සව්සිරිය නැති වෙච්චි
Posted on August 3rd, 2022

ප්‍ර සමරසිංහ

 


අපි පරිසරයේ සම කොටස්කාරයෝ වෙච්චි
අපි දෙගොල්ලොම අහිංසක ඈයෝ වෙච්චි
බොලාගේ උපකාරෙන් මේ පරිසරය රැකිච්චි
බොලාට බුහුමන් කරාට පව් නැති වෙච්චි..

මේ දයාව උදුර ගත්තු උද්ධච්චයෝ බෝ වෙච්චි
බොලාව මස් කරල බබෙකියු කන්න ලොල් වෙච්චි
හිරිකිතක් නැති උන් ‘ ශිෂ්ඨ සම්පන්න’ වෙච්චි
බොලාට අත් දෙක එකතු කරන අපි ‘ප්‍රිමිටිව්’ වෙච්චි..

භූතයෝ ත්සුනාමියෝ කුඹුරට පැමිනිච්චි
උන් ඉන්ධන බිබී සරු පස නිස්සාර කරච්චි
ඉන්ධන නැති වෙච්චි, තිබුණත් බෝ ගණන් පලච්චි
බොලාව මස් කරාපු ඈයෝ ඇරගල් කොරච්චි..

අපට බොලාව නැති වෙච්චි
නිසරු කුඹුරු සෙත්ත පෝච්චි  
භූත ත්සුනාමියො ඔහෙ දිරච්චි
අපි නිස්කාරනේ හිඟන්නෝ වෙච්චි.. 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress