දොළොස් වැදෑරුම් කොන්දේසි ඩලස් අලහප්පෙරුම මහතා වෙත ඉදිරිපත් කරයි.
සම්පූර්ණ ලිපිය පහතින්…

ජනාධිපති අපේක්ෂක ඩලස් අලහප්පෙරුමට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් දොළොස් වැදෑරුම් කොන්දේසි

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress