බෝනස් දුන් සභාපතිවරුන්ගෙන් ජනපති නිදහසට කරුණු විමසයි President calls for a report on bonus payments by two loss making SOEs
Posted on January 3rd, 2023

උපුටා ගැන්ම  හිරු පුවත්

President Ranil Wickremesinghe issued orders to the Chairmen of Sri Lankan Airlines & Ceylon Petroleum Corporation calling for a report on the payment of bonuses at a time when both institutions were running at a loss.

පාඩු ලබන සංස්ථා හා මණ්ඩල සේවකයන් හට ප්‍රසාද දීමනා නොගෙවන ලෙස මුදල් අමාත්‍යංශය දැනුම් දී තිබූ පසුබිමක ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රසාද දීමනා (බෝනස්) ගෙවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම සභාපතිවරුන්ගෙන් නිදහසට කරුණු විමසා තිබේ.

ජනාධිපතිවරයා ඉහත ආයතන දෙකේ සභාපතිවරුන්ගෙන් මෙලෙස කරුණු විමසා ඇත්තේ රජයේ චක්‍රලේඛවලට පටහැනිව ප්‍රසාද දීමනා (බෝනස්) ගෙවූ බවට ලැබුනු වාර්තාවක් පදනම් කරගෙනයි.

ජනාධිපතිවරයා වෙත බාර දුන් එම වාර්ථාවට අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එහි සේවකයන්ට මාස දෙකක වැටුප් බෝනස් ලෙස ගෙවා ඇති අතර ශ්‍රී ලන්කන් ගුවන් සේවය එහි සෑම සේවකයෙකුටම රුපියල් ලක්ෂයක ප්‍රසාද දීමනාවක් ගෙවා තිබෙනවා.

මුදල් අමාත්‍යංශය චක්‍ර ලේඛයක් මගින් මෙම දැනුම් දීම කර තිබුණ ද ඉන්ධන මිල වැඩි කිරීම හේතුවෙන් තෙල් සංස්ථාව ලාබ ලබන බව පෙන්වමින් මෙලෙස ප්‍රසාද දීමනා ගෙවා ඇතැයි සඳහන් වනවා.

මෙම බෝනස් ලබා දීම වෙනුවෙන් රුපියල් කෝටි එකසිය විස්සක මුදලක් වැය කර ඇතැයි ද ලාබ ලබන බව පෙන්වා ඇත්තේ සංස්ථාවේ ඇති ණය ඇතුළත් නොවු වාර්තාවක් යටතේ බව ද <br />එම වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයක් 4200 ක් සිටින අතර මොවුන්ට මාස දෙකක වැටුපක් මෙලෙස බෝනස් ලෙස ගෙවා ඇති අතර එහි ඉහළ නිලධාරීන් අතර රුපියල් ලක්ෂ 5 ක මාසික වැටුප් ලබන නිලධාරීන් ද සිටින බැවින් යම් යම් නිලධාරීන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් වූ බෝනස් ද ගෙවා ඇතැයි ද වාර්තා වනවා.

එලෙස ලක්ෂ ගණනින් බොහෝ පිරිසක් බෝනස් ලබා ගැනීම නිසා ඉහත මුදල වැයවී ඇතැයි සඳහන්.

මේ අතර ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සේවකයන් 5800 ක් සිටින අතර ඔවුන්ට 13 වෙනි මස වැටුප ලෙස සදහන් කරමින් සේවකයෙකුට රුපියල් ලක්ෂය බැගින් ගෙවා ඇත්තේ මුදල් අමාත්‍යාංශ චක්‍රලේඛයට පටහැනිව යමින්.

ඒ අනුව මෙම ප්‍රසාද දීමනාව ලබාදීම සඳහා රුපියල් කෝටි 58 ක් වැය කර ඇති අතර මෙලෙස 13 වෙනි මස ලෙස දක්වා මෙම වැටුප් ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් පාදක කරගෙන ඇති බවයි ජනපතිවරයාට බාර දුන් වාර්තාවේ දැක්වා ඇත්තේ.

මෙලස රජයේ චක්‍රලේඛ කඩකරමින් ප්‍රසාද දීමනා ගෙවීම ගැන මෙම ආයතන දෙකෙන් නිදහසට කරුණු විමසා ඇති අතර ව්ම කරුණු දැක්වීමෙන් පසු මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැඩි තීන්දුවක් ගැනීමට නියමිත බවයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ජනතාව ආර්ථික පීඩාවට පත්ව ඇත්තේ මෙම ආයතනවල ණය බර නිසාවෙන් වුවත් තව තවත් ජනතාවට බර පටවමින් කළ මෙම ක්‍රියාව ගැන ද ජනපතිවරයා සිය දැඩි කණස්සල්ල පළ කර ඇතැයිද වාර්තා වනවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress