නත්තල් දින පණිවිඩය
Posted on December 23rd, 2022

දිනේෂ් ගුණවර්ධන , අග්‍රාමාත්‍ය, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

යථාර්ථවාදීව ලෝකය දෙස බැලීමට ආදර්ශ සැපයූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උප්පත්තිය සිහිගන්වන නත්තල, ප්‍රේමය මානව ගරුත්වය සහ මනුෂ්‍යත්වය පෙරදැරි සමාජයකට නවමු අඩිතාලමක් කර ගනිමු. එය පීඩාවට පත් ජනතාව ඉන් මුදා, යහපත් සමාජයක් නිර්මාණය කිරීම උදෙසා කැපවුණු ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දර්ශනය මත වූ සැබෑ කාලීන අවශ්‍යතාවයක් වනු ඇත.

වෛරය හා කෘරත්වය පිටුදකිමින් ගැටුම් සමනය වන ආර්ථිකමය වශයෙන් හා බව භෝගයෙන් සමෘද්ධිමත් වූ ශ්‍රී ලංකාවක් වෙනුවෙන් නත්තල තවත් ආරම්භයක් කරගත හැක.

සාමය, සමාදානය හා සමානාත්මතාවය යන අපූර්ව පාඩම් මත පිහිටා අන්‍යයන්ට පිහිටවෙමින් නත්තල අර්ථාන්විතව ගත කරමු.

 දිනේෂ් ගුණවර්ධන

අග්‍රාමාත්‍ය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

2022 දෙසැම්බර් මස 23  

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress