රනිල්ගේ නිවසට ගිිනි තැබීම ගැන ‘සිරස’ හිමිකරුගෙන් CID ප‍්‍රශ්න කරයි.. නාලිකා ප‍්‍රධානීන් රැසක් පෝලිමේ කැදවයි..
Posted on August 18th, 2022

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

පොලිස් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් කැපිටල් මහරාජා සමූහ ව්‍යාපාරයේ සභාපති ශෂී රාජමහේන්ද්‍රන් මහතාගෙන් පැය අටහමාරක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

පසුලිය ජූලි 09 වැනිදා එවකට අගමැති වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවසට ගිනිතැබීමේ සිදුවීම ගැන සිදුකරන විමර්ශනවලට අදාළව මෙම ප‍්‍රකාශ සටහන් කරගෙන තිබේ.

පසුගිය අඟහරුවාදා පෙරවරු 10.00 පමණ සිට ශෂී රාජමහේන්ද්‍රන් මහතාගෙන් පස්වරු 6.30 පමණ කාලයක් මෙසේ ප‍්‍රශ්ණ කර ඇත්තේ සිරස රූපවාහිනී නාලිකාව දිගින් දිගටම රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස පිහිටි ස්ථානය පැවසීම හේතුවෙන් අරගලකරුවන් එම නිවස ගිනිතැබීමට පෙළඹවීමක් සිදු කර ඇති බවට එල්ල වන චෝදනා මතයි.

ජූලි 09 වැනිදා රනිල් වික්‍රමසිංහ මහතා අවස්ථා දෙකකදී සිරස නාලිකාව අමතා තම නිවස පිහිටි ස්ථානය නොපවසන ලෙසද ඉල්ලා ඇති බව සදහන්ය.

ශෂී රාජමහේන්ද්‍රන් මහතාව යලිත් ප‍්‍රශ්ණ කිරීමට කැඳවීමට නියමිත අතර සිරස නාලිකාවේ තවත් ප්‍රධානීන් කිහිපදෙනෙකුගෙන්ද ප්‍රකාශ ලබාගැනීමට කැඳවීමට නියමිතය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress