ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සංවත්සරය වෙනුවෙන් ජපන් තානාපතිවරයා සීතාවක උද්භිද උද්‍යානයේ රුක් පැළයක් රෝපණය කරයි.
Posted on February 13th, 2023

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය 

ශ්‍රී ලංකාවේ 75 වැනි නිදහස් සංවත්සරය සහ ජපාන ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 70 ක් සපිරීම නිමිතිකොටගෙන ජපාන තානාපති මිසුකොෂි හිදෙකි මහතා විසින් සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානයේ රුක් පැළයක් රෝපණය කරන ලදී.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතා සහභාගී වූ මෙම අවස්ථාවට, ජපන් තානාපති කාර්යාල නිලධාරීන් සහ සීතාවක ජපන් භාෂා පුහුණු මධ්‍යස්ථානය පිහිට වූ සීමාසහිත ෂිමොකිකාකු සමාගමේ අධ්‍යක්ෂ හිරොයුකි ෂිමොතොරි ද එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය        

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress