නතාෂා සිය දිවි නසා ගන්න ගිහින්.. 2017 වසරේ සිට විශාදිය නම් රෝගී තත්වයට ප්‍රතිකාර ලබා ගනිමින් සිටියි-අද ඇප ලැබෙයි..
Posted on July 5th, 2023

lanka C news

බෞද්ධාගමට අපහාස කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නටාෂා එදිරිසූරිය අද කොළඹ මහාධිකරණය විසින් ඇප මත නිදහස් කරන ලදී.

රුපියල් ලක්ෂයක පුද්ගලික ඇපයක් මත ඇයට මෙම නියෝගය නිකුත් කර තිබේ.

අධිකරණයේදී අදහස් පළ කරමින් තිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා සඳහන් කර සිටියේ මෙම සැකකාරිය 2017 වසරේ සිට විශාදිය නම් රෝගී තත්වයට ප්‍රතිකාර ලබා ගනිමින් සිටින බවයි.

එමෙන්ම ඇය සියදිවි නසා ගැනීමේ ප්‍රවණතායෙන් පෙලී සිට පෙනී ඇති බවට පරීක්ෂණවලින් පෙනී ගොස් ඇති බවද ඔහු සඳහන් කලේය.

එවැනි තැනැත්තියක් ප්‍රහසන වැඩසටහන් ඉදිරිපත් කිරීමට යාම අතිශය භයානක බවත් ඔහු අධිකරණය හමුවේ කියා සිටියේය.

ඇප නියෝගය දෙමින් මහාධිකරණ විනිසුරු විද්‍යාව ගැන තරයේ විශ්වාස කරන අයෙකුට ආගම් වල තිබෙන ඇතැම් කාරණා ප්‍රායෝගික දැයි ප්‍රශ්න කළ හැකි බවත් එය වෛරී සහගත ප්‍රකාශයක් වන්නේ කෙසේ දැයි ප්‍රශ්න කළේය.

ඒ අනුව සැකකාරිය තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට උවමනාවක් නැති බව සඳහන් කරමින් ඇප නියෝගය නිකුත් කරන ලදී.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress