තලෙයිබාන්වරු ලෙසත් ,ලිබියාවෙි බෙංගාසි කැරළිකරුවන් ලෙසත් ලාංකීය ඊනියා “අරගලකරුවන්” හඳුනා ගනිමු. 
Posted on July 27th, 2022

Lanka Lead News

ලෝක සිතියමෙි ලිබියානු රට පිහිටා ඇත්තේ අප්‍රිකානු මහද්වීපයේ වන අතර ඉතාම දිළිඳු රටක් ලෙසින් 1969 ට පෙර පැවත ඇත.ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල්වලට යටත් රූකඩ ආණ්ඩුවක් එහි පැවතිනි.රාජාණ්ඩුවක්ව පැවති ලිබියාවෙි පාලකයා ලෙස කටයුතු කලේ ඉන්ද්‍රිස් නැමති නායකයාය.රට තුල පැවති ඇතැමි ඛනිජ සමිපත් බ්‍රිතාන්‍යන් ඇතුළු බටහිර තමන්ට රිසි සේ සූරා කමින් පැවතුණි .

නන්නත්තාරව පැවති ලිබියාවෙි පාලන බලය 1969 වසරේදී හමුදාවෙි කර්නල්වරයෙකු වූ මුවම්මර් ගඩාපි විසින් අත්පත් කර ගන්නා ලදී.

70 දශකයේ ඔහු විසින් ලිබියානු පාලන තන්ත්‍රය කෙසේ විය යුතුදැයි න්‍යායික ලිඛිත පැහැදිලි කිරීමක් තම හරිත කෘතිය නැමති වැඩපිළිවෙළින් රට හමුවෙි තබන්නට විය.එම කෘතිය ලිබියානු ජනතාවගේ ඉමහත් ආකර්ශනයක් දිනාගත් අතර ඇතැමි ලිබියානුවන් මෙම කෘතිය හැඳින් වූයේ මාඔිසේතුංගේ රතුපොතට සමාන කරමිනි .තවත් පිරිසක් මෙම කෘතිය හඳුන්වනු ලැබුවෙි කුරානයට සම කරය.

1969 සිට 2011 දක්වා ගඩාපි උග්‍ර අධිරාජ්‍ය විරෝධියෙකු ලෙස තම රට තුලත් බාහිර ලෝකය තුලත් සාඩමිබරනීය අනන්‍යතාවයක් තහවරු කර ගන්නා ලදී .

බටහිර විසින් සූරාකමින් තිබූ ලිබියානු සමිපත් වහ ජනසතු කරන ලද අතර එතැන් පටන් ඔහු අප්‍රිකානු මහද්වීපයේ දළිඳුම රාජ්‍ය වූ ලිබියාව දියුණුම හා ප්‍රබලම රාජ්‍යක් බවට පත් කරන ලදී.අකුරු සාක්ෂරතාවය සියයට අනූවටත් එහා ප්‍රතිශතයකට ගෙන ආ ලිබියානු නායකයා අධ්‍යාපන, සෞඛ්‍ය, ජලය ,විදුලිය ඇතුළු ප්‍රබල පහසුකමි ජයග්‍රහණ රටෙි ජනතාවට ලබා දීමට කටයුතු කලේය.
රට අභ්‍යන්තරයේ ඛනිජ සමිපත් රටෙි වෙිගවත් දියුණුවකට යොදා ගන්නා ලදී.

අධ්‍යාපනය,සෞඛ්‍ය පහසුකමි විදුලිය ගෑස් නොමිලේ ලබා දුන් අතර විවාහවන තරුණ විවාහකයින් වෙත මාගේ මතකය නිවරදිනමි,ඩොලර් පනස්දහසක් ආණ්ඩුව තෑග්ගක් ලෙස ලබා දෙමින් නිවසක් සහිත පහසුකමි ද රජයෙන් ලබා දී ඇත.සරල දිවි පෙවෙතකට හුරු වී සිටී ලිබියානු ජනතාව තුල මුදල් සංසරණය ද දියුණු තැනක තිබූ බව සඳහන්ය.

අප්‍රිකානු මහද්වීපයේ රටවල් එක්කොට බලවත් කලාපයක් නිර්මාණය කිරීමට නායකත්වය ගෙන කටයුතු කල ලිබියානු නායකයාට දිගින් දිගටම දැඩි සේ වෛර කරමින් සිටියේ ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල්ය.ඒ ඔවුන්ට රිසි සේ ලිබියානු ඛනිජ සමිපත් ඇතුළු වෙනත් දේ සූරා කෑමට තිබූ අවස්ථා අහිමි කර තිබීම හේතුවෙනි .

ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් නිහඬව නොසිට කුමන්ත්‍රණ පොකුරක් දියත් කලේය.
වත්මනෙහි ලංකාවෙි ක්‍රියාත්මක වන ඊනියා අරගල කරුවන් පිරිසකට සමාන පිරිසක් කවා පොවා අන්ඳවා හදාවඩා ගනිමින් ලිබියානු ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය ලබා දීමට යැයි වහසි බස් දොඩා අවස්ථාවක් විවර වූ විගසම කුමන්ත්‍රණය රටට ඇතුල් කිරීමට කටයුතු කලේය.අප්‍රිකානු මහද්වීපයෙන් හඹා අරාබි රටවල්ද යට කරමින් පැමිණි අරාබි වසන්තය හරහා ලිබියානු විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් (හරියටම ලංකාවෙි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට සමාන)
බෙංගාසි නගරය පාදක කරගනිමින් කැරැල්ල ආරමිභ කලේය.
ගඩාෆිට එය පාලනය කරගත නොහැකි වූයේ ඇමරිකාව ප්‍රමුඛ නේටෝව ලිබියානු කැරැළි කරුවන් යොදා ගනිමින් ගුවනින් හා සතර දෙසින් ප්‍රහාර එල්ල කොට මුළු ලිබියාවම වනසා සමූල ඝාතනයක් කරමින් අවසානයේදී දියුණුම රාජ්‍යක් දක්වා වර්ධනය කරන ලද ලිබියානු නායක ගඩාෆි පණ පිටින් අල්ලා ලෝකයටම පෙනෙන සේ දසවද දී ඇමරිකාව ප්‍රමුඛ නේටෝවෙි අනුග්‍රහය සහිතව ලිබියානු කැරළිකරුවන් අතින්ම ඝාතනය කර ලිබියානු ශක්තිමත් දියුණු රාජ්‍ය බිඳ වැටිටුවෙිය.

ලිබියානුවන්ට තිබුණු රාජ්‍යත් පෙන්වන ලද රාජ්‍යත් දෙකම අහිමිව අදවන විට යළිත් අප්‍රිකානු මහද්වීපයේ හා අනෙකුත් මැදපෙරදිග රටවල්වල ඉතා දිළිඳුම කැබලිවලට කැඩුණු අරාජික රටක් බවට පත් කර සියළු ලිබියානු සමිපත් ඉතා තදබල ලෙස ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් සූරාකමින් තිබෙි.දැන් ලිබියානු ජනතාව ශාප කරමින් සිටින්නේ ලිබියානු කැරැළි කරුවන්ටය.කැරැළි කරුවන් ද තමන්ටම ශාප කරගනිමින් සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල්වලට ගොදුරු වී දියුණුම තම රාජ්‍ය විනාශ කිරීම පිළිබඳවවය.

2011 දී ලිබියානු රට විනාශ කිරීමෙන් පසු මෙි තාක් රටට ආණ්ඩුවක් පාලකයෙක් නැත.රට හැම තැනම මංකොල්ල කෑමි මිනී මැරුමි ස්ත්‍රී දූෂණ බහුලව සිදුවෙයි.රටෙි එක් එක් කොටස් පාලනය කරනු ලබන්නේ පාතාල නායකයින් රස්තියාදුකාරයින් මංකොල්ල කාරයින්ය.ගඩාපි ජනතාවට දුන් කිසිදූම පහසුකමක් හෝ සහනයක් දැන් ලැබෙන්නේ නැත.දිනපතා ජනතාව නීති විරෝධීව රට හැරදා බෝටිටු පාවිචිචි කර පලා යති.එයිනුත් විශාල ප්‍රමාණයක් සාගරය මැදදී ජීවිතක්ෂයට පත් වෙි.

ලංකාව දෙස හැරී බලමු.

ලංකාව දියුණු රාජ්‍යක් නොවෙතත් ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල්වලට භූ ගෝලීය වශයෙන් ලෝක යුධමය තත්වයකදී අත්‍යාවශ්‍යම රටක් බවට පත්ව ඇත.ඔවුන්ට අවශ්‍ය භූ අභ්‍යන්තරයේ හා මතු පිට සමිපත් ඇත.
ඉහත කී රටවල් මෙන්ම ඉන්දියාවද අපට කෙදිනකවත් නැගිටින්නට දෙන්නේ නැත.

ඇමරිකන් තානාපතිනියගේ මෙහෙයවීම යටතේ අරගලයට මුවා වී ඔවුන්ට අවනත බලවෙිග සියල්ලම මෙි කරමින් සිටින්නේ ලිබියානු පන්නයේ විනාශයක් කිරීමටය.අරගල භූමිය වසා සිටින සියළු බලමුළු ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල්වල ඩොලර් මත යැපෙමින් ලක් මාතාව වරක් නොව සිය දහස් වාර ගණනින් දූෂණය කර මරා දැමීමට ඉතා සහසික ලෙසින් සූදානමින් ක්‍රියා කාරී වී ඇත.පාර්ලිමෙින්තු ව තුල සිටත් ඉන් පරිබාහිර පුද්ගලයින් ලෙසත් බලවෙිග ලෙසත් ,අරගල කරුවන් සාමකාමී අරගල කරුවන් ලෙස අර්ථ කථන දෙන්නන් ,පොලීසිය හමුදාව අසරණ කරන අධිකරණ ,නීතිඥ කුමනත්‍රණත් සියල්ල ඇමරිකානු ,ලංකාවට එරෙහි දුෂ්ඪ සැලැස්මෙි හා න්‍යාය පත්‍රයේ කොටස් බව අප හඳුනාගනිමින් මුහුණ දියයුතුය .

අවසන් වශයෙන් ලංකාවෙි අරගලයට මුවාවී සහසිකත්වය මුදා හැර ඇති ඩොලර් හා රුපියල් මත රට අරාජික කර සදාකාලිකව විනාශය කරා රැගෙන යන මොවුන් ජනාධිපති මන්දිර ලේකමි කාර්‍යාල අගමැති මැදුර බලහත්කාරී ලෙස යටත් කර ඇතුල් වී විශාල දේපල හොරකමි කර ඇත.පහරදීමි මිනීමැරුම් කර ඇත.පොලීසියට හමුදාවට පහර දී ඇත.ගිණි අවි පැහැරගෙන ඇත.මෙකී සියළු අපරාද කරන ලිබියාවෙි බෙංගාසි කැරළිකරුවන්ට හා තලෙයිබාන්වරුට සමාන මොවුන් සාමකාමී නිරායුද අරගල කරුවන් ලෙස හඳුන්වනු ලබන්නේ කුමන වර්ගයේ පිස්සන්දැයි ජනතාවට නොතේරේ.මෙම අර්ථකථන සඳහා ඩොලර් යහමින් ලැබීම ඔවුන්ට ප්‍රමාණවත්ය.එය ඔවුන්ට අඛණ්ඩව ලැබෙමින් පවතී .

රටට එරෙහි ඊනියා අරගලය තුල බෙදුමිවාදී LTTE සිටිති.වෙනම කිලකස්ථානයක් ඉල්ලා සිටින මුස්ලිමි මූලධර්මවාදී වහබිවාදීන් සිටියි. ඉතා සූක්ෂම ලෙස බුදු දහම වනසන මූලධර්මවාදී ආගමික නිකායන් සිටී .අගරදගුරු කාදිනල් හා අනෙක් අගරදගුරු ඔිමල්පේ සෝභිතත් සිටියි.ජෙප්පො පෙරෙටිටෝත් සිටියි.පෙරෙටිටන්ගේ සන්නද්ධ බලඇණියවන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයද සිටියි.සාමකාමී අරගල දරුවන්ට ගහන්න එපා කියන වෛරයෙන් මුසපත්ව ඇති පොනීත් සිටියි.ඒ ඇතුළු ඩොලර් මත පාවාදීමෙි අසහය පාර්ලිමෙින්තු මන්ත්‍රීවරුන් පිරිසක්ද සිටියි.පාතාල නායකයින් කුඩුකාරයින් IRC කාරයන් ගණිකාවන්ඳ වෘත්තීය සමිති ඊනියා නායකයිද සිටියි.

ඉතින් අපි එක්ව මෙි ලංකාවෙි තලෙයිබාන්වරු එහෙමත් නැත්නමි ලිබියානු බෙංගාසි කැරළිකරුවන් හැම අතකින්ම පරාජය කිරීම රටෙි අවශ්‍යතාවයක්ම නොවන්නේද?

ජයවෙිවා ..!

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress