ඔබේත් අපේත් මාතෘභූමිය වෙනුවෙන් කරනු ලබන කාරුණික ආයාචනයයි
Posted on October 7th, 2022

SPUR  (Society for Peace, Unity and Human Rights for Sri Lanka Inc)

ගරු කථානායකතුමා  ඇතුලු සියලු ම පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්ලා වෙත.

ගරු මැතිතුමනි / මැතිනියණි,!

ඔබේත් අපේත් මාතෘභූමිය වෙනුවෙන් කරනු ලබන කාරුණික ආයාචනයයි

ශ්‍රී ලoකාවේ සාමය, ඒකීය භාවය සහ මානව අයිතීන් රැකීම උදෙසා, දැනට දශක දෙකකට අධික කාලයක් ඕස්ට්‍රේලියාවේ සිට අඛණ්ඩව කටයුතු කරනු ලබන, දේශහිතෛෂි ශ්‍රී ලාoකිකයින්ගෙන් සැදුම්ලත් ‘ස්පර්’ නමින් හදුන්වන අප සoවිධානය, පසුගිය ජනාධිපතිවරණයේදි  69 ලක්ෂයක වරමක් ලබාදුන් ජනතාව අතිමහත් ආර්ථික දුෂ්කරතාවයකට මැදිව  සිටීමට අමතරව, ඔවුන් අපේක්ෂාකල දේශප්‍රේමී අරමුණුද අනපේක්ෂිත ලෙස බාධක සහ අභියෝග රැසකට මුහුණ පා ඇති බැවින් පහත සඳහන්කර ඇති කරුණු සහ ක්‍රියාදාමයන් පිළිබඳව ඔබගේ කාරුණික අවධානය යොමු කිරීමට කැමැත්තෙමු. 

  •  යෝජිත ව්‍යවස්ථා සංශෝධන

ඉතිහාසයේ නොයෙකුත් අවස්ථාවලදී විදේශීන්ගේ මැදහත්වීම හේතු කොටගෙන අපගේ මාතෘ භූමියේ ස්වෛරීත්වයට හා ස්වාධීනත්වයට හානි පැමිණ ඇත. ඉතාමත් මෑත යුගයේ, ඉන්දියානු, නෝර්වේජියානු  හා වෙනත් බටහිර රටවල්වල මැදිහත්වීම නිසා බෙදුම්වාදී ත්‍රස්තවාදය වර්ධනයවූ හැටිත්, රටට තිස්වසරක ශාපයක්වූ හැටිත් අපට හොදට මතකය.   පරාධීන යුගයක අඳුරු සෙවණැලි හෙවත් බැටළු  වෙස්ගත් විදේශ බලවේග නැමති වෘකයින්ගේ සම්ප්‍රාප්තියක් යලිත් වරක් සිදු වෙමින් පවතී.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමා විසින් පත්කරන ලද,  ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා ප්‍රමුඛ නව දෙනෙකුගෙන් යුත් විද්වත් කණ්ඩායමක් මගින් සකස් කරනලද ව්‍යවස්ථා කෙටුම්පතෙහි ඇතුලත් නිර්දේශ මෙන්ම එතුමා විසින් පත්කරන ලද, දහතුන් දෙනෙකුගෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බලකාය විසින්  එකම රටක්, එකම නීතියක්” සංකල්පය ක්‍රියාත්මක කිරීම සඳහා සකස්කල  පනත් කෙටුම්පතෙහි තොරතුරු කිසිවක් මෙතෙක් ජනතාව හමුවේ තබා නැත.

එසේ වුවද, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිoහ මහතා, බ්‍රිතාන්‍යයයේදී ද්‍රවිඩ ඩයස්පෝරාව අමතමින් තමා ව්‍යවස්ථා සමාලෝචනයකට එකඟ බවත්, 2018 වසරේ දී උත්සාහ කළ ආකාරයට ප්‍රධාන ඇමැතිවරුන් විසින් පාළාත් සභා බලවත් කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනා අනුව ඉදිරියට යාහැකි බවත් පවසා ඇතිබැව් මාධ්‍ය වාර්තාවල සඳහන්වේ. 2018 දී යෝජනා වූයේ 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය මුලුමනින්ම බලාත්මක කිරීම බැවින් ජනාධිපතිවරයා වක්‍රව ඩයස්පෝරාව ඉදිරියේ මෙවරත් සඳහන් කරන්නේ තමා 13 වෙනි සංශෝධනය මුලුමනින්ම බලාත්මක කිරීමට එකඟ වන බව යැයි අප අදහස් කරමු.

ජනාධිපති රනිල් වික්‍රමසිoහ මහතාගේ උක්ත ප්‍රකාශය සහ පසුගිය දිනෙක ජිනීවාහී පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ සැසිවාරයේදීත් 13 වෙනි සංශෝධනය මුලුමනින්ම ක්‍රියාත්මක කලයුතුයයි  පවසමින් අසල්වැසි ඉන්දියාවද දෙමළ ඩයස්පෝරවේ අවශ්‍යතාවයන් සපුරාලීමට තවදුරටත් උත්සුක විම, මේ වන විටත් දේශහිතෛෂි ජනතාව තුල පවතින සැකය, එනම් වත්මන් පාලනය මගින් යෝජිත 22 වන ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාවලිය තුළ කාරක සභා අවස්ථාවේදී සිදුකරන කිසියම් වෙනසක් මගින් 13 වෙනි සoශෝධනය මුලුමනින්ම ක්‍රියාත්මක කරමින් මේ රට පූර්ණ ෆෙඩරල් රාජ්‍යයක් බවට පත් කර ගැනීමේ බිහිසුණු අනතුරක් තිබේය යන්න තවදුරටත් තහවුරු වෙමින් පවතී.

දහතුන්වෙනි වෙනි සoශෝධනය  මුලුමනින්ම ක්‍රියාත්මක කිරීමේදී  මෙතෙක් අනුයුක්ත නොකල පොලිස් හා ඉඩම් බලතල හෝ 13 වෙනි සoශෝධනය අභිබවා දෙමළ සoධානය ඉල්ලන පූර්ණ ෆෙඩරල් පාලනයකට තව තවත් බලතල, විශේෂයින්ම වාර්ගික පදනමකින්  පෙළෙන, උතුරු හා නැගෙනහිර පලාත් සභා වලට පවරා දුනහොත්  යලි කිසි දිනෙක එම බෙදාදුන් බලතල වෙනස් කල නොහැකි වන බැව් පැහැදිලිය.  කිසියම් හේතුවක්මත එම බලතල ඵසේ ආපසු පවරා ගැනීමට තැත්කලහොත් එහි ප්‍රතිථල රටට අතිශයින් අහිතකරවනු ඇත. 

  • රාජ්‍ය දේපල විකිනීම/පෞද්ගලීකරණය

රජයේ සමහර ආයතනවලින් සිදු වූ පාඩුවලට හේතු වී ඇත්තේ කළමනාකාරිත්වය සහ මෙහෙයුම් සඳහා දේශපාලන ඇඟිලි ගැසීම්, වාර්ෂික වියදම් වත් පියවිය නොහැකි අයකර ගැනීම්, කාර්ය මණ්ඩල සoඛ්‍යාව අනවශ්‍යලෙස ඉහල දැමීම සහ රජයට ගෙවිය යුතු ණය මුදල් නිසිපරිදි පියවා නොගැනීම ය. පාඩු ලබන සේවා සපයන්නන් පිළිබඳව නිසිලෙස අධ්‍යයනය කර සැලකිය යුතු ප්‍රතිව්‍යුහගත කිරීමක් අවශ්‍ය වන අතර එම  විමර්ශනවල ප්‍රතිඵල විනිවිදභාවයෙන් යුතුව ප්‍රකාශයට පත් කිරීම සහ නියමිත ඉලක්ක සහ කාල සීමාවන් සමඟ ප්‍රතිකර්මදායී ක්‍රියාමාර්ග ගැනීම අත්‍යාවශ්‍ය වේ.                                                          

ජාතික ආරක්‍ෂාව සහ දිගුකාලීන ආර්ථික තිරසාරත්වය අවදානමට ලක් කරන බැවින් ජාතික වැදගත්කමක් ඇති වත්කම් (infrastructure of national significance and essential services) වෙනස් ලෙස සැලකිය යුතුය. ජාතියට උපායමාර්ගික වැදගත්කමක් ඇති ජාතික වැදගත්කමක් ඇති වත්කම් විකිණීම නොකළ යුතුය. ඒවා ප්‍රතිව්‍යුහගත කළ යුතු අතර වසර පහක කාලයක් තුළ ඒවා බිඳවැටීම වළකාලමින් ලාභ ලබන තත්ත්වයට පත් කිරීමට රජය අවශ්‍ය සියලු පියවර ගත යුතුය. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව වැනි ලාභ ලබන ආයතන අලෙවි නොකළ යුතු බැව් අපගේ අදහස වේ.

ගරු මැතිතුමණි / මැතිනියණි,

එබැවින් පහත දැක්වෙන ක්‍රියාදාමයන් පිළිබඳව ඔබගේ කාරුණික අවධානය යොමු යොමු කොට, වසර දෙදහස් පන්සීයකටත් අධික කාලයක ලිඛිත ඉතිහාසයක උරුම වූ රටේ ජාතික හා ආගමික අනන්‍යතාවය සදහටම අහිමි කරවන බෙදුම්වාදී අරමුණු වළකාලමින්, ශක්තිමත්   ආර්ථිකයකට  මඟ පාදන, දූෂණයෙන් තොර  සාමකාමී   සමාජ වතාවරණයක් ගොඩනැගීමේ අරමුණෙන් ගතහැකි සෑම ක්‍රියාමාර්ගයක් ම ගන්නා ලෙස ඔබේත් අපේත් මාතෘ භූමියේ නාමයන් ආයාචනාකරමු.

  1. ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා ප්‍රමුඛ විද්වත් මණ්ඩලය මගින් සකස් කරනලද ව්‍යවස්ථා කෙටුම්පතෙහි ඇතුලත් නිර්දේශ මෙන්ම, ජනාධිපති කාර්ය සාධක බලකාය විසින්  එකම රටක්, එකම නීතියක්” සංකල්පය ක්‍රියාත්මක කිරීම සඳහා සකස්කල  පනත් කෙටුම්පතෙහි තොරතුරු පිළිබඳව ජනතාව දැනුවත් කරලීමට පියවර ගැනීම.
  2. ශ්‍රී ලoකාවේ ඒකීය භාවය ආරක්ෂා කර ගැනීමට ගත යුතු සියලුම ක්‍රියාමාර්ග ගැනීම.
  3. සිoහල බෞද්ධ ශිෂ්ඨාචාරය මත ගොඩනැගූ බහුතර සිoහල බෞද්ධ ජනතාවගේ සoස්කෘතිය හා ශ්‍රී ලාoකීය සුලුතර ජනතාවගේ අයිතිවාසිකම් පවත්වාගෙන යෑම ගැන වගබලා ගැනීම.
  4. දේශීය/විදේශීය රාජ්‍ය නොවන සoවිධාන වලින් එල්ල වන අභූත චෝදනා වලින් වීරෝධාර ත්‍රිවිධ හමුදා භටයින් ආරක්ෂා කර ගැනීම.
  5. උතුරු නැගෙනහිර පළාත්වල ඇති පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කර, ඉදිරි පම්පරාවලට දායාද කිරීම පිණිස ප්‍රායෝගික ක්‍රියා මාර්ග ගැනීම.
  6. පළමු ශ්‍රේණියේ සිට ඉගැන්වීමේ මාධ්‍ය ලෙස ඉංග්‍රීසි හඳුන්වාදීමට ප්‍රමුඛත්වය නොදීම (ඉංග්‍රීසි ඉගැන්වීමේ මාධ්‍යයක් ලෙස හඳුන්වා දීමට පෙර, දැනට බොහෝ පාසල්වල පවතින, සුදුසුකම් ලත් ගුරුවරුන් නොමැතිකම ඇතුළු කැපී පෙනෙන අඩුපාඩු කෙරෙහි අවධානය යොමු කල යුතුය). ජාතික රාමුවක් තුල අපගේ ජාතික අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීම, සියලුම සිසු සිසුවියන්ට තමන්ගේ හරපද්ධතයන්, ජාතික ජයග්‍රහණයන් හා විශේෂයෙන්ම ජාතික ඉතිහාසය ඉගැන්වීම.
  7. ආර්ථික, පරිසර, සමාජීය සහ සoස්කෘතික පැතිකඩයන් ආවරණය වන පරිදි, ඉදීරි 10 වසර ආවරනය වන පරිදි ජාතික සැලැස්මක් සම්පාදනය කරගැනීම සඳහා කටයුතු කිරීම සහ රටේ ස්වෛරීභාවය සහ ජාතික ආරක්ෂාවට අදාල යටිතල පහසුකම් (assets and infrastructure of national and strategic significance) පිටරැටියනට විකිනීම වැලැක්වීමට කටයුතු කිරීම.
  8. බලතල අවභාවිතා නො කිරීම මෙන්ම අගතිගාමී ඥාති සoග්‍රහයන්ගෙන් වැළකීමද,වoචා හා දූෂණ සම්පූර්ණයෙන්ම නවතා දැමීමටද කටයුතු කිරිම.
  9. මත්ද්‍රව්‍ය භාවිතයට මඟ අහුරා, මත්පැන් බලපත්‍ර සීමා කිරීමෙන් මද්‍යසාරවලට ඇබ්බැහිවීම හැකිතරම් දුරට පාලනය කිරීම.
  10. පරිහානියට පත්වීගෙන යන පරිසරය හා වන සoහාරයන්ට ගොදුරු වීමෙන් ඉතිරිව ඇති වනආවරණය ආරක්ෂා කරගැනීම.

ස්තූතියි!

ආචාර්ය දසරත් ජයසූරිය

සභාපති, ස්පර් oවිධානය ( ඕස්ට්‍රේලියාව )

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress