චීන ජනාධිපති ෂි ජින්පිං මහතාගේ තෙවැනි ධුර කාලය වෙනුවෙන්  අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් සුභපැතුම්.
Posted on March 14th, 2023

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය.

චීන ජනාධිපති ෂි ජින්පිං මහතාගේ තෙවැනි ධුර කාලය වෙනුවෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සිය සුභපැතුම් එක් කරනු ලැබීය.

2023.03.13 දින සුභ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා මෙලෙස සුභපැතුම් එක් කළේය.චිනය සහ ශ්‍රී ලංකාව අතර පවතින සමීප මිත්‍රත්වය හා සහයෝගීතාව තව තවත් ශක්තිමත් කිරීමට චින රජය සමග අඛණ්ඩව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍යවරයා සිය සුභපැතුම් පණිවිඩයේ සඳහන්කර තිබේ. නව ධුර කාලය රටවාසී ලෝකවාසී සියළුදෙනාගේ යහපත පිණිස වනු ඇතැයි එතුමා සිය සුභපැතුම් පණිවිඩයෙන් විශ්වාසය පළකර ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress