ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින් ලොවට දායාදකල නාම රූප පරිච්ඡේදය
Posted on November 30th, 2022

තිස්ස ගුණතිලක 

කාමසුඛල්ලිකානුයෝගයත් (සක්කාය දිට්ටිය) අත්තකිලමථානුයෝගයත් (සීලබ්බතයක්වූ සීලයත්) තතාගතයන් වහන්සේ ප්‍රකික්ෂේප කල අතර දුකින් මිදෙන මාර්ගය ලෙස හදුන්වා දුන්නේ මධ්‍යම ප්‍රතිපදාව වන ‘නාම රූප පරිච්ඡේදය’යි නැතහොන් ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ප්‍රකටවන ‘නාමයෙන් මිදීමයි’

අදටත් සමහර දේශකයන් තමන් පැටලී ඇති ධර්මය අනුන්ටද පැටලවීමේ අපේක්‍ෂාවෙන් තතාගතයන් වහන්සේ දේශනාකල සරල සුන්දර දහම විවිධ දෘශ්ඨීන් වල එල්බ දේශනාකරයි. ඹවුන් ආර්ය අෂ්ටාංගික මාර්ගය ලෞකික ලෝකෝත්තර වශයෙන් දෙකොටසකට බෙදා තම තමුන්ගේ දෘශ්ඨි කෝණයන්ගෙන් විග්‍රහකරයි. ‘ඒකායන මග්ගෝ’ වූ මධ්‍යම ප්‍රතිපදාවේ ගැබ්වී ඇත්තේ නාම රූප පරිච්ඡේදය නැතහොත් ‘නාමය වෙන් කොට දකිනා ආකාරය’ මිස වෙනත් දහමක් නොවේ.

අම්මා හෝ දරුවා ලෙස සිතේ මායාවක් සේ ඇතිවන්නේ භාහිරයේ රූප හැඩතලයක්වූ (දෙයක්/යමෙක් නොවූ නැතහොත් ආත්මීය නොවූ) ජීවීන් දෙදෙනෙක් සම්මුතියෙන් පනවාගක් (ප්‍රඥාප්ති) නාමයක් සමග ගැටගැසීමෙන් දෙයක්/යමෙක් බවට පරිවර්තනකර (උපාදාන පච්චයා භව) එය ‘මගේ’ කරගැනීමයි (භව පච්චයා ජාති). භාහිර රූප හැඩතලයක් පමනක්මවූ රූපය මගේ අම්මා මගේ දරුවා ලෙස ගෙන නැති දෙයක් ඇතිදෙයක් බවට පරිවර්තනය කරගනී. යමක් ඇත්නම් එය නැතිවන තැන ඇතිවන්නේ දුකකි. (ජාති පච්චයා දුක්ඛ දෝමනස්ස).

භාහිරයේ හැඩතලයක් පමනක්වූ රූපයක් දෙයක්/යමක්/යමෙක් බවට පරිවර්තනය වන්නේ නාමය (අරූපය) හා එක්වී ආස්වාදයක්/දුකක් ලබාදෙන කාමාවචර ලෝකය නිර්මාණය වනවිටය. කාමාවචර ලෝකය ඇති නොවීමටනම් රූපය හා අරූපය වෙන් වෙන්ව දැකිය යුතුවේ. ‘මහනෙනි, කල යුත්තේ ස්ඛන්ධයේ උදය-වය දැකීම පමනමය’ යන බුද්ධ වචනය මෙයයි. ස්ඛන්ධයේ උදය (ඇතිවන තැන) රූපයත්, වය (නැතිවන තැන) නාමයත් (සංකාර හා විඤ්ඤාණ) පවති. 

තතාගතයන් වහන්සේ බොධිමුලයේදි බුදුවී කල අනේක ජාති සංසාරං ආදීවූ උදාන වාක්‍යයේ ස‍‍දහන්වන්නේ ‘අවිද්‍යා අන්ධකාරයේ තන්හාව නැමති වඩුවා ස්ඛන්ධය නම්වූ ගෙය සාදනවා තමන් වහන්සේ දුටු (දර්ශනයවූ) නිසා, තා මින්පසු ගෙවල් නොසාදන්නේය’. ‘දස්සනෙන පහාතබ්බා’ – දර්ශනයෙන් ප්‍රහානය වන්නේය යනු මෙම දහමයි. 

රූපය හා නාමය වෙන් වෙන්ව දර්ශනය වූ කල ඒ දෙකෙහි එක්වීමක් සිදු නොවේ. එනම් මින්පසු ගෙවල් (කාම ලෝක) නොසාදයි. මින්මතු ක්ලේශයන් ඇතිවීමට භූමියක් නැත.

ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ප්‍රකටවන ‘රූපය වෙනම දකින’ නාම රූප පරිච්ජේදය පැහැදිලි කරගත යුතු කාලයයි මේ.

ප්‍රථමයෙන්ම සියළුම දෘශ්ඨිවලින් (කර්ම පල දෘශ්ඨිය විශේෂයි) ඉවත්වූ තැන ඇතිවන්නේ ‘සම්මා දිට්ටිය’යි. සුනීත සෝපාක විශාකාව වැනි සත් හැවිරිදි දරුවන් තතාගත වචනය ශ්‍රවනයවූ සැනින් මාර්ග පල ලැබුවේ ඹවුන් ලදරු සමයේ විශේෂයෙන් කර්ම පල දෘශ්ඨියේ නොසිටි බැවිනි. සමහර දේශකයින් ඉහත සඳහන් දරුවන් පාරමිතා පුරා සිටි නිසා මාර්ග පල ලැබුවේ යයි නොදන්නා දහමක් දේශනා කරයි. පාරමිතා සංකල්පයක් තතාගත දේශනාව තුල හමු නොවේ.

දෙවනුව ‘සංකල්ප, වාචා, කම්මන්ත’ වල ඇත්තේ සංකාර එනම් නාම (අරූපාවචර) ලෝකය බව දත යුතුය. සංකල්පය මනෝ සංකාරය බවත්, වචා යනු වචී සංකාරය බවත්, කම්මන්ත යනු කාය සංකාරය බවත් දත හැකිනම් ඹබ නාමය රූපයෙන් වෙන්ව දැකීමට අවශ්‍ය නිර්නායක සකසාගනි. 

මෙතෙක්කල් දේශකයන් අපමත පැටවූ ‘යහපත් සංකල්පය, යහපත් වචනය, යහපත් කර්මාන්තය’ ආදිවූ දේ සද්ධර්මය තුල නැත. යහපත් වුවත් අයහපත් වුවත් වචනය සංකාරයකි, නාමරූපයකි. බොරු කීවත් නොකීවත් වචනය වචනයමයි. වචනය (නාමය) රූපය සමග එකතුවී කාම ලෝකය සාදයි. එහි ඇති යහපතක් නැත. යහපත් කර්මාන්තය යනු ‘හොරට කිරීමෙන් වැලකිම යයි’ අපට කියාදෙයි. කම්මන්තය යනු කාය සංකාරයයි. එය නාම ලෝකය නිර්මාණය කර කාම ලෝකයට දොර විවර කරයි. එහි ඇති යහපතක් නැත. මනෝ සංකාරයක්වූ ‘සංකල්පය’ ද මෙයට නොදෙවැනිය. එයද කාමලෝකයේ දොරටුවයි.

සතිය (සිහියේ සිට සිත දැකිම) පිහිටුවා ගැනීමේ නිර්නායකයක් ලෙස සියළුම සිලබ්බත (සිලය) ඇතුළු ආජීවක (තපස් ආදී) ප්‍රතිපදාවන්ගෙන් මිදුනු තැන සම්මා ආජීවයද, තමන් තුල ඇති වීර්ය භාවනාව වැනි නිෂ්පල ක්‍රියාවන් දෙසට යොමු නොකොට මහත්වූ පල සහිත සතර ඉරියව්වෙන්ම වැඩිය හැකි විදර්ශනාවට (විපස්සනාවට) යොමුකිරීම සම්මා වායාම ලෙසද ගත යුතුය.

ඉහත සියල්ලම සම්පූර්ණ කල පසු සතිය (සිහියේ සිට සිත දැකීම) පිහිටුවා ගතයුතු වෙයි. මෙහිදී වෙනත් කරැනු දෙස නොව ස්ඛන්ධයේ ඇතිවීම හා නැතිවීම (රූප හා නාම ඇතිවන නැතිවන ස්ථාන) පමනක්ම දැකීම සම්මා සතියයි.

එමගින් ඇතිවන චිත්ත සුවය සම්මා සමාධියයි.

සුභ පැතුම් 

තිස්ස ගුණතිලක 

2022 දෙසැම්බර් මස 01 වනදා

tgunite@tpg.com.au

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress