කඳුරටේ සම්භවයක් ඇති දෙමල මිනිසුන්ගේ තත්වය නගා සිටුවීම සඳහා කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කරයි (ප්‍රවෘතියක්)
Posted on December 27th, 2022

ආචාර්‍ය සුදත් ගුණසේකර (ශ්‍රී, ලන්.ප.සේ) අග්‍රාමාත්‍ය සිරිමාවෝ බන්ඩාරනායක මැතිනියගේ ලේකම් සහ මහනුවර සින්හල බෞද්ධ ජේෂ්ඨ පුරවැසියන්ගේ සන්විධානයේ සභාපති

පළමුව මේ ලක් පොලවේ වසර 2500 කට වැඩි කළක් එහි ශිෂ්ඨාචාරය බිහිකොට ජීවත්වූ ජන්ම උරුමකරුවන් සහ භූමිපුත්‍රයින් වන සින්හලයින්ගේ 1815 සිට සුද්දන් විසින් උදුරාගත් බැවින් අහිමිවූ අයිතිවාසිකම් ලබා නොදී ඉන්දීය දෙමල මිනිසුන්ගේ පමණක් තත්වය නගා සිටුවීම ජාතිද්‍රෝහී මෙන්ම් දේශද්‍රෝහී ක්‍රියාවකි.

ලක් පොලවේ ජන්ම උරුමකරුවන් වන භූමිපුත්‍රයින්ගේ අහිමිවූ අයිතිවාසිකම් ලබා නොදී ඉන්දීය දෙමල මිනිසුන්ගේ තත්වය පමණක් නගා සිටුවීමට ක්‍රියා කිරීම කිසිසේත්ම අපට අනුමතකළ නොහැක.1948 සිට වසර 75 ක තිස්සේ සියළුම සින්හල දේශපාලකයින් විසින් වතු දෙමල චන්ද ලබාගැනීම සඳහා සිදුකරණ මෙවැනි, ජාතිද්‍රෝහි සහ දේශද්‍රෝහී, නින්දිත චන්ද සූදුව දැන්වත් නතරකොට  පළමුව භුමිපුත්‍රයින්ගේ අයිතිවාසිකම් ලබාදීමට ක්‍රියා කරන මෙන් ජනාධිපතිවරයා ඇතුලු රජයෙන් මම තරයේ ඉල්ලා සිටිමි. ඔබ ඔවුන්ට ඉර හඳ ලබාදුන්නද ඊළඟ මැතිවරණයේදී කිසිසේත්ම ඔවුන් ඔබට චන්දය නොදෙනු ඒකාන්තය.මන්ද ඔවුන් චන්දය දෙන්නේ උතුරු නැගෙනහිර සහ දිවයිනේ සෙසු පලාත් වල දෙමල ජනයා චන්දය දෙන සජිත් ප්‍රේමදාසට බැවිනි.අනෙත් අතින් මොවුන් ඔවුන්ගේ වාසිය, දෙමළකම සහ ඉන්දීය කම මිස මේ රට ගැනහෝ ජාතිය ගැන  නොසිතන, කිසිම කෙලෙහිගුණයක් නැති  ජන කොට්ඨාශයකි. උදාහරණයක් වශයෙන් 1962 වේලිවේලී ගෙදර    සිටි තොන්ඩමන් රොස්මීඩ් පෙදෙසටම ගෙන්වාගෙන පත්කළ මන්ත්‍රී ධුරක්ද කම්කරු අමාත්‍ය කමද  ලබාදී තවත් බොහෝ වරප්‍රසාද ලබාදුන්නද  ඊට පසු පැවැත්වූ කිසිම ඡන්දයකදි බන්ඩාරනායක මැතිනියට ඡන්දය දුන්නේ නැත .එසේම 2005 ජනාධිපති මැතිවරණයේදී මෙන්ම 2010,2015, 2019 මෙන්ම 2020 මැතිවරණ වලදීද වතුකරයේ සියළුම චන්ද වැටුණේ ද ඔවුන් හිසේ තබාගෙන උදව් කළ රාජපක්ෂලාට නොවේ.මේ අනුව ඊ ළඟ මැතිවරණයේදීද ඉන්දියාවේ බලකිරීම නිසා හෝ ඔබටම පෞද්ගලික වූ කිසියම් හේතුවක් නිසා, මේ තුන් සින්හලයම ඔවුන්ට ලියා දුන්නද ඔවුන්ගේ ඡන්දය කිසිසේත්ම ඔබට නොදීම නම් ඉර හඳ මෙන් විශ්වාශය. එබැවින් ඉන්දීය දෙමලුන්ගේ අයිතිවාසිකම් ලබාදීමට ක්‍රියා  කිරීමට පෙර  සින්හලයින්ගේ  1815 සිට අහිමිවූ ඔවුන්ගේ  ජන්ම අයිතිවාසිකම්  ලබාදීමට කටයුතු කරණමෙන් මම ජාත්‍යාලයෙන් ඔබගෙන් ඉල්ලමි.   

කාගේ වුවත් ජීවන තත්වය නගා සිටුවීම බොහොම හොඳ ක්‍රියාවකි.එහෙත් ලක් පොලවේ ජන්ම උරුමකරුවන් වන භූමිපුත්‍රයින්ගේ අහිමිවූ අයිතිවාසිකම් ලබා නොදී ඉන්දීය සම්භවයක් ඇති පුද්ගලයින්ගේ අයිතිවාසිකම් ලබාදීම  තිරස්චීන ක්‍රියාවකි. ඔවුනුත් 1830 පමණ සිට සුද්දන්ට වහල් මෙහෙයේ යෙදෙමින් මේ රටේ හිටපු මනුස්සයෝ. එබැවින් ඔවුන්ටද යහපතක් කිරීම හොඳ වැඩක්. එහෙත්  ලන්කාවේ දෙමල දේශපාලකයින් මෙන්ම ඉන්දියාවේ දේශපාලකයින්ද එදා සිටම හිතුවෙත් අද සිතන්නෙත්, ක්‍රියා කරන්නෙත් ඔවුන් මෙහෙ හිටියත් තවම ඉන්දීය පු වැසියෝ කියලා. ඒ වගේම 1987 න් පසු ලන්කාවේ පුරවැසිකම ගත්තත් ඔවුන් ක්‍රියාකල යුත්තේ ඉන්දියාවේ මිනිසුන් වශයෙන්ය.  ඒ වගේම ඔවුන් මේ රටේ සිටියත්, මේ රටේ සම්පත් වලින් යැපුනත් ඔවුන් ඉන්දියන් සම්භවයක් ඇති මිනිසුන් කියමින් ක්‍රියා කළයුත්තේ ඉන්දියාවට පක්ශපාතීව කියලයි වතුකරයේ සිටින මේ  දෙමල සම්භවක් ඇති අයත් තවම හිතන්නේ. ඒ විදියටමයි.ඔවුන් තවමත් හිතන්නේ ඉන්දියාත්   ඔවුන්ගේ මව් රට කියල. කොටින්ම ශරීරය ලක් පොලවේ තිබුණට මානසික වශයෙන් නිතරම ඉන්නේ ඉන්දියාවේ.  1987 රජිව්/ජේ.ආර් ගිවිසුමෙන් මේ රටේ පුරවැසිකම ලැබුණත් තවම ඔවුන්ගේ හිත ඉන්දියාවෙ, ශරීරය පමණයි, මෙහෙ තියෙන්නේ. ජීවිකාව සපයාගන්නෙත් ලක් පොලවෙන්. නමුත්ප න්චස්ඛන්ධය විතරයි මෙහෙ.  සිත නිතරම එහෙ.මේ අය ඔක්කොම ලිඳෙන් වතුර බීලා මුහුදට ආවඩන මිනිස්සු. මානසික වශයෙන් එම පරිවර්තනය වන තුරු ලක් රජයට ඔවුන් ලක්වැසියන් වශයෙන් සැලකිය නොහැක.

ඔවුන්ට මේරටේ සින්හලයින්ට ඇති අයිතිවාසිකම් අවශ්‍යනම් ඔවුන් මෙම පරාධීන මානසිකත්වයෙන් මිදී ලක්බිමේ ලක් පුතුන් වශයෙන් සිතිමට සහ හැසිරීමට වහාම සූදානම් විය යුතුයි. ලන්කාවේ දෙමල දේශපාලකයින්ද මේ අනුවම හැඩගැසිය යුතුයි.ඉන්දියාවද  එම ප්‍රතිපත්තියම පිළිගත යුතුයි.මේ තුන් පාර්ශවයම මේ අන්දමින් ආකල්පිකව වෙනස්වූ විට සින්හල අපිද ඔවුන් අපේම මිනිසුන් බව පිළිගමු. එසේවූ විට ජනාධිපතිවරයා සිතන සියලුම අයිතිවාසිකම් ලක්පොලවේ දූ පුතුන් වශයෙන් ඉබේම ඔවුන්ටද ලැබෙණු ඇත.  එසේ නොමැතිව කය පමණක් මෙහි තබාගෙන, රැකියාව මේ රටේ කුරමින් මානසිකව  ඉන්දියාවේ සිටින තාක් කල් මොවුන් කිසිදාක ලාන්කිකයින් නොවනු ඇත. යම්  කිසිවෙකුට ඒ අන්දමින් ආකල්පයම වශයෙන් වෙනස්වීමට නොහැකිනම් තව මොහොතක්වත් ඔවුන් කිසිවෙකු මේ රටේ නොසිට ඔවුන්ගේ මව් රට් වන ඉන්දියාවට ආපසු යා යුතුය. මන්ද එවැනි පුද්ගලයින්ට මේ රටේ පුරවැසියන් වෂයෙන් සිටීමට කිසිදු අයිතියක් නැති නිසාය

එමනිසා ජනාධිපතිවරයා කියන පරිදි මේ රටේ සින්හලයින්ට තියෙන, ඉඩකඩම්, ගෙවල් දොරවල් සහ අයිතිවාසිකම් ඔවුන්ට ලබාදියයුත්තේ ඉන්දියාවට ඇති සියළුම ආළවන්තකම් අත්හැර මේ ලක් බිමේ  පුතුන් වශයෙන් ජීවත් වීමට මෙන්ම සිතන්නට එකඟ වෙන බවට පොරොණ්දු ගිවිසුමක් අත්සන්කිරීමෙන් පසුව පමණක් විය යුතුයයි මම අවධාරණය කරමි.

එහෙත් ඊට පෙර අනිවාර්‍යෙන්ම කළයුතු තවත් වැදගත් එක් කරුණක් කිවයුතුව ඇත. එනම් 1505-1948 දක්වා වසර 443 ක් පුරා විශේෂයෙන්ම 1818 සහ1848 නිදහස් සටන්වලදීද  පෘතුගීසි, ලන්දේසි සහ ඉන්ග්‍රීසින් ආදී පරසතුරන්ගෙන් මේ සින්හලයින්ගේ මහපොලවත්, රටත්, ජාතියත්  බේරාගැනීමේ  සටන් වලදී, දස දහස්ගනනින් මිය ගිය,  එසේම  මේ රටත්, ජාතියත්, සාශනයත් ජීවිත පරිත්‍යාගයෙන් ආරක්ෂා කරගෙන අපට රැකදුන්   මේ රටේ පරම භූමිපුත්‍රයින් වන වීරෝධාර උඩරට  සින්හලයින්ගෙන් පැවත එන භූමිපුත්‍ර සිනහලයින්ගේ ජන්ම අයිතිවාසිකම් පළමුව ලබාදිය යුතුය.එසේ නොකොට සුද්දන්ගේ බැලමෙහෙයට 1830න් පසු මෙහි පැමිනි ජනකොටසක එවැනි අයිතිවාසිකම් ලබාදීමට කවුරු හෝ කටයුතු කරන්නේනම් මේ රටේ පරම භූමිපුත්‍රයින් වශයෙන් අපි එයට ඉඳුරාම  විරුද්ධවෙමු.

ජාතියේ අවාසනාවට ඉහතින් සඳහන් කළ පරිදි ඉතිහාසයේ ආරම්භයේ පටන්ම,  විශේෂයෙන්ම 1505 සිට 1948 දක්වා මේ සින්හල රට ඔබටත් මටත් ජීවිත පරිත්‍යාගයෙන් සටන්කොට පරසතුරන්ගෙන්  බේරාගෙන රැකදුන් වීරෝධාර සින්හලයින්ගෙන්   පැවත එන උඩරට සින්හල වැසියන්ගේ අහිමිවූ ජන්ම අයිතිවාසිකම් නැවත ලබා දීම සඳහා සිතන පතන කිසිම දේශපාලකයකු අප අතර තවම බිහිවීනැති වීම බලවත් අභාග්‍යයකි. මේ රටේ සින්හල ජාතියේ ආරම්භයේ සිටම ඔවුන්ගේ මුතුන් මිත්තන් විසින් ආරාක්ෂාකොට දුන් මහපොලව අතුළු ඔවුන්න්ට අහිමිවූ ඔවුන්ගේ ජන්ම අයිතිවාසිකම් කිසිවක් ඊනියා නිදහස ලබා වසර 75 ක් ගතව ඇතත් අද වනතුරුම ඔනුන්ට ලබා දී නැත.මේ වූ කළී හෙන ගහන අපරාධයකි. සින්හලයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂාකර දීමට උනන්දුවූ එකම රාජ්‍ය නායිකාව බන්ඩාරනායක මැතිනිය පමණි. මේ පිළිබඳ එතුමියගේ ප්‍රස්තිපත්‍ය ‘සින්හලයාගේ අනාගතය සහ ඉන්දු ලන්කා ප්‍රශ්නය” නමින් 1965 දීඑතුමිය විසින් පළකරනලද පොත්පින්චෙන් ඔබට බලාගත හැක.

1839 න් පසු සුද්දන් විසින් ඔවුන්ගේ තේ වතු අධිරාජ්‍යයේ වහල් වැඩට  දකුණු ඉන්දියාවෙන් ගෙනවිත් 1948 දි ඔවුන් ආපසු  යනවිට  මෙහි අතරමන්කොට දමාගිය කයින් පමණක් මෙහි සිටියත් මනසින් සහ අනිත් සැම අතින්ම  ඉන්දියාව තම මව් රට් වෂයෙන් සිතන ඉන්දියාණු සම්භවක් ඇති පුද්ගලයින්ගේ තත්වය  නගා සිටුවීමට හා අයිතිවාසිකම් ලබාදීමට පෙර මේ රටේ පරම භූමිපුත්ත්‍රයින් වන සින්හලයින්ගේ අහිමිවූ එම ජන්ම උරුමයන් ලබාදීමට ක්‍රියා කළයුතු නොවේද.

මෙම වැඩ පිළිවෙල යටතේ දෙමල ජනයාගේ ඉඩම්, නිවාස සහ සෞඛ්‍ය ප්‍රස්න විසඳා දීමට මෙන්ම ඒ යටතේ බලාපොරුත්තුවන බවද එසේම ඒ සඳහා අව්ශ්‍ය වැඩපිලිවෙල සකස්කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමටද ජනාධිපතිවරයා කටයුතු කරණ බව ප්‍රකාශකොට ඇත.ඒ වූ කළී හොඳ ක්‍රියාවකි.එහෙත් එසේ කිරීමට පෙර වසර දහස් ගානක් මේ මහ පොලව තම ජන්ම භූමිය  පරසතුරන්ගෙන් ආරක්ෂාකරගෙන සිටි සින්හල භූමිපුත්ත්‍රයින්ගේ පරම අයිතිවාසිකම් ලබාදියයුතු නොවේද.

පිටරටකින් සුද්දන්විසින් ඔවුන්ගේ තේ වතුවල වැඩට 1830 න් පසු ගෙන ආ පර දේශක්කාරයින් පිරිසකට දේශපාලකයින් චන්දය ලබාගැනීම සඳහා තම අම්මාගේ අප්පාගේ බුධලය මෙන් මේ බෙදා දීමට සූදානම් වන්නේ, ඉතිහාශයේ ආරම්භයේ සිටම සින්හලයින්ට අයිතිව තිබුණු එහෙත් 1815 සිට මේ දක්වාම සින්හලයින්ට අහිමිවු ඔවුන්ගේ මව්බිම සහ සියළුම ජන්ම  උරුමයන් නොවේද.

1948 සිට මහජන චන්දයෙන් පත්වූ කිසිම රජයකින් මේ අයිතිහාසික සාධාරණයෙන් මිදීමට කිසිදු ඵලදායී පියවරක් නොගත්තා පමණක් නොව ඔවුන්ගේ සමාජ ආර්ථික ප්‍රශ්න විසඳීම සඳහා පිහිටුවා තිබුණු එකම ආයතනයවූ උඩරට ගැමිපුනරුත්ථාපන දෙපාර්තමේන්තුව පවා 2014 ජනවාරි 1 වන දා සිට වසා දැමීමට තරම් අකුර්තඥවූ ඊනියා නිදහස් ලන්කාවේ සියළුම රජයන්  වීරෝධාර උඩ රැටියන්ගේ මෙකී ශෝකාන්තයට රිජුවම වගකිවයුතුය.

එමනිසා දැන්වත් මේ මහ පොලවේ ජන්ම උරුමකරුවන්වන භූමිපුත්‍රයින්ගේ අහිමිවූ අයිතිවාසිකම් ලබා නොදී 1948 සිට වසර 75 ක තිස්සේ සින්හල දේශපාලකයින් විසින් සිදුකරණ මෙවැනි වතු දෙමල චන්ද ලබාගැනීමේ මේ ජාතිද්‍රෝහි නින්දිත චන්ද සූදුව දැන්වත් නතරකොට පළමුව භුමිපුත්‍රයින්ගේ අයිතිවාසිකම් ලබාදීමට ක්‍රියා කරන මෙන් නාධිපතිවරයා, අගමැතිවරයා ඇතුලු රජයෙන් මම තරයේ ඉල්ලා සිටිමි

තවද අවසාන වශයෙන් මේ රටේ දේශපාලකයින් මෙන්ම ප්‍රතිපත්ති සකස්කරණ පුද්ගලයින් සෑමදෙනාගේම දැඩි අවධානය සඳහා තවත් එක් විෂේශ කරුණක් මෙහිදී අවධාරණයෙන් කිවයුතුව ඇත.එනම් ශ්‍රි ලන්කාවේ මධ්‍යම කඳුකරය රටේ සමස්ථ ජීවි පද්ධතියේ මෙන්ම ශිෂ්ඨාචාරයේද පදනමය.එසේම රටේ හා ජාතියේ හදවතය. එමනිසා මධ්‍යම කඳුකරයේ විශේෂයෙන්ම මූ. ම. අඩි 1000 ට ඉහල ප්‍රදේශ අපගේ හදවත මෙන් ආරක්ෂා කළයුතුය. මන්ද, එය මුලු රටටම ජලය සපයන එකම ජලපෝෂක ප්‍රදේශයය. දිවයිනේ අටදිසාවට ගලන ගන්ගා 103 නම ආරඹ්භ වනුයේ මෙහිය. එකී ගන්ගාවල වසර පුරා අඛණ්ඩ ජල සැපයුම මුළුමනින්ම මෙන් රඳා පවති න්නේ කඳුකරය වසාසිටින වනාන්තරය මතය, වනගහනය ඉවත් කළ හොත් එහි පලමු පියවර වනුයේ  යම්සේ හදවත නතරවූ දාට සත්වයා මියයන්නාසේම, මධ්‍යයම කඳුකරයෙන් ආරම්භවන ගන්ගා පද්ධතියද ගැලීම නතරවී ශ්‍රී ලන්කාවේ සමස්ථ ජීවී පද්ධතිය මෙන්ම ශිෂ්ඨාචාරය අවසන් වන බැවිනි. එම ව්‍යශනයෙන් රට ජාතිය සහ රටේ ශිෂ්ඨාචාරය බේරාගැනීම සඳහා විශේෂයෙන්ම පහත සඳහන් පියවරද ගත යුතුයයි මම යෝජනා කරමි

1 නුවර එලිය නගරය හැර මු.ම. අඩි 5000 ඉහල ඇති සියලුම ජනාවාස ඉවත්කොට එම සමස්ථ ප්‍රදේශයම රජකාලේ මෙන් දැඩි රක්ෂිත ප්‍රදෙශයක් වශයෙන් ප්‍රකාශ කිරීම.

2අඩි 3500 න් ඉහල ඇති  තේ කර්මාත ශාලා සහ ඊට අනුබද්ධ ගොඩනැගිලි හැර සෙසු සියලුම ජනාවාස ඉවත් කිරීම

3. 3500-5000 අතර ජ.ව.ස සහ රා.තේ.ව.අධි යටතේ  විශාල තේ වතු වලට පමණක් සීමා කිරීම

4.අඩි 3500 ට ඉහල ප්‍රදේශ වලින් ඉවත් කෙරෙන වතු කම්කරුවන් සහ උඩරට ප්‍රදේශවල ඉඩම්නැති ගැමියන් අඩි 1000 -3500 අතර කොටසේ මිශ්‍ර වගාවන් යටතේ මිශ්‍ර ජනාවාස වශයෙන් අක්කර 2 ½ කුඩා ගොවිපල ක්‍රමය අනුව පදින්චි කිරීම. මෙම ජනාවාශ කිසිවිටෙකත් එක ජනවර්ගයකට පමණක් සීමා නොකළ යුත්තේ ලක්පොලවේ එක් අතකින් වර්ගවාදී වශයෙන් සහ දේශපාලන වශයෙන් වර්ගවාදි පදනම මත  ඔවුන් කල්ලි ගැසෙන බැවින් සහ ලාන්කිකයින් වශයෙන් අන්තර්ග්‍රහනය වීමට එය භාධාවක් වන බැවිනි.

අවසාන වශයෙන්, ඉහතින් දැක්වූ පරිදි මේ රටේ සමස්ත ජීවී පද්ධතියේ සහ ශිස්ඨාචාරයේ නම සහ හදව වන ශ්‍රී ලන්කාවේ මධ්‍යම කඳුකරය, ලන්කාවේ හදබිම වශයෙන් ප්‍රකාශකොට එම සන්කල්පය ආගමක් වශයෙන් අදහන මෙන් රටේ ජනතාවට ආයාචනය කළයුතුය. එසේම අනාගත පරම්පරාවට කුඩාකල සිටම  මද්ධ්‍යම කඳුකරයේ ඇති වටිනාකම පිලිබඳ නිසි අවබෝධයක් ඇතිකොට ගැනීම සඳහා හදබිම සන්කළ්පය” රටේ සියලුම පාසැල්වල පළමු ශ්‍රේනියේ සිට විශ්ව විද්‍යාලවල අවසන් වසර දක්වාම විෂයක් වශයෙන් උගන්වන මෙන්ද මම ලන්කා රජයෙන් ඉල්ලමි

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress