ඒ.බී.සී හර්බල්ස් නිෂ්පාදන ආයතනයේ 6 වැනි සංවත්සර සැමරුම පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ සහභාගීත්වයෙන්
Posted on January 8th, 2023

තිසර සමල් – අනුරාධපුර

දිවයිනේ ප්‍රසිද්ධ දේශීය රූපලාවන්‍යය නිෂ්පාදන ආයතනයක් වන ඒ.බී.සී හර්බල්ස් නිෂ්පාදන ආයතනයේ 6 වැනි සංවත්සර සැමරුම හිටපු අමාත්‍යය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් ඊයේ (07) පැවැත්විණි.

අනුරාධපුර හෙරිටේජ් හෝටල් පරිශ්‍රයේදී මෙම සංවත්සර සැමරුම පැවැත්විණි. ඒ.බී.සී හර්බල්ස් යනු රූපලාවන්‍යය නිෂ්පාදන රැසක් වෙළඳපලට නිකුත් කරන ප්‍රසිද්ධ අනුරාධපුරයේ නිෂ්පාදන ආයතනයකි.එම ආයතනය මීට වසර 06 කට පෙර ආරම්භ කර ඇති අතර,එහි 06 වැනි සංවත්සර සැමරුම උත්කර්ෂවත් ලෙස මෙලෙස සමරනු ලැබීය.

ඒ.බී.සී හර්බල්ස්  පුද්ගලික සමාගමේ අධිපති අනුරාධ මාරපන මහතා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ව්‍යාපාරික මහතෙකු ලෙස වසර 06 ක් තුළ දිවයිනේ සුප්‍රසිද්ධ දේශීය රූපලාවන්‍යය නිෂ්පාදන රැසක් නිෂ්පාදනය සිදු කරන ආයතනයක් බිහි කරමින්, තරුණ තරුණියන්ට රැකියා ලබා දෙමින් කළ සේවය අගයමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා විසින් අනුරාධ මාරපන මහතා වෙත සම්මානයක්ද එහිදී පිරිනැමීටම කටයුතු කෙරිණි.

ඒ.බී.සී හර්බල්ස් සමාගමේ අලෙවි ප්‍රවර්ධන නිළධාරීන් ඇතුළු සේවක මහත්ම මහත්මින් අගයමින් සම්මාන හා සහතික පත්‍ර පිරිනැමීමද එහිදී සිදු කෙරිණි.

තව තවත් නව නිෂ්පාදන සිදු කරමින් ඒ.බී.සී පුද්ගලික සමාගම තව තවත් දියුණුවට පත් කරමින් නව රැකියා අවස්ථා උත්පාදනය කිරීමට සුභ පැතුම් එක් කරන බවද, ඒ සඳහා අවශ්‍යය සියලු සහය ලබා දෙන බවද එහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.

මෙම අවස්ථාවට ඒ.බී.සී හර්බල්ස් පුද්ගලික සමාගේ අධිපති අනුරාධ මාරපන මහතා සහ එම මැතිණිය.ඒ.බී.සී හර්බල්ස් අලෙවි ප්‍රවර්ධන නිළධාරීන් ඇතුළු සේවක මහත් මහත්මින්, අනුරාධපුර ව්‍යාපාරික මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress