වර්තමන පාලකයින්ටද මතක් කිරීමක්?
Posted on August 14th, 2022

Dr Sudath Gunasekara

රෝමය ගිනි ගනිද්දී නීරෝ වීණා වාදනය කරයිපැරණි කියමනක්

අරගලය ගැන වචනයක්

ගෝඨභය ජනාධිපති වරයා ඔවුන්ගේ දුක් ගැනවිළිවලට සවන්දි සමනය නොකරන්නේ මන්දැයි වැඩිහිටි අපට මහත් ප්‍රහේළිකාවකි. එබැවින් තව තවත් ප්‍රමාද නොකොට දැන්වත් ඔවුන් ඔබ හමුවට කැඳවා ඒ නොදරුවන්ගේ ගැටළු ටික විසඳාලුව මැනවි. එසේ කිරිමට ඔබ අපොහොසත් වුවහොත් මුළු රටේම වියරු ජනතාව ඔබ දැනට සිටින ජනපති මැදුර වට කරන දිනය එතරම් ඈතක් නොවන බව මම ඔබට ඉඳුරාම  කියමි”

මුලු ලක්දිවම අරාජිකව ගිනිගෙන දැවෙද්දී ඝෝථාභය ඇමතිවරුන් සහ රාජ්ය ඇමතිවරුන් පත්කරයි” අද්යතන කියමනක්

රෝමය ගිනි ගනිද්දී නීරෝ වීණා වාදනය කරයි” පැරණි කියමනක්”

ආචාර්ය සුදත්  ගුණසේකර. මහනුවර

23.4.2022

මුළු රටම අද ඉතිහාසයේ මින් පෙර කිසිම දිනක නොවූ පරිදි එදි නෙදාට අත්‍යාවශ්‍ය බඩු හිඟය, දැරිය නොහැකි බඩු මිල, දවසේ වැඩ අවසන්වි පැයගනන් පෝලිම්වල සිට සවසට නිවසට ගේන හාල් ඇටය තම්බා ගැනීමට  මෙන්ම පවස නිවා ගැනීමට තේ කහට ටිකක් රත්කර ගැනීමට ගෑස්ලිපේ ගෑස් නැත.  පාරවල් දිගේ පෙට්‍රල්,ඩීසල් සහ ගෑස් පෝලිම්ය, රැය පුරා මුලු රටම  අඳුරේය. කම්හල් නැවතිලා ඒවාද වැසී යාමට ආසන්නය, එසේ වුවහොත් ඒවායේ රැකියාකරණ උන්ට යන එන මන් නැතිව, ඔවුන් කුසගින්නේ මිය යනු ඇත.පෝලිම්වල තැන තැන මිනිසුන් ඇදවැටී මියයයි. මේ අනුව අද මේ පින් බිම තව නොබෝ දිනකින් නූතන විශාලා මහනුවරක් වනු ඒ කාන්තය.මේ අතර රට පුරා දිවා රෑ දවල් ජනතා උද්ඝෝශනය. අසහනය සහ පීඩිතයින් අතර රට පුරා නි මෙසේ මුලු රටම ගිනිගෙන දැවෙද්දී ජනාධිපතිවරයා  කොටුවේ ජනාධිපති මැදුරේ දැඩි ආරක්ශාව පිට කොටුවී තම රජයේ මැති සබයේ 113 රැක ගැනීමේසටනක යෙදී සිටී. ඔහු විසින් සෙසු පක්ශවල මන්ත්‍රීවරුන් රාජ්ය ඇමත්වරුන් වශයෙන් පත්කරමින් මේ කරන දේශපාලන සූදුව ජනාධිපති වාරයාගේ සම්පූර්ණ් දේශපාලන අනාගතයම ඔට්ටුවට තබන බව ඔහු හෝ ඔහුගේ ප්‍රධාන උපදේසක ඇතුලු කිසිවෙකු වටහා ගෙන ඇති බවක් නොපෙනේ

ලිපගිනි මොලවන තෙක් දිය සැලියේ සැඔපයක්යැයි කකුළුව දිය කෙළියේ යන කවි පදය් මෙහිදී මට සිහිවේ

එක් අතකින් මා මීට ඉහතදීද පෙන්වා දී ඇති පරිදි මේරාජ්ය ඇමති පත්කිරීම සම්පූර්නයෙන්ම් විවස්තා විරෝධීය අනෙක් අතින් කැබිනට් අමාත්යවරුන්ටද යටත් නැති මොවුන් කරන සෑම දෙයක්ම නීති විරෝධීය මොවුන් පත් කිරීමත් සම්ඟාම අදාල අමාත්යාන්ශවලට ලේකම් වරුන්ද ,තවත් නිලධාරින්ද ,කාර්යාලද යානවාහනද  මොවුන්සියලු දෙනාට වැටුප් සහ අමතර වරප්‍රසාද සහ දීමනාද වෙනුවෙන් අති විශාල මුදලක් ද වැය වෙයි. මුලු රටක් හිඟාකමින් ජීවත්වෙන මෙවැනි යුගයක ශත පහක වැඩක් නැති මෙවැනි  පරපොශිතයින් රන්චුවක් කිසිසේත්ම පත් නොකළයුතු ක්‍රියාවක් බවවත් ජනාධිපහිවරයාට නොතේරීම කොතරම්නම් අභාග්යක් ද

රට පුරා මේ ආදී සියලුම අසහන හා ගැටුම් මේ අන්දමින් මෝදු වෙද්දී ඒ සියල්ලගේ කූඨප්‍රාප්තිය  ජනාධිපතිවරයාගේ නිළ කාර්යාලය ඉදිරියේ ගෝල්පේස් තණ පිටියේ දින 14 ක තාරුන්යේ මහා අරගලයකි.

ගෝටා ගෝ ගම” යන්නෙන් ඉන් ඔවුන් හඬනගා කියන්නේ ගෝඨභය ගෙදර යනු යන සටන්පාඨයයි

ජනාධිපති කාර්යාලයට   හිර බැසයන දෙසින් ඉන්දීය මහා සාගරයේ වියරු රළ කඳ තරඟයට මේන් හඬා හෝ ගා අහස උසට නැගෙනුයේ ගෝටා ගෝ හෝම්” යන ජනතා වියරු හඬ අනුකරණයෙන් ජාතියේ තාරුන්යේ සටන් කාමීන්ගේ මරලතෝනියට  සහාය දක්වන්නාක් මෙන්ය.

මේ සියල්ල නොකඩවා දින 14 ක් තිස්සේ තම දොරකඩ මෙසේ සිදු වෙද්දී ජනපති අද වනතුරුම මේ මහාජන ඝෝශාව කුමක්දැයි ඇස ඇර බැලුවේ නැත නහමක් සවනතද යොමු කලේද නැත. ඒ දරුවෝ ජනාධිපති තුමනි ඔබගේ දරුවෝය දරුවන්ගේ දුකට සවන් නොදෙන දෙමව්පියෝනම් කවරෙක්ද.තවද ඒ ඔබේ වැසියෝය ථම රට වැසියන්ගේ  දුක් අඳෝනාවලට කන් නොදෙන රජහුනම් කවරෙක්ද. එසේ වූ විට ඔහු කෙසේනම් රජකමට සුදුසු වෙත්ද?

ජනාධිපති තුමනි.කි.ව.වසර 307 කට පෙර සිට මේ රටේ රාජ්ය පාලනය සිදුවූයේ බුදුදහමේ ඉගැන්වෙන රාජ්ය ධර්ම හා ප්‍රතිපත්ති අනුවය.ධර්මාසෝක රාජ්ය සන්කල්පය වශයෙන් හැඳින්වෙන එක් මූලික සන්කල්පනාවක් වුයේ රටේ වැසියන් තම දරුවන්මෙන් සළැකූ බවය. පොතපතෙහි එය සඳහන් වන්නේ ‘සවේ පුරිසා මම පජා’ යනුවෙනි. ජනතා ගැටළු ගැන සඳහන්කෙරෙන එක් තැනක සන්දනව ඇත්තේ ‘ජනතා ගැටළුවක් මා වෙත යොමුවුවහොත්’මා රාජ්ය සභාවේසිටියද, අහාර ගනිමින් සිටියද, වැසිකෙළියේ සිටියද, අන්ත හ්පුරයේ සිටියද එම ජනතා ප්‍රස්නය මා වෙත යොමුකළ යුතුය ‘යනුවෙනි.

එවැනි ශ්‍රේෂ්ඨ රාජ්ය සම්ප්‍රදායකට උරුම්කම් කියන ඔබ

මේ අන්දමින් ඔබ රාජ්ය ව්චාරණය කරනා මන්දිරයේ ආලින්දයේ තම දුක් ගැනවිළි කියාපාමින් කළහ කරන මේ දරුවන්  කැඳවා  ඔවුන්ගේ දුක් ගැනවිළිවලට සවන්දි සමනය නොකරන්නේ මන්දැයි වැඩිහිටි අපට

මහත් ප්‍රහේළිකාවකි. එබැවින් තව තවත් ප්‍රමාද නොකොට දැන්වත් ඔවුන් ඔබ හමුවට කැඳවා  ඒ නොදරුවන්ගේ ගැටළු ටික විසඳාලුව මැනවි. එසේ කිරිමට ඔබ අපොහොසත් වුවහොත් මුළු රටේම වියරු වැටුණ ජනතාව ඔබ දැනට සිටින ජනපති මැදුර වට කරන දිනය එතරම් ඈතක් නොවන බව මම ඔබට ඉඳුරාම  කියමි

මා ඔබනම් මා කරණුයේ ඔවුන් කැඳවා  මගේ අකීකරු දරුවන්මෙන් සලකා, ඔවුන්ගේ ගැටළු විමසා ඒවාට පිළියම් යොදා අරගලය සමනය කිරීමයි

.ඇතම්විට ඔබ මෙවැනි සම්ප්‍රදායන්  නොදන්නවා ඇති.ඔබගේ ප්‍රධාන උපදේශක ඇතුලු අනෙක් උපදේශකයින්ද නොදන්නවා වියහැකි. මට මතක නේ ඔබතුමාගේ පුරෝහිත ලලිත් මගේ ආරාධනා ලිපියවත් නොදී, මගේ ගමේදී මා ඉල්ලා සිටියදීත් මට විනාඩි 5 ක කතාවක්වත් නොදී මීමුරේ වැඩ පිලිවෙල විනාශකළ හැටි

අනෙත් එක පෙබ් 13 මගේ ගමේ මා අයන්න ආයන්නකිවු පසැල් මිදුලේදී ඔබතුමාට දුන් ලිපියට හෝ 2021 අප්‍රේල් 30 වන දින  ලි.ප. තැපෑලෙන් එවූ ලිපියෙන් කල මගේ ගමේ ගැටළු ගැන  සාකච්චාකිරිමට දිනයක් හා වේලාවක් ලබා දෙනමෙන් කරණළද ඉල්ලිමට අවස්තාවක් හෝ යටත්පිරිසෙයින් එය ලැබුණු බවවත් මට නොදැන්වීමෙන්ම ඔබතුමාගේ රාජ්යපාලනයේ තරම මම දැනගතිමි. බලයට ඒමටනම් අපගේ චන්දය හොඳ උවත් ඉන් පසු රට කරවීමේදි අපවැන්නන්ගේ අදහස් ලබාගැනීමට ඔබ නොසතුටු බවද හොඳාකාරවම  දනිමි. මකක්නිසාදයත් බලයට ඒමෙන් පසු ඔනෑතරම් අලුත් යාලුවන් ලැබෙන බැවිනි. සාමාන්යයෙන් මුලින් ආ කනට වඩා පසුව එන අඟ වටිනාකමින් වැඩි වීම ලෝක සිරිත වන බවද මම දනිමි.ඇවිනි.

කෙසේ වුවද වර්තමාන ගෝල්පේස් ගැටලුව විසඳිමට අපගේ උපදෙස් ලබාගැනීමට සතුටුනම් 1994 ජනවාරි මස, වසර 3 කට ආසන්න මොරටුවේ උසස්  අධ්යාපන ආයතනයේ තිබුණු පන්ති වර්ජනයක්, එසේම උසස් අධ්යාපන අමාත්යාන්ශයේ ලේකම්වරුන් සමඟ 121 වතාවක්ද  ඇමතිවරුන් සමඟ 47 වතාවක්ද (එදා ශිස්යයින් කී පරිදී) සාකච්චාකොටත් විසඳා ගැනීමට නොහැකිවූ ගැටළුවක්, විනාඩි 15 පමණ කෙටි කාලයක් තුල, තාක්ශන අධ්යාපන අමාත්යාන්ශයේ ලේකම් වරයා වශයෙන්  මා විසඳූ ආකාරය ඔබතුමාට  මට කිව හැක.

Share this:

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress