අරගලයට පල්ලිය ආධාර කලා.. අරගලයේ බුද්ධාගමට තැනක් තිබුනේ නෑ..- අරගලයේ බලංගොඩ කස්සප හිමි
Posted on September 1st, 2022

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

ගාලුමුවදොර මූලික කරගෙන ඇති වූ අරගලයේ බුද්ධාගම තැනක් නොතිබූ බවත් කතෝලික ආගමට ඊට වඩා තැනක් තිබූ බවත් බලංගොඩ කස්සප හිමියෝ සඳහන් කරති.

එම අරගලයට සම්බන්ධ වූ පළමු භික්ෂූන් වහන්සේ තමන් බව ද පැවසූ උන්වහන්සේ කතෝලික පියතුමන්ලාට එක විදිහට සලකමින් භික්ෂූන්ට වෙන විදිහකට සලකන බවත් කියා සිටිති.

කතෝලික පල්ලිය විසින් අරගලයට ආධාර කළ බවත් ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය අරගලයට රිංගා එය විනාශ කර දැමූ බවත් උන්වහන්සේ පැවසූහ.

අද වන විට ජනතාවට අරගලයේ එපා වී ඇති බවත් මොන පක්ෂ කිව්වත් මිනිහෙක් අද පාරට නොබහින බවත් උන්වහන්සේ තව දුරටත් කියා සිටියහ.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී උන්වහන්සේ මෙම අදහස් පල කරන ලදී.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress