13-A plus: police powers in a Tamil homeland
Posted on January 11th, 2023

C. Wijeyawickrema, LL.B., Ph.D

<තැටිය රත්වුන වේලාවේ රොටිය පුච්චා ගන්න ඕන>

          හිත් වේදනාවෙන් අපවත්වූ මාදුළුවාවේ සෝභිත හිමියන් 2014 දී

<මං ආයිත් සැරයක් 2022 දී කොළඹට ආවේ ලංකාවට උදව් කරන්න> – එරික් සොල්හයිම්

<13-A + ආරම්භය පමණයි> මනෝ ගනේෂන්

<අපට ඕනෑ ආපහු ගන්නට බැරි විධියේ බලය බෙදීමක්>ඒබ්‍රහිම් සුමන්තිරන්

වර්ෂ 74 මාස 10 ක් තුලම සිංහල කළුසුද්දන් විසින් අච්චාරුවක් කරගත් දෙමළ නිජබිම් බෙදුම්වාදය, ඔවුන් විසින්ම 2023 පෙබරවාරි 4 දාට පෙර විසඳා ගන්නට යෑම සිහිපත් කරන්නේ සෝභිත හාමුදුරුවන් යහපාලන ප්‍රොජෙක්ට් කාරයින්ට අසුවී මුහුණපෑ අකරතැබ්බයය. කාලයේ සෝභිත හිමියන් සමඟ ලඟින්ම පන්සලේ සිට වැඩකල මගේ මිත්‍රයෙක් වූ තේනුවර කී පරිදි යහපාලන ප්‍රොජෙක්ට් නායකයින් හැමදෙනාම හාමුදුරුවන් වන්දනාවට පිට කෝට්ටේ නාග විහාරයට වැලනොකැඩී ගලා ආවේය. ඔවුන් ලඟට හාමුදුරුවන් ගෙන්වා ගන්නට ඔවුන් කල වෑයම තේනුවරලා වැනි ලඟින්ම සිටි උපදේශකයින්  විසින් වලක්වන ලදී. මිෂෙල් සිසන් පවා අටපිරිකර රැගෙන පන්සල් ගියේය (මෙය සිහිකරන්නේ දැන් ඉන්න කතෝලික නෝනා ජනාධිපති ගෝඨාභය ඉදිරියේ දණ ගසා ඔහුට දේව බැල්ම ඉල්ලා කල දේව යාඥාවය).

දැන් රොටිය නම් 13-A+ . තැටිය වනාහී අසරණවූ සිංහල බෞද්ධ ජනතාවය. රොටිය පුච්චා දෙන ලෙස ඉල්ලන්නේ 13-A+ පාරේ ඊළම් යන දෙමළ නායකයින් අතලොස්සය. එය පුච්චා දෙන්නට වලිකන්නේ සඳහා දැනට ලංකාවේ ඉන්නා හොඳම කෝකියා වන තොප්පිගල කියන්නේ කැලයක් කියූ රනිල් මහතාය. සල්ලි තියෙනවා නම් ඕනෑම ගොනෙකුට  යුද්ධකරන්න පුළුවන් යයි කී කිරිඇල්ලේත්, අලිමංකඩ යනවා කියා පාමංකඩ යනවා, සරත් ෆොන්සේකා සැල්වේෂන් ආමිකාරයෙක් යයි කී රවි කරුණානායකත්, තිස්ස විතාරණ, වාසුදේව වැනි පරණ මාක්ස්වාදීනුත්, පෙරටුගාමී කොටසුත්ය. කොටින්ම කියනවා නම් <මේ යුද්ධය නම් කවදාවත් දිණන්න බෑ> යයි කෑගැසු පිරිසය. යුද්ධ කරන්නේ ලබ්බෙන්ද කියා පාඨලී චම්පික ගෙන ඇසුවායයි කියන මහින්ද හිටපු ජනාධිපතිද දැන් දැන් 13-A+ එකට හිස වණන බවක් පෙනේ. කොටි බාලසිංහම්ට හිස් එක්සලන්සි යයි කී GL ලා වැන්නන් ගැන කුමණ කතාද? මේ කතා දැන් සිංහල තරුණ පරම්පරා දන්නේ නැත. ඉතිහාසය කන්නද කියා ඒකාලයේ JR ලා මෙන් දැන් අභිෂේකා ප්‍රනාන්දු වැනි යූටියුබ්  කෙළීලා පවා අවඥාවෙන් අසයි!

ක්‍රිස්තියානි පල්ලිය හා මාක්ස්වාදීන් මුල සිටම දිගටම පෙඩරල්වාදීන් විය. එය ඔවුන්ගේ ප්‍රතිපත්තිය විය. එහෙත් 13-A විරුද්ධවූ JVP කොටස හා SLFP පිරිස හා SLPP අය මේ වනවිට චංචල වෙමින් සිටින්නේ මන්ද? රටේ භූගෝල විද්‍යාවට අනුව විද්‍යාත්මකව 13-A එකඟ විය නොහැකිය. එසේ නම් මේ අය දැන්  කරණම්ගසන්නට හදන්නේ දෙමළ චන්ද සඳහා රට ජාතිය පාවාදීමටද? බණ්ඩාරනායක හා ඩඩ්ලි යන අගමැතිවරු ගිවිසුම් මඟින් දෙමළ නිජබිමකට අනුබල දුන්නේය. 13-A ආරම්භය එයය.

මිසිස් B ඉතිහාසය හා භූගෝල විද්‍යාව පාසැල්වලින් ඉවත් කිරීමේ බදියුද්දීන් උගුලට අසුවිය. දෙමළ භාෂාව රටේ පලාත් නවයේම රාජ්‍ය භාෂාව කිරීමටත්, සිංහල දකුණේ පලාත් හතේ පමණක් රාජ්‍ය භාෂාව කිරීමටත් අශ්‍රොෆ්ගේ චන්ද ගැනීමේ අරමුණින් R ප්‍රේමදාස ජනාධිපති විසින් 1988 දී ක්‍රියාකර සිංහල ජාතිය පාවාදුන් අන්දම ගැන කල්යානන්ද තිරණාගම මහතා ලියා ඇත (ව්‍යවස්ථාවේ 22 [1&2] වගන්ති) . සටන් විරාම හොර ගිවිසුම (CFA), ISGA, PTOM, නීලන්GLපැකේජ් ඩීල් යනාදී දුෂ්ට ක්‍රියා ගැන දැන් මතක තිබෙන්නේ කාටද?

රටේ ආර්ථික මර්මස්ථාන වලට පහරදීමෙන් ප්‍රභාකරන් බලාපොරොත්තුවූ රට බංකොලොත් කිරීම මේ වන විට සිංහල ජනාධිපතිලා/ අගමැතිලා විසින් ඉෂ්ට කරදී ඇත. දැන් මේ කඩිමුඩියේ හදන්නේ ජනයාගේ ඇස්වලට වැලිගසා පොලිස් හා ඉඩම් බලතලදී බංකොලොත්වූ රට දෙකඩ කැඩීම ඉෂ්ට කිරීමය. රටෙන් පිට සිට හරියට හෙලිකොප්ටරයකින් උඩට නැඟ බිම බලනවා මෙන් මේ සිදුවන  විනාශය දකිණ විට ඇතිවන්නේ බලවත් කම්පණයකි.

Little now, more later

සිංහල පක්ෂ දේශපාලකයින් පිස්සු නටද්දී සුමන්තිරන්ලා හෙමින් හෙමින් රේල්පාරේ ඇදෙන කෝච්චියක් මෙන් ඊළම් පාරේ යමින් සිටී. මෙය චෙල්වනායගම්ගේ තියොරි එකට අනුවය. දැනට ටිකක් ඉදිරියේදී ගොඩක් යනු ඔහුගේ උපක්‍රමය විය.

1815 දී උඩරට රදලයින්ගේ කුලල්කා ගැනීම් නිසා ඔවුන්ටත් රටටත් අත්වූ ඉරණම මෙන් සිංහල දේශපාලකයින්ගේ ජාති ද්‍රෝහී සුනඛ හැසිරීම නිසා ඊළම සඳහා අවශ්‍ය තීරණාත්මකම පියවර වන 13-A+ (පොලිස් හා ඉඩම් බලතල) දීමට 2023 පෙබරවාරි 4 දා  ජනාධිපති හා ඔහුට චන්දය දුන් 134 දෙනා හිතුවක්කාරී තීරණයක් ගත්තොත් එය මීට පෙර, අගමැතිලාවූ බණ්ඩාරනායක, ඩඩ්ලි, ප්‍රේමදාස ((1988) දෙමළ පලාත් නමයේම රාජ්‍ය භාෂාව කර සිංහල දකුණේ පලාත් හතට සීමා කිරීම) රනිල් (2002) හා ජනාධිපති චන්ද්‍රිකා යන අයවළුන් විසින්  වරින් වර හාරන ලද මිනීවලට ඇස් ඇරගෙනම ජනාධිපති රනිල්ගේ පැනීමක් වන්නේය.

13-A සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම යන මාතෘකාවෙන් නෙවිල් ලද්දුවහෙට්ටි විසින් ලියන ලද ලිපියකින් පෙන්වා දෙන්නේ (අයිලඩ්, 26/12/2022) ප්‍රාන්තවල පොලිස් බලතල දේශපාලකයෙකුගේ අතට නොදී නිලධාරියෙකු යටතේ තබා ඇති ඉන්දියාව, 1987 දී ලංකාවේදී එය දේශපාලකයින්ට ලබාදීමට බලකිරීම ජුගුබ්සා ජනක බවය.

…Realizing the need for the Provincial Police to be free to act independently, India for instance, has made sure that the authority over a state

police is held by the State’s Home Department led by a chief or principal secretary, who essentially is an Administrative Officer. How the provisions in 13A relating to Police powers came to be so different from that in India, notwithstanding the fact that the Executive power of the Governor and the powers of the Provincial Council are nearly identical to powers in Indian States, is indeed a mystery.”

ඉන්දියන් සාම හමුදාව ලංකාවෙන් ගියේ ප්‍රේමදාස ජනාධිපතිගේ බලකිරීම නිසා නොව ටැමිල්නාඩ් පොලිසියේ දිල්ලි ද්‍රෝහී ක්‍රියා නිසා බව එලිදරව්වූ තොරතුරු සහිත ලිපියක් මා විසින් ලංකා වෙබ් වෙබ් අඩවියට ලියූ ලිපියකින් පෙන්වා දෙන ලදී. එය මේ ලිපිය සමඟ අමුණා ඇත.

13- A යටතේ පොලිස් බලතල නැතුවත් උතුරු-නැඟෙනහිර සිංහල ජනයා දිනපතාම වාගේ ග්‍රාම සේවා නිලධාරින්ගෙන්, ප්‍රාදේශීය ලේකම්ලාගෙන් හා සමහර මැජිස්ට්‍රේට්ලාගෙන් අත්විඳින හිරිහැර හා අසාධාරණකම්, මඩකලපුවේ ඇති එකම පැරණි රජමහා විහාරයේ අම්පිටියේ සුමනරතන හිමියන් විසින් පෙන්වා දුන්නත් කොළඹ සිංහල පාලකයින් නිහඬය. කුරුන්දි විහාර ප්‍රතිසංස්කරණයට අදාලව දෙමළ මැජිස්ට්‍රේට් දුන් මෝඩ තීරණය පසුව ඔහු විසින්ම ඉවත්කර ගන්නා ලදී. යාපනේ නීතිඥයින් ඉංග්‍රීසි නොදන්නා දෙමළ ජනයා සූරාකන අන්දම නාගානන්ද කොඩිතුවක්කු විසින් එලිදරව් කලේය.

1978-81 කාලයේ ත්‍රිකුණාමළයේ දිසාපතිව සිටි ජයතිස්ස බණ්ඩාරගොඩ විසින් ලියන ලද යන පොත ගැන කමලිකා පීරිස් විසින් ලියන ලද සටහනක් 12/12/2022 ලංකා වෙබ් වෙබ් අඩවියේ පලවිය. ඔහු විසින් අත්විඳින ලද දුෂ්කරතා ගැන සිතන විට පොලිස් බලතල නොව දමිළ පොලිස් කොස්තාපල්ලා වත් උතුරේ රැඳවිය යුතුද  කියා සිතේ. පොලිස් බලතල ඊළම් දේශපාලකයින්ට දීම ලංකා මාතාවගේ ගෙල සිඳ ලීමක් හෙවත් රට කැබලිකර, එකිනෙකා මරා ගන්නා රටවල්  දෙකක් හෝ තුනක් සහිත පලස්තීනයක් බිහිවනු ඇත. අවුරුදු 74 +කාලයක් මහජනයාට දුන් දුක 75 හේ සිට දහ දුකක් වනවා දකින්නට  මේ ජාති භ්‍රෂ්ටයින් සිටින්නේ නැත.දෙකක් , පලස්තීනයක්

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress