විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස 50 වැනි බස් රථය තඔුත්තේගම මධ්‍ය විද්‍යාලයට
Posted on December 27th, 2022
තිසර සමල් සෝමරත්න – අනුරාධපුර
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කෙරෙන සක්වල වැඩසටහන යටතේ 50 වැනි බස් රථය තඔුත්තේගම මධ්‍ය විද්‍යාලය සඳහා ප්‍රධානය කිරීම අද (27) පෙරවරුවේ සිදු කෙරිණි.
තඹුත්තේගම නගරයට පැමිණි විපක්ෂ නායකතුමන් තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානය අසල සිට පාසල් ළමුන් පිරිසක්ද නංවාගෙන නව බස් රථය පඳවාගෙන මඟ දෙපස සිටි ජනතාට ආචාර සමාචාර කරමින් විපක්ෂ නායකවරයා තඹුත්තේගම මධ්‍ය විද්‍යාලය අසට පැමිණ විදුහල්පති පූජ්‍ය මහමාන්කඩවල ධම්මිසිරි හිමි ඇතුළු සිසු දරු දැරියන් වෙත බස් රථය භාර කිරීම සිදු කරනු ලැබීය.
මෙම උත්සවය අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ,
හැම වසරකම, හැම පාසකම දූ දරුවන්ගෙන් ලක්ෂ ගණනින් දස ලක්ෂ ගණනින් මුදල් එකතු කරනවා එක්කෝ නාට්‍ය තරඟයකට, සාහිත්‍යය තරඟයකට, ක්‍රීඩා තරඟයකට, චිත්‍ර තරඟයකට මේ යනාදී වශයෙන් විශාල ප්‍රමාණයක් මුදල් එකතු කරනවා.එතකොට සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නංගර මැතිතුමා අදහස් කරපු නිදහස් නිවහල්, නොමිලේ අධ්‍යාපනයට මොකක්ද මේ වෙන්නේ? දෙමාපියන්ගෙන්, දරුවන්ගෙන් මුදල් එකතු කරලා ක්‍රියාත්මක වෙන අධ්‍යාපනය මම නම් දකින් නෑ, නිදහස්, නිවහල්, නොමිලේ අධ්‍යාපනයක් හැටියට, ඒ නිසා තමයි අපි මේ වැඩසටහන, බොහෝ ආසාවෙන්, උනන්දුවෙන් පටන් අරගෙන, 50 වැනි බස් රථය අද තඹුත්තේගම ජාතික පාසට පරිත්‍යාග කරන්නේ.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාසල් 521 ක් තිබෙනවා, දූ දරුව් එක් ලක්ෂ අනූ හයදහස් අටසිය තිස් එකක් ඉගෙනුම ලබනවා, ගුරු මෑණීවරුන්, පියවරුන් එකලොස් දහසක් ඉන්නවා.අනාගත අපේ රජයක් තුළ මේ පාසල් 521 ම, ජාත්‍යන්තර තලයේ ඉහළම පාසල් බවට පරිවර්ථනය කිරීමේ වගකීම අපි භාර ගන්නවා.
රටේ තිබෙනවා, රාජ්‍යය පාසල් 10155 ක් මෙම පාසල් සියල්ලම නවීකරණයට ලක් වුණ ජාත්‍යන්තර තලයේ පාසල් බවට අපි පත් කරනවා.අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජීවත් වන හැම පවුලකම, හැම සාමාජිකයකුගේම අනාගත වගකීම මම භාර ගන්න සූදානම්.
මට මේ සභාවේ ඉන්න කොට ඉල්ලීම් ගණනාවක් ලැබුණා මට වෙලාවකට හිතුනා මම අධ්‍යාපන ඇමතිද කියලත්, අගමැතිවරයෙක්ගෙන්වත් ඉල්ලන්නේ නැති ඉල්ලීම්.රටේ ජනාධිපතිවරයාට මේ වගේ ඉල්ලීම් යන්නේ නෑ රට බංකොලොත් නිසා, මේ රටේ කවදාද, විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරයකුට, විපක්ෂ නායකවරයකුට, මේ වගේ ඉල්ලීම් කරපු යුගයක් තියෙනවාද? හැමදාම ඉල්ලීමක් කළා නම් කලේ ජනාධිපති, අගමැති, ඇමති, රාජ්‍යය ඇමති, නියෝජ්‍යය ඇමති, එහෙම නැත්නම් ආණ්ඩුවත් එක්ක ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීගෙන්, මෙහෙම ඉල්ලීම් කරන්නේ නෑ විපක්ෂ නායකගෙන්.මුුළු රටම පිිළිඅරගෙන තිබෙනවා රටේ 74 වසරක් ක්‍රියාත්මක වුණ ඒ යල් පැණ ගිය ඉපැරණි ක්‍රමය, පැත්තකට විසි කරලා සත්‍ය වශයෙන්ම අපි සිස්ටම් චේන්ජ් එකක් කර ගෙන යනවා.මොකක්ද 74 වසරක් රටේ ආණ්ඩු කලේ, බදු ආදායම රාජ්‍යය ආදායම ලබා ගෙන සංවර්ධනයේ නාමයෙන් ආපහු බෙදා දෙනවා. අවුරුදු 74 ක් ඕක කලේ, අවුරුදු 74 ක් විපක්ෂය කලේ කොහොම හරි ආණ්ඩු බලය ගන්න සැලසුම් කරනවා, කවදාවත් විපක්ෂය සේවය කලේ නෑ, අහලාවත් තියෙනවාද? කිසිම දවසක කරේ නෑ, ඒ නිසා තමයි සමහර අය කියව කියවා යනවානේ, , වුණුත් එකයි, මුණුත් එකයි අවුරුදු 74 ක් කියලා.හැබැයි අමතක කරන්න එපා වුණුත් ආණ්ඩු වල හිටියා, විපක්ෂ වල හිටියා, මුණුත් ආණ්ඩු වල හිටියා, මුණුත් විපක්ෂ වල හිටියා, හැබැයි කියන එවුනත් ආණ්ඩු වල හිටියා විපක්ෂ වල හිටියා, ඇමතිකම් දරාගෙන, ඔන්න ඕක විතරක් අමතක කරන්න එපා, වුණුත් එකයි, මුණුත් එකයි, කියන එවුනුත් එකයි, හැබැයි අපි වෙනස්, අපි වෙනස් වෙන්නේ, මුළු රටම දන්නවා, සක්වල කිව්වොත්, හුස්ම කිව්වොත්, සජිත් ප්‍රේමදාස කිව්වොත්, අනිවාර්යෙන් කිව්ව දේ කරනවා කියලා.
මොන විපක්ෂයද මේ තරම් සේවයක් කලේ, අපි පාසල් වලට බස් රථ 50 ක් දුන්නා, පාසල් වලට පරිගණක පද්ධති දුන්නා, රෝහල් වලට හුස්ම වැඩසටහනෙන් බෙහෙත් හා උපකරණ දුන්නා. අපි වෙනස් කියන්නේ ඒකයි, අපි යන්නේ මැද මාවතක, අපි යන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී මාවතක, ඒ මාවත තුළ අපි අපේ සමාජ වගකීම හොඳින් අවබෝධ කර ගෙන තිබෙනවා.
කොයිතරම් ආදී ශිෂ්‍යයෝ ඉන්නවාද මේ විද්‍යාලයේ, මහා ලොකුවට කථා කරනවා, අඩුම තරමේ අල් පෙනිත්තක යුතුකමක් ඉටු කරලා තියෙනවාද? නමුත් තඹුත්තේගම මධ්‍ය විද්‍යායට 50 වැනි බස් රථය දෙන කොටත් මට හොඳටම බනිනවා, මට දැන් අලුත් නමක් දාලා, බස්මෑන් කියලා.ප්‍රශ්නයක් නෑ, මම ඔය අවලාද වලින් සැලෙන පුද්ගලයෙක් නෙමෙයි.කෝටී ගණන් වියදම් කරලා බස් දාලා, සෙනඟ ගෙනත් රැස්වීම් තියලා පෙන්වන්න හදනවා තමන් වැඩකාරයෝ කියලා.වැඩකාරයෝ කියන්නේ ගමේ පන්සලට, ආගමික ස්ථානයට, පාසලට, රෝහලට යම්කිසි අගයක් එකතු කිරීම නේද වැඩක් කරනවා කියන්නේ.මේ රටේ වැඩකරන දේශපාලඥයෝ බොහෝම අඩුයි.ලකුණු දමා ගන්නා දේශපාලඥයෝ හුඟක් ඉන්නවා.සමහරු කැමතියි පාසල් දියුණු වෙනවාට වඩා හිරගෙවල් ඇරෙනවාට.අපේ රටේ ඉන්නේ, අපේ වර්ථමාන තත්වය හොරුන්ට මල් ඉසින රටක් බවට පත් වෙලා.රට විනාශ කරපු අයට රතු පලස එලන කොට, වැඩ කරන අයට මඩ ගහනවා, මම කියන්නේ ජනතාවට සේවය කරන්න වැඩ වලින්, මඩ දේශපාලනයෙන් රටට සේවාවක් වෙන්නේ නෑ, මඩින් නැතිව ගොඩින් වැඩ කටයුතු කරන්න යැයි පැවසීය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රෝහණ බංඩාර, ඉෂාක් රහුමාන් යන මහත්වරුන් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්ද්‍රාණී බංඩාර, පී හැරිසන්, චන්දිම ගමගේ මහින්දසෝම යන මහත්වරුන් ඇතුළු ප්‍රාදේශීය දේශපාඥයින් හා විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමය, පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්, ගුරුභවතුන්, දෙමාපියන් සහභාගී වූහ.