සජිත්ගේ, අනුරගේ, ටිං ටිං කතා ගැන පාඨලී හොඳටම කියයි (වීඩියෝ)
Posted on March 5th, 2023

Lanka Lead News

වර්තමානයේ විපක්ෂයේ ඇත්තේ ජනකාන්තවාදයක් බවත්, එක් නායකයෙක් ඉතා සංකීර්ණ ප්‍රශ්නවලට සරල විසඳුම් ඉදිරිපත් කරන අතර, තවත් නායකයෙක් විදේශ රටවල් සමග ගනුදෙනු කිරීමේ පිළිවෙල පිළිබදව හාස්‍යජනක කතන්දර පවසන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඉංග්‍රීසියෙන් පිටරටවල් සමග කතාකර තමන් මෙරට ආර්ථිකය ගොඩනගන බව එක් නායකයෙක් පවසද්දී, තවත් නායකයකු පවසන්නේ මැති ඇමැතිවරුන්ගේ වැටුප්, වාහන දීමනා, නිවාස ඉවත්කර ආර්ථිකය ගොඩනගනවා වැනි ටිංටිං උත්තර බව ඔහු සදහන් කරයි.

මෙම දෙපිරිසේම නායකයන් අමාත්‍යංශවල ඇමැතිකම් දැරූ කාලයක් තිබූ බවද, එහෙත් ඒ කාලයේ එම ආමාත්‍යංශ තිබූ තැනින් ඉහළට එසවීමට ඔවුන්ට හැකිවූවාදැයි ජනතාව සිතා බැලිය යුතු බවද පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress