Q & A – ධර්මයේ හමුවන භාහිර ලෝකය හා තුන් ලෝකය -කීප දෙනෙක් ඇසූ ප්‍රශ්න හා පිලිතුරැ
Posted on November 15th, 2022

තිස්ස ගුණතිලක

ධර්මයේ හමුවන භාහිර ලෝකය හා තුන් ලෝකය

Q: තතාගත දේශනාව තුලද භාහිර ලෝකයක පැවැත්මක් නැතිබවත් ඵය අසත්‍යයක් බවත් දැක්වේ.

A: සූත්‍ර පිටකයේ බොහෝ තැන්හි මේ සම්බන්ධව කියැවේ. ඵ්වා විග්‍රහ වන්නේ ඵක් ඵක් අයගේ දෘෂ්ඨිවලට අනුකූලවයි. ප්‍රථමනිබ්බාන සූත්‍ර දේශනාවේ 

අත්ථි, භික්ඛවෙ, තදායතනං, යත්ථ නෙව පථවී, න ආපො, න තෙජො, න වායො,……., නායං ලොකො, න පරලොකො, න උභො චන්දිමසූරියා. …….. න ගතිං, න ඨිතිං, න චුතිං, න උපපත්තිං; අප්පතිට්ඨං, අප්පවත්තං, අනාරම්මණමෙවෙතං. එසෙවන්තො දුක්ඛස්සා’’ති. පඨමං.

මහණෙනි, යම් තැනක (යත්ථ) පෘථිවිධාතුව නොම ඇත්තේද, ආපෝධාතුව නැත්තේද, තෙජෝ ධාතුව නැත්තේද, වායෝධාතුව නැත්තේද,…….  මෙලවක් නැත, පරලොවක් නැත, ඉපදීමෙක් නැත්තේද, සඳ හිරු දෙදෙනද නැත්තේය. මහණෙනි, ඊමක්ද යාමක්ද නොම කියමි. සිටීමක්ද නොම කියමි. ඉපදීමද නොමකියමි. චුතවීමද නොමකියමි, …., කිසිම අරමුණක බැසගැනීමක් නැත. දුකේ කෙළවර මෙයයි”

මෙම දේශනාවේ හරය තේරැම් ගැනීමට ආර්ය සත්‍යය පැහැදිලිකරගත යුතුවේ. දුක ඇතිවන තැන (සමුදය): භාහිර ලෝකයේ ඇති රෑප හැඩතලයක ප්‍රතිබිම්භය පංචේන්ද්‍රියන් හරහා ප්‍රසාදනය වීමෙන් සිත තුල රෑප ලෝකයත්, ඵ් රෑප  සංඥාව පෙර මතකය හා ගැලපීමෙන් ඊට අනුරෑප අරෑප (නාම – සම්මුතියෙන් පනවාගත් නම් – labels) ලෝකයත් (සංඛාර පච්චයා විඤ්ඤාණ) සිතතුල හටගනී. මෙසේ ඇතිවන අරෑප (නාම) ලෝකයත් රෑප ලෝකයත් ඵකතුවීමෙන් (විඤ්ඤාණ පච්චයා නාම රෑප) භාහිරයේ ඇති රෑපහැඩතලය ‘දෙයක්/යමක්’ (ආත්මීය) සේ දැනේ (උපාදාන පච්චයා භව). ආත්මීයවන භාහිර හැඩතලය දකින්නට/විදින්නට කෙනෙක්/මම සිටිය යුතුය (භව පච්චයා ජාති). විඤ්ඤාණයේ මායාව යනු මෙම සංසිද්ධියයි. රෑපය හා අරෑපය ඵකතුවීමෙන් හටගන්නා මේ ස්වාභාවය ඵනම් ‘කාම ලෝකය’ දුකට හේතුවයි. ඵනම් සමුදය සත්‍යයයි.

රෑපය හා අරෑපය වෙන් වෙන්ව දැකගතහොත් ඵ්වායේ ඵක්වීමක් සිදුනොවේ. නාම රෑප පරිච්ඡේදය යනු මෙම සංසිද්ධියයි. දුක නැතිකිරීමට කල යුත්තේ මේ නාම රෑප පරිච්ඡේදයයි. නිරෝධ සත්‍යය යනු මෙයයි. ‘භවනිරොධෝ නිබ‍්බානං’

රෑපයට නාමය (නාම-රෑප) ඵක්නොවන තැන දුකක් නැත. ඵවැනි තැනක අන්ත නැත, ද්වතාවයක් හෝ සාපේක්ෂතාවයක් හෝ නැත. යාම් ඊම් හෝ උපදීමක් හෝ මරණයක් හමුනොවේ. හිරැ නැත, සදු නැත. ආපෝ තේජෝ වායු පඨවි නැත. මේ සියල්ලම පනවාගත් නාම (label) පමනි. පවතින්නේ ඵ්වායේ රැප හැඩතල පමනි. කොටින්ම කිවහොත් ආත්මීය භාහිර ලෝකයක් හමුනොවේ. භාහිරයේ හමුවන්නේ රෑප හැඩතල පමනක් සහිත රැප ලෝකයකි. ඔබට නාමයන්ගෙන් තොර භාහිර ලෝකයක් දැකියහැකි නම් එයම නිවන වේ.

Q: නාමයෙන් තොරව රෑප නොපවතී. සෑමවිටම නාම රෑප ඵකට පවතී.

A: නාමයෙන් තොර රෑප පවතී. ඵ් භාහිර ලෝකයයි. භාහිර ලෝකයේ ඇත්තේ රෑප හැඩතල පමනි. ඵහි නාම නැත. නාම ඇතිවන්නේ සිත තුලය. සිත තුල ඇතිවන සංඛාර හා විඤ්ඤාණ යනු නාමයයි.

Q: මා බාහිර ලෝක ගැන නොදනී. සිතේ ඇතිවන ලෝකයක් ගැන පමණක් දනී.එයද පවතින එකක් නොවෙන බවයි දන්නේ .

A: සිතේ ලෝක (රෑප අරෑප හා කාම) ඇතිවන්නේ භාහිර ලෝකයේ ඇති රෑප හැඩතලවල ප්‍රතිබිම්භ ප්‍රසාද වීමෙනි. භාහිර ලෝකයක් නැති තැන සිතේ ලෝක (ප්‍රසාද වීමක්) ඇති නොවේ. එනම් සිතේ ලෝකයක් ඇතිවීමට භාහිර ලෝකයක් තිබිය යුතුය.

Q:  ප්‍රසාදවන්නේ තරංග ‘කම්පන චංචල’ ස්වාභාවයයි. සමාන තරංග කම්පන චංචල ස්වාභාවයකින් සමාන ප්‍රතිබිම්භ ඇතිවේ. ඵ් නිසා ප්‍රසාදවීමට භාහිර ලෝකයක පැවැත්ම අවශ්‍යම නොවේ.

A: ඔබ පෙන්වා දෙන්නේ ‘simulation’ නැමති සංසිද්ධියයි. යම්කිසි රෑප හැඩතලයක තරංග කම්පන චංචල ස්වාභාවය simulate වීමට හෝ කම්පන චංචල ස්වාභාවය අනුකරනය වීමට ‘මුල්’ (original) හැඩතලය පැවතිය යුතුය.

සුභ පැතුම් 

තිස්ස ගුණතිලක 

2022 නොවැම්බර් මස 15 වනදා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress