බිල් දමා ගැනීම හා ගෙවීම
Posted on August 15th, 2022

ජයන්ත හේරත්

එක්සත්

රාජධානියේ

විදුලිය

හා

ගෑස් බිල

2022 අන්තිම වන විට

83%ක ඉහළයාමක්

අපේක්ෂිතය.

මාස කීපයකට පෙර

එම බිල

වැඩිවූයේ

50% කින්ය.

මේ අතරතුර කාලයේ

දැවැන්තම

Energy කොම්පැනිකාරයාගේ

අර්ධ වාර්ෂික ලාභය

විතරක්

පහුගිය වසර හා සසදන විට

පස් ගුණයකින්

ඉහල ගොස්ය.

ඒ ලාභය

පාරිභෝගිකයාට හරවන

ත්යාගශීලිකමක් පේන්නට නැත,

ආණ්ඩුව

ඉන්නේ ඇඹරි ඇඹරිය

සම්බන්ධයෙන්

නෝ ඇක්ෂන්ය.

ආණ්ඩුව ස්ටාර්ලින් පවුම් 400ක්

පාරිභෝගිකයාට දී

අත හෝදා ගන්නට වෑයම් කරන විදියක්

පෙනෙන්නේය.

අපහසුකම්

දැඩිව දැනෙතත්

මේ අධික මිල ඉහල යාම,

පාරිභෝගිකයාට

අලුතෙන් හිතන්නට

මඟ

විවර කිරීමක් ලෙස ගන්නට

උත්සහ කරන මිනිස්සු බිහිවීමත්  

නරකම නැත.

ඔවුන් සිතන්නේ 

නාස්තිය අවම කර 

මාසෙ අන්තිම බිල

අඩු කර ගැනීමත් 

සම්පත් පරිභෝජනය අඩු කර ගැනීමත් 

ලෝකයේ මහා ඉන්ධන අර්බුධයක්

හා පරිසර හානියක් සිදුව ඇති

මේ අවස්ථාවේ කල යුත්තක් බවය.

එකඟය.

වාදයක් නැත.

ලංකාව මේ වන විට

සම්පුර්ණයෙන්ම

විදුලී කරණය වී ඇත.

කඹයක්

අතෙන් ඇද

ලිඳෙන් වතුර

ගන්නවා වෙනුවට

වතුර අද්දවා ගන්නේ

විදුලි බලයෙනි.

හොඳය.

මුළුතැන්ගෙදරම

පැවතෙන්නේ

විදුලියෙන් හා ගෑස් වලින්ය.

කටේ

හුළං

පිම්ඹ කාලයක් මතක නැත.

පැය ගානක්

බලන්නේ

ස්මාට් ෆෝන්

චිත්තරපටිය.

විශාල තිර

ටැලිවිශන්ය,

ඒකට වැය වෙන්නෙත්

විදුලියමය.

ඇඳුම් පැළඳුම්

වැරදිලාවකවත්

අතෙන් සබන් ගා 

ගලක අතුල්ලා

සේදෙන්නේ නැත,

ඒකටත්

විදුලි බලයෙන් වැඩ කරන වොශින්-මැසිම්

තිබේය.

සතියකට හය හත් පාරක්

වොශින්-මැසිම වැඩ කරන විට

විදුලි බිල නගින්නේ නහුතෙටය.

ඒ ඇඳුම්

මේ තරම්

අව්ව තියෙන රටේ

රෙදි වැලක

වේලෙන්නේද නැත

ටම්බල් ඩ්රයර් එකට

වැය වෙන්නේද

විදුලියමය.

ගේ ඇතුලෙ

හැමතැනම

දැල්වෙන්නේ

විදුලි පහන්ය.

දැම්මොත් දැම්මා මය.

නිවන්නට මතක් වෙන්නේ

නිදා ගෙන

ඇහැරුන කොටය.

එලියේ හතර වටෙත්

දැල්වෙන්නේ ලයිට් බල්බ්ය

මේ

සවු භාග්‍යය,

කාය වර්ධනයට යන

ජිම් එකේ

උපකරණ

දුවන්නේ විදුලියෙන්ය.

පැය විසි හතරේම

අයිෆෝනයේ

එල්ලී වැඩ කරන විටත්

වැය වෙන්නේ විදුලියය.

මාසේ අන්තිමට මේ ඔක්කොම

එකතු වී එනවිට

එලොව පොල් නොපෙනී තිබ්බොත්

පුදුමය.

දෙය්යන්නාන්සේ 

හිර එලිය

තාපය

නොමිලේ දෙන්නේ

දවසෙන්

භාගයකටය.

fifty

ෆිෆ්ට් ය.

නොමිලේ ලැබෙන

හිර එලිය

තාපය

සුළඟ

පාවිච්චි කර වැඩ කර ගන්න

කැමති පිරිස අඩු වී ගොස්ය.

රාත්තිරිය  පුරාම අවදි ව

දහවල් කාලයම නිදා ගන්නා 

තරුණ පිරිසක්ද බෝවී ඇත,

ඔවුන් කියන්නේ

ආණ්ඩුව

මොන දීපංකරයකින්

හෝ

ණය ගෙන 

අඩු මිලට

විදුලිය,

ඉන්ධන

හා

හරක් කිරි

මියෙන තුරු

සැපයීමට වග බලා ගත යුතුය කියාය.

සාමකාමී

අරගල නැත.

සෑම

අරගලයක්ම ප්‍රචණ්ඩය.

ඇරගලිස්ට්ලා

අඩුවට දියව් කියමින් කෑ ගසන 

බොහෝ දේ එන්නේ වෙනත් රටකින්ය,

ඒවා ලාබෙට

ආදරයට

හොඳ ක්වොලිටියට

ලැබෙන්නේ නැති බව

මංචාඩියක් තරමක මොළයක්

ඇත්තේ නම් තේරෙන්නේය.

හරක් කිරිපිටි වලින් පටන් ගෙන ඉන්ධන

දක්වා

ආණ්ඩුව ඒ ඒ රටවලට

අධික මුදල් කන්දරාවක් ගෙවිය යුතුය.

ඒ ගෙවන්නට මුදල් 

ගස් වලින් කඩා ගන්නට නැත.

නිෂ්පාදනයක් සේවාවක් නොකර

මුදල් ඉපැයීමක් කරන්නට

බැරි නම්

ඔවුනට ඕනෑ කරන ආනයනික භාණ්ඩ

සඳහා

ගෙවන්නේ කෙසේදැයි

කල්පනා කරන්නට බැරි

ඇරගලිස්ට්ලා

කරන අරගල්

නිකන්ම නිකන් පුස්නාම්බුය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress