අතිරේක මහෙස්ත්‍රාත්වරියගේ ක්‍රියා කලාපය ගැන පැමිණිල්ලක්
Posted on January 17th, 2023

උපුටා ගැන්ම  හිරු පුවත්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ලබන 31 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළා.

එදින සැකකරුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත් කරන බවයි විනිසුරුවරයා සඳහන් කළේ.

එම ඇප ඉල්ලීමට අදාළ ලිඛිත දේශන තිබේනම් ඒවා ලබන 24 වැනිදාට පෙර ගොනුකරන ලෙසත් අදාළ නියෝගයේ සඳහන්.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවටගත් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේගේ සම්බන්ධ පැමිණිල්ල අද පළමුව කැඳවනු ලැබුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය ඉදිරියේයි.

එහිදී පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යේෂ්ඨ රජයේ නීතිඥ ෂමින්ද වික්‍රම මහතා සමග පෙනී සිටි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ විශේෂ ඉල්ලීමක් ඉදිරිපත් කළා.

ස්වාමීනි.. මෙම සැකකරුවන් මුලින්ම නොවැම්බර් මස 17 වැනිදා සහ 22 වැනිදා ඔබතුමියගේ නිල මැදිරියට ඉදිරිපත් කළා. එහිදී ඔබතුමිය කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් ත්‍රස්ත මර්දන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යේෂ්ට පොලිස් අධිකාරී ප්‍රසන්න ද අල්විස්, ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර, සහකාර පොලිස්අධිකාරී වසන්ත රත්නායක ඇතුළු 4 දෙනෙකු පොලිස්පතිවරයා වෙත දිවුරුම් ප්‍රකාශ ඉදිරිපත් කර තිබෙනවා.

එම දිවුරුම් ප්‍රකාශ පොලිස්පතිවරයා විසින් නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබෙනවා. පොලිස්පතිවරයා ඉල්ලීමක් කර තිබෙනවා එම දිවුරුම් ප්‍රකාශ ඔබතුමිය සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා අධිකරණ සේවා කොමිසම වෙත යොමු කරන ලෙස. එම නිසා මෙම පැමිණිල්ල ඔබතුමිය විසින් විභාග කිරීම නුසුදුසු බවයි මගේ හැඟීම. එම අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පැමිණිල්ලේ ඉල්ලීමට දැඩි විරෝධය පළ කළා. ස්වාමීනි.. මෙම ඉල්ලීම අනුමත කරන්න බැහැ. නීතිපතිවරයාට නඩුවක් මාරු කිරීමට අවශ්‍ය නම් අපරාධනඩු විධාන සංග්‍රහයේ 47 සහ 48 වගන්ති යටතේ අභියාචනාධිකරණය හමුවේ ඉල්ලීමක් කර එය කළ හැකියි. එසේ නොකොට මේ ආකාරයෙන් නඩුවක් මාරු කිරීමට උත්සාහ කිරීම යහපත් පරිචයක් නෙවෙයි. මේක අධිකරණය බියගැන්වීමට දරන උත්සාහයක්. ඒ වගේම අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල කළ බලපෑමක්.”

එම අවස්ථාවේදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය දන්වා සිටියේ අදාල දිවුරුම්ප්‍රකාශ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

එම දිවුරුම් ප්‍රකාශ අධිකරණයට  ඉදිරිපත් කරමින් කරුණු දැක්වූ  ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා පැවසුවේ,

මෙම සැකකරුවන් නොවැම්බර් මස 17 වැනිදා ඔබතුමියගේ නිල මැදිරියට ඉදිරිපත් කළා. එහිදී ඔබතුමිය ප්‍රකාශයක් කරමින් “අපි දන්නවා ඔයාලා මේ අරගලය කළේ අපි හැමෝම වෙනුවෙන්. නමුත් ඔයාලා මේ අද අදිකරණයට ඉදිරිපත් කර තිබෙන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ. ඒ පනතෙන් අපේ අත් බැඳලා තියෙන්නේ. ඒ නිසා ඔයාලට ඇප දෙන්න මේ අධිකරණයට බලයක් නැහැ. ඔයාලා තවදුරටත් රැඳවුම් නියෝග මත හිටියා නම් ඔයාලාට ඇප ඉල්ලීමක් කරන්නවත් හැකියාවක් ලැබෙන්නේ නැහැ. නමුත් ඔයාලා දැන්අ ධිකරණයට ඉදිරිපත් කරලා තිබෙන නිසා දැන් ඔයාලට නිසි අධිකරණයකින් ඇප ලබාගැනීමේ හැකියාවක්ති බෙනවා. මෙම අධිකරණයට ඇප ලබාදීමේ බලයක් නැති නිසා නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරනවා. ස්වාමීන් වහන්සේගේ අසනීප තත්ත්වය දැන් හොඳයිද? එදා මම TID එකට ගිය වෙලාවේ ඉංග්‍රීසි බෙහෙත් බොන්න වැඩි කැමැත්තක් නැහැයි කිව්වානේ. ඔබ වහන්සේට සිංහල බෙහෙත් මොනවා හරි ඕනේ නම් කියන්න. අරගල කරන්නත් ඇඟට ශක්තිය තියෙන්න ඕනෙනේ. සස්ටජන්එ හෙම බොනවා නම් කියන්න මම අරගෙන දෙන්නම්.. සැකකාර සිරිධම්ම හිමියන්ට පස් පංගුවක් සහ සස්ටජන් ලබාදීම සඳහා ඔබතුමිය අධිකරණ නිලධාරීයෙකු වෙත රුපියල් 10,000ක මුදලක් ලබා දී තිබෙනවා.” මෙහිදී මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේ කියා සිටියේ තමා මෙම ක්‍රියාව සිදු කළේ දෙවන සැකකාර සිරිධම්ම හිමි භික්ෂූන් වහන්සේ නමක් ලෙස සලකා මානුෂික චේතනාවකින් යුතුව බවත් තමා එම ප්‍රකාශය කළේ ත්‍රස්ත මර්දන කොට්ටාශයේ නිලධාරීන්ගේ ඉදිරිපිට බවයි. මා සඳහන් නොකළ ඇතැම් දේවලුත් එම කරුණු අතර තිබෙනවා. එසේ තිබියදී ප්‍රශ්නයක් ඇති කිරීමට උත්සාහ කිරීම අනුමත කරන්න බැහැ” ඒ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ  විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා දිවුරුම් ප්‍රකාශ කීපයක් සන්තකයේ තබාගෙන අධිකරණය බියගැන්වීමට දරන උත්සාහය අනුමත කළ නොහැකි බව විවෘත අධිකරණයේ පැවැසුවා. සාලිය පීරිස් මහතා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාගෙන් ප්‍රශ්න කළේ මෙම දිවුරුම් ප්‍රකාශ සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිසමට පැමිණිලි ඉදිරිපත් කර තිබේ ද යන්නයි. නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා පැවසුවේ තමා විත්තියේ නීතිඥවරු මතු කරන ප්‍රශ්නවලට පිළිතුරු දීමට බැඳී නොසිටින බවයි. ඉන් පසුව එම ප්‍රශ්නයම මහේස්ත්‍රාත්වරිය විසින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා වෙත යොමු කළා. ඊට පිළිතුරු දෙමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා  සඳහන් කළේ එම දිවුරුම් ප්‍රකාශ සම්බන්ධයෙන්අ ද දින හෝ හෙට පැමිණිලි ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවයි. එහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් සහ ජ්‍යේෂ්ඨ රජයේ නීතිඥ ෂමින්ද වික්‍රම යන මහත්වරුන් සහ විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් හා ගුණරත්න වන්නිනායක යන මහත්තුරු අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවුණා. ඉදිරිපත්වූ සියලු කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය තීන්දු කළේ අදාළ පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට යොමු කිරීමටයි. ඒ අනුව අදාළ පැමිණිල්ල කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා හමුවේ කැඳවනු ලැබුවා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් වූ ඇප පිළිබඳ නියෝගය ලබන 31 වැනිදා ප්‍රකාශයට පත් කරන බවයි.

එම ඉල්ලීමට අදාළ ලිඛිත දේශන තිබේනම් ඒවා ලබන 24 වැනිදා ගොනු කරන ලෙසත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. ඒ අනුව වසන්ත මුදලිගේ ලබන 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress