1948 ලැබුණායයි කියන නිදහසේ හැටි මෙන්න.
Posted on February 4th, 2023

ආචාර්‍ය සුදත් ගුණසේකර.මහනුවර

Fist Posted on January 27th, 2023

1948.පෙබ 4 දා.අපට ලැබුණේ අධිරාජ්‍යවාදි යදම්වළින් බැඳි තවමත් බ්‍රිතාන්‍ය මහරජ අපගේද මහරජ වශයෙන් පිළිගන්නා ඔවුන් විසින්ම සකස්කරණලද ආණ්ඩු ක්‍රමව්‍යවස්තාවක් යටතේ පාලනයවන බ්‍රතාන්‍ය පොදුරාජ්‍ය මණ්ඩලය තුල ඩොමිනියන් තත්වයක් හා මේ රටේ මිනිසුන්ගේ චන්දයෙන් පත්කරගත් කලුසුද්දන්ගෙන් සැදුම්ලත් පාර්ලිමේන්ත්ව සහ උත්තර මන්ත්‍රී මණ්ඩලයක් සහිත සීමිත නිදහසක් පමණි. ඒ බව   1948 පෙබරවාරි 10 වනදා පැවති පළමු නිදහසේ නිළ උත්සවයේ ප්‍රධාන අමුත්තා වූ ග්ලොසෙටර්හි ආදිපාදවරයා විසින්ම  එදින  ඔහුගේ කතාව ‘ message From His Majesties king of Ceylon”  යනුවෙන් ප්‍රකාශකිරීමෙන්ම තවදුරටත් සනාත වෙයි.

එසේම සෝල්බරී ව්‍යවස්ථාවේ 45 වන වගන්තිය අනුව1948න් පසුවද මේ රටේ විධායක බලය රැඳී තිබුණේ බ්‍රතාන්න්‍ය මහරජ අතය. ඔහු වෙනුවට එම බලය මෙහි ක්‍රියාත්මක කළේ ඔහු විසින්ම පත්කරණු ලැබූ අග්‍රආණ්ඩුකාරයෙකු විසිනි.

1948 ඉන්ග්‍රීසීන් විසින් ලන්කාවට ඊනියා නිදහස දීමේ පසු බිම

1948 පෙබරවාරි 4දාසිදුවුයේ1947දී ඉන්දියාව බ්‍රතාන්ය ග්‍රහනයෙන් ඉවත්වීමත් සමග කඩාවැටුණු ඉන්ග්‍රීසි බල අධිකාරීය ආරක්ෂාකර ගැනීමට ලන්කාව හෝ හොඳින් තබාගැනීම වාසිදායක බව සිතු බැවින් ඔවුන්ගේ ඔනෑ එපාකම් ඉටුකර ගතහැකි සුවච කීකරු ගෝලබාල පිරිසක් අතට මෙහි පාලන බලය දී තෝන් ලණුව තමන් අතේ ම තබාගෙන යාම සදහා අග්නිදිග ආසියාවේ සුදුසුම රට ලන්කාව බව බව ඔවුන් කල්පනාකල බැවිනි. ඒ ඉන්දියාව නැති උනත් අග්නිදිග ආසියාවේ තම අධිරාජ්‍යයේ අනාගත වැදගත් කටයුතු කරගැනීම සදහා ශ්‍රී ලන්කාව උපාය මාර්ගික වශයෙන් තබාගතයුතු බව ඔවුන් උපකල්පනය කළ බැවිනි.

ගෝලීය පිහිටීම අනුව වානිජමය සහ යුධමය වශයෙන් ඉන්දීය සාගරයේ හරි මැද පිහිටීම, මානසික වශයෙන් බුද්ධිශෝධනය කළ තමන්ට අවනත පාලක පැලැන්තියක් එහි සිටිම, ඔවුන් රටින් පිටවී ගියද ඔවුන්ගේ අවශ්‍යතා අනුව ක්‍රියාකරන පිරිසක් ඒ වනවිටත් ඔවුන් විසින් මෙහි නිර්මාණය කොට තිබීම නිසා. හමින් කලු වුවද සුද්දන්ටත් වඩා හොදින් තමන්ගේ කටයුතු ඔවුන් සිදු කරන බව දිවැසින් මෙන් දැක ඇත. අදටත් මේ රටේ ක්‍රියත්මකවෙන දේශපාලනය දෙස බලන ඕනෑම කෙනෙකුට ඒ බව මැනවින් පැහැදිළි වේ. 

සෝල්බරී ව්‍යවස්ථාව ජෙනින්ග්ස් සකස්කළේ ඊනියා නිදහසින් පසුව වුවද බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ අරමුණු ඉටුකර ගැනීමේ උපාය මාර්ගයක් වශයෙනි.ඒ බව මෙම ව්‍යවස්ථාවේ එක් එක් වගන්තියක් පාසා ගැබ්ව ඇත.

සෝල්බරී ව්‍යවස්ථාව ජෙනින්ස් විසින් නිර්මාණය කළේ ඉහත සඳහන් වැඩපිලිවෙල ක්‍රියාත්මක කරගැනීමේ තෝන්ලණුව වශයෙන් මිස අපගේ රට දියුණු කිර්‍රිමට සකස්කළ නිති ලේඛ්යණක් වශයෙන් නොවේ. අපේ මෝඩ දේශපාලකයින් සෝල්බරි විවස්ථාව ධාතු කරඬුවක් මෙන් පිළි ගත් බව පෙනේ.  එහි අන්තර්ගතය දෙස විමසිල්ලෙන් බලන ඔනෑම කෙනෙකුට, කපටි සුද්දන්ගේ එම යටි අරමුණ පැහැදිළිවම දැකගත හැක. ඔවුන්ගේම වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තු ක්‍රමය, නිලතල ධූරාවළිය, අභියාචන කෙලවර ප්‍රිවිකෞන්සලේ (සාමිමණ්ඩලයේ) තබාගත් අධිකරණ යාන්ත්‍රණය, රාජ්ය පාලනක්‍රමය, භාෂාව, ආණ්ඩුකාරයා පත්කිරීමේ බලය, නීති අණපනත් සම්මත කිරීමේ විධි විධාන, අපගේ ආරක්ෂාවට වඩා අදිරාජ්‍යයේ අරක්ෂාව රැකෙන ක්‍රම සහ විධිවලින් එය පිරී ඇත.

  ඒ අතරම ඔවුන්ගේ බෙදා පාලනය කිරීමේ උපායක් වශයෙන් 1948 වන විට මේ රට තුල ජාතීන් කීපයක් සිටින බව ව්‍යවස්ථාවෙන්ම ප්‍රකාශකොට 29 වන වගන්තියෙන් ලන්කා ඉතිහාසයේ පළමු වතාවට කිසිම දවසක මෙහි නොසිටි සුලුජාතීන් නම් අමුතුම ජාතියක් ඇතිකොට ඇත. ඒ අනුව 1832 මේ රට බෙදා පාලනය කිරීම සදහා ඔවුන් රට බෙදු පලාත් පදනම් කරගෙන සින්හල දෙමල හා මුස්ලිම් ආදී වශයෙන් ජනකොටස් බෙදා රට අවුල්කිරීම සහ සින්හලයින්ද සතුරු කන්ඩායම්වලට බෙදීමට පක්ෂ දේශපාලන ක්‍රමයද හන්දුන්වා දෙමින් සෝල්බරී විවස්ථාව නම්වූ මලතොණ්ඩුව අපේ ගෙලේ එල්ලා එය මාරුවෙන් මාරුවට තමන් විසින්ම වසර 133 ක් තිස්සේ හදා වඩා මනස් ශෝධනය කල කලුසුද්දන් පිරිසක් ලවා දක්කා මේ රට විනාශකිරිමට අවශය සියළු විධිවිධාන යොදා ජාතියක පන්සකූලය දීමට පමණක් ඉතිරිකොටය, ඔවුන් ගියේ.

මීට අමතරවව මේ රට සදාකාලිකව අස්ථාවර කිරීම සදහා ඔවුන්ගේ ව්‍යාපාර සහ වතු අධිරාජ්‍යයේ වහල් මෙහෙයට දකුනු ඉන්දියාවෙන් මෙහි ගෙන ආ ලක්ෂ 12 කට වැඩි බ්‍රතාන්‍යය පුරවැසියන් ද මෙහි අතරමන්කොට යාමෙන් මේ රටේ අනාගත දේශපාලන, ආර්ථික, සාමාජික හා සන්ස්කෘතික වශයෙන් මහා ගිනිකන්දක් නිර්මාණයකොට යාමටද සුද්දා අමතක කළේ නැත. 1948 පසුවී 75 වසරක් ගතව ඇතත් රටක් වශයෙන් ජාතියක් වශයෙන් අප තවමත් හිර වී සිටින්නේ ඒ අධිරා ජ්‍යවාදී මාරාන්තික මළපුඩුවේම නොවේද.

එපමණක් නොව 1948 සුද්දන් මේ රට්න් පිටවී ගියත් ජාත්‍යන්තර මට්ටමින් රිජුව කෙරෙන විවිධ බලපෑම් වලට අමතරව ඊනියා ජාත්‍යන්තර සන්විධාන හරහාද ඔවුන් විසින් කරණුලබන තර්ජන ගර්ජන දෙස බැලීමෙන්ද අප තවමත් ඔවුන්ගේ යටත් විජිතයක්ය යන මානසිකත්වයෙන් ඔවුන් කටයුතු කරන බව ඉතා පහැදිලිය. මේ රටේ නිදහස් දිනය පැවැත්වෙන දවස පවා ඔවුන් අපට නියමකොටදී ගොස් ඇත. පෙබරවාරි 4 දින 1948 ව්‍යවස්ථාව ලියූ ජෙනින්ස්ගේ බිරිඳගේ උපන්දිනය යයිද කියවේ.

මේ රටට තවමත් කිසිදු නිදහසක් ලැබී නැතිබව මා ප්‍රකාශ කරණුයේ මේ නිසාය.මෙසේ පිට රැටියෙකුගේ බිරිඳකගේ උපන්දින සැමරීමට වසර 2500 කටත් වැඩි අභිමානවත් ඉතිහාශයක් ඇති කිතුවසින් පෙර 543 සිට රජුන් රැජිනියන් 193 දෙනෙකු විසින් පාලනය කරනලද ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් හා සම්ප්‍රදායක් ඇති මෙ රටේ ලෝකයේමකයේම ප්‍රථම කාන්තා අගමැතිවරීය  වෂයෙන් නිදහසින් වසර 24කට පසු අගමැතිවරු 6 දෙනෙකුටබැරිවූ නිදහස් ජනරජය බවට ප්‍රකාශකල 1972 මැයි 22 නිදහස් දිනය වෂයෙන් මේ රටේ කුහක දේශපාලක්යින් නොසලකන්නේ ඇයි?

අප ලබා ඇති නිදහසේ නියම තත්වය එසේ වුවද වසරක් පාසා  පෙබරවාරි 4 දා නිදහස සැමරීමට යයි කියා ජාතික ධනය කෝටිගනනින් මෙන්ම  රටේ  සන්වර්ධනයට ඵලදායක අන්දමින් යෙදියයුතු වටිනා මිනිස් සම්පත් ද නාස්ති කරමින් 75 වන වරටත් අපේ රටේ දේශපාලකයින් මේ පවත්වන්ට කඩි මුඩියේ සූදානම් වන්නේ කාට ලැබුණු නිදහසක් අරභයාදැයි මම අසමි.

මගේ අදහසේ හැටිය 48 නිදහස ලැබුනායයි කියන්ට අපට ඉතිරිව ඇත්තේ නමෝ නමෝ මාතා සින්දුව පමණි. එයද 2015 සිට දෙමලෙන්ද ගයයි.

1815 දී ජාතියට අහිමිවූ අපේ ජාතික කොඩියද 1948 දී නැවත් නොඉසවූ නිසා අපට ජාතියක් වශයෙන් කොඩියක්ද නැත. ඒ වෙනුවට දැනට ඇත්තේ 1953 දී පටිදෙකක් ගසා දේශපාලකයින් හදාගත් අපබ්බ්‍රන්ශ නිර්මාණයකි. මේ අතර යාන්තමින් වසර 24 කට පසු හෝ 1972 දී සිරිමා බන්ඩාරනායක මැතිනිය මේ රට ජනරජයක් බවට පත්කොට, බ්‍රතාන්‍ය ප්‍රිවිකවුසලයේ අභියාචනා ග්‍රහණයෙන් අධිකරණයද නිදහස්කොට එක්තරා අන්දමක ස්වාධීන බවක් ඇතිකලාය. එතුමිය එදා එසේ නොකළානම් අදටත් අපේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනා සියල්ල පසිඳලණු ලබන්නේ එන්ගලන්තයේ ප්‍රිවි කවුන්සලයේමය.

ඊනියා නිදහස ලබුණායයි කියන 1948 න් පසු

පළමු වරට1972 මැයි මස 22 දා පහත සඳහන් දෑ සිදුවිය,

1ශ්‍රි ලන්කාව  ස්වාධීන ජනරජයක් වශයෙන් ප්‍රකාශ කිරීම

2එතෙක් විධායකයේ ප්‍රධානියා වූ බ්‍රිතාන්‍ය රජ/රැජින   වෙනුවට අපේම  අග්‍රාණ්ඩුකාරයා  මේ රටේ මහජන චන්දයෙන් පත්වූ  රජයේ අගමැතිවරයා විසින් පත් කිරීම

3 ශ්‍රී ලන්කාපාර්ලිමේන්තුවේ සම්මත වන අනපනත් බ්‍රිතාන්‍ය රැජිනගේ නමින් සම්මත කිරීම අහෝසිකොට ශ්‍රී ලන්කා පාර්ලිමේන්තුව විසින් සම්මත කිරීම

4 රජයේ ප්‍රධානියා වන අග්‍රාමාත්‍යවරයා මේ රටේ අග්‍රා ණ්ඩුකාරයා විසින් පත්රණු ලැබීම

5 1948 සිට බ්‍රිතාන්‍ය රජයට තිබුණු ආරක්ෂක බැඳීම් අහෝකිරීම.

6 1948 න් පසු පළමු වරට මේ රටේ වසර 2500 ක් පුරා පැවති සම්ප්‍රදාය අනුව බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දීම සහ බුද්ධ සාශසනය සුරක්ෂිත කිරීම සහ පෝෂනය කිරීම රජයේ වගකීම වශයෙන්ම  ව්‍යවස්ථාගතකොට නීතිගත කිරීම

7 ජනතාව විසින් පත්කොට ගත් නියෝජිතයින් විසින් විෂේශ ව්‍යවස්ථා ශභාවකින් නව ජනරජ ව්‍යවස්ථාවක් සම්මතකොට ගැනීම.

ඒ අනුව ඇත්තවසයෙන්ම මේ රටට දේශපාලන නිදහස ලබාගත්තේත්  පූර්ණ  නිදහස ළැබුණේත් 1948 පෙබ් 4 නොව, 1972 මැයි මස 22 දායයි මම අවධාරණයෙන් ප්‍රකාශ කරමි.

එමනිසා මේ ර රටේ නිදහසේ මාතාව වසයෙන් උපහාර කළයුත්තේ බන්ඩාරනායක මැතිනියටයයි යයි මම සිතමි.

එහෙත් තවමත් බටහිර ගැති අපේ දේශපාලකයින්ගේ කුහක කමේ මහත කොපමණදැයි කිවහොත් අද දක්වාම රටේ සුදුසු තැනක ඇයගේ පිළිරුවක්වත් පිහිටුවා නැත. මා හිතන අන්දමට 1948 ලබා නොගත්, එසේම 48 දී නොලැඹුණු නිදහසක් සිහිකිරීම සදහා ගොඩනැගූ ඊනියා නිදහස් මන්දිරය දැන්වත්   ජනරජයක් බවට පත්වූ දිනය සිහිකිරීම සදහා ජනරජ මන්දිරය වශයෙන් නම්කල යුතුය. ඒ අනුව එම චතුරස්ශ්‍රය ජනරජ චතුරස්ශ්‍රය වශයෙන් නම්කල යුතුයයිද මම යෝජනා කරමි. මේ  රටේ නියම නිදහසේ මාතාවවූ  බන්ඩාරනායක මැතිනියගේ පිලිරුව සෑදිය යුත්තේද එහිමය. ඊට අමතරව  කටුනායක බන්ඩාරනයක ගුවන් තොටුපලේ ප්‍රධාන ඇතුල්වීම අබියසද මහනුවර නගරයේ මහමලුව වැනි ප්‍රසිද්ධ තැනකද රත්නපුර බලන්ගොඩ නගරයේ හෝ බලන්ගොඩ වලව්වට අතුල්වන තැන හෝ  පිහිටුවිය යුතුයයිද  මම යෝජනා කරමි. ඒ ශ්‍රේෂ්ඨ නායිකාව අප අතහරින් නික්මගොස් දැනට වසර 23කටම ආසන්නය.මේ රට කොල්ලක්කාපු එසේම දසදහස් ගණනින් මිනිසුන් මරාදාපු අධිරාජ්‍යවාදී සොල්දාදුවන්හ්ගේ මෙන්ම තුට්ටුදෙකේ දේශපාලඥ්යින්ගේද පිලිරූවලින් අඩුවක් නැති මේ රටේ මෙවැනි ශ්‍රේෂ්ඨ නායිකාවගේ පිළිරුවක් හෝ ඉදිකිරිමට අපොහොසත් වූ ශ්‍රී. ලන්කාකාරයින්ට දෑස් ඇරීම සඳහා හෝ ඇය වෙනුවෙන් ඊලඟ ජනරජ දිනයට් හෝ සුදුසු තැනක එක පිළිරුවක් හෝ ඉදිකර ඇයට ගරුකලයුතුයයි මම සිතමි.

නිදහසට පසුවදනක්

පුන්චි කාලයේ අපට කියා දී තිබුණේ ලන්කාවට නිදහස ලැබුණේ 1948 පෙබරවාරි 4 දා කියල. ඔහොම සුරන්ගනා කථා කියා අප රවටන්ට පුලුවන්කම ඒ කාලේ තිබුණා. නමුත් හය හතර තේරෙනකොට අපට තේරුනා 48 මේරටට හා ජනතාවට සැබෑ නිදහසක් නොලැබුණු බව. පාසැලේදීත් එහෙම එකක් 48 ලැබුනා කියා උගැන්ණුවා. ප්‍රජාචාර පොත්පත්වලත් තිබුණේත් එහෙමයි. වසරක් පාසා පත්තරවලත් මහත් උජාරුවට අතිරේක දැම්මා. වසරක් පාසා ඒ සදහා මහජන මුදල් කෝටිගණන් වැයකොට කලින්කළ බලයට ආපු දේශපාලකයින්ගේ පුහු උජාරුව පෙන්වීමට  ගෝල්පේස් එක පැත්තේ ත්‍රිවිධ හමුදා ආචාර, රථ පෙලපාලි. ගුවන් සන්දර්ශන, පාසැල් ලමුන් සියදහස් ගානක් කට්ට අව්වේ වේ ල වේලා පෙලපාලියේ ගෙන යමින් වසරක් පාසා අපේ රටේ දේශපාලකයින් කරන මේ නාඩගම ජාතික ධන විනාශයක් මෙන්ම හුදු සේතාම්බර පඨසලු සන්දර්ශනයක් බව තේරුනේ ලොකු මහත්වී රට තොට ගැන අවභෝධයක් ඇති උනාට පස්සෙ.

මම මේ ගැන පළමුවරට ලියන්ට පත්ටන්ගත්තේ 1997 දිවයිනේ නිදහස් දින අතිරේකයෙන්

එවකට දිවයින පුවත් පතේ ප්‍රධාන කතුවරයා වු මගේ මිත්‍ර උපාලී තෙන්නකෝන් මට ඇරයුමක් කලා ඒ වසරේ නිදහස් දින පුවත්පත් අතිරේකයට ලිපියක් ලියන්ට කියල. ඒ අනුව යැවූ ලිපියෙන් කරුණු දෙකක් මට කියන්ට ඔනෑකලා. පලමුකරුණ 1948 මේ රටට කිසිම නිදහසක් ලැබුනේ හෝ ලබාගත්තේ නැති බව.

මා පලමු වතාවට 1948 දී මේ රටට හෝ මහජන්තාවට කිසිදු නිදහසක් නොලැබුණු බව ප්‍රකාශකලේ එම ලිපියෙනි.  එදා සිට මේ දක්වා මට ලැබුණු හැම අවස්ථාවකදීම තවත් කරුණු ද එක් කොට මා මේ ගැන ලියා ඇත. විවිධ අවස්ථාවල රැස්වීම්වලදී කථාකොට ඇත. එහෙත් කිසිම රජයකට මා කියන පනිවිඩය තේරුම් ගැනීමට අද දක්වාම පුලුවන්වී නැත. අපේ රටේ ජාතිකත්වය හඳුනන, ඇත්ත තේරුම් ගන්ට හැකි එසේම ජනමතයට කන්දෙන දේශපාලකයින් නැතිබව එයින්ම පැහැදිළිවේ. 1948 වන විට ආසියාවේම ජපානයට පමණක් දෙවැනි වූ දියුනුම ආර්ථිකය තිබුණු මේ රට වර්තමානයේ ආර්ථික වශයෙන් ඇෆ්ගනිස්ථානයට පමණක් දෙවැනි වන තත්වයට වැටීම ගැන මේ අනුව අපි කිසිසේත්ම පුදුම විය යුතු නැත.

මෙවැනි අතිශයින්ම සෝචනීය තත්වයක් තිබියදී ලබන වසරේත් 75 වන වරටත් මේ ප්‍රෝඩාව සහ රජ විහිලු සන්ධර්ශනය පැවැත්වීමට යලිත් සුදානම් වීමෙන්ම දසක දෙකකුත් වසර තුනක්ම තිස්සේ මා කියන, ලියන මේ කථාව නායක දේශපාලන බීරි අලින්ගේ කන්වලට ඇසුණු බවක් නම් මට නොපෙනේ.

ලබන වසරේත් ඉනියා නිදහස් උත්සවය පැවැත්වීම්මට දැන් ලහි ලහියේ රජය කටයුතුකරන බව ඇසේ. මේ ලිපිය පලවන විට සමහරවිටත් ඒ සේතාම්බර පටසලු සන්ධර්ශනයට විශාල මුදලක් වැයකොට තිබිය හැක. එහෙත් මාගේ මේ තනි සටන කවදාහෝ දිනන බව මට ඉස්තිර වශයෙන්ම විස්වාශය. මන්ද මේ රට නිදහස් ජනරජයක් වූයේ 1972 මැයි මස 22 දා යන සත්‍ය කිසිවෙකුට කිසිදිනක ඉතිහාසයෙන් මැකිය නොහැකි බැවිනි.එබැවින් එය දිනන තුරු හෝ මා මැරෙනතුරු හෝ රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන් සහ සාශනය වෙනුවෙන් මම මගේ මේ සටන දිගටම හුදකලාවම හෝ ඒකචාරි සින්කයකු මෙන් ගෙනයමි

මෙම ලිපිය අවසන් කිරීම සන්දහා අවසාන වශයෙන් මේ ඇස්නැති, කන් නැති, මොලයක් නැති එසේම රටට හා ජාතියට අබමල් රේණුවක ආදරයක් නැති දේශපාලකයින් සියලුදෙනාගෙන්ම පහත සදහන් ප්‍රශ්න කීපය මම අසමි.

1.විදේශ ආධිපත්‍යකින් කිසියම් රටකට නිදහස ලැබෙනවා කියන්නේ මොකක්ද.

1948 දී ලන්කාවට දුන්නායයි කියන කථාවෙන් පමණක් නිදහස්, නිවහල් නමුත් ක්‍රියාවෙන් අධිරාජ්‍ය වාදයේ යදම්වලින් දස අතට විළන්ගු දැමූ සෝල්බරී ව්‍යවස්ථාවෙන් අපට ලබා දුන්නායයි කියන  නිදහස කුමක් ද?

2.1948 දී ලැබුණායයි කියන නිදහස එසේම එදා සිට මෙදා දක්වා ජාතියේ අපමණ ධනස්කන්දයක් වැයකොට මහත් උජාරුවෙන් සමරණ ජාතික නිදහස තියෙන්නෙ කොහෙද, එය ලැබී ඇත්තේ කාටද.මාරුවෙන් මාරුවට දේශපාලනය කරන අයට පමණක් නොවේද

3.වසර 2500 කට වැඩි කාලයක් අපට උරුමව තිබී 1815 දී අපට අහිමිවූ 1815 දි සුද්දාට භාරදෙනකොට සින්හලේ රාජධානිය සතුව තිබුණු, මාර්තු 2 උඩරට ගිවිසුමෙන් සුද්දාට භාර දුන් මාලදිවයින් ඇතුලු සිහලේ රාජධානිය 1948 දී අපට ආපසු ලැබුණාද.

4.1815 පැවති රටේ නම වූ සින්හලේ කියන නමවත් (සුද්දා සින්හලයින්ගේ රට යන අරුතෙන් එය සිලොන් කී) ආපසු 1948 දී ලබාගත්තාද.

5.1815 මේ රටේ රාජ්‍ය භාෂාව වූ සින්හල භාෂාව අද වනතුරුත් මේ රටේ රාජ්‍ය භාෂාව, පාලන හා අධිකරන භාෂාව වෂයෙන් ස්ථාපිත වුනාද.

6.කිතු වසට පෙර 307 සිට මේ රටේ රාජ්‍ය ආගම වූ බුද්ධාගමට  නිසිතැන ලබුණාද

7.1815 සුද්දට භාරදුන් ලක් පොලවේ නිරවුල් හිස් භුක්තිය 48 දී ලබාගත්තද, අදවනතුරුත් නැති බව ඔබ දන්නවාද

8.1815 වනතුරු රටේ ජාතිය වශයෙන් හැදින්වූ සින්හල ජාතිය යන නමවත් 1948 දී ලබාගත්තද.

9.ඉතිහාසයේ වරින් වර පැමිණි සහ සුද්දන් ඔවුන්ගේ වතුවල සහ ව්‍යාපාරවල වැඩට ඉන්දියාවෙන් ගෙනා සුද්දන්ගේ වහල්ලු මේ රටෙන් සුද්ද්දන් යනවිට ආපසු ගෙනියන්ට කියා බලකොට සින්හලයාගේ ජන්ම භූමිය නිදහස් කරගත්තද.

10.සුද්දාගේ පාලනය සදාලිකවම තවදුරටත් මේ රටේ පවත්වාගෙන යාම සදහා අයිවෝ ජෙනින් විසින්, මේ රට බෙදා පාලනය කිරිම, දෙම ළ සහ මුසල්මානු සුළුජන කොටස් 29 වන වගන්තියෙන් බලවත්කොට සින්හල ජාතිය සහ සම්බුද්ධ සාශනය මේ රටින් තුරන් කිරීමේ මරඋගුල වයෙන් සකස්කල සෝල්බරී ව්‍යවස්ථාව අනුවම එන්ගලන්තයේ සුද්දන්ගේ නියෝජිතයින් වන කලු සුද්දන් විසින්ම තවදුරටත්  මේ රට පාලනය කරන බව ඔබ දන්නවාද.

11 ඒ මරඋගුලෙන් ගැලවී මේ රටේ පාලනයට පදනම වියයුතු රටට ගැලපෙන රටේ 2500 ශිෂ්ඨාචාරයේ පදනම මත ආණ්ඩුකරම විවස්ථාවක් හදාගත්තද. (ඉන්දියව තම විවස්ථාව හදන්ට පටන්ගත්තේ 1935. ඒක භාර කලේ ශ්‍රේෂ්ඨ භාරත පුත්‍රයෙක්වූ ඇම්බෙඩ්කාර්ට බව ඔබලා    දන්නවාද)

12.අපගේ දේශයට හා සන්ස්කෘතියට ආවේනික වු ශිෂ්ඨාරය මත පදනම්වූ නීති ක්‍රමයක හා පාලන ක්‍රමයක අවශ්‍යතාව ගැන ඔබ සිහිනෙන් හෝ සිතා තියෙනවාද

13.1948 ඊනියා නිදහස ලැබී වසර 75 ක් ගතවීත් 2500 පුරා මේ රටේ සිෂ්ඨාචාරය ගොඩනැගූ, ඉන්දීය සහ බටහිර ආක්‍රමනිකයින්ගෙන් සිය ජීවිත පුදා රට ජාතිය බේරාගත් උඩරට  සින්හල භූමිපුත්‍රයින්ගේ අහිමිවූ උරුමයන් හා අයිතිවාසිකම් ආපසු ලබා දුන්නාද.

14.ඊනියා නිදහසින් පසු 75 වසරක් ගතව ඇතත් ස්වාධීන, ස්වයිරී හා සැබෑ නිදහස් හා ආර්ථික වශයෙන් සමුර්ධිත රටක් ඔබලා මේ පොලව මත ස්ථාපිත කලාද

15.1948 දී නිදහසක් ලැබුනානම් 1961 දි රජයට විරුද්ධව ලියනගේ ඇතුලු කණ්ඩායම කළ කුමන්තරණය සහ 1971 දී J.වි. පී කැරැල්ලද රැජිනගේ ආණ්ඩුවට එරෙහිව කරනලද කුමන්ත්‍රණ වසයෙන් හැදින්වුයේ ඇයි?

16.1948 දී නිදහස ලබා තිබුනානම් 62 රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයේ විත්තිකරුවන් බ්‍රිතාන්‍ය සාමිමණ්ඩලයට අභියායාචනයක් කලේ ඇයි

17.1947 දී ඉන්ග්‍රීසි පාලනයෙන් නිදහස ලබාගත් භාරතය. 1950 ජනාඅරි 26 දීන ජනරජයක් වසයෙන් ප්‍රකාශ කලානම් 1972 දී බන්ඩාරනායක මැතිනිය කරනතුරු  වසර 24 ක් තිස්සේ කිසිවෙකු එය නොකලේ ඇයි?.

තවද,

1848 මාතලේ නිදහස් සටනේදී රට ජාතිය බේරාගනීම සඳහා දිවි පිදූ වීර කඩහපොල හිමි  පුරන් අප්පු සහ ගොන්ගාලේ බන්ඩා ඇතුලු වීර සින්හලයින් දහස් ගණනින් මරාදමා ඇතැම් අවස්ථා වලදි මරදමනු ලැබූවන්ගේ මළමිණී  නගරවලට ඇතුල්වන සතර වාහල්කඩවල ගස්වල  දින තුනහතර එල්ලා තබමින් අති බිහිසුණු  ම්ලේච්ච ක්‍රියා කළ මිනිමරුවකුවූ ටොරින්ටන් ආණ්ඩුකාරයාගේ  නමින් තවමත් කොළඹ සහ මහනුවර චතුරශ්‍ර දෙකක් නම්කොට තිබීම සින්හල ජාතියටම නින්දාවකි.ටොරින්ටන් චතුරශ්‍රය දැන් නිදහස් චතුරශ්‍ර නමින් නම්කොට අති බැවින් ම්හනුවර ටොරින්ටන් චත්‍රශ්‍රය 1818 ප්‍රථම උඩරට නිදහස් සටනේ වීරයාවූ කැප්පෙටිපොල නිළමේ නමින් කැප්පෙටිපොල චතුරශ්‍රය නමින් දැන්වත් නම්කරන්මෙන් මම මහනුවර  මහනගර සභාවට යෝජනාකරමි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress