ශ්‍රී ලංකාවේ ගෘහස්ථ කෘෂිකර්මාන්තය සහ බලශක්ති ආරක්ෂණය ඉහළනැංවීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහ ජපාන සහාය.
Posted on April 24th, 2023

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය.

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා මෙම නව ජීවනෝපාය ව්‍යාපෘති   2023.04.24 දින අරලියගහ මන්දිරයේදී දියත් කෙරුණු අතර එය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජපාන තානාපති  මිසුකොෂී  හිදෙකි සහ UNDP ශ්‍රී ලංකා නේවාසික නියෝජිත අසූසා කුබෝටා යන අයගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

කාන්තාවන් හා තරුණ තරුණියන් 58000 කට මෙම ව්‍යාපෘති වලින් සෘජුවම ප්‍රතිලාභ ලැබෙනු ඇත. එයට අමතරව උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වල අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ගේ සාමාජිකයින් 132000 කට වැඩි පිරිසකට මෙමගින් වක්‍ර බලපෑමක් සිදුවේ.

පවතින සමාජ ආර්ථික අර්බුදය ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශයට බරපතල බලපෑම් ඇති කර තිබේ.  ඉහළ යන බලශක්ති පිරිවැය සහ වර්ධනය වන දේශගුණික විපර්යාස බලපෑම් හේතුවෙන් මෙම තත්ත්වය තවදුරටත් තීව්‍ර වී ඇත.  ඊට ප්‍රතිචාර වශයෙන් ජපාන රජය ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හරහා වියළි කලාපීය දිස්ත්‍රික්ක වල එනම් උතුරු මැද, වයඹ, සහ නැගෙනහිර පළාත් දිස්ත්‍රික්ක වල අවදානමට ලක්විය හැකි කුඩා පරිමාණ ගොවි පවුල්වලට ආධාර කිරීම සඳහා දළ වශයෙන් රුපියල් මිලියන 1175 ලබාදෙනු ඇත. කාන්තාවන්ගේ ආර්ථිකය සවිබල ගැන්වීම සහ හරිත කෘෂිකාර්මික තාක්ෂණයන් අනුගමනය කිරීම කෙරෙහි එහිදී අවධානය යොමු කරනු ලැබේ.

ජපන් පරිපූරක අයවැය මගින් මේ සඳහා අරමුදල් සපයනු ලබන අතර ශ්‍රී ලංකා රජය සහ අදාළ පාර්ශවකරුවන් සමග එක්ව ක්‍රියා කරමින් ව්‍යාපෘති  දෙකක් හරහා   එහි අභිමතාර්ථ සාක්ෂාත් කර ගැනීම කරගැනීම මෙම මැදිහත් වීමේ අරමුණ වේ.

අවදානමට ලක්ව ඇති කුඩා වතු හිමියන්ගේ පවුල් නගා සිටුවීම සහ කාන්තාවන් සවිබල ගැන්වීමේ වැදගත්කම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කළේය. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) හරහා ජපන් රජය විසින් කුඩා වතු ආශ්‍රිත ගොවි පවුල්වලට ආධාර කිරීම සඳහා නව ජීවනෝපාය ව්‍යාපෘති දෙකක් ශ්‍රී ලංකාවේ දියත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ වියළි කලාපයේ ජනගහනයෙන් විශාල කොටසකට මෙම ව්‍යාපෘති ඉතා ප්‍රයෝජනවත් වනු ඇති බවයි.

සමාජ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රයත්නයන් සඳහා ජපාන රජය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් ලබාදෙන  සහයෝගය ශ්‍රී ලංකා රජය ඇගයීමකට ලක් වන අතර  රටේ ආර්ථිකය ගොඩ නැගීමට අවශ්‍ය වන ආහාර හා බලශක්තිය   සුරක්ෂිතතාවය සහිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ වැදගත් පියවරක් බව  

අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

  ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂී හිදේකී  මහතා මෙහිදී සඳහන් කළේ  ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ ආර්ථික හා සමාජයීය සමාජ සවිබල ගැන්වීම සඳහා ජපානය ශ්‍රී ලංකා රජය සහ  එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතන සමග එක්ව කටයුතු කරමින් සිටීන අතර  සාමය හා සුරක්ෂීතතාව සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්ම සම්පාදනය කිරීමේ වැඩ සටහන ද එයට ඇතුළත් වන බවයි.

මෙම නව ව්‍යාපෘති මගින් අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ගේ ජීවිත නඟා සිටුවීම සඳහා ප්‍රායෝගික ක්‍රම සම්පාදනය කරනු ඇත.  විශේෂයෙන්ම ගැටුම් වලින් පීඩාවට පත්වන   කාන්තාවන් ගෘහ මූලිකත්වය දරණ පවුල්වල විශේෂ අවශ්‍යතා අපි  හඳුනාගනිමු. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ප්‍රවීණත්වය සහ  ජීවනෝපායන් අවදානමට ලක්විය හැකි   තාක්ෂණික සහය සමඟ ධනාත්මක සහජීවනයක් ඇති කර ගැනීම සඳහා  කදිම අවස්ථාවක් බව ද ඒ මහතා  සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති   මිසුකොෂී හිදේකී,   ශ්‍රී ලංකා නේවාසික නියෝජිත අසූසා කුබෝටා,  ශ්‍රී ලංකාවේ ජයිකා හී ප්‍රධාන නියෝජිත ටෙට්සුයා යමාඩා , අමාත්‍ය  මහින්ද අමරවීර,  අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ සංවර්ධන හවුල්කරුවෝ මෙම අවස්ථාවට සහභාගි වූහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress