ප්‍රංශ විප්ලවය හා නුතන කැරැල්ල
Posted on July 4th, 2023

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

ප්‍රංශය ලෝක දේශපාලනය වෙනස් කිරීම ආරම්භ කල මර්මස්තානයකි.සමාජ පරිනාමයේ ඉතා වැදගත් පිම්මක්වූ වැඩවසම් සමාජ ක්‍රමය නිමකොට ඊටවඩා සුවිශේෂී සමාජ ක්‍රමයක්වූ ධනවාදී සමාජ ක්‍රමයට ආරම්භක සංඥාව නිකුත් කරන ලද්දේද 1789 ජුනි මස ආරම්භවූ ප්‍රංශ විප්ලවයයි.

දැන් ගලාගෙන යන්නේ ධනවාදයේ අවසන් කාලයයි. තවදුරටත් ධනවාදයට මේ ලොවතුල ඇති සමාජ ප්‍රශ්න හා ගැටළු වලට නිශ්චිත පිළිතුරු නැත. ඒවාට පිළිතුරු සැපයීමට නම්, ධනවාදය විනාශ කොට නව සමාජ ක්‍රමයක් ස්ථාපිත කල යුතුව ඇත. නමුත් ධනවාදයෙන් පෝෂිතවූ පරපුර මේ පරිවර්තනයට සුදානම් නැත. එහි ප්‍රතිපලය කැරලි ස්වරුපයෙන්, ඊට එරෙහිව  නිර්මාණය වේ. නුතන ප්‍රංශ අරගලයද එවැනිම වූ කැරැල්ලකි.

1789 ජුනි මස ඇතිවූ ප්‍රංශ විප්ලවය කාර්මික විප්ලවයත් සමග සමාජයට ලබාදුන් ආශිර්වාදයකි. නුතන ප්‍රංශ කැරැල්ලද පෙන්වා දෙන්නේ, තවදුරටත් යුරෝපයට ධනවාදයේ පීඩනය අවශ්‍ය නොවන බවයි. එනම් කාර්මික විප්ලවයේ මාහැඟි ප්‍රතිපල මත තාක්ෂණික විප්ලවයේ වර්ධනයට ඉඩදී සැමට ප්‍රතිපල විදිය සමාජ ක්‍රමයකට මග පැදිය යුතු බවයි.

නුතන ප්‍රංශ කැරැල්ල යුක්රේන යුද්ධයේම අතුරු පලයක් වන අතර, මෙම යුද්ධයේ ගිනි පුලිඟු මුළු යුරෝපය පුරාම පැතිර යමින් පවතී. යුරෝපය ගිනි ගනිද්දී අපි වීණා ගායනය කලයුතු නැති අතර, අපි අනාගතයේදී මෙවැනි ගිනි ජාලාවකින් රට මුදවා ගැනීම සඳහා ගිනි ඇවිලී ගත් ඇමරිකාව,ප්‍රංශය එංගලන්තය  බෙල්ජියම, ස්විස්ටර්ලන්තය පසු පස යමින් හිඟා කෑමට වෙර දැරීමට උත්සහ නොකළ යුතුය. ඔවුන්ට හිගන්නට දෙන්නට වත්කම් දැන් එහි නැත. IMF එකට ඒ රටවල් ගොඩනැගීමට අපේ මුදල කොල්ල කෑමට විවර කර ඇති දොරටු වසා දමා, ධනවාදය නිමකොට තාක්ෂණිකව අගතැන්පත් රාජ්‍යන් වන රුසියාව, චීනය හා උතුරු කොරියාව දෙසට හැරි ඒ රාජ්‍යන් රටවල් ගොඩගත් ආකාරයටම ඒ රටවල් සමග අත්වැල් බදාගෙන මේ රටද ගොඩගැනීමට වගබලාගත යුතුය.ඒ තුලින් අනාගතයේදී නිර්මාණය වීමට නියමිත ගිනිජාලාවන්ද විනාශ කල හැකිය. එසේ කල යුතුය. 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress