සජිත් බිලියන ගණන හොරකම් කල කම්බ හොරෙක්.. ගණන් හිලවු මෙන්න..
Posted on October 2nd, 2022

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ මාධ්‍ය ලේකම්, ජාතික නිදහස් පෙරමුණ

කවුරුන් කැමැති වුවත්, අකමැති වුවත් ශ්‍රී ලංකාව යළි ගොඩනැගිය හැක්කේ බිඳවැටෙමින් පවතින බටහිර බලය වෙනුවට ශීඝ්‍රයෙන් වැඩෙමින් පවතින ආසියාතික බලය කෙරෙහි විශ්වාසය තබා ගමනක් යෑමට සූදානම් පාලනයකට පමණක් බවත් එහෙත් වත්මන් පාලකයන් ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර බලවතුන්ගේ උවමනාව අනුව යමින්, චීනය සහ රුසියාව ප්‍රමුඛ ආසියාතික රටවල් මතින් ගොඩනැගෙන එම බල කේන්ද්‍රයට පිටුපාමින්, එම රටවල් සමග රාජ්‍යතාන්ත්‍රික ගැටලු පවා ඇති කරගන්නා තත්ත්වයකට පත්ව ඇති බවත් එරෝප්ලොට් ගුවන් යානය පිළිබඳ ගැටලුව සහ චීන සන්නිවේදන තාක්ෂණ නෞකාව පිළිබඳ ගැටලුව ඊට නිදසුන් බවත් ජානිපෙ නියෝජ්‍ය ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා පෙන්වා දෙයි.

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙසේ පෙන්වා දුන්නේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද සඳහන් කළේය.

‘ඩීසල් මිල අඩු නොකිරීම’

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල සියයට 40කින් පමණ අඩු වී තිබෙනවා. ඒ වාසිය පරිපූර්ණව රටේ ජනතාවට ලබාදීමට මේ ආණ්ඩුවට හැකියාවක්, උවමනාවක් ඇති බවක් පෙනෙන්නේ නැහැ. මේ ආකාරයට හෝ පෙට්‍රල් මිල අඩු කිරීම හොඳයි. නමුත් මේ ආණ්ඩුව පරිණත එකක් නම් කළ යුතුව තිබුණේ කෘෂිකර්මාන්තයේ, ධීවර කර්මාන්තයේ හා සෙසු කර්මාන්තවල යෙදෙන පිරිසට මෙන්ම පොදු ප්‍රවාහනයට ද බරපතළ ලෙස බලපාන ඩීසල් මිල අඩු කිරීමට පියවර ගැනීමයි. ආණ්ඩුව ‘එදා වේල ටුවර්ස්’ ගමනක් යනවා විනා ප්‍රමුඛතා ලේඛනයකට අනුව වැඩ නොකරන බව මෙමඟින් තවදුරටත් තහවුරු වෙනවා.

යළි ඇරඹුණු ‘ගැසට් රිවස්’

ගෝඨාභය රාජපක්ෂ පාලනය තුළ දිගින් දිගටම දක්නට ලැබුණු දෙයක් තමයි නිකුත් කරනු ලබන ගැසට් නිවේදන යළි හකුළා ගැනීම. මෙරට මූලික නීතියට හා සෙසු අණපනත්වලට අනුකූලව, බුද්ධිමත් සංවාදයකින් පසුව ගැසට් නිකුත් කළාම එවැනි ගැසට් රිවස් කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ. නමුත් එම කාලයේ දී ‘ගැසට් ගහනවා – රිවස් කරනවා’ බලමින් ඉන්නයි ජනතාවට සිදු වුණේ. ඒ දෙය දැන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ද පටන්ගෙන තිබෙනවා. එයාටත් අධිආරක්ෂිත කලාප සම්බන්ධයෙන් ගහපු කැසට් එක රිවස් කිරීමට සිදුව තිබෙනවා. රටත් ජනතාවත් සුරැකෙන පරිදි, කඩාකප්පල්කාරී ක්‍රියාවන්ට වැට බැඳෙන පරිදි කටයුතු කිරීමේ අවශ්‍යතාවක් තිබෙනවා. පවතින නීති රාමුව යටතේ එසේ නොකොට මේ අර්බුදකාරි අවස්ථාවේදී යළි ගැසට් රිවසි කිරීමේ තැනකට තල්ලු වීම කනගාටුවට කරුණක්.

සජිත් – දමිතා නාටකය

අපි දැක්කා තමන්ගේ ආණ්ඩුවක් පිහිටුවීමට දත – කට මැදගෙන ඉන්න, සජිත් ප්‍රේමදාස මහත්තයාගේ වේදිකාවට, ‘මම නිර්පාක්ෂිකයි’ කියමින් ‘අරගල භූමියේ’ සැරිසරපු, ඩොලර්වලට මේ රට අරාජික කිරීමේ බලමුළුවේ ප්‍රබල සාමාජිකාවක් වුණු දමිතා නෝනා නගිනවා. හොරෙන්, හොරෙන් වෙස් බැන්දත් කවදා හෝ එළියෙ නටන බව, අපි නම් දැනගෙන හිටියා. ඒකයි අපි දිගින් දිගටම මේ ‘නිර්පාක්ෂික අරගලකරුවන්ගේ, ඔවුන්ට සහයෝගය දැක්වූවන්ගේ පැටිකිරිය’ ජනතාව ඉදිරියේ තැබුවේ.

සජිත් මහත්තයාට දමිතා නෝනාගෙන් චරිත සහතික එහෙම ලැබෙන ආකාරයත් අපි දුටුවා. ඒ නිසා විගණකාධිපතිතුමන් සිය නවතම විගණන විමසුමකින් සජිත් ප්‍රේමදාස මහත්තයාට ලබාදී ඇති චරිත සහතිකයත් අපි මේ රටේ සබුද්ධික ජනතාව ඉදිරියේ කියවීමට සූදානම්. විගණකාධිපතිතුමන් පෙන්වා දී තිබෙනවා, සජිත් ප්‍රේමදාස සංස්කෘතික කටයුතු අමාත්‍ය ධුරය දැරූ සමයේදී මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් බිලියන ගණනින් අවභාවිතා කළ ආකාරය. රජයේ මුදල් කෝටි, ප්‍රකෝටි ගණනින් පිල්ලි ගැසූ අයෙක් කියන්නේ කම්බා හොරෙක්. හොරු ගැන කතා කරන්න ඕනේ. නමුත් සජිත් කියන්නේ හොරු ගැන කතා කරන කම්බ හොරෙක් බව ජනතාව දැන්වත් වටහාගත යුතුයි.

‘ගෝල්ෆේස් බයිස්කෝප්’

ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු බටහිර බලවතුන් නිෂ්පාදනය කළ බයිස්කෝප් එකක් තමයි ‘ගෝල්ෆේස් අරගලය’ කියන්නේ. සරත් ෆොන්සේකා, දමිතා අබේරත්න, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු අනෙක් අනෙකුත් පක්ෂ, ශ්‍රී ලංකා නීතිඥ සංගමය මේ සියලුදෙනා මේ බයිස්කෝප් එකේ විවිධ චරිත රඟපෑවා. මේක මේ රටට එරෙහිව රඟ දක්වපු බයිස්කෝප් එකක්. මෙහි සම නිෂ්පාදකවරු ද සිටියා. දෙමළ ඩයස්පෝරාව, මේ රටේ කිලකස්ථානයක් හදන්න උවමනා අන්තවාදී සංවිධාන, ඒ අතර වෙනවා. ඒ නිෂ්පාදකයෝ, සම නිෂ්පාදකයෝ මෙහි චරිත රඟපාලා, ජනතාව ඇන්දූ තරමට හොඳට ගෙව්වා. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා, ‘මේ රාජ්‍යය බිඳවට්ටලා, මේ රට තවත් හයිටියක් බවට පත් කරන්න බලාගෙන ඉන්න පිරිස්වලට තවදුරටත් රැවටෙන්න එපා! තමන් ඉදිරියේ තිබෙන අනතුර හොඳින් වටහා ගන්න’ කියලා.

‘සාගත කැරලි සහ ඇමති කටු සූප්පුව’

මුළුමහත් ලෝකයම ආහාර අහේනියකට මුහුණපෑමේ අවදානමක් මතුව තිබෙනවා. මේ ආර්ථික අර්බුදය දෙගුණ, තෙගුණ කරමින් එයත් අපට බලපාවි. මේ තත්ත්වයෙන් ගැලවීමට කෘෂිකර්ම අමාත්‍යාංශයට ජාතික සැලසුමක් තිබෙනවා ද? ඒ බවක් පෙනෙන්නේ නැහැ. ජනතාව වෙනුවෙන් කියමින් ඇමැතිකම් ගත්තු අය අද මොකද කරන්නේ? ඔවුන් ලැබුණු ඇමති කට්ට සූප්පු කරනවා මිසක් වෙන දෙයක් කරන්නේ නැහැ. ඒ නිසා ඉදිරියේදී සාගත කැරලි හරහා රටම අරාජික කරන දෙවන අරගලයක් ඇතිවීමේ අවදානමක් ද මතුව තිබෙනවා. ඒ නිසා වත්මන් පාලකයන් අඩුම වශයෙන් ඒ කෙරෙහිවත් අවධානය යොමු කළ යුතුව තිබෙනවා.

ශ්‍රී ලංකාව සමාගමක් වෙයිද?

කවුරුන් කෙසේ කීවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් රටට ලැබෙන දෙයක් නැහැ. රාජ්‍ය සේවයට මුද්‍රා තබලා, රාජ්‍ය ව්‍යවසායන් විකුණා දමලා, ‘ශ්‍රී ලංකා රාජ්‍යය’ වෙනුවට ‘ශ්‍රී ලංකාව නැමැති පෞද්ගලික සමාගමක්’ හදලා, ඒ සමාගමේ කොටස් ටික ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර බලවතුන්ට විකුණා දමන්නයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට උවමනා. ඒකයි ඔවුන්ට පැවරී ඇති වගකීම. මේ සියල්ලටම එරෙහිව යන ගමනක්, ආසියාතික බලය සමඟ සිටගන්නා පාලනයක් මේ රටට අවශ්‍යයි. ඒ වෙනුවෙන්ම පිහිටුවා ඇති උත්තර ලංකා සභාගය සමඟ අත්වැල් බැඳගන්නා ලෙස රටට හිතැති සියලු ජන බලවේග වෙතින් ඉල්ලා සිටිනවා.”

(අනුරුද්ධ බණ්ඩාර රණවාරණ)
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress