ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ඇතැම් හැසිරීම් පිළිගැනීමට බැහැ-අධි නීතිඥ මනෝලි ජිනදාස
Posted on July 31st, 2022

Courtesy Lanka Lead News

නීතිඥ සංගමයේ සාමාජික අධිනීතිඥ මනෝලි ජිනදාස මහත්මිය හිරු ප්‍රවෘත්ති සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ඇතැම් ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් සංගමයේ සාමාජිකයින්ට ගැටලු පවතින බව පවසා සිටියි.

එහිදී ඇය සඳහන් කළේ නීතිඥ සංගමයට අදාළ නොවන කරුණු සම්බන්ධයෙන් නිකුත් කරන ඇතැම් ප්‍රවෘත්ති නිවේදන හේතුවෙන් සංගමයේ පැවැත්මට ද ගැටලු මතුවිය හැකි බව අවධාරණය කළාය.

ගුවන් යානය තුලදී ධානිෂ් අලි නැමැත්තා අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇය පවසා සිටියේ,අදාළ පොලිස් නිලධාරීන් එම පුද්ගලයා අත් අඩංගුවට ගැනීම නීත්‍යානුකූල අයුරින් සිදු කර ඇති බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress