ඇමරිකානු රහස් ඔත්තු සේවා රට බිල්ලට ගෙන සිදුකිරීමට යන මෙහෙයුම ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් ප්‍රබල හෙළිදරව්වක් (වීඩියෝ)
Posted on March 9th, 2023

Lanka Lead News

පසුගිය දා මෙරටට ඇමෙරිකානු ගුවන් හමුදා යානා 2කින් පෙන්ටගනයේ නිලධාරීන් 20 දෙනෙකු  පැමිණ ක්‍රියාත්මක කළ ටොප් සීක්‍රට් මිෂන්” එක කුමක්ද? ඔවුන්ගේ මෙරට පැමිණිමට පෙර ශ්‍රී ලංකා රාජ්‍යය ඔවුන් කළමනාකරණය කරනු ලැබූවේ කුමන ආකාරයෙන්ද? යන්න පිළිබදව දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රබල හෙළිදරව්වක් සිදුකර තිබේ.

සමාජ මාධ්‍ය නාලිකාවක් හා සාම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් වසන්ත බණ්ඩාර මහතා පවසන්නේ වික්ටෝරියා නූලන්ඩ්ගේ ආගමනයත් සමගම සිදුවූ මෙම ඇමරිකානු රහස් ඔත්තු සේවා නිලධාරීන්ගේ රහස් ගොඩබැසීම මෙරටට දැඩි තර්ජනයක් එල්ල කරන බවයි.

මෙම මෙහෙයුමේ සිටි ප්‍රබලම පුද්ගලයා වන්නේ නේටෝ සංවිධානයේ හිටපු ප්‍රතිපත්ති සහ සැලසුම් අධ්‍යක්ෂක මෙන්ම මේවන විට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉන්දු පැසිෆික් ආරක්ෂාව බාර ලේකම් ගෙට් රෝයල් බවයි වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසන්නේ.

‘සෝෆා ගිවිසුම‘ මේ වනවිටත් අත්සන් කර ඇති බවද ඔවුන් විසින් මේ මෙහෙයුම හරහා සිදුකරනු ලැබුවේ එක්තරා පෙරහුරුවක් බවද ඒ මහතා පවසයි.

සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න…

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress