Netherlands to provide innovative agro knowhow to Grow Food Program-නව්‍ය කෘෂිකාර්මික දැනුම, තොරතුරු තාක්‍ෂණය, පුනර්ජනනීය බලශක්තිය, ප්‍රවාහනය සහ සංචාරක  යන ක්ෂේත්‍ර  සදහා  නෙදර්තන්තය වැනි රටවල ආයෝජන  වර්තමානයේ දී ශ්‍රී ලංකාවට වඩා වැදගත්….-         අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන
Posted on October 27th, 2022

Prime Minister’s Media Unit

නව්‍ය කෘෂිකාර්මික දැනුම, තොරතුරු තාක්‍ෂණය, පුනර්ජනනීය බලශක්තිය, ප්‍රවාහනය සහ සංචාරක  යන ක්ෂේත්‍ර  සඳහා  නෙදර්තන්තය වැනි රටවල ආයෝජන   වර්තමානයේ දී ශ්‍රී ලංකාවට වඩා වැදගත් වනු ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

 2022.10.27 දින අරලියගහ මන්දිරයේදී නව නෙදර්ලන්ත තානාපති ( Bonnie Horbach) බොනී හෝර්බච් මහත්මිය හමුවූ අවස්ථාවේදී  අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

 යටිතල පහසුකම් සංවර්ධනය සහ කෘෂිකර්මාන්තය ඇතුළු විවිධ ක්ෂේත්‍ර සඳහා නෙදර්ලන්තය ලබාදී ඇති සහය පිළිබඳව අග්‍රාමාත්‍ය වරයා මෙහිදී තානාපතිවරියට ස්තූතිය පලකළ අතර මෙරට සියලු ග්‍රාමසේවා වසම් වල රජය ගෙන යන ආහාර සුරක්ෂිතතා  වැඩසටහන් පිළිබඳව ද පැහැදිලි කළේය.       

තොරතුරු තාක්‍ෂණය, සංචාරක කර්මාන්තය සහ කෘෂිකර්මාන්තය ඇතුළු ක්ෂේත්‍ර රැසක ශ්‍රී ලංකාවට විශාල විභවයක් ඇති බවත් ගෝලීය ආර්ථික තත්ත්වය වත්මන් දුෂ්කර අවධියෙන් මිදීමෙන් පසු තම රට තවත් ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ඇති බවත්  නෙදර්ලන්ත තානාපතිවරිය මෙහිදී සඳහන් කළාය. තම රට නව්‍ය කෘෂි තාක්‍ෂණයෙන් ඉදිරියට ගොස් ඇති බැවින් නෙදර්ලන්ත විශේෂඥතාව ශ්‍රී ලංකාවට ලබාදිය හැකි බවත්  නෙදර්ලන්තයේ  බොහෝ ප්‍රදේශ මුහුදට සමීප වීමත්, භූමිය ලවණ ජලයෙන් සමන්විත වන නිසාත් නෙදර්ලන්ත විද්‍යාඥයන් ලවණ සහිත ඉඩම්වල වැවිය හැකි නව අර්තාපල් ප්‍රභේදයක් නිපදවා ඇති බවත් කී නෙදර්ලන්ත තානාපතිවරිය මුහුදට ආසන්න ප්‍රදේශවල, විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර එම අර්තාපල් වගාව ආරම්භ කිරීම සඳහා ශ්‍රී ලංකාවට අර්තාපල් බීජ ලබා දිය හැකි බවද  සඳහන් කළේය.

දේශගුණික විපර්යාස, වෙළෙඳ හා වාණිජ කටයුතු, වරාය සංවර්ධනය සහ ඒකාබද්ධ ව්‍යාපෘති ඇතුළු සහයෝගීතාව සඳහා වෙනත් ක්ෂේත්‍ර පිළිබඳව ද මෙහිදී වැඩි අවධානයක් යොමු කෙරිණි.තානාපතිවරිය  මෙහිදී අග්‍රාමාත්‍යවරයාට සහතික වූයේ ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික සබඳතා සහ සංවර්ධන සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම  ප්‍රධාන කාර්යය වන බවයි.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

Netherlands to provide innovative agro knowhow to Grow Food Program

Prime Minister Dinesh Gunawardena thanks the Netherlands for the assistance provided to infrastructure development and agriculture and various other sectors and urged for technical knowhow and more investments in agriculture, information technology, renewable energy, transport and tourism.

This was stated when the Ambassador of Netherlands Bonnie Horbach called on him at the Temple Trees in Colombo today (27). She said Sri Lanka has vast potential in many areas including information technology, tourism and agriculture and she was confident that her country would undertake more projects once the global economic situation get over the current difficult phase.

The Prime Minister explained the ‘grow food’ programmes undertaken by the government at 14,000 Grama Sevaka divisions and said that in addition to the Maha season of paddy, cultivation of  many other crops in hitherto uncultivated lands is likely to provide a good yield by the first quarter of next year.

Ambassador Horbach said her country has advanced in innovative agro technology and the Netherlands expertise could be provided to Sri Lanka. She said that the Netherland scientists have developed a new variety of potato that can grow in salty lands as most areas of her country is closer to sea and the land consist of saline water and that potato seeds could be provided to Sri Lanka to start potato cultivations in areas close to sea, especially in the north and east.

They also discussed other areas for collaboration, including climate change, trade and commerce, ports development and joint projects.

The new Ambassador of Netherlands assured the Prime Minister her prime task would be to promote bilateral ties and development cooperation during her tenure in Sri Lanka.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress