“මගේ පුතා අවුරුදු 15ක් හිරගෙදර, දැන්වත් එයාව නිදහස් කරන්න”
Posted on October 5th, 2022

Vikalpa

   සිරෛයිල් ඉරුන්දු සිංගල සහෝදරනක්කු, දෙමළ බසින් පළවී ඇති කවි පොතේ සිංහල තේරුම කියන්න ට ඇය උත්සහ ගත්තාය. හිරගෙයි සිට සිංහල සහෝදරයන්ට. මේක ලිව්වේ මගේ පුතා හිරගෙදර ඉන්නකොට, 2017 දී…’ මෙසේ කියන්නේ කිලිනොච්චියේ පදිංචි සෙල්ලයියා පවලවල්ලි අම්මා, අගේ පුතා 2017 හිරගෙදර සිට රචනා කළ කවි පොත ද අතැතිවය.

අගේ පුතා වන සදීෂ් කුමාර් වසර 15කට ආසන්න කාලයක් කොළඹ, මැගසින් බන්ධනාගාරයේ සිරගත කර සිටියි.

මගේ පුතා අත්අඩංගුවට ගත්තේ 2008 ජනවාරි 08 වෙනිදා. පුතා අත්අඩංගුවට ගත්තේ ත්‍රස්තවාදී පනතින්(ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත). දැන් අවුරුදු 15ක් වෙනවා. තාමත් අපිට සාධාරණයක් ඉෂ්ට උනේ නෑ. වව්නියාව අධිකරණයෙන් පුතා, වරදකරු කරලා ජීවිතාන්තය දක්වා සිරදඩුවම් ලැබුණා. ඊට පස්සේ අපි ඇපිල් කරා. ඒ අධිකරණයෙනුත් ඒ තීන්දුවම දුන්නා. දැන් අපි ඒක ඇපිල් කරලා තියනවා, කොළඹ සුප්‍රිම් කෝට් එකේ.

පවලවල්ලි අම්මා පවසයි.

මම ඉල්ලන්නේ එක දෙයයි, දැන් අවුරුදු 16කට කිට්ටු වෙන්න එනවා. මගේ පුතා නිදහස් කරලා දෙන්න

දේශපාලන සිරකරුවෙක් වන සදීෂ් මේ වන විට හිරගෙදර සිටම කවි සහ කෙටිකතා පොත් 4ක් රචනා කර පළ කර ඇත.

* ඉරුම්බුක් කදවුක්කුල්ලිරුන්දු (යකඩ දොරක් තුළ හිඳ) (කවි-2012)
* විඩියලෛ තේඩුම් ඉරවුහල් (අලුයම සොයන රාත්‍රීන්) – කවි 2016
* සිරෛයිල් ඉරුන්දු සිංගල සහෝදරනක්කු ( සිරගෙයි සිට සිංහල සහෝදරත්වයට) – කවි- 2017
* වේප්ප මරමුම් පවලම් ආච්චියුම් -(කොහොඹ ගහ සහ පවලම් ආච්චි ) කෙටිකතා යනු ඒ කෘති හතරයි.

ඇගේ පුතා වන සදීෂ් අත්අඩංගුවට ගනු ලැබූවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගනිමින්ය. එසේම වසර ගණනාවක් මේ මර්දන පනත යොදා ගනිමින් දෙමළ ජනයා විශාල වශයෙන් අත්අඩංගුවට ගෙන තිබෙන බව රහසක් නොවේ. එසේ අත්අඩංගුවට ගන්නා ලද පිරිස තවමත් හිරගෙවල්වල දුක්විදිති. යුද්ධය අවසන්ව වසර 13ක් ගෙවී යන වර්තමානයේ ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගනිමින් මිනිසුන් අත්අඩංගුවට ගනිමින් තිබේ. සදීෂ්ගේ අම්මා, පවලවල්ලි අම්මා ඒ ගැන සියුම් අදහසක් පවසන්නේ මෙළෙසිනි.

මේ ත්‍රස්තවාදී පනතින් අත්අඩංගුවට ගන්න එක කොච්චර සාධාරණද කියලා අපි දන්නේ නෑ. පොඩි වැරැද්දකට උනත් දැන් ත්‍රස්තවාදී පනතින් අල්ලලා හිරේ දානවා. ඒවා අසාධාරණයි කියලා මට හිතෙනවා.”

මම ඉල්ලන්නේ එක දෙයයි. ජනාධිපතිතුමන්ගෙන්, උසාවියෙන් අපි ඉල්ලන්නේ ඒ අවසාන කාලයටවත් තමන්ගේ දරුවන් එක්ක ජීවත් වෙන්න, මගේ පුතාව නිදහස් කරලා දෙන්න කියලා
Read in fullhere





Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress