උතුරු නැගෙනහිර වෙන් කරවා ගැනීමට නම් ශ්‍රී ලංකාවටත් ගොර්බොචොව් කෙනෙකු අවශ්‍යයයි- ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනිය
Posted on September 3rd, 2022
Lanka Lead News

අමෙරිකානු තානාපතිනි ජූලි චුන්ග් මැතිණිය සෝවියට දේශයේ හිටපු ජනාධිපති මිඛායිල් ගොර්බොචොව් ගේ දිවි සැරිය නිම කිරීම සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ,
මිඛායිල් ගොර්බොචොව් යනු කොමියුනිස්ට්වරුන්ට ධනවාදය නම් පාඩම උගන්වා සෝවියට සංගමය උඩු යටිකුරු හරවා නිර්මාපකයාගේ පාරාදීසය බවට පත් කළේය. උතුරු නැගෙනහිර පළත් වෙනම රාජ්‍යයක් බවට පත් කර ගැනීමට අවශ්‍යය වන්නේ නම් ශ්‍රී ලංකාවටද ගොර්බොචොව් කෙනෙකු අවශ්‍යයයි.” පවසා ඇති බව සමාජ ජාලා තුළ සැරිසරණය වන පණිවිඩයකින් කියවේ.
කෙසේ වුවද මේ සම්බන්ධයෙන් අමෙරිකානු තානාපතිනිය සටහනක් තබමින් පවසන්නේ තමන්ගේ නමින් වන ව්‍යාජ සමාජ ජාලා ගිණුම් වලින් තමා පැවසුවේයැයි පවසමින් විවිධ ව්‍යාජ පණිවිඩ සමාජ ජාලා තුළ සංසරණය වන බවයි.
අමෙරිකානු තනාපතිනිය නිකුත් කළා යැයි පැවසෙන පණිවිඩය සම්බන්ධයෙන් අදහස් දක්වන ජේෂ්ඨ නීතිඥයෙකු ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත පවසා සිටියේ, පණිවිඩය ව්‍යාජ යැයි අමෙරිකානු තානාපතිනිය පැවසුවද එයින් ගම්‍යය වන අදහස නම් ව්‍යාජ නොවන බවයි.