සත්‍ය ධර්මයේ විශ්වීය ස්වාභාවය (universality of truth)
Posted on November 21st, 2022

තිස්ස ගුණතිලක 

මෙම ලිපිය ඊයේ (2022 නොවැම්බර් 20වනදා) lankaweb හි පලවූ කාලාම සූත්‍රය තුල ප්‍රකටවන නාම-රෑප පරිච්ඡේදය” සමග සබදී.

බුදුන්ගේ දහම ලොවේ සැමට පොදුවේ අදාල විය යුතුය. Universally applicable to all mankind. තතාගතයන් වහන්සේ ලොවේ එක් ජන කොටසක් සදහා පමනක් දේශනා කල දහමක් නැත. ජාති භාෂා ආගම් දේශසීමා ආදියෙන් බෙදී වෙන්වී පවතින ලොවකට පොදුවේ ගැලපෙන දර්ශනයක් ඉදිරිපත්කල පලමු හා එකම තැනැත්තා බුදුන්වහන්සේමයි. විවිධ දෘශ්ඨි කෝණයන්ගෙන් බුද්ධදර්ශනය දකින්නහුට ධර්මයේ ඇති මෙම විශ්වීය ස්වාභාවය (universality) හමුනොවන අතර ඹවුන් එම දහමේ ඇති සුන්දරත්වය හෝ ගැඹුර කිසිදා අවබෝධ නොකරනු ඇත.

තතාගත දහම එක්තරා ජන කොටසකට පමනක් අදාලයයි හැගෙන පරිදි විමර්ශණය හෝ දේශනා වන්නේනම් එම දේශකයා දෘශ්ඨිගත අයකුබව ඹබ දත යුතුය.

උදාහරනයක් ලෙස කාලාම සූත්‍රය තතාගතයන් වහන්සේ කාලාමයින්ට දෙසූදහමක් බවත් එය තුලින් නිදහස් චින්තනය මුල්වරට ලොවට හදුන්වාදී ඇතිබවත් සෑම දෙයක්ම පිලිගැනීමට පෙර විමන්සනය කල යුතුබවත් මේ දේශකයන් අපට කියාදෙයි. මොවුන් දෘශ්ඨිගතවී ඇතිතරම මෙයින් දත හැකිය. එක් එක් කෙනා දහම  විමන්සනය කරනාවිට හමුවන්නේ එක් එක් අයගේ මනසේ විවිධ මට්ටම්වලට (දෘශ්ඨි) අනුව ගෝචරවන දහමකි. එවැනි දේශනාවක් තතාගත දහම තුල හමුනොවේ. තතාගත දහම දුක කෙලවරකරන එකම මාර්ගයයි. (ඒකායන මග්ගෝ), සිතට සිහිය පවත්වා (සතිය) සිතේ ඇතිවන රෑපය හා අරෑපය (නාම) වෙන්වෙන්ව දැකීම පමනමයි කල යුත්තේ. මෙම ක්‍රියාවලිය හා ඒ හා සබැදි දහම පරම සත්‍යයම වන අතර එහි එක් එක් අයගේ විමන්සනයට භාජනයවිය යුතු යමක් අඩංගු නොවේ, කලයුතුවන්නේ ‘දැකීමම පමනයි’ (දස්සනේන පහාතබ්බා). නාමයක්වන වචනය (අරැපය) මෙම ක්‍රියාවලියට බාදාවක් වන ක්ලේශයක් බවත් ඉන් ඈත්වියයුතු බවත් කාලමා (කාලා-ක්ලේශ, මා- තවන) සූත්‍රය තුලින් තතාගතයන් වහන්සේ අපට කියාදෙයි. මෙයයි සත්‍ය දැකීමේ සැමටම අදාල පොදු විශ්වීය (universal) මාර්ගය. එය එක් එක් අයගේ විමර්ශණයට/දෘශ්ඨියට අනුව වෙනස් නොවන දහමකි.

සියඑම දෘශ්ඨිවලින් මිදුනුතැන ‘සම්මා දිට්ටි’යි.

සුභ පැතුම් 

තිස්ස ගුණතිලක 

2022 නොවැම්බර් මස 22 වනදා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress