රජයේ ඉඩම් ගොවීන්ට  වගා කිරීමට ලබා දීමේදී  කිසිම රජයේ  නිලධාරියෙකු එයට හරස් විය යුතු නැහැ.-අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන
Posted on October 10th, 2022

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

රජයේ ඉඩම්  විවිධ චක්‍රලේඛප්‍රකාරව වගා කිරීම සඳහා ගම්වල ගොවීන්ට  ලබා දීමට  රජය නියෝග කර ඇති බැවින් කිසිම රජයේ  නිලධාරියෙකු එයට හරස් නොවිය යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන  මහතා අවධාරණය කරයි.
හෝමාගම කඳනවත්ත ප්‍රදේශයේ ගොවී, කාන්තා සංවිධාන සහ ස්වේච්චා සංවිධාන වෙත 2022.10.10 දිනේෂ් ගුණවර්ධන මහතා සහ යදාමිණී ගුණවර්ධන මහතාගේ  පාර්ලිමේන්තු විමධ්‍යගත අරමුදලෙන් භාණ්ඩ බෙදා දීමේ අවස්ථාවේදී  අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා –
 අපි ආර්ථික වශයෙන් මුහුණ දෙන්නෙ ගැටලු සහගත කාලයකටයි. ඊට මුහුණ දීමට අප සියලු දෙනා අත්වැල් බැඳගෙන කටයුතු කළ යුතුයි. පළමුවෙන් තිබෙන සටන ආහාර අතින් ස්වයංපෝෂිත තත්වයන් ඇතිකර ගැනීමයි. ගමින් ගමට හැම දෙයක්ම නිෂ්පාදනය කරන්න බැරි උනත් රට ආහාර අතින් ස්වයංපෝෂිත භාවයට ගෙන එන්න ජීවත් වෙන අයගේ එකමුතුවට පුළුවන්කම තිබෙනවා.
මේ ප්‍රදේශ විශේෂයෙන් ගොවිතැන් බත් කරපු ප්‍රදේශ. විශාල භූමි භාගයන් එසේ කළේ නැති වුණත්  ප්‍රමාණික ව ඒ කටයුතුවලට එකතු වෙලා කාන්තා ගොවි සංවිධාන  සහ අනෙකුත්  ගොවි සංවිධාන විශාල උනන්දුවක් ඒ පිළිබඳව දැක්වූවා.ඒ ගැන රජය විශාල විශ්වාසයක් ඔබ කෙරෙහි තබා තිබෙනවා. ඒ විශ්වාසයට ලබාදිය හැකි සෑම සහයෝගයක් ම ලබා දීමට    රජය බැඳී සිටිනවා.ජාතික පුනර්ජීවනය සඳහා ගමින් ගමට වැඩසටහන ග්‍රාම සේවා කොට්ටාශ දහහතර දහස් දෙසීයක ක්‍රියාත්මක කෙරෙනවා. ලංකාවේ කෘෂි බෝග නිෂ්පාදනය ඒ සමගම විවිධ අත්කම් හා කුඩා කර්මාන්ත කරන අයට ශක්තිය දෙන්න අපි කටයුතු කළා. විශේෂයෙන් ගොවි  ජනතාව හා බැඳුණු සියලු  ජනතාවගෙන් අපි ඉල්ලා සිටින්නේ මේ කර්තව්‍යයට ඔබ සැමගේ සහයෝගය දිය හැකි ප්‍රමාණයන්ගෙන් දායක වෙන්න කියලා.
 මේ ප්‍රශ්නය අප ජය ගත යුතුමයි. ඒ ජයග්‍රහණ නිලධාරීන්ට තනියම ගන්න බැහැ. ජයග්‍රහණය කරන්න වෙන්නේ මහජන සංවිධාන සිවිල් සංවිධාන කාන්තා පාර්ශවය සියලු දෙනා එකතු වුණොත් පමණයි. මේ රටේ හොඳ භූමියක් තියෙනවා. ඕනම දෙයක් වැව්වොත් මාස හය හතකින් ඵලදාව නෙළා ගන්න පුළුවන්.
ඒ වෙනුවෙන් අපි උනන්දු වෙලා සහයෝගය දීලා අදාළ නිලධාරින්ට  සහාය වෙලා වෙලා කටයුතු කළ යුතුයි.
එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන මහතා –
කැළණිවැලි දුම්රිය මාර්ගය ඉලක්ක සහගත ලෙස වැඩි දියුනු කිරීම කළ යුතුයි. කැළණිවැලිය ප්‍රධාන දුම්රිය මාර්ගයක්. කැළණිවැලි දුම්රිය මාර්ගය මීට වඩා පහසුකම් සහිතව සකස් කරන්න අපිට පුළුවන් වුනොත් ලක්ෂ ගණන් වියදම් කරලා පිටරටින් ගෙන තෙල් ටිකට වැය කරන මුදල අපට ඉතුරු කරගන්න පුලුවන්. ඒක අනාගත පරපුර වෙනුවෙන්  ආයෝජනය කරන්නත් පුළුවන්.
මීට වසර දහයකට පෙර මෙම ප්‍රදේශයේ පිරිසුදු පානීය ජලය පිළිබඳ විශාල ප්‍රශ්නයක් තිබුණා. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නාගරික සංවර්ධන අමාත්‍යවරයා  හැටියට එදා  පිටිපන ප්‍රදේශයේ දැවැන්ත සංවර්ධන කාර්යයක් ආරම්භ කළා. එහිදී පාසල් ඇතුළු රජයේ ආයතන රාශියක් ගෙන්වා ලංකාවේ කේන්ද්‍රීය සංවර්ධන භූමියක් මේ ප්‍රදේශය අවට සංවිධානය කර එම ප්‍රදේශයට ඇදී එන මහ ජනතාවට අවශ්‍ය මූලික පහසුකම වූ පානීය ජල පහසුකම  පිළිබඳව අවධානය යොමු කළා.
   ලංකාවේ ප්‍රධානතම විශ්ව විද්‍යාලයක් වන පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලය පිටිපන ප්‍රදේශයට ගෙන ආවා. පසුව හරිත විශ්වවිද්‍යාලය ඇතුළු විශ්වවිද්‍යාල පද්ධතියක් එදා මේ ප්‍රදේශයට ගෙන ඒමට අවශ්‍ය සැලසුම් සකස් වුණේත්  අග්‍රාමාත්‍යවරයා උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසයි.
 . කලටුවාව ලබුගම හරහා කොළඹට නල මගින් ජලය ගෙන ගියත් මේ ප්‍ර දේශවලට නල එළීමක් සිදුවුණේ නැහැ. අග්‍රාමාත්‍යවරයා එදා  ජල සම්පාදන අමාත්‍යවරයා හැටියට මීට අවුරුදු දහයකට පෙර ඉංජිනේරුවරුන්ට කිව්වා ඒ  නළ විදලා  මේ ප්‍රදේශයට  ජල නළ එලන්න කියලා. එහෙම තමයි ඔබේ ගෙවල් වලට නළ ජලය ලබා දුන්නේ. අද දහ පහළොස් ගුණයකින් මේ ඉඩම්වල වටිනාකම වැඩිවෙලා. ජල සම්පාදන අමාත්‍යවරයා හැටියට අග්‍රාමාත්‍යවරයා ඔබට ලබාදුන්නු විශාලතම දායාදය තමයි ඒ විදියට සෑම බිම් අඟලකම වටිනාකම දහ පහළොස් ගුණයකින් වැඩිකර දීම. ප්‍රදේශයේ ජනතාවට වෙනුවෙන් සිදුකළ ඒ සංවර්ධන ජයග්‍රහණයක්.
මෙම අවස්ථාවට හෝමාගම ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුන් වන  විකුම් කිත්සිරි, කමල් චන්දන,  රංජිත් හේවාවසම් ඇතුළු  ස්වේච්ඡා සංවිදාන නියෝජිතයින්  සහභාගි වූහ.


ලලිත්  රෝහණ ලියනගේ
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress