දෙමළ චේ ගුවේරා? (Tamil Che Guvera)
Posted on April 17th, 2023

C. Wijeyawickrema, LL.B., Ph.D.

දැනට වසර කීපයකට පෙර ගෝඨාභය පාලන කාලයේදී සේපාල් අමරසිංහ විසින් යාපනේ <අරුන් සිද්ධාර්ත් කියන කඳුළු කතාව> නමින් වීඩියෝවක් පලකරණ ලදී.

(60) ” අරූන් සිද්ධාර්ත් කියන කඳුළු කතාව…” – YouTube

අරුන්ට හිස එසවීමට අතදෙන ලෙස දෙමළ බෞද්ධයෙක් යයි කියන උතුරේ ආණ්ඩුකාරයෙක්වූ සුරේෂ් රඝුවාන්ටත්, බෞද්ධ ධර්මය වර්ණනා කරණ හා උතුරේ දෙමළ දුක ගැන කතාකරණ බ්‍රදර් චාල්ස්ටත් 2021 මාර්තු හා මැයි මාසවල මා විසින් ලිපි යවන ලදී.

LankaWeb – බ්‍රදර් චාල්ස් තෝමස්ගේ හා සිංහල බුද්ධාගම  2021/5/24

LankaWeb – Tamil genocide, Geneva fiasco and a Tamil Che Guerra – Part 2  2021/3/2

කටින් බලතල කොළ සිටවන මේ අය වෙනුවට, යාපනේ <පහත් කුලවල> යයි සැළකෙන ජනයා වෙනුවෙන් මැදිහත්වූයේ නාගානන්ද කොඩිතුවක්කු පමණය. දෙමළ නීතීඥයින් විසින් අසරණ දෙමළ ජනයා සූරාකන ආකාරය ඔහු එලිදරව් කලේය. ඇමෙරිකාවේ කැලිෆොර්නියාවේ වාසයකල දොස්තර වෝල්ටර් ජයසිංහගේ අනුග්‍රහයෙන් නොබෝදා කොළඹ පැවත්වූ සංහිඳියා සමුළුවකදී, තමන් අවුරුදු 30 ක් තිස්සේ බලා සිටි අවස්ථාවක් යාපනේ රා මදින්නෙකුගේ මුනුපුරෙක් වුන අරුන්ට ලැබුණේය. එහිදී කාරණා දෙකක් සිදුවිය. එකක් නම් ඔහු මෛත්‍රී ගුණරත්න හා පාකියසෝති සරවනමුත්තු (M&P) යන දෙන්නාට පාඩමක් කියා දීමය. අනික නම්, පසුව දැනගැනීමට ලැබුණු ආරංචිය වන, ඔහු විසින් පාකියසෝතිව  නිර්වස්ත්‍ර කිරීමය.

සෙනාලි වඩුගේ විසින් එම සම්මන්ත්‍රණය පිළිඹඳව ලියූ වාර්තාව හා මුහුණුපොතේ වීඩියෝව පසුගියදා ලංකාවෙබ් වෙබ් අඩවියේ පලවිය. දකුණේ ජනයාගේ, විශේෂයෙන් හාමුදුරුවරුන්ගේ, අවධානය අරුන් වෙත යොමුවෙමින් පවතින අවස්ථාවක ඔහුගේ භූමිකාව සළකා බැලීම වැදගත්ය. උතුරේ හා රටින් පිට දෙමළ බෙදුම්වාදීන්ට ඔහු බලවත් හිසරදයක්වී ඇත.

 LankaWeb – Why does Arun Siddharth stand out from Tamil leaders?

ද්‍රවිඩස්ථාන්-පකිස්ථාන්

1956 දී සිංහල රාජ්‍ය භාෂාව කිරීම දෙමළ බෙදුම්වාදයට හේතුව වූවාය යන M&P දෙන්නාගේ තර්කයට අරුන්ගේ පිලිතුර වූයේ දෙමළ ජාති වාදය ආරම්භවුනේ 1940 ස් ගණන් වල නම් (GG පොන්නම්බලම්ගේ හා චෙල්වනායගම්ගේ (SJVC) දෙමළ කතාකරණ තනිකර දෙමළ පක්ෂ දෙක) දෙමළ බෙදුම් වාදයට හේතුව වූයේ 1956 දී සිංහල රාජ්‍ය භාෂාව කිරීමය කියා කියන්නට පුළුවන්ද යනුය (ඇත්ත වශයෙන්ම දෙමළ රටක් යන කතාව ප්‍රථමයෙන් ගෙනාවේ පොන්නම්බලම් අරුණාචලම් විසින් 1923/24 දීය. එය 1918 වනවිට ආරම්භවූ මැඩ්‍රාස් ප්‍රාන්තයේ වෙනම ද්‍රවිඩස්ථාන් නම් රටක් [අලි ජින්නාගේ පකිස්ථාන් මෙන්] පිහිටුවීමේ ව්‍යාපාරයේම දිගුවකි). 1944 දී GG පොන්නම්බලම් හා SJVC ඕල් සිලෝන් ටැමිල් කොන්ග්‍රස් නම් තනිකර ද්‍රවිඩ පක්ෂයත්, 1949 දී SJVC ඉන් කැඩී ටැමිල් රාජ්‍ය පක්ෂයත් පිහිටුවා ගත්තේය. GGP ට අවශ්‍යවූයේ සමතැන මිස පෙඩරල් නොවේ. SJVC ට ඕනෑවූයේ පෙඩරල් හරහා දෙමළ රටක්ය.

දෙමළ බැරි පාකියසෝති

අරුන් පාකියසෝතිගෙන් අසන්නේ දෙමළ ජනයා සිංහල ඉගෙන ගන්නවාට දෙමළ දේශපාලකයින් විරුද්ධ වන්නේ කුමක් නිසාද යන්නය. චන්ද්‍රිකා මැතිණිය සමඟ කොළඹ බාල් නටනා පාකියසෝතිට දෙමළ බැරි යයි අරුන් සිතයි. සරණාගතයින් හෝ economic refugees වශයෙන් රටින් පැනයන දමිළයින් තමන්ගේ අළුත් රටේ භාෂාව ඉතාමත් කෙටිකාලයකින් ඉගෙන ගන්නවා නම් සිංහල ඉගෙන ගන්නට දශක ගණන් කල් යනවාද යන්න පාකියසෝති ඔහුගෙන් ඇසු ප්‍රශ්ණයට අරුන්  දුන් පිළිතුරය.

යාපනේට ඉන්දියාව

යාපනේට ඉන්දියන් තානාපති කාර්යාලයක් කුමකටදැයි අසණ අරුන්, ඉන්දියානු රජය  යාපනේ හින්දි ඉගැන්වීමට ආධාර මුදල්, කොම්පියුටර් යනාදිය දෙනවා වෙනුවට, සිංහල ඉගැන්වීමට උපකාර නොකරන්නේ මක්නිසාද කියා ප්‍රශ්ණ කරයි. හින්දි රාජ්‍ය භාෂාව වන්නේ ඉන්දියාවේ මිස යාපනේ නොවේ. තමන් දැනටමත් උතුරේ තරුණයින්ට සිංහල පන්ති පවත්වනවායයි අරුන් පාකියසෝතිට දැන්වූයේය.

ඉන්දියාවේ සරණාගත කඳවුරුවල ඉන්නා යාපනේ දෙමළ ජනයාට වැසිකිලි පහසුකම්වත් නැතිව සිටිද්දී යාපනේ ඉන්දියන් තානාපති කාර්යාලය හින්දි ඉගැන්වීම අරුන් අනුමත කරන්නේ නැත. ඉන්දියන් තානාපති කාර්යාලය රෝ ඔත්තු සේවයේ තිප්පලක් බව යාපනේ ජනයා සලකයි.

One toilet for one household

යාපනේ දෙමළ බෙදුම්වාදීන්ගෙන් අරුන් ඉල්ලන්නේ යාපන මහනගර සභා සීමාව තුල ඉන්නා දුගී, කුලහීන යයි සලකන ජනයාගේ ගෙවල් වලට වැසිකිලියක් බැගින් සාදා දෙන ලෙසය. ඔවුන් පොලිස් බලතල, ඉඩම් බලතල ඉල්ලන්නේ නැත.

LankaWeb – Global Tamil Eelam Project: where are the toilets? 2022/12/2

අරුන් සිද්ධාර්ත් හා කොටි ප්‍රභාකරන්

මා සමඟ කැනඩාවේ ඉගෙනගත් කොටි ප්‍රභාකරන්ගේ ඥාතියෙක්වූ තවත් එක් ප්‍රභාකරන් නමැති තරුණයෙක් මට  කී දෙයක් මෙහිදී සිහිපත්වේ. ඔහු කී අන්දමට පෙඩරල් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ප්‍රභාකරන් නම් කොළු ගැටයාට පක්ෂය තුල හිස එසවීමට ඉඩක් නොදුන්නේය. ඔහුගේ සිත වෙල්ලාල පෙඩරල් නායකයින්ට විරුද්ධව ගොඩනැඟුණේ මෙම ඩිස්ක්‍රිමිනේෂන් එක නිසාය. අරුන්ගේ වෙනස ඔහු සතුරාව මරණ පාරක් වෙනුවට සතුරාව මතවාදයෙන් දමණය කරමින් සිටීමය. නොබෝදා කොළඹ පැවති සම්මන්ත්‍රණයකදී අරුන් කල කතාව පාකියසෝති විසින් අසාසිටි ඉරියව්ව හා ඔහු ඇසු ප්‍රශ්ණය දෙස බලනවිට පාකියසෝති අසරණවු අන්දම පසක්වේ.

පසුව අරුන් විසින් එලිකල අන්දමට, අරුන්ට වේදිකාවේ ඉඩක් ලබාදීම පිළිඹඳව NGO මුදලාලි කෙනෙක් වන පාකියසෝති එහි සංවිධායකයාගෙන් ප්‍රශ්ණ කලේ අරුන් ත්‍රස්තවාදියෙක් යයි චෝදනා ඇතිබව පවසමිනි. අරුන්ට අවස්ථාවක් ලබාදිය යුතුම බව සංවිධයාකයාගේ මතය විය. උතුරේ බෙදුම්වාදී දේශපාලකයින්. TNA හා සංවිධාන අරුන්ව කොන් කරන්නේ කලින් පෙඩරල්-TNA කාරයින් ප්‍රභාකරන්ව කොන් කල ආකාරයටමය.

දෙමළ ඔබාමා  වෙනුවට දෙමළ චේ ගුවේරා

තමන්ගේ නිවැරදි මතවාදය නිසා අවුරුදු 30  කට පසු අරුන්ට දකුණේ පිළිගැනීමක් ලැබී තිබේ. මෙයට හොඳම නිදසුණ නම් දෙරන 360 විසින් ඔහුට දෙන ලද වේදිකාවය

(50) Derana 360 | අරූන් සිද්ධාර්ත් | With Arun Siddharth – YouTube

සිවකුමාර් නමැති මිනීමරුවාගේ පිලිරුවට මල්මාලයක් දමා, යාපනේ ගාන්ධි වශයෙන් පෙනී සිට අන්තිමේදී තම සටන දෙවියන්ට භාරදී පරාජිතයෙකු වශයෙන් මියගිය චෙල්වනාගම්ව, ලංකාවේ දෙමළ මෝසස් යයි වර්ණනා කිරීමට බිෂොප් ලක්ෂ්මන් වික්‍රමසිංහට (ජනාධිපති රනිල්ගේ ඥාතියාට) හැකි නම්, උතුරේ නැගී එන තරුණයෙකු වන රා මදින කුලයේ යයි කියන අරුන් සිද්ධාර්ථ් නමැති, (සමහර විට දෙමළ බෞද්ධයෙක් වියහැකි), තරුණයාව,  යාපනේ චේගුවේරා යයි හැඳින්වීමට ඇති හේතු කාරණා එමටය.

ටැමිල් ට්‍රේටර්ස්ලා

සමහරු ඒ කාලයේ ලක්ෂ්මන් කදිරගමාර්ට හා ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේට දෙමළ ඔබාමා කෙනෙක් (ලංකාවේ අගමැතී) විය හැකිව තිබුණා යයි ලිව්වේය. මා දන්නා හැටියට ඒ දෙන්නාම 13-A+ පෙඩරල්වාදීන් විය.  විග්නේෂ්වරන්ට අනුව කොටි ප්‍රභාකරන් දෙමළ කැප්පෙට්ටිපොල කෙනෙක්ය! දකුණේ ආණ්ඩු සමඟ සහයෝගයෙන් ක්‍රියා කල හැමකෙනෙක්ම ද්‍රවිඩ බෙදුම්වාදීන් විසින් හංවඩු ගැසුවේ ටැමිල් ට්‍රේටර්ස්ලා කියාය. ඉන්ස්පෙක්ටර් බස්තියන් පිල්ලේ, යාපනේ නගරාධිපති ඇල්ෆ්‍රඩ් දුරෙයියප්පා පමණක් නොව GGP ට පවා මේ ලේබල් එක ගැසුවේය. උතුරට ගොස් ප්‍රභාකරන්ගේ නාන තටාකයේ පීනූ කොළඹ වසන මනෝ ගනේෂන්, කරුණා අම්මාන්ව හැඳින්වුයේද දෙමළ ට්‍රේටර් කෙනෙක් ලෙසය.

දෙමළ බෙදුම්වාදයේ මඟුල හා මළගම

ජනාධිපති රනිල් යටතේ යළිත් වරක් (ඔරුමිත්තනාඩු ජරමරයට පසු) දෙමළ බෙදුම්වාදයට කදිම අවස්ථාවක් උදාවී තිබෙනවා මෙන්ම ඒ සමඟම එම ගමනේ අවසානයත් හොල්මන් කරමින් සිටී. ගෝඨාභය නෙරපූ අරගලය  පිටිපස ඩයස්පොරා කොටි සිටියේය. අරගලය රනිල් ගෙන් කෙළවර විය. එහෙත් උතුරේ ජනයා අතර දෙමළ බෙදුම්වාදී  දේශපාලකයින් බලවත් අර්බුදයකට මුහුණ දී සිටී. ඔවුන්ට දැන් දෙමළ ජනයා රැවටීමට ඉතිරිව ඇත්තේ බුදු පිළිම ආක්‍රමණයක් හා පුරා විද්‍යා කැණීම් හරහා දෙමළ ඉඩම් අල්ලා ගැනීමේ සංග්‍රාමයක් පවතිනවා යන කතා දෙක පමණය. උතුරු මුහුදේ ඉන්දියන් ධීවර ආක්‍රමණය ඉදිරියේ ඔවුන් ගල උඩ ඉන්නා බළලුන් වැනිය.

හිට්ලර් හා විග්නේශ්වරන්/සුමන්තිරන් පුත්තු

දැනට ලබාඇත්තේ දෙමළ බෙදුම්වාදයේ බහින කලාවය. මේ නිසා TNAකාරයින් ඇතුළු පිරිස් අරුන්ට මේ ලේබල් එක ගසන්නට නොහැකි අඩියකට පත්වී සිටී. ඒ වෙනුවට ඔවුන් සදන්නේ ඔහු ත්‍රස්තවාදියෙක් යයි කියමින් ඔහුට යාපනේ දේශපාලන සාකච්චා වලට ඒමට ඉඩ නොදීමය. සුමන්තිරන්ගේ පුතා සිංහල ස්ත්‍රියකටත්, විග්නේෂ්වරන්ගේ පුත්තු දෙන්නාම සිංහල ස්ත්‍රීන් දෙන්නෙකුටත් අහුවුනා නම් (කසාද බැඳගත්තානම්)   උතුරේ ජනයා මේ දෙමළ මාමන්ඩිලා දෙන්නාට දෙමළ ද්‍රෝහීන් යයි නොකියන්නේ සිංහලයා දෙමළාගේ සතුරාය යන මිථ්‍යාව උතුරේ ජනයා තවදුරටත් බදා නොගන්නා නිසාද?  මෙය හිට්ලර්ගේ පුතා යුදෙව් ස්ත්‍රියක් හා විවාහවීමට සමානවන්නේ සිංහලයින් දෙමළ ජන සංහාරයක් කරනවා යන කතාව නිසාය.

අරුන් හා බොදු බල සේනා සංවිධානය

2012 මැයි මාසයේ සිට බොදු බල සේනා සංවිධානයත්, අරුන් ගෙන යන යාපනේ සටනත් කළු සුද්දන්ගේ සිස්ටම් එකට එල්ලකල අභියෝග දෙකකි. දකුණේ සිංහල පක්ෂ දේශපාලක කළුසුද්දන් ඥානසාර හිමියන් නොමරා මරාදැමීමට කල හැකි හැම දෙයක්ම කලේ උන්වහන්සේ ඔවුන්ගේ හොර දේශපාලනය රටට එලිකර දීම නිසාය. අරුන් මුහුණදී සිටින්නේද එවන් ඉරණමකටය.

මෙතෙක් අරුන්ගේ ක්‍රියාකලාපය නිසා දෙමළ බෙදුම්වාදයට පක්ෂ ඉන්දියාව, ඇමෙරිකන් තානාපති ඇතුළු බටහිර රටවල්, එරික් සොල්හයිම්, සුමන්තිරන්, පොන්නම්බලම්, රාසමානික්කම් කොළුවා, විග්නේශ්වරන් මහළු සීයා පමණක් නොව දකුණේ සිංහල කළු සුද්දන්, (ඩිලාන් පෙරේරා, ඩලස් අලහප්පෙරුම වැනි අයද ඇතුළුව) හොර දේශපාලකයින්, රොත්තම අන්දමන්දවී භීතියට පත්වී සිටී. එපමණක් නොව දෙමළ බෞද්ධයෙක් යයි කියාගන්නා සුරේස් රඝුවාන් (කලින් ආණ්ඩුකාර, දැන් රාජ්‍ය අමත්‍ය) මෙන්ම  උතුරේ සංවර්ධනය ගැන දේශනා දෙන බ්‍රදර් චාල්ස් තෝමස්ද උතුරේ උග්‍ර කුලභේදය ගැන නිහඩව සිටින්නේ කුමක් නිසාද?

මැත් ප්‍රොපෙසර් සුන්දරලිංගම් හා රනිල් ජනාධිපති

අම්බෙඩ්කාර් විසින් ඩලිත් ජනයා ලක්ෂ ගණනින් බුද්ධාගමට හරවා ගත්තේ ලංකාවේ හාමුදුරුවරුන් උතුරේ කුල භේදය ගැන නිහඬව සිටියදීය. යුරෝපයට බුද්ධ ධර්මය ගෙනයාම වැනි ක්‍රියාවක් මිස දෙමළ පෙඩරල්කාරයින් හා ගැටීමට හාමුදුරුවරුන්ට ආගම පැතිරවීමේ උණක් නොතිබුණි. එහෙත් සුන්දරලිංගම්, පහත් කුලවල ජනයාගෙන් හින්දු කෝවිල් අපිරිසිදුවීම බේරා ගැනීමට කල සටන පොලිසිය මැදිහත්වීමෙන් අවසාන වූයේ නැත. අන්තිමේදී බණ්ඩාරණායක රජය 1957 දී කුලය අනුව සිදුවන සමාජ අසාධාරණය වැලැක්වීමේ නීතියක් 1957 දී ගෙනාවේය. මෙහිදී අරුන් විසින් රනිල් ජනාධිපතිට කල අභියෝගය නම් 1987 ගෙනා 13-A සංශෝධනය  ක්‍රියාත්මක නොවීම ගැන නාහෙන් අඬන ඔහු, 1957 කුලභේද විරෝධී නීතිය ක්‍රියාත්මක නොකරන්නේ කුමක් නිසාද යනුය.

ලංකාවේ ඩොනමෝර් සමය ගැන (1931-47) ආචාර්ය උපාධියක් කල ජේන් රසල් විසින් කුල භේදය නිසා උතුරේ ජනයාට සිදුවූ හිරිහැර ගැන දීර්ග ලෙස වාර්තාකර ඇත. එසේ තිබියදී සමාජ විද්‍යා උපාධිධාරී ක්‍රිස්තියානි වෙල්ලාල ස්ටැන්ලි තම්බයියා මෙම දෙමළ සමාජ ප්‍රශ්ණය වෙනුවට තායිලන්තයේ ථේරවාද බුද්ධාගම ගැන පර්යේෂණ කරන්නට ශිෂ්‍යත්වයක් ලබාගෙන අන්තිමේදී හාවර්ඩ් යුනිවසිටි එකේ පලපැදියම්වී මිය යන තුරුම දෙමළ බෙදුම් වාදයට කත් ඇද බුඩිසම් බිට්‍රේඩ් (Buddhism Betrayed) යයි පොතක්ද ලියුවේ සිංහල බෞද්ධයා දෙමළාට හිරිහැර කරනවා යන මතයක් උඩය.

ඒ පොතේ පිටකවරය සඳහා මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ යක්ෂාවේශාකාර මුහුණක් සපයා දුන්නේ විශාකා කුමාරි ජයවර්ධනය. පොතට අරමුදල් සපයාදී පෙරවදනක්ද ලිව්වේ ඇගේ සැමියාවූ ලාල් ජයවර්ධනය. මොහු මිලින්ද මොරගොඩගේ මාමාය. චාපා බණ්ඩාරට අනුව රට අරාජික කිරීමේ ලෝක ව්‍යාපාරයේ කෙන්ද්‍රය මිලින්දය. පොත තහනම් කිරීමට විරුද්ධ සටනේ තම්බයියාගේ ගෝලයින් වැනි අය වූයේ ගණනාත් ඔබේසේකර, H.L. සෙනෙවිරත්න, A.J. විල්සන් වැනි ඇමෙරිකන්/කැනඩා ප්‍රොපෙසර්ලාය. මෙම කරුණු විශේෂයෙන් සිංහල බෞද්ධ ජනයාවත් දැනසිටිය යුතු නොවේද?

සිංහල බෞද්ධයා අතරමංකිරීම

2010 දී සරත් ෆොන්සේකා හරහා ගත් උපාය වැරදුනත්, මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ නොමනා ක්‍රියාකලාපය නිසා සිරිසේන ජනාධිපති කිරීමේ කුමන්ත්‍රණයකට ඉඩ ලැබුණි. 2015 න් පසු ඔරුමිත්තනාඩු ව්‍යාපාරය, 2000 චන්ද්‍රිකාගේ රට කැඩීමේ පැකේජ් ඩීල් එකමය. මෙම ව්‍යසනකාරී ක්‍රියා ඉදිරියේ සිංහල බෞද්ධ ජනයා 2019/2020 දී  ගෝඨාභය කෙරෙහි තැබූ බලාපොරොත්තුව ඛේදජනක ලෙස අවසානවී සිංහල බෞද්ධයා කබලෙන් ගින්දරට වැටුනේය. දැන් බලාගෙන යනවිට සිදුවී ඇත්තේ ගොඨාභයගේ හතුරන් විසින් ඔහුව ඥානක්කා මැණියන් හා සම්බන්ධකර, ඒ මඟින් ජුලි චන්, ඇමෙරිකන් තානාපතිනි සමඟ තිබූ යාඥා සැඟවීමය. මෙවැනි කූට උපාය වලට අසුවූ ලෝක නායකයින් එමටය. ගෝටා රට අල්ලාගෙන ඇති බෝන් අගේන් දැලට අසුවී සිට ඇති ඇතිසේය.

මෙම කුමන්ත්‍රණවල ප්‍රතිපලයක් වශයෙන් ඉන්දියාව සමඟ එකතුව රට කැබලි කිරීමේ තම දිගුකාලීන ප්ලෑනට අවස්ථාවක් රනිල් ජනාධිපතිට උදාවී ඇත. TNA, සුමන්තිරන්, විග්නේශ්වරන්, පොන්නම්බලම්ලා තම දේශපාලන ගේම් එකේ ඉතාමත් දුර්වලව සිටින අවස්ථාවක ඔහු විසින් රට බංකොලොත්වීම දඩමීමා කරගනිමින් කරන්නට යන රට බෙදීමට මඟ පාදාදීම සිදුවිය හැක්කක්ද?

දෙමළ ට්‍රේටර්

අරුන්ට දෙමළ ට්‍රේටර් කෙනෙක් යයි කියන්නට ඔවුන්ට ශක්තියක් නැත. අරුන් නමැති භූමිකාවේ වැදගත්කම මෙම පසුබිම නිසාය. එහෙත් පුදුමයකට මෙන් පොහොට්ටු ජරමරයෙන් කැඩී ආ කිසිම පංචස්කන්ධයක් වත්, සජිත් ප්‍රේමදාස්ගෙන් වෙන්වෙන පාටලි චම්පිකලා වත් අරුන්ගේ අගය වටහාගෙන නැත. මීට හේතුව දෙමළ චන්ද වලට ඇති කෑදරකම මිස  අන් කිසිවක් නොවේ. තවද විමල්, උදය හැරුණ විට ඩලස්, G.L.ලා පෙඩරල් කාරයින්ය.

(60) ” සුමන්තිරන්ලාට මේක හිඟන්නාගේ තුවාලේ වගේ…” – අරූන් සිද්ධාර්ත් – YouTube

2021 මාර්තු මාසයේ ලියූ ලිපියකින් දෙමළ බෙදුම් වාදයට යාපනේ ජනයා තවදුරටත් රැවටීමට නොහැකි උපන්තියකට ශාක්ෂි ඇති බව මා විසින් පෙන්නා දුන්නේය. එම දිග ලිපියෙන් උපුටා ගත් කරුණු මෙසේය.

1.Drastic erosion of Tamil separatist politicians’ voter base (kitchen on fire)

2.Tamil not using their voting right

3. Significant votes for Gota at 2019 election

4. Anti-TNA votes at 2020 parliamentary elections

5. Arun- anathema to Tamil politicians

6. Caste issue becoming a political issue

7. Army and the low caste bonding

 (60) වසර 7ක් කොළඹ හිගන්නෙකුගේ වෙස් ගෙන කොළඹ වනසන්නට සැලසුම් සැදූ පොට්ටුගේ හෙළිදරව්ව | WANESA TV – YouTube

8. Sri Lanka Hindu Society- Bodu Bala Sena / Ven. Ratana joint projects.

===================================

LankaWeb – Tamil genocide, Geneva fiasco and a Tamil Che Guerra – Part 2 (March 2, 2021)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress