දයාන්ජයතිලක හා යාපනේ දෙමළ චේගුවේරා (Tamil Che Guvera & Dayan Jayatilleka)
Posted on April 21st, 2023

C. Wijeyawickrema, LL.B., Ph.D.

ලංකාවෙබ් වෙබ් අඩවියේ මගේ නමින් පලවන ලිපි රටේ අගමැති, ජනාධිපති වැනි අයගේ ඊමේල් ලිපින වලටද යැවීම මගේ පුරුද්දය. යාපනේ නැඟී එන දෙමළ චේ ගුවේරා කෙනෙක් පිළිඹඳව එසේ යැවූ ලිපියකට, LankaWeb – දෙමළ චේ ගුවේරා? (Tamil Che Guvera)  දයාන් ද සිල්වා (aka දයාන් ජයතිලක) විසින් දැක්වූ  ඊමේල්  ප්‍රතිචාරය මෙසේය

..This can only be said by someone who knows jack-shit about Che Guevara. If you want to learn about him, try reading this. Che’s Visage On The Shroud Of Time – Colombo Telegraph…”

ක්‍රිස්තියානි කළු සුද්දන්

දොන් ජුවන් ධර්මපාල, ලංකාවේ ප්‍රථම හා එකම කතෝලික රජු සමඟ 1551 සිට ලංකාවේ බෝවූ ක්‍රිස්තියානි පරම්පරවලින් පැවත එන, රටේ සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය විනාශ කිරීමට ක්‍රියාකරණ රෝසි බර්නැඩීන් සේනානායක, මිසිස් චන්ද්‍රිකා වැනි කල්ලියට වැටෙන  ක්‍රිස්තියානී-මාක්ස්වාදී කළුසුද්දෙක් වන දයාන් ඔහුගේ පොල්පරාල ඉන්ගිරිස් වලින් ගෙන එන මත හා තර්ක-විතර්ක වලට ඉංග්‍රීසියෙන් හා සිංහලෙන් අභියෝග කල කීප දෙනාගෙන් එක් අයෙක් වශයෙන් මෙම පිළිතුර ඔහුට දීම මගේ යුතුකම හා වගකීමය.

දයාන් විසින් අපට කියවන්නට කියන පොල්පරාල ලිපියට 2007 දීම කලම්බු ටෙලිග්‍රාෆ් සමහර පාඨකයින් දක්වා ඇති ප්‍රතිචාර දයාන්ට ඒ සම්බන්ධයෙන් මට දිය හැකි උත්තරයය. කියුබාවේ බොහෝ අයට නොතේරෙන එම ලිපිය නිසා කියුබාවට යෑමට නොමිලේ ටිකට් එකක්ද දයාන්ට එව්වා නිසැකය. දයාන්ගේ පොල්පරාල ඉන්ගිරිස් පිස්සුව ඔහු විසින් සිය <ශිෂ්‍ය> සජිත් ප්‍රේමදාසටද බෝකර අවසාන බව සජිත් ඉන්ගිරිස් කතාකර ඩොලර් ගේන බවට කරණ කතා වලින් එලිවේ.

ජෝෂප් ස්ටාලින් හා ජේසුස්

තමන් චේ ගුවේරාගේ අයිතිකාරයා නැත්නම් පොඩි මස්සිනා යයි සිතමින් ලියන දයාන් චේ ව ජේසුතුමාට සමානකරන්නේ මුහුණේ හැඩරුව පමණක් නිසා නොවේ. එහෙත් ඒ සමඟම චේ මිනීමරු ස්ටාලින් ඇදහූ අයෙක් බවද පවසයි! මෙවැනි අවුල් දයාන්ගේ ප්‍රසිද්ධ දේශපාලන ගේම් එකේ අංගයකි. කොටින්ම කියනවා නම් ඔහු ඩබල්, ට්‍රිබල් ගේම් කාරයෙකි. පාට වෙනස් කරණ කටුස්සෙක් මෙන් ඔහුගේ දේශපාලන හැසිරීමේ මට මතක ඉතිහාසය මෙසේය:

[…. සුදත්ත තිලකසිරි නමින් සිය මිතුරු මාක්ස්වාදී තිසරනී වෙනුවෙන් ලිපි ලියමින්- උතුරු නැඟෙනහිර පලාත් සභාවේ ඇමතිවරයෙක්ව සිටිමින්- වර්ධරාජා පෙරුමාල්ට කලින් ප්‍රේමදාසගෙන් ගැලවී ඉන්දියාවට පැන යමින්- ප්‍රේමදාසගෙන් අභය දානය ලබා ආපසු කොළඹට පැමිණ ඔහුට දාසයෙක් මෙන් සේවය කරමින්- අන්තිමේදී කැරකී කැරකී මහින්ද රාජපක්ෂට ඉංගිරිස් උගන්නන්නට පාත්වී 2009 යුද ජයග්‍රණයෙන් සුමාන දෙක තුනක් ඇතුලත 13-A+ පොරොන්දුවී ජීනීවා වලදී රට ජාතිය හා හසළක වීරයා වැන්නන් පාවාදෙමින්- ඒ නිසාම රක්ෂාවෙන් වහාම ඉවත් කිරීමකට මුහුණ දෙමින්- ඉන්පසු ගොටාගේ වියත් මඟට රිංගා ගැනීමට ගත් වෑයම වැරදී කොට උඩ යමින්-දැන් සජිත් ගේ දේශපාලන පුරෝහිතයා වෙමින් කල්මරමින් සිටින (විදේශ ඇමතිකම ගැන සිතමින් ඉන්නා) දයාන් ඔහුගේ නම වෙනස් කිරීමේ සිටම අවංකභාවයක් නැති පංචස්කන්ධයකි. රනිල් වික්‍රමසිංහ නම් පංචස්කන්ධයට මේ දයාන්ව අරහංය…..]

ලංකාවේ හැරල්ඩ් ලැස්කි

ලංකාවේ නමගිය කළුසුද්දෙක්වූ මියගිය කාලෝ ෆොන්සේකා ඔහුගේ මේ දයාන් බෑණාව හැඳින්වූයේ මොඩර්න් හැරල්ඩ් ලැස්කි කියාය (ඔහුගේ අනිත් බෑණා වූයේ කාඩ්බෝඩ් වීරයෙකුවූ සංඝසමාජයට පහර දුන් රංජන් රාමනායකය). මර්වින් සිල්වාගේ පුතා වශයෙන් කළු සුද්දන්ට ලබාගත හැකි උපරිම වාසි උඩ හැඳුන-වැඩුන දයාන් පොත් පත් කියවා ලබාගත් විශාල දැණුම් සම්භාරයක් ඇති පංචස්කන්ධයකි. එහෙත් ඔහු හැසිරෙන උද්දච්ච (arrogance) ආකාරය ඔහු ලබාගත් දැණුමට නිග්‍රහයකි. ඔහු විසින් කලයුතුව තිබුණේ අරුන් සිද්ධාර්ථ්ට චේ ගුවේරා කෙනෙක් විය නොහැකි කෙසේදැයි තර්කාණුකූලව පෙන්වාදීම මිස මාක්ස්වාදය නමැති ආගම ගැන දේශනාවක් කියවන්නට යයි දන්වා එවීම නොවේ.

සරදියෙල් හා චේ ගුවේරා

චේ ගුවේරා තවත් ජේසු කෙනෙක් යයි සළකණ දයාන් මෙන් වහල් මනසක් මට නැත. චේ ගුවේරා කවුදැයි ලංකාවේ ජනයා දැන ගන්නේ 1971 JVP කැරැල්ල කාලයේ සිටය. මේ වනවිට ලංකාවේ පොදු ජනයා චේව සළකන්නේ හිතට එකඟව, පීඩිත ජනතාව වෙනුවෙන් ක්‍රියකර සිය ජීවිතය එය වෙනුවෙන් කැපකල අයෙක් වශයෙනි. ලංකාවේ මාක්ස්වාදි පක්ෂ දේශපාලකයින්ගේ වංචා සහගත ක්‍රියාකලාපය ඉදිරියේ චේ ගුවේරා ගැන ජනයාට සිතෙන්නේ ඔහු රොබින් හුඩ් කෙනෙක් සරදියෙල් කෙනෙක් වැනිය කියාය. බෞද්ධ ධර්මයට අනුව චේ ගුවේරාත් දුර්වලකම්වලින් පිරි පංචස්කන්ධයක් පමණය. මෙවන් පසුබිමක් යටතේ යාපනේ අරුන් සිද්ධාර්ත් චේ ගුවේරාට සමාන කලේ පසුගිය දශක තුනක් තුල සිය වාසිය ගැන නොසිතා පීඩිත දුගී දෙමළ ජනයා වෙනුවෙන් ඔහු කරගෙන යන කැපවීම නිසාය. අරුන් යනු දයාන් මෙන් චපල, අවස්ථාවාදී චරිතයක් නොව, ඉතිහාසයෙන්, අත්දැකීමෙන් පාඩම් ඉගෙනගෙන, දුක් විඳ හිස ඔසවන ක්‍රමයෙන් වර්ධනයවන චරිතයකි. චේගේ ජීවිතයද මෙවැනි පරිණාමයකට ලක්වූවායයි මම සිතමි. සරදියෙල් ගැන සිංහල ජනයාට සිහියට නැඟෙන චිත්‍රය මෙන් දෙමළ චේ ගුවේරා යයි කීමෙන් අරුන්ගේ කැපවීම ගැන යම් චිත්‍රයක් ජනයාට මැවෙන්නේය.

සයිමන් බොලිවාර්-කැප්පෙට්ටිපොල මහ දිසාව- අනාගාරික ධර්මපාල-හසලක වීරයා

උදාහරණයක් වශයෙන් අරුන්, සයිමන් බොලිවාර්-කැප්පෙට්ටිපොල මහ දිසාව- අනාගාරික ධර්මපාල කෙනෙක් හෝ හසලක වීරයා වැන්නෙක් යයි කීමට මට නොහැකිය. මගේ සීමිත දැනුම අනුව අරුන්ට ගැලපෙන්නේ චේ ගුවේරාගේ නමය. දයාන්ගේ මිත්‍ර විග්නේශ්වරන් ප්‍රභාකරන් දෙමළ කැප්පෙට්ටිපොල යයි කියන්නේත්, ලක්ෂ්මන් වික්‍රමසිංහ බිෂොප්වරයා චෙල්වනායගම්ට දෙමළ මෝසස් යයි කියන්නේත් කැප්පෙට්ටිපොල දිසාව හා මෝසස් ගැන ඔවුන් දෙන්නාට තිබූ ආකල්ප නිසාය. යාපනේ ගාන්ධි යයි සැළකුණ චෙල්වනායගම් අන්තිමේදී ශිවකුමාර් නම් මිනීමරුවාගේ රූපයට මල් මාලයක් දමා ගාන්ධිව පාවා දුන්නේය. යාපනේ චේ ගුවේරා ලෙස අරුන් සිද්ධාර්ථ් නම් කිරීමට පෙඩරල්-ඊළම්කාරයින්, ඉන්දියාව, බටහිර රටවල දේශපාලකයින්, NGO මුදලාලිලා ප්‍රමුඛ රටේ සියළුම කළු සුද්දන් පිරිස් විරුද්ධ  වන්නේ ඇයි? දකුණේ සිංහලයින් (ආණ්ඩු) සමඟ සහයෝගයෙන් ක්‍රියාකිරීමට ගිය/යන අනිත් හැම දෙමළ පංචස්කන්ධයකටම ටැමිල් ට්‍රේටර් යයි හංවඩු ගැසු දෙමළ පෙඩරල් ඊළම් කාරයින් අරුන්ට එසේ අතනොගසන්නේ ඇයි?

Balkanization of Lanka

පොල්පරාල ඉන්ගිරිස් වලින් ලියමින් සජිත් සමඟ ඔහේ පාවෙමින් සිටිනවා හැර දෙයක් මේ දිනවල දයාන්ට නැත. රට කැඩීමේ ව්‍යාපාරයේ එක් පිළිකාවක් නම් මේ දයාන්ය. රට කැඩීමේ ව්‍යාපාරය යනු සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය, සිංහල ජාතිය, භාෂාව ලෝක සිතියමෙන් අතුගා දැමීමේ උත්සාහයමය. මාක්ස්වාදීන්, චන්ද්‍රිකා, රනිල්, සජිත්, ඩලස් හා කොළඹ තරුණ බෞද්ධ සංගමයේ (YMBA) සභාපති පවා දැන හෝ නොදැන මෙම උගුලට අසුවී සිටී. හාමුදුරුවරුන්ට බුද්ධාගම කියා දෙන බ්‍රදර් චාල්ස් තෝමස්, තමන් දෙමළ බෞද්ධයෙක් යයි කියාගන්නා සුරේන් රඝුවාන් වැනි ගේම්කාරයින් ඉදිරියේ අරුන් සිද්ධාර්ථ් ජනප්‍රිය වෙමින් සිටී. දයාන්ගේ දෙවියන්ගේ නම අරුන්ට ආරුඪ කිරීම ගැන දයාන් පරලවී සිටින්නේ ඒ නිසාය.

මෙම උගුලට, මෙම ව්‍යාපාරයට විරුද්ධව තනියෙන් බිම් මට්ටමින් දැනට සටන් කරණ එකම ද්‍රවිඩයා අරුන්ය. බොදු බල සේනාවේ ඥානසාර හිමියන් මෙන් අරුන්ද පාර්ලිමේන්තුවේ සිටිය යුතුය. දයාන් විසින් කල යුතු අරුන්ගේ මතවාදය සිය <හැරල්ඩ් ලැස්කි> මොළයෙන් පරාදය කිරීමය. නැතහොත් මගේ මුල් ලිපියට සාධාරණ පිළිතුරක් සැපයීමය. ඔහුට එවන් ආත්ම ශක්තියක් තිබේද?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress