භාහිය සූත්‍රය තුල සිහියට හසුවන සිතේ (උදය-) වය අදියර phase
Posted on March 22nd, 2023

තිස්ස ගුණතිලක

කුඩා ළදරුවා ස්වභාව ධර්මයට සංවේදිතාවයක් දක්වයි. ඔහුට ඇත්තේ ප්‍රභාශ්වර සිතකි. එහි පෙර මතකයක් නැත. එබැවින් සංකාර හටනොගනී. නමුත් ඔහු ජීවත්වන පරිසරයේ ඇතිවන වෙනස්වීම් වලට සංවේදිතාවයක් දක්වයි. සීතලක් දැනෙනවිට උනුසුම දෙසට යොමුවෙයි. ශබ්දයක් ඇසුනවිට එයට සංවේදිතාවයක් දක්වයි. අඬන දරුවා අම්මාගේ සූ සූ ශබ්දයට සංවේදි වෙයි. දකින දසුනට ප්‍රියජනක (සිනහවකින්) හෝ අප්‍රියජනකව (තරහකින්) හෝ සංවේදී වෙයි. රසට සුවඳට සංවේදි වන ළදරුවා එම රසය හා සුවඳට ප්‍රිය හෝ අප්‍රිය කරයි. ළදරුවාගේ මෙම සියළු සංවේදීතාවය සංකාරයට මෙපිටින් (සංකාර නොවී) සිදුවෙයි. ළදරුවා භාහිර පරිසරයේ වෙනස්කම් දැනගනීමට හා ඒවාට සංවේදීවීමට තරම් සෑහෙන සිතක් ඔහුතුල ඇතිවෙයි. එනම් ළදරු සිත තුල ‘රූප, වේදනා හා සංඥා’ යන ස්කන්ධ ක්‍රියාවලියේ පලමු, දෙවන හා තෙවන  සංඥා ඇතිවෙන අතර එම සීමාවෙන් එපිට එනම් සංකාර, විඤ්ඤාණ ආදි සංඥා කිසිවක් ඔහුතුල ඇති නොවේ. 

ළදරුවාගේ සිත තුල ඇතිවන රූපය ‘රූප මාත්‍රය=රූප, වේදනා, සංඥා’ වලට පමනක් සීමාවෙයි. ළදරුවා දුටුවොත් දුටුවාම පමනයි, චක්ඛු සංකාරයක් ඇති නොවේ. ළදරුවාට ඇසනොත් ඇසුනාම පමනයි, සෝත සංකාරය සිදුනොවේ. ළදරුවාට දැනුනොත් දැනුනාම පමනයි, මුත (ඝාණ, ජිව්හා, පොට්ඨබ්බ) සංකාර ඇති නොවේ. ළදරුවාගේ දිට්ඨ, සුත, මුත හා ව්ඤ්ඤාතය මෙම තුන් සංඥා මාත්‍රයෙන් (රෑප, වේදනා, සංඥා) අවසන්වන අතර තවමත් ඔහුතුල පවතින්නේ ප්‍රභාශ්වර සිතකි

බුදුන් වහන්සේ භාහියට පැවසුවේ මෙන්න මේ ළදරු සිත මතුකර ගන්නා ලෙසයි.

අරමුන/සිතේ ක්‍රියාවලිය ඉංද්‍රියක ප්‍රසාදයත් සමග ඇතිවන ස්කන්ධ ක්‍රියාවලියේ රූප වේදනා සංඥා … වලින් ආරම්භවුවත්   බුදුන් වහන්සේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය (අවිද්‍යා පච්චයා) සංකාර වලින් අරම්භ කරන්නේ මුල් අවස්ථා තුන (රූප වේදනා සංඥා) ප්‍රභාශ්වර සිතට අයත් බැවිනි.

දැන් මේ ළදරුවාගේ වැනි රූප වේදනා සංඥා පමනක්‍ ඇතිවන ප්‍රභාශ්වර සිත මතුකර ගන්නේ කෙසේද?

සිතේ ස්වභාවය

ඇතිවන සිත දමනය/පාලනයකට නතුකර ගත හැකිවන්නේ රහතන් වහන්සේට පමනි. අනෙක් අයගේ (පෘතග්ජන, ආර්ය ස්‍රාවක හා යෝගාවචර) සිතුවිලි/අරමුන කුමන ආකාරයකින්වත් දමනය/පාලනය කල නොහැක (once manifested it flows to collect defilements at the end. Controlling at the middle is impossible.). සමුදයවූ සිතේ ස්වභාවය මෙයයි. 

ආර්ය ස්‍රාවකයාට හා යෝගාවචරයාට කල හැකිවන්නේ යම්කිසි අරමුනක උපාදානයවන (බැසගන්නා) අවස්ථාවක් සිහියට හසුවුව හොත් එම උපාදානය මෙනෙහි කිරීමෙන් (නාම – රූප වෙන්කර දැකීම) නැවත එවැනි උපාදානක් ඇති වීමට ඇති ඉඩකඩ අවම කිරීම පමනයි.

ප්‍රසාද ක්‍රියාවලිය

භාහිර ලෝකය යනු රූප (වර්ණ, ශබ්ද, රස, ඝාණ හා ස්පර්ශ රූප) හැඩතල හා එම රූප හැඩතල වලින් නිකුත්වන තරංග (වර්ණ, ශබ්ද ආදී තරංග) වලින් සෑදුන ආත්මීය නොවන ස්වභාවයකි.

භාහිර රූප තරංගය, පංචේන්ද්‍රිය හා ප්‍රසාදය අතරවන ස්පර්ශය (තින්නං සංගති ඵස්සෝ) ක්‍රියාවලිය තුල ප්‍රකටවන ප්‍රධාන වේගයන් දෙකකි. භාහිර රූප හැඩතලයෙන් නිකුත්වන තරංගයේ වේගය හා ප්‍රසාදයේ විපරිනාමවන වේගය වශයෙන් ප්‍රධාන වේගයන් දෙකක් මෙහිදී විද්‍යාමාන වෙයි.

මෙම වේගයන් දෙක හා ඒවා අතර ඇති අතිමහත් වෙනස (phase difference) හේතුවෙන් ප්‍රසාද ධාරා (phases) තුනක් ජනිතකරයි:

1. එක් ප්‍රසාද ධාරාවකින් සම්පූර්ණ සිතුවිල්ල/අරමුනට තුඩුදෙන පට්ච්චසමුප්පාද ප්‍රවාහයේ ගලනා ‘උදය’ (the process conditioned to generate/manifest fully fledged consciousness) සිතුවිලි ධාරාවත් phase,

2. ඉහත සඳහන්කල ළදරුවාගේ සිත තුල ඇතිවන රූප වේදනා සංඥා වලින් (සංකාරයට පෙර) අවසන්වන, ප්‍රභාශ්වරය තුල පවතින ‘වය’ ධාරාවත් , සහ

3. කිසිම සංඥාවක් ඇති නොවන ‘බොල්’ (හිස්) ධාරාවක් ලෙස ප්‍රසාද ධාරාවන් තුනක් (3 phases) ඇතිවේ.

බොල් ප්‍රසාද ධාරාවේ හිස්බව නිසා එය අතහැරිය හොත් ප්‍රධාන වශයෙන් උදය හා වය ප්‍රසාද ධාරාවන් දෙක ප්‍රකට වෙයි.

එකිනෙක පසුපස පිලිවෙලින් ඇතිවන උදය, වය හා බොල් අදියරයන් (phases) තුනෙන් ‘වය’ අදියර පමනක් සිහියෙන් දැකීම ධර්මාවබෝධයේ පලමුවන පියවරයි.

‘මහනෙනි කලයුතුවන්නේ ස්කන්ධයේ උදය-වය දැකිම පමනමයි’ යන්නෙන් බුදුන් වහන්සේ අදහස් කලේ ප්‍රසාදයේ උදය හා වය වශයෙන් ප්‍රකටවන අදියර phases දෙකක් පවතින බවත් එයින් වය අදියර පමනක් සිහියට හසුකර ගැනීමට වීරිය කලයුතු බවත්ය. බුදුන් වහන්සේ භාහියට දුන් අවවාදයේ අන්තර්ගතය වන්නේ (දැකකොත් …..දැක්කාම ….. පමනයි) දැක්මේ – දිට්ඨ, ඇසීමේ – සුත, දැනීමේ – මුත හා දැනුමේ – විඤ්ඤාත මාත්‍රය පමනක් (රූප, වේදනා, සංඥා) සිහියට හසුකර ගත යුතු බවයි.

ස්කන්ධයේ එනම් ප්‍රසාද ක්‍රියාවලියේ වය පමනක් සිහියට හසුකර ගන්නා ආකාරය සතර සතිපට්ඨානයේ ‘කායානුපස්සනාවේ’ හා සබ්බාසව සූත්‍රයේ ‘දස්සනා පහාතබ්බය හා සතිසංවරා පහාතබ්බයේ’ මනාව හා සරලව බුදුන් වහන්සේ පහදා දෙයි. එය ඉලඟ ලිපියෙන් පහදාදීමට උත්සාහ ගන්නම්.

tgunite@tpg.com.au

තිස්ස ගුණතිලක

2023 මාර්තු මස 23වනදා 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress