අපරාධයක සංකේතීය ලක්ෂණ: 2019 පාස්කුව, ඇමෙරිකාව ‘ආසියාව වෙතට හැරීම’ සහ ඉන්දිය සාගරය යටත්විජිතහරණය සඳහා කෙරෙන හඬගෑම
Posted on April 24th, 2023

ධරිණී රාජසිංහම් සේනානායක

අපරාධයක සංකේතීය ලක්ෂණ: 2019 පාස්කුව, ඇමෙරිකාව ‘ආසියාව වෙතට හැරීම’ සහ ඉන්දිය සාගරය යටත්විජිතහරණය සඳහා කෙරෙන හඬගෑම

ඉන්දියානු සාගරය ලෝකයේ බලශක්තිය පිළිබඳ අන්තර් රාජ්‍යයක් වීම හේතුවෙන් චීනය නුදුරු අනාගතයේදීම එය තුළ සිය නාවික බලය ශක්තිමත් කරගැනීමට කටයුතු කරනු ඇත.දකුණු ශ්‍රී ලංකාව තුළ මේ ආකාරයේ වරායක් ඉදිකිරීම සැබෑ භූ දේශපාලනික වැදගත් කමකින් යුතුය.” – රොබර්ට් ඩි කප්ලාන්, Monsoon නම් කෘතියේ කර්තෘ[1]

අපරාධයක් යනු අත්‍යාවශ්‍යයෙන්ම නිර්වචනය කිරීමේ විද්‍යාව තුළ සිදුවන අර්ථගැන්වීම සහ සංකේතීයකරණය පිළිබඳ දෙයකි. මාර්සෙල් ඩනේසි (Marcel Danesi)

ශ්‍රි ලංකාවේ 2019 දී සිදු වූ පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් සති 6ක ට පසුව සවුදි අරාබිය දැනුවත්ව හෝ වක්‍ර ලෙස ඒ සඳහා මුදල් ලබා දී ඇති බව මෙන්ම ප්‍රහාරය සිදුවන බවට කල්තබා දැනුම් දීමක් සිදුව ඇති බව ද කොළඹ රාජ්‍යතාන්ත්‍රික කවයන් සහ සිවිල් බුද්ධිමතුන් අතර අතර විවෘත රහසක් විය. ඉතාම සැක කටයුතු ලෙස එම ප්‍රහාරයෙන් දින දෙකකට පසුව ඉස්ලාමීය රාජ්‍ය (Islamic State-ISIS)” විසින් ප්‍රහාරයේ වගකීම භාරගත් අතර හොලිවුඩ් පන්නයේ කම්පනයන් සහ ව්‍යසනයන් සිදු කෙරෙන එවැනි ප්‍රහාරයක් දියත් කිරීම මගින් වාසි ලබාගැනීමේ හැකියාව ඇමෙරිකාවට තිබිණි. මේ අතර වයිට්ස්ට්‍රීම් (Whitestream) නම් ඊශ්‍රායෙල් පුවත් ඒජන්සියක් විසින් වාර්තා කර සිටියේ එකී ප්‍රහාරය සඳහා මුදල් සපයන ලද්දේ බිට්කොයින් විසින් බවය. නමුත් මෙම වාර්තාවට එරෙහිව බිට්කොයින් සමාගම විසින් නඩු පවරන බවට දැනුම් දීමෙන් පසු එම ආඛ්‍යානය හකුළා ගනු ලැබිණි.

ශ්‍රි ලංකාව 70%ක් පමණවන බෞද්ධ බහුතරයක් සහිත රටක් වන අතර හින්දු, මුස්ලිම් සහ ක්‍රිස්තියානි ප්‍රජාවන් 10% බැගින් වේ. එහෙයින්  ක්‍රිස්තියානි-මුස්ලිම් ශිෂ්ටාචාරයන් අතර ගැටුමක් ” පිළිබඳ යුරෝ ඇමෙරිකානු ආඛ්‍යානයට ක්‍රිස්තියානි සහ මුස්ලිම් ප්‍රජාවන් අතර ඓතිහාසික වශයෙන් සාමකාමී සහජීවනයක් පවතින මෙම දිවයින තුළ ඇත්තේ අවම වලංගුතාවයකි. තෝරාගත් ක්‍රිස්තියානි දේවස්ථාන සහ සුඛෝපභෝගී හෝටල් ඉලක්ක කරමින් දියත් කරන ලද මෙම පාස්කු ප්‍රහාරය සැලසුම් කරන ලද මහමොළ කරුවන් විසින් මෙම කරුණ සම්බන්ධයෙන් ව්‍යාකූලතාවයක පසු වූ බවක් පෙනෙන්ට තිබේ.
පාස්කු ප්‍රහාර හේතුවෙන් සති කීපයක් රට අස්ථාවර සහ අකර්මණ්‍ය වීමෙන් පසුව එක්සත් ජනපදය විසින් රට තුළ විරෝධයට ලක් වූ හමුදා ස්ථානගත කිරීම පිළිබඳ ගිවිසුම ”හෙවත් SOFA (A status of forces agreement) සහ සහස්‍රයේ අභියෝග පිළිබඳ සහයෝගිතා ගිවිසුම ”(Millennium Challenge Corporation- MCC) අත්සන් තැබීමට සැලසුම් කර තිබිණි. ඒ සිංගප්පූරුවේදී පැවැති ආසියා පැසිෆික් කලාපීය ආරක්ෂාව පිළිබඳ අන්තර් රාජ්‍ය සම්මේලනය වන ෂැංග්‍රිලා සංවාදය ” (Shangri la Dialogue) ට පසුව සිදුවීමට නියමිතව තිබූ එක්සත් ජනපද නියෝජ්‍ය ආරක්ෂක ලේකම් පැට්‍රික් ෂැනහන්ගේ ලංකා සංචාරයේදිය.

ඇමෙරිකා එක්සත් ජනපද රජය සහ ශ්‍රී ලංකා රජය විසින් අත්සන් තබා ඇති SOFA (A status of forces agreement) ගිවිසුම මගින් පාස්කු ප්‍රහාරය වැනි හදිසි අවස්ථාවකදී” ඉස්ලාමීය ත්‍රස්තවාදය මැඩපැවැත්වීම” සඳහා ද ශ්‍රි ලංකා රජයට එහි ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයට සහාය වීම ” සඳහා ද එක්සත් ජනපද හමුදාවන්ට ඉන්දියානු සාගරය තුළ උපාය මාර්ගික වශයෙන් වැදගත්කමක් සහිත භූගෝලීය පිහිටා ඇති මෙම දිවයිනට ඇතුළු වීමට අවස්ථාව ලබා දී තිබේ.

ශ්‍රි ලංකාව තුළ ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ ක්‍රියාකාරිත්වය සහ කටුක භූ දේශපාලනික පාඩම් පිළිබඳ චක්‍රය

පාස්කු ප්‍රහාරයෙන් පසු ශ්‍රි ලංකාව අවදානම් සහගත රටක් ලෙස නම් කරමින් බොහෝ රටවල් විසින් පනවා තිබුණ සංචාරක තහනම සති 6කින් පසු ඉවත් කිරීම මගින් පැහැදිලි වූයේ තවදුරටත් ප්‍රහාර එල්ල නොවන බවට එම රටවල් වෙත ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය හෝ කිසියම් ප්‍රබල රාජ්‍යයක් විසින් සහතික කර ඇති බවය. කොළඹ විදීවල අමෙරිකන් විරෝධී හැඟීම් උත්සන්න වෙමින් පැවතීම පැහැදිලිව දැකගත හැකි විය විශාල ගෝලීය බලවේගයක් දිවයින වටා කැරකෙමින් එය ගොදුරු කරගැනීමට සැරසෙමින් සිටින බවට හැඟීමක් විය. සී.අයි.ඒ සංවිධානය විසින් පාරිසරික සහ ආර්ථික විනාශයන් සිදු කරමින් සමාජයන් යටත් කිරීමට කටයුතු කරමින් අධිරාජ්‍යයේ ආර්ථිකමය සහ ආරක්ෂක අවශ්‍යතාවන් ඉටු කරන්නා ආකාරය විස්තර වන නයෝමි ක්ලයින්ගේ ආපදා ධනවාදයේ නැගීම”(the rise of Disaster capitalism) නම් කෘතිය ශ්‍රි ලංකාවේ පළවන ඉංග්‍රිසි පුවත්පතක් වන දි අයිලන්ඩ්හි විසින් උපුටා දක්වා තිබිණි.[2]

පාස්කු විනාශය පිළිබඳ කම්පනය ක්‍රමයෙන් වියැකී යන විට සාක්ෂි සහිතව හෙළිදරවු වූ තොරතුරු අනුව ප්‍රහාරයේ අරමුණු සහ අපරාධයේ සැලැස්ම පිළිබඳව ප්‍රශ්න මතුවන්නට පටන් ගෙන තිබිණි.ඉස්ලාමීය රාජ්‍ය නම් සංවිධානය මෙම ප්‍රහාරයට සම්බන්ධ බවට ජාත්‍යන්තර විශේෂඥයන් ඉදිරිපත් කරන ලද ආඛ්‍යානයත් මෙම ප්‍රහාරය පිටුපස ඇමෙරිකාවේ හස්තය පවත්නා බවට ලංකාව තුළ වූ පැවැති දැක්මත් අතර විභේදනය වර්ධනය වෙමින් පැවැතිණි.එක්සත් ජනපද නාවික හමුදා බුද්ධි නිලධාරියෙකු වූ ටෝනි කාර්ටාලුච්චි(Tony Cartalucchi) විසින් කරන ලද හෙළිදරවු කිරීමකට අනුව ඉරාකය ආක්‍රමණය කිරීමෙන් පසුව සිරියාව නීතිවිරෝධී ලෙස ආක්‍රමණය කිරීම සඳහා එක්සත් ජනපදය විසින් අරමුණු සහිතවම ISIS සංවිධානය නිර්මාණය කරන ලද අතර එක්සත් ජනපද මිලිටරියේ ගෝලීය ව්‍යාප්තිය සාධාරණීකරණය සඳහා එය විසින් ISIS සංවිධානය දිගටම ප්‍රයෝජනයට ගනු ඇත.[3]

සියවස් ගණනාවක් තිස්සේ යුරෝපීය යටත්විජිතවාදය ද නිදහස ලැබීමෙන් පසු සිදු වූ යුරෝ-ඇමෙරිකන් ආක්‍රමණය ද විසින් ඉන්දීය සාගරයේ උපායමාර්ගිකව වැදගත් ස්ථානයක පිහිටි සිලෝන් නැතහොත් ශ්‍රි ලංකාව නැමැති දිවයිනේ සාමාන්‍ය ජනතාව පටු දැක්මක් සහ ජාතිකවාදි මනෝභාවයක් සහිත දූපත්වාසින් බවට පත් කරන ලදුව අනපේක්ෂිත ලෙස පාස්කු ප්‍රහාරයට අරමුදල් සපයන ලද්දේ කවුරුන් විසින් ද, අභිරහස් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය මෙහෙයවන්නේ කවුරුන් විසින්ද යන ප්‍රශ්න ඔවුන් හමුවේ මතුවිය. ඒ සමගම ඔවුහු රටේ උපායමාර්ගික සහ භූ දේශපාලනික අනාගතය පිළිබඳ කටුක පාඩම් පිළිබඳ චක්‍රයක් හරහා ගමන් කරමින් සිටින බව පෙනෙන්ට තිබේ.

කම්පනයන් සහ ත්‍රස්තවාදින් මෙන්ම ආර්ථික සහ පාරිසරික විනාශයන් විසින් ද දේශපාලනිකව වැඩිහිටියන් බවට පත්වීමට අවශ්‍ය පාඩම් සම්පාදනය කර තිබේ. එහෙත් එයින් ප්‍රයෝජනයක් ගත හැක්කේ සිදු වෙමින් පවතින කිසිවකින් පාඩම් ඉගෙනීමේ සමත් බවක් පෙන්නුම් නොකරන දේශීය සහ ගෝලීය දේශපාලන නායකයන් විසින් අඩු තරමින් මේ සිදුවන්නේ කුමක්දැයි තේරුම් ගැනීමට දැන්වත් උත්සාහ දරන්නේ නම් පමණි.

ජනාධිපති ට්‍රම්ප්ගේ ආසියාව වෙත හැරීම: අභිරහස් ප්‍රහාරයන්ගේ රටාව

තමන් ජනාධිපති තනතුර දරන ලද අවසාන දිනයේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉන්දු පැසිෆික් කලාපයේ ඇමෙරිකානු බලය ශක්තිමත් කිරීමට අදාළ පනතකට අත්සන් තබන ලදි. මෙම පනත ආසියානු පුනරාක්ෂණ සමාරම්භක පනත (Asia Reassurance Initiative Act- ARIA) නම් විය. එය පරම්පරා ගණනාවක් තුළ ඇමෙරිකානු කලාපීය අවශ්‍යතාවන් සුරක්ෂිත කිරීම සඳහා පෙරට දමන ලද වඩාත්ම විස්තීර්ණ ප්‍රකාශනය ලෙස සැළකිය හැකිය.මේ පනත මගින් ජපානය,ඉන්දියාව, දකුණු කොරියාව සහ තායිවානය යන දකුණු සහ නැගෙනහිර ආසියාතික රටවල් සමග මිලිටරිමය,රාජ්‍ය තාන්ත්‍රික සහ ආර්ථික සම්බන්ධතා වර්ධනය කරගනු පිණිස 2023 සිට වාර්ෂිකව ඇමෙරිකන් ඩොලර් බිලියන 1.5ක් වියදම් කිරීම අනුමත කර තිබේ.

ආපසු හැරී බලන විට පෙනී යන්නේ ඉස්ලාම් රාජ්‍ය සංවිධානය විසින් ලංකාවේ දී දියත් කරන ලද ප්‍රහාරයන් වූ කලී ඒ් අවස්ථාවේදී ඊට සමාන්තරව දකුණු සහ දකුණු ආසියාතික කලාපය තුළ දේශපාලන අසහනය ඇති කිරීමට හේතු වූ අභිරහස් විශාල ප්‍රහාරක රටාවක කොටසක් බවය.
1. ඉන්දියානු මැතිවරණ සමය ආරම්භ වූ පසුව පෙබරවාරි 15 වැනි දින ඉන්දු පකිස්ථාන කාශ්මීර දේශ සීමාවේ යුද්ධමය තත්ත්වයක් වර්ධනය වන පරිදි පුල්වාමාහි උත්සන්න වූ ගැටුම්
2. අප්‍රේල් 19 වැනි පාස්කු ඉරිදා ලේ විලක් බවට පත් කරමින් අභිරහස් IS සංවිධානය විසින් දියත් කරන ලද ප්‍රහාරය
3. විශාල වැඩි ඡන්ද ප්‍රමාණයක් සහිතව ඉන්දුනීසියාවේ ජනප්‍රිය ජනාධිපතිවරයා වූ ජොකො විඩෝඩෝ නැවැත බලයට පත් වූ විට එයට එරෙහිව ජාකර්තාවේ දියත් වූ ප්‍රචණ්ඩ විරෝධතා ව්‍යාපාරය
4.හොංකොංහි පැවැත්වෙමින් පැවැති දේශපාලන අසහනය සහ විරෝධතා
එම වසරේ පසුකාලීනව මැතිවරණ පැවැත්වීමට ආසන්න වෙමින් පැවැති අතර එක්සත් ජනපදයේ රූකඩයක් වූ නව ලිබරල්වාදි අගමැතිවරයා සහ ඔහුගේ සම්බන්ධතා ජාලය බලයේ තබාගැනීම සඳහා බාහිර බලවේගයන් විසින් මෙහෙයවන සංවිධාන විසින් මුස්ලිම්-බෞද්ධ ගැටුමක් ඇති කිරීමට කිසිදු උත්සාහ දරමින් සිටින බවට සැකයකින් තොරවම සනාථ වෙමින් පැවතිණි.

2019 සැප්තැම්බර් මාසයේදී ජනාධිපති ජොකෝ විඩොඩෝගේ රජයට එරෙහිව පාර්ලිමේන්තුව ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයක්

දකුණු නැගෙනහිර ආසියාවේ විශාලතම ආර්ථිකය ඉන්දුනීසියානු ආර්ථිකයයි. 2050 වන විට එය චීනයට, ඉන්දියාවට සහ එක්සත් ජනපදයට පසු 4 වන විශාලම ආර්ථිකය සහිත රට බවට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.ඉන්දුනියාවේ හටගත් විරෝධතා ව්‍යාපාරයේ උත්සාහය වී ඇත්තේ චීන විරෝධී ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ කිරීම යැයි ඉන්දුනිසියානු පොලිසිය සැක කරන බව බීබීසියේ කරිෂ්මා වස්වානි විසින් වාර්තා කර තිබිණි. සිය රට තුළ චීන ආයෝජනයන් දිරිගන්වමින් සිටි ඉන්දුනීසියානු ජනාධිපති ජෝකෝ විඩෝඩෝගේ රජය අස්ථාවර කිරීමත් ඔහු නැවැත බලයට පත්වීම වැළැක්වීම සඳහා චීන විරෝධය ඔහු වෙත යොමු කිරීමත් මෙම විරෝධතාවන්ගේ අරමුණ ලෙස සැළකිය හැකිය. කෙසේ වුව ද ඉන්දුනීසියාවේ වෙසෙන චීන ඉන්දුනීසියානු සුළුතර ප්‍රජාව ආර්ථිකමය වශයෙන් මැලේ ඉන්දුනීයන් ප්‍රජාවට වඩා ධනවත් යැයි ඇතැම් කොටස් තුළ විරෝධතාවන්ට ලක් වී තිබිණි.
ආගම්වාදි සමාජ අසහනයක් ඇති කිරීමට හේතු වූ මෙම අද්භූත ත්‍රස්ත ප්‍රහාරයන් විසින් නිර්මාණය කරන ලද ගැටුම්කාරි වාතාවරණය ඉන්දියාව සහ ඉන්දුනීයාව වැනි රටවලදී මැතිවරණ වලින් පසු ඉක්මණින්ම වියැකී ගිය නමුත් ඒවා මුස්ලිම් ප්‍රජාව ත්‍රස්තවාදින් ” ලෙස මතයක් නිර්මාණය කිරීමට දායක වී තිබේ. බොහෝ අවස්ථාවලදී චීන ආයෝජන සහ චීන ව්‍යාපාරික හවුල්කරුවන් මෙම ප්‍රහාරවල ඉලක්ක බවට පත්වී තිබිණි.

ඉන්දීය ගුවන් හමුදාවේ ගුවන් නියමු වින්ග් කමාන්ඩර් අභිනන්දන් වර්තමාන් පකිස්තාන අත් අඩංගුවෙන් නිදහස් කළ පසුව යළි ඉන්දියාවට පැමිණි අවස්ථාව

පකිස්ථානය සහ ඉන්දියාව අතර රාජ්‍යතාන්ත්‍රික සන්නිවේදනයක් නොමැති තත්ත්වයක් තුළ පුල්වාමා ප්‍රහාර වලදී පකිස්ථාන අත් අඩංගුවට පත් ඉන්දීය ගුවන් හමුදා නියමු වින්ග් කොමාන්ඩර් අභිනන්දන් වර්තමාන් පැය 60ක් ඇතුළත නිදහස් කරගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධීකරණයට මැදිහත් වූයේ එක්සත් ජනපදය, සවුදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය වන රටවල්ය.එමගින් දෙරට අර යුද ගැටුම් තත්ත්වයක් ඇතිවීම වැළැක්විණි. ගැටුම්කාරි තත්ත්වයන් සහ විනාශයන් නිර්මාණය කිරීමත් අනතුරුව මානුෂික ආධාර සහ සාමය ඇතිකිරීමට උපදෙස් සහ ආධාර සැපයීමේ මුවාවෙන් රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමත් ඒ අතරම දියුණු සහ මිල අධික අවි ආයුධ එම රටවලට අලෙවි කිරීමත් එක්සත් ජනපදය විසින් මෙහෙයවන ගෝලීය මිලිටරි-ව්‍යාපාරික- බුද්ධි තොරතුරු සහ මෙහෙයුම් නිෂ්පාදන සංකීර්ණයේ ඩොලර් බිලියන ගණන් වටිනා ජාවාරමකි.

මෙම සියලු ප්‍රහාර සිදු වූයේ දිගුකලෙක සිට අපේක්ෂා කරන ලද ජාත්‍යන්තර අධිකරණය (International Court of Justice-ICJ) විසින් බ්‍රිතාන්‍ය සහ එක්සත් ජනපදය ඉන්දියන් සාගරයේ දියාගෝ ගාර්ෂියා දූපත් නිර්විජිතකරණය කළ යුතුය නැතහොත් එහි මුල් පදිංචිකරුවන්ට පවරා ඉවත් විය යුතුය යනුවෙන් දෙන ලද තීන්දුවෙන් අනතුරුවය.දියාගෝ ගාර්ෂියා දූපත පිහිටා ඇත්තේ මාලදිවයිනට දකුණෙන් වන අතර ඉන්දීය සාගරයේ කලාපීය ආරක්ෂාව සහ ඇමෙරිකානු ජාතික අවශ්‍යතා ආරක්ෂා කිරීමට යැයි කියමින් එහි පිහිටුවා ඇති ඇමෙරිකන් මිලිටරි කඳවුර තවදුරටත් එහි සිය පැවැත්ම සාධාරණීකරණය කරගැනීම සඳහා ඉස්ලාමී රාජ්‍ය සංවිධානයේ ත්‍රස්තවාදයට එරෙහිව සටන් වැදීමේ උවමනාව හුවා දක්වයි.ඒ අතරම එය සී.අයි.ඒ සංවිධානයේ නීති විරෝධී රැඳවුම් කඳවුරක් ලෙසද භාවිතා වෙයි.
විවාදාත්මක ලෙසම ඔබාමා රජය චිත්තාකර්ෂණීය ප්‍රචාරක ව්‍යාපාරයක් මගින් සිදු කරන ලද ආසියා විවර්තනිය වෙනුවට (pivot to Asia) ට්‍රම්ප්ගේ රජයේ ආසියානු ප්‍රවේශය ආක්‍රමණශීලි එකක් විය.ශ්‍රී ලංකාව ඉරානය සහ චීනය යන දෙරට කරා විහිදෙන නාවික මාර්ගයේ අතර මැද උපාය මාර්ගිකව වැදගත් ලක්ෂ්‍යක පිහිටා තිබේ. ලෝකයේ ඉතාම කාර්ය බහුල බලශක්ති ප්‍රවාහනය සහ වෙළඳාම සිදුවන්නේ මෙම ලක්ෂ්‍යය හරහාය.එමෙන් ජාත්‍යන්තර මුහුදු යට සන්නිවේදන කේබල් මාර්ග වල සන්ධිස්ථානයද (Undersea Cable Routes-UDC) ලාංකීය විස්තීර්ණ සමුද්‍ර ආර්ථික කලාපය තුළ පිහිටා තිබේ. රොබර්ට් කප්ලාන් විසින් මෙම කලාපය ලෝකයේ බලශක්ති අන්තර් රාජ්‍යය” ලෙස හඳුන්වා ඇත්තේ ඒ නිසාය. එක්සත් ජනපදය විසින් මෑතකදී සොයාගන්නා ලද ඉන්දු පැසිපික් කලාපයේ ” පශ්චාත් පාස්කු ප්‍රහාර වර්ධනයන් තුළ එය විසින් චීනයට එරෙහිව දියත් කර ඇති සීතල යුද්ධය ක්‍රමයෙන් ඉන්දීය සාගරය තුළටද ව්‍යාප්ත වෙමින් පවතී. එක්සත් ජනපද යුද්ධ නෞකාවන් ඉරානයට නුදුරින් ද දකුණු චීන මුහුදේද ස්ථාන ගත කර ඇති අතර ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයේ තෙල් වෙළඳාමට එරෙහිව සම්බාධක පනවා තිබේ. මෙම කලාපයේදී නෞකාවන් වෙත ප්‍රහාර එල්ල කිරීම් සිදු වූ අතර ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය විසින් ඒවායේ වගකීම බාරගෙන නැත. බටහිර උගත් දැනුවත් ” විශේෂඥයන් විසින් මෙම ප්‍රහාරයන්වලට ඉරානය සම්බන්ධ යැයි අදහස් දක්වා තිබේ.

විශේෂඥයන්ගේ නියමයන් සහ ආගම අවියක් බවට පත් කිරීම

තමන්ට හුරුපුරුදු කඳු සහ කාන්තාර ආශ්‍රිත භූගෝලීය වටපිටාවකට වඩා ඈත ඉන්දීය සාගරයේ පිහිටි දිවයිනක් සිය ප්‍රහාරය සඳහා තෝරාගත්තේ මන්දැයි යන්න ගැන කෙස් පලන තර්ක” ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකාවේ අප්‍රේල් ව්‍යසනයෙන් පසු ජාත්‍යන්තර ත්‍රස්තවාදී විශේෂඥයින් විසින් පරස්පර විරෝධී ප්‍රකාශ සහ ආඛ්‍යානවල මීදුමක් නිර්මාණය කරන ලදි.

ඔවුන් විසින් යෝජනා කරන ලද හේතූන් මෙසේය.
1. ශ්‍රි ලංකාව එයට වසර 10කට පෙර ලෝකයේ බිහිසුණුම ත්‍රස්තවාදි සංවිධානයක්” ලෙස සැලකුණ LTTE සංවිධානය පරාජය කිරීමට සමත්වීම පිළිබඳ කාරණයේ අදාලත්වය කුමක් වුව ද ශ්‍රී ලංකාවේ අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර පැවැති ගැටුම් ‍හේතුවෙන් ශ්‍රි ලංකාව පහසු ඉලක්කයක් ලෙස තෝරාගැනීමට ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය ක්‍රියාකර තිබේ.
2). සිරියාවේදී සහ ඉරාකයේදී ලද පරාජයන්ට පසුව සිය ප්‍රතිරූපය නංවාගැනීමේ උවමනාව අනුව ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය ශ්‍රි ලංකාව තුළ සිය ප්‍රහාරයන් දියත් කර තිබේ.
3. ශ්‍රි ලංකා ජනාධිපතිවරයාගේ සහ පොලිසියේ අවධානයේ දකුණු පළාත්වල මත්ද්‍රව්‍ය වසංගතය වෙත යොමු ව තිබීම

කෙසේ වුව ද බංග්ලාදේශ් ආරක්ෂක විශේෂඥයෙකු විසින් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය විසින් නේපාලය හෝ එවැනි අනෙකුත් දූෂිත දේශපාලන නායකත්වයක් සහිත දුර්වල රටක් තෝරා නොගත්තේ මන්ද යන ප්‍රශ්නය මතු කර තිබේ. සමහර ජර්මන් සහ බ්‍රිතාන්‍ය බුද්ධි විශේෂඥයන් විසින් පවසා ඇත්තේ ප්‍රහාරය පිළිබඳ වගකීම ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය වෙත පැවරෙන ඡායාරූප සහ ආඛ්‍යානයන් ද ව්‍යාජ ලෙස නිර්මාණය කරන ලද ඒවා බවයි.ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ නායක අල් බග්දාදි ගේ කතාව දැක්වෙන වීඩියෝවේ අව්‍යාජත්වය ගැන ප්‍රංශ සහ අරාබි විශේෂඥයන් විසින් ප්‍රශ්න මතු කර තිබේ. එම වීඩියෝවේ ශබ්ද පථය එයට පසුව ඇතුළත් කරන ලද්දක් බව සනාථ වීම ඊට හේතුවයි. මේ අනුව පාස්කු ප්‍රහාරය ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය කරන ලද්දේ යැයි කියැවෙන ආඛ්‍යානය පිටුපස සිටින්නේ කවුද එයට අරමුදල් සපයන ලද්දේ කවුරුන් විසින් ද, එම ප්‍රහාරයට දායක වී ඇත්තේ කවුද, ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය පාවිච්චි කර ඇත්තේ කවුුරුන් විසින් ද යන ප්‍රශ්න නැවත වතාවක් මතුවේ.

රොහාන් ගුණරත්න

එක්සත් ජනපද මිලිටරි ව්‍යාපාර සහ බුද්ධි නිෂ්පාදන සංකීර්ණයන්ට සම්බන්ධ අයෙකු යැයි සැලකෙන සිංගප්පූරුවේ පදිංචි විශේෂඥයෙකු වන රොහාන් ගුණරත්න විසින් සඳහන් කර ඇත්තේ ඇමෙරිකාව විසින් සිය හමුදා කේන්ද්‍රස්ථානයක් පිහිටුවීම සඳහා උනන්දුව දක්වන මූලෝපායික වශයෙන් වැදගත් ශ්‍රි ලංකාවේ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලයේ ගැඹුරු මුහුදක් සහිත වරාය ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය විසින් ද සිය කැලිෆේටයට අන්තර්ගත කරගැනීමට අපේක්ෂා කරන බවය. මේ අතර එක්සත් ජනපද විදේශ ප්‍රතිපත්තිය සහ මිලිටරිමය මෙහෙයුම් සඳහා උපදෙස් සපයන විශේෂඥයන්ගෙන් සමන්විත රාන්ඩ් කොපරේෂන් ආයතනයට සම්බන්ධ මානව විද්‍යාඥයෙකු සහ විශේෂඥයෙකු වන ජෝනා බ්ලාන්ක් ට (Jonah Blank) අනුව ඉස්ලාමීය රාජ්‍ය සංවිධාන ක්‍රියාත්මක වන්නේ ( Mac Donald හෝ KFC සමාගම් මෙන්) සිය කාර්යයන් කොන්ත්‍රාත් පදනමින් වෙනත් සංවිධානවලට පැවරීමේ මොඩලය මත බවය.එයින් ඔහු ඇඟවීමට තැත් කරන්නේ ඉස්ලාමීය සංවිධානය විසින් මෙම ප්‍රහාරයන් ශ්‍රි ලංකාවේ දේශිය මුස්ලිම් අන්තවාදි සංවිධාන යොදාගනිමින් සිදු කරන්නට ඇති බවය.
ප්‍රධාන රාමුව තුළ මුල්ලාවරුන් (Mullahs on the main frame)” යන කෘතියේ කතුවරයා ජෝනා බ්ලෑන්ක්ය.ඉන්දුනීසියාවේ චීන විරෝධය මත පදනම් වූ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ පවතින විට ජෝනා බ්ලාන්ක් සිටියේ එහිය. එම අවස්ථාවේදී ඔහුගෙන් ශ්‍රි ලංකාවේ පාස්කු ත්‍රස්තවාදි ප්‍රහාරයන් සම්බන්ධව විමසන ලදුව ඔහු පවසා සිටියේ එක්සත් ජනපදයේ සමාගම් ක්‍රියාත්මක වන ව්‍යාපාරික මොඩලය මත ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය පදනම්ව ඇති බවය. නවසීලන්තයේ මුස්ලිම් පල්ලි දෙකකට එරෙහිව එල්ලවූ ප්‍රහාරය සහ ශ්‍රි ලංකාවේ කතෝලික පල්ලිවලට එරෙහිව එල්ල වූ ප්‍රහාරය අතර සම්බන්ධතාවක් පවතින බව ඇඟවීමට ද බ්ලාන්ක් එම සම්මුඛ සාකච්ඡාවේදී බ්ලාන්ක් විසින් උත්සාහ දරා තිබේ. කෙසේ වුව ද නවසීලන්ත අගමැතිනිය ශ්‍රි ලංකාවේ සහ නවසීලන්තයේ සිදුවීම් අතර සම්බන්ධතාවක් ඇතැයි යන මතය දැඩි ලෙස ප්‍රතික්ෂේප කර ඇත.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ පාස්කු ප්‍රහාරය හෙළා දකිමින් නිකුත් කරන ලද ප්‍රකාශය (සිංහල පරිවර්තනය කොළඹ එක්සත් ජනපද කාර්යාලය විසිනි)

මේ අතර පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ ඉස්ලාමීය රාජ්‍ය සංවිධාන ආඛ්‍යානය යොදාගනිමින් මුස්ලිම් භීතිකාවක් ව්‍යාප්ත කිරීමටත් මුස්ලිම් ජනතාවට ප්‍රහාර එල්ල කිරීමට ආරාධනා කරමින් සාමය විනාශ කිරීමටත් දැරෙන උත්සාහය පිටුපස ඇති සැඟවුණු හස්තයක් ගැන සඳහන් කිරීම මගින් ද ශ්‍රී ලංකාවේ ප්‍රහාරවලට IS වගකිව යුුතු යැයි පැවසෙන පොදු සහ දූෂමාන ප්‍රකාශයන් ප්‍රශ්න කිරීම මගින් ද කොළඹ අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් විසින් ඇණය ඔළුවටම ගසා තිබේ. අන්තර් ශිෂ්ටාචාර ඝට්ටනය” පිළිබඳ ආඛ්‍යානය මෙන්ම ඉස්ලාමීය රාජ්‍ය ආඛ්‍යානය ද මුස්ලිම් භීතිකාවක් සහ මුස්ලිම් විරෝධී හැඟීම් උත්සන්න කිරීම සඳහා ලෝකය පුරාම විශාල වශයෙන් යොදා ගැනෙන ආඛ්‍යානයකි. එම සෙල්ලම ශ්‍රි ලංකාව තුළද ක්‍රියාවට නංවන ලද නමුත් ශ්‍රි ලාංකීය මුස්ලිම් ප්‍රජාවට ක්‍රිස්තියානි පල්ලිවලට ප්‍රහාර එල්ලකිරීමට හේතුවන කිසිදු ඓතිහාසික සාධකයක් හෝ ඔවුන් තුළ ඒ සඳහා පවතින අරමුණක් පිළිබඳව හෝ කිසිදු සාක්ෂියක් නැත.මක් නිසාදයත් ක්‍රිස්තියානි සහ මුස්ලිම් යන ආගමික ප්‍රජාවන් දෙකම බෞද්ධ බහුතර ප්‍රජාවක් වෙසෙන දිවයින තුළ සුළුතර ප්‍රජාවන් ලෙස සැලකෙන බැවිනි. එහෙයින් ශ්‍රි ලංකාවේ ක්‍රිස්තියානි ජනතාවට එරෙහිව එල්ලවන ප්‍රහාරයන් පිළිබඳ ප්‍රහේලිකාව විසඳාගැනීමට අප විසින් අපගේ අවධානය යොමු කළ යුතුව ඇත්තේ දේශිය වාර්ගික හෝ ආගමික සම්බන්ධතා කෙරෙහි නොව බාහිර භූ දේශපාලනික බලවේග සහ ක්‍රියාකාරිත්වය කෙරෙහිය.

සිංහාසන ක්‍රීඩාව

අවසාන විග්‍රහයේදී දෝෂාරෝපණ ක්‍රීඩාවේ යෙදීම ” මෙන්ම බාහිර බලවේග විසින් මෙහෙයවනු ලබන දේශිය දේශපාලනඥයන් සහ බුද්ධි අංශ නම් කිරීමට දරන උත්සාහයන් කාලය නාස්ති කිරීමකි. බෙදා වෙන්කිරීම, අවධානය වෙනතකට යොමු කිරීම, මං කොල්ලකෑම සහ යටත් විජිතකරණය ආදියෙන් සමන්විත භූ දේශපාලනික ක්‍රිඩාව තුළ ඔවුන් එතරම් වැදගත් ක්‍රීඩකයන් නොවන බැවිනි.

අඩු වැඩි මට්ටම්වලට පක්ෂ නායකත්වයට විදේශ අරමුදල් සැපයීම මගින් ශ්‍රි ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ විදේශිය බලවේග විසින් පාලනය කරන බව මනාව තහවුරුව ඇති කරුණකි. කාත්තන්කුඩිහි එම්.එල්.එම් හිස්බුල්ලා නිසැකවම සවුදි අරමුදල් පරිහරණය කර ඇති නමුත් පාස්කු ප්‍රහාරවලින් පසුව කොහේවත් සිටි අජාස් හිස්බුල්ලා සිරගත කරන ලද්දේ මානව හිමිකම් රාජ්‍ය නොවන සංවිධාන සඳහා කාර්ය බහුල තත්ත්වයක් ඇති කිරීම සඳහාය.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ 2020 ඔක්තෝබර් මස 28 වැනි දින කොළඹදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමු වූ අවස්ථාව

පාස්කු ඉරිදා ප්‍රහාර මගින් වාසි ලබා ඇතැයි එක්සත් ජාතික පක්ෂය හෝ පොදුජන පක්ෂය වෙත හෝ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය වෙත හෝ ගෝඨාභය හෝ බැසිල් රාජපක්ෂ හෝ රනිල් වික්‍රමසිංහ වෙත ඇඟිල්ල දිගු කිරීම අවධානය වෙනතකට යොමු කිරීමකි. මක් නිසාදයත් මේ සියල්ලන්ව උපායමාර්ගි වශයෙන් වැදගත් ස්ථානයක පිහිටා ඇති ශ්‍රී ලංකාවට එරෙහිව පූර්ණ ආධිපත්‍යවාදි සංග්‍රාමයක් දියත් කර ඇති බාහිර බලවේග විසින් මෙහෙයවෙන රූකඩ බැවිනි. මෙම බාහිර බලවේග කෘත්‍රිම බුද්ධිය, කටහඬ අනුකරණ මෘදුකාංග ආදිය සිය මෙහෙයුම් සඳහා යොදා ගනු ලබන අතර 2015 ශ්‍රි ලංකා මහ බැංකුවේ බැඳුම්කර වංචා නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවෙකු වූ දිනේෂ් ෂාෆ්ටර් ඝාතනය කරන ලද්දේ මෙම තාක්ෂණික හැකියාවන් යොදාගනිමිනි. මෙම නඩුව ඉවත දැමිමට නියමිත අතර එහි ප්‍රධාන වගඋත්තරකරුවෙකු වූ රනිල් වික්‍රමසිංහ දැන් ජනාධිපතිවරයා ලෙස නීතිමය මුක්තියක් භුක්ති විඳියි.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු බලයට පත් ගෝඨාභය රාජපක්ෂ මෙන්ම මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ද එම ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී එක්සත් ජනපද පුරවැසි භාවය සහිත වූවන් විය. පාස්කු ප්‍රහාරය මගින් රට දේශපාලනිකව අස්ථාවර වීමත් ආර්ථිකය පසුබෑමත් යන තත්ත්වයන් උපයෝගි කරගනිමින් ගෝඨාභයට රටේ ජනාධිපතිවරයා බවට පත් වීමට හැකි විය. නමුත් එක්සත් ජනපදයේ දිගුකාලින හිතවතෙකු වූ රනිල් විකමසිංහට සිය අගමැතිකම තාවකාලිකව අත්හැර දැමීමට සිදු වූ නමුත් එක්සත් ජනපදයේ අනුග්‍රහයෙන් දියත් කරන ලද අරගලය ” හරහා ඔහුට රටේ ජනාධිපතිකම ලබාගත හැකි විය. පාස්කු ප්‍රහාරය හරහා ජනාධිපති තනතුරට පත් ගෝඨාභය රාජපක්ෂ  කොවිඩ්-19 ආඛ්‍යානය තමන්ට හුරුපුරුදු මිලිටරිමය බලහත්කාරය යොදාගනිමින් රටතුළ දියත් කරන ලදි. දැඩි මර්දනයක් සහිත නිරෝධායන කඳවුරු, ලොක්ඩවුන් සහ එන්නත්කරණය සඳහා ඔහු විසින් හමුදාව යොදනු ලැබිණි. එමෙන්ම දේශගුණික විපර්යාස ආඛ්‍යානයේ ආරම්භක පියවර තබන ලද්දේ ද ගෝඨාභය විසිනි.ඔහු කාබන් විමෝචනය අඩු කිරීම පිළිබඳ ආඛ්‍යානය ප්‍රවර්ධනය කරන ලද COPE 26 සමුළුවට සහභාගිවීමෙන් අනතුරු ව රටපුරා ආහාර පිසීම සඳහා සාමාන්‍ය ජනයා භාවිතා කරන ගෑස් ටැංකි අභිරහස් ලෙස පිපිරියාමට පටන් ගැනීම හේතුවෙන් රට තුළ ගෑස් හිඟයක් ආරම්භ වූ අතර පසුකාලිනව ව්‍යාප්ත වූ බලශක්ති අර්බුදයේ ආරම්භය එය විය. කවර හෝ හේතුවක් නිසා ගෝඨාභය වෙනුවට රනිල් වික්‍රමසිංහ යොදාගැනීමට බාහිර බලවේගයන් නැවත තීරණය කල අතර ගෝඪභයට සිහසුන අහිමිවිය.
මේ අතර හිටපු ජනාධිපති සිරිසේන වෙත පාස්කු ප්‍රහාරය පිළිබඳව දොස් පවරමින් ඔහුව බස්රියට යටකර දමන ලදි. නමුත් ඇත්ත වශයෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරවලින් අනතුරුව පැවැති මැතිවරණවලින් සැබෑ ලෙසම වාසි ලැබූවෝ කවරහුද?

මතු සම්බන්ධයි

ආචාර්ය ධරිණී රාජසිංහම් සේනානායක
සමාජ මානව විද්‍යාඥ

පරිවර්තනය: අජිත් සී හේරත්

සටහන්

STATUS OF FORCES (SOFA) AGREEMENT විදේශීය හමුදාවන්ට පහසුකම් සැලසීමේ ගිවිසුම

විදේශීය හමුදාවන්ට පහසුකම් සැලසීමේ ගිවිසුම හෙවත් SOFA යනු කිසියම් සත්කාරක රටක් සහ එම රටට තුළ ස්ථාපිතව ක්‍රියාත්මක වන හමුදාවන් සහිත විදේශිය රටක් අතර ඇති කරගන්නා ගිවිසුමකි. පූර්ණ ආරක්ෂක එකඟතාවක් කොටසක් ලෙස ක්‍රියාත්මක වන SOFA ගිවිසුමට වෙනත් වර්ගවල මිලිටරිමය ගිවිසුම් ද අන්තර්ගත වේ. හුදෙක් SOFA ගිවිසුම පමණක් ආරක්ෂක එකඟතාවක් ලෙස සැලකෙන්නේ නැත. එය විසින් විදේශිය හමුදා සෙබළුන්ගේ අයිතීන් සහ වරප්‍රසාද සහතික කරයි.ජාත්‍යන්තර නීතිය අනුව SOFA ගිවිසුම් යටතේ ක්‍රියාත්මක වන විදේශ හමුදාවක් විදේශිය ආක්‍රමණයක් ලෙස සැලකෙන්නේ නැත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress