මික්සර් පැකට් කජු කෑලි ටික වගේ විපක්ෂය පාර්ලිමේන්තු කමිටු බදාගන්න හදනවා
Posted on October 6th, 2022

රජිත් කීර්ති තෙන්නකෝන් 

මික්සර් පැකට් කජු කෑලි ටික වගේ විපක්ෂය පාර්ලිමේන්තු කමිටු බදාගන්න හදනවා

පැකට් එක කැඩුව ගමන්, මික්සර් එකේ කජු කැළි හතර පහ කටේ දාගනවා වගේ පාර්ලිමේන්තුවේ කමිටු සියල්ලම කටේ දාගන්න විපක්ෂය ආසයි.  මුදල්, කෝපා, කෝප්, Ways and Means ඇතුළු පාර්ලිමේන්තු කමිටුවල කජු කෑලි ටික ඔක්කොම විපක්ෂයේ තනි පක්ෂයකට දෙන්න බැරි බව අවබෝධ කර ගන්න ඕනි බව ප්‍රජා කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ ජෙනරාල් කීර්ති නෙන්නකෝන් පවසයි. 

පාර්ලිමේන්තු කමිටුවල සභාපතිවරු පත්වෙන්නේ සමාජිකයිගේ ඡන්දයෙන්.  ආණ්ඩු පක්ෂයේ එකඟතාවය නැත්තම් මේ කමිටු එකකවත් සභාපතිකම විපක්ෂයට ලැබෙන්නේ නෑ.

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා 2001 දී කෝප් පුටුව විපක්ෂයේ ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ට දුන්නා.  2015 දී ජවිපෙ සුනිල් හඳුන්නෙත්තිට දුන්නා. ඔවුන් විශිෂ්ඨ ලෙස සභාපති වගකීම සිදු කළා.  පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටුවල පුටු විපක්ෂය දීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රතිපත්තියයි. 

ඒ අනුව, මුදල් හා කෝපා කමිටු දෙක හර්ෂ ට හා කබීර් හෂීම් ට දුන්නා. Ways and Means එම විෂයේ ප්‍රවීණයෙක් වන චම්පික රණවක මන්ත්‍රීතුමාට දෙන්න එකඟයි.  

පාර්ලිමේන්තු කමිටු මික්සර් පැකට් එකේ කජු කෑළි ටික තමයි මුදල්, කෝප්, කෝපා යන්නේ. කජු කෑලි ටික ඔක්කොටම තනි පැත්තකට දෙන්න පුළුවන් ද? ඉල්ලන එක සාධාරණ ද?

මම දැක්කා ආංශික අධීක්ෂණ කාරක සභා ඔක්කෝගේම සභාපති ධූර විපක්ෂයට දෙන්න කියලත් ඉල්ලලා තිබුණා. කෝප් කමිටුවේ සභාපතිකම කමිටුවේවත් නැති මහාචාර්ය චරිත හේරත්ට දෙන්න කියලත් කිව්වා.

කෝප් කමිටුවේ සභාපති ධූරයට (අද) ඡන්දයක් තිබ්බොත් විපක්ෂය ඉදිරිපත් කරන අපේක්ෂකයාට වැඩිම වුනොත් ගන්න පුළුවන් ඡන්ද 9 යි. ආණ්ඩුවට ඡන්ද 17 ක් ලැබෙනවා. තරඟකට ගියොත් ආණ්ඩුව දෙගුණයකට ආසන්න ඡන්ද ගන්නවා.

 විපක්ෂය කිසිම වගකීමක් ගන්නේ නැතුව, ආණ්ඩුව කරන හැම වැඩේම විවේචණය කරන්න ප්‍රතිපත්තියක ඉන්නවා.  ජාතික සභා කමිටුව බෑ කියනවා.  මුදල්, කෝපා, Ways and means  කමිටුව පැනලා බදාගන්නවා. කෝප් ඉල්ලනවා.  තව ආංශික කමිටු 17 මත් දෙන්නලු.  කජු කෑල්ලට ආසයි.  හැබැයි වගකීම් ගන්න පට්ට බයයි.

දැන්වත් පාර්ලිමේන්තු කමිටු සම්බන්ධයෙන් එකඟතා දේශපාලනයකට විපක්ෂය පැමිණිය යුතුයි.  නැත්තම්, කෝප් කමිටු ඡන්දයේ දී ආණ්ඩුව දාන අපේක්ෂකයා දෙගුණයක් ඡන්ද අරගෙන  දිනනවා. පාර්ලිමේන්තු කමිටුවකට එකඟ වෙන්න බැරි 225 ක් කොහොම ද, ග්‍රාම නිලධාරි වසම් 14,022 ක් ජන සභා හදලා මිනිස්සුන්ට එකට වැඩ කරන්න කියන්නේ.

රජිත් කීර්ති තෙන්නකෝන් 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress