යුරෝපා සංගමයේ නියෝජිතයන් අග්‍රාමාත්‍යවරයා හමුවෙයි
Posted on December 8th, 2022

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හා යුරෝපා සංගමයේ සාමාජික රටවල තානාපතිවරුන් අතර සාකච්ඡාවක්  2022.12.08 දා අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
රටතුළ ආර්ථික, සමාජීය සහ දේශපාලන ස්ථාවරත්වය ඇති කිරීම සඳහා රජය ගෙන ඇති පියවර සහ එහි ප්‍රතිඵල සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා තානාපතිවරුන් දැනුවත් කළේය.
මෙම සාකච්ඡාවට යුරෝපා සංගමයේ තානාපති ඩෙනිස් චිබි (Denis Chibi), ජර්මනියේ තානාපති හොල්ගර් සූබර්ට් (Holger Seubert), නෙදර්ලන්ත තානාපති බොනී හොබච් (Bonnie Horbach), ප්‍රංශ තානාපති ජීන් ෆ්‍රැන්සුවා පැක්ටෙට්  (Jean-Francois Pactet) සහ රුමේනියානු තානාපති කාර්යාල දූත මණ්ඩල ප්‍රධානි වික්ටර් ටියුඩ්ජියා (Victor Tiudjia)  සහ අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන මහත්ම මහත්මීහු සහභාගී වුහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress