කරන්නාගොඩ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කර බෙදුම්වාදය පරාජය කළ යුතුයි – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටු ලේකම් යසස් ධර්මදාස
Posted on March 1st, 2023

Lanka Lead News

මැයි 9 වන දින අරගලය හමුවේ නිවාස ගිනිතැබීම් පිළිබඳව කරන්නාගොඩ කොමිසමෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ෂවේන්ද්‍ර සිල්වා මහතා හට චෝදනා කර තිබීම පිළිබඳව ලංකා ලීඩ් නිවුස්” වෙබ් අඩවියට ප්‍රකාශයක් කරමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටු ලේකම් යසස් ධර්මදාස මහතා ප්‍රකාශකර සිටියේ ෂවේන්ද්‍ර සිල්වා මහතාට වෙනත් විකල්පයක් නොමැති වන්නට ඇති බවයි.

යසස් ධර්මදාස මහතාගේ සම්පූර්ණ ප්‍රකාශය පහත සඳහන් වේ.

අප 2017 වසරේ මාර්තු 12 වෙනි දින සිට, ජිනීවාහි මානව හිමිකම් කොමිසම 2015 ජූනි මාසයේ 27 වන දින සිට ප්‍රඥප්ති 30/1 යටතේ, අපේ රණවිරුවන් යුද අපරාධකරුවන්‍ වන්නේය යනුවෙන් පිළිගෙන තිබීම නිශ්ප්‍රභා කර අපේ රණවිරුවන් යුද අපරාධ චෝදනා වලින් නිදොස් කරගත යුත්තේය යන්න පළාගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පවසා සිටි නමුදු එතුමා ඒ පිළිබඳව කටයුතු නොකරන ලදී.

එයට හේතුව විය යුත්තේ නීතිය පිළිබඳව එතුමාට ප්‍රමාණාත්මක දැනුමක් නොතිබීම, එතුමාගේ නීති උපදේශකයින් පවසන මතය පමණක් දැඩිව පිළිගැනීම සහ වෙනත් මතයන්ට විශේෂයෙන්ම කරපටිධාරීන් නොවන කණ්ඩායම්වල මතයන්ට ඇහුම්කන්දීමේ ඌනතාවය යැයි සඳහන් කළ හැක.

2017 අප එසේ ආරම්භ කළ අපේ රණවිරුවන් යුද අපරාධකරුවන් නොවේය යන්න ලෝකයට කියා පෑමේ අවසාන උත්සාහය 2021 වසරේ ජනවාරි 11 දින පළාගිය ජනාධිපති ප්‍රධානත්වයෙන් පැවති ආරක්ෂක කවුන්සිලයෙන් අවසන් කිරීමට අපට සිදුවිය.

එදින අප බාගතකරනලද යුද අපරාධ චෝදනා පත්‍ර ඇතුලත් බොක්ස් ෆයිල් දෙකක් ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් කරනලදී. අපේ නියෝජිතයින් එහිදීද සැලකර සිටියේ යුද අපරාධ චෝදනා නිශ්ප්‍රභාකර, චූදිතයින්ට ස්වභාවික යුක්තිය ඉල්ලා, චෝදනාවලින් නිදොස් කරගෙන ඳඬුවම් වලින් වලක්වා ගත යුතු බවයි.

එහිදී ෂවේන්ද්‍ර සිල්වා සහ ජී.එල්. පීරිස් යන මහතුන්ගේ උපදෙස වූයේ ඒ කිසිවක් නොකර ඳඬුවම්වලින් බේරීමට මධ්‍යස්ථ මතධාරී දෙමළ ඩයස්පෝරාව එන්ගේජ් කරගත යුතු” බවයි.

එසේ එන්ගේජ්” කර ගැනීම සඳහා අධික මිළක් ගෙවීමට සිදුවිය හැකි බවත් එම මිළ රට බෙදීමේ ඉල්ලීම් ඉටුකිරීම දක්වා මාර්ග සිතියම විය හැකි බවත් අපේ නියෝජිතයින් පෙන්වා දෙන ලදී. රටේ අවාසනාවට මෙම කරුණු කිසිවක් ගෝඨාභය ඇතුලු ආරක්ෂක කවුන්සිලයට නොවැටහුනි.

ප්‍රාථමික වරිග සභාවක වුවද චූදිතයෙකුගේ මූලික අයිතිවාසිකමක් වන්නේ ඔහු හෝ ඇය විසින් තමා නිර්දෝශී නම් ඒ බව පැහැදිලි කිරීමට අවස්ථාවක් ඉල්ලා සිටීමයි. එසේ නොමැතිව චූදිත විසින් චෝදක සමග ඳඬුවම් වලින් ගැලවීම සඳහා ඩීල්” එකක් දමා ගැනීමට යොමුවන්නේනම් එයින් පිළිඹිබු වන්නේ චූදිත එම වරද පිළිගන්නා බව වේ.

මේ සංසිද්ධිය වටහා ගැනීමට නීතිය පිළිබඳව මහාචාර්ය දැනුමක් අවශ්‍යවන්නේ නැත. ඒ අනුව චූදිතයින් වරද පිළිගෙන ඇති බවට උපකල්පනය කළ හැක. තුන්වන පාර්ශ්වයක් ලෙස අප එම චූදිතයින් එම යුද අපරාධ නොකළ බවට කොපමණ කරුණු හා සාක්ෂි ඉදිරිපත් කළද ඒවා තවදුරටත් වලංගු නොවේ. මෙම ඩීල්” සරණ යෑමේදී චූදිතයින්හට විවිධ ආකාරයට චෝදකගේ තීරණ වලට යටත්වීමට සිදුවේ.

ඒ අනුව චූදිතයින් තමුන්ට කැමති ආකාරයට චෝදක සමග ඩීල්” වලට යෑම අපේක්ෂා කළ හැක.

ඉහත පෙන්වාදුන් පරිදි යුද අපරාධ චෝදනාවලින් රණවිරුවන් නිදොස් කරගැනීමට පළාගිය ජනාධිපති ගෝඨාභය මැතිතුමා සාධණීයව මැදිහත් නොවුන බව පෙන්නෙනට තිබෙන බැවින් පිටු 133 ක ‍යුද අපරාධ චෝදනා හිමිකරුවෙක වන ෂවේන්ද්‍ර සිල්වා මහතාට කෙසේ ක්‍රියාකරන්නේද යන්න පිළිබඳව සාධාරණ සැකයක් මතුවීම වැළක්විය නොහැක. එම කරුණු පසෙක තබා කරන්නාගොඩ කොමිසමේ සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීම මහා චිත්‍රයේ වැදගත් කොටසක් මකා දැමීමක් වෙනු ඇත. එබැවින් දේශප්‍රේමී ජාතික සංවිධාන කරන්නාගොඩ කොමිශමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම පිළිබඳව දැඩි අවධානයෙන් සිටිය යුතු අතර එහි පාර්ශව කරුවෙකුද විය යුතුවේ.

එසේ කිරීමෙන් මධ්‍යස්ථ දෙමළ ඩයස්පෝරාව එන්ගේජ්” කරගැනීමෙන් ඉදිරියට ගෙනයාමට සැළසුම් කර ඇති සියළුම බෙදුම්වාදී මාර්ග ඇහිරීමට සමස්ථ දේශප්‍රේමී ජනතාව පෙළගැස්වීමට හැකියාව ලැබෙනු ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress