කොක්කුතුඩුවායි සමූහ මිනී වළේ ඇත්ත එළියට – දෙමළ දේශපාලකයින්ගේ බොරුව අතේ පත්තු වෙයි
Posted on July 10th, 2023

දිනසේන රතුගමගේ

මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනී වලේ වළ දමා ඇත්තේ එල්.ටී.ටී. ඊ. වධකාගාරයකින් මරා දමන ලද කොටි සෙබළියන් පිරිසකගේ මළ සිරුරු බවට තොරතුරු අනාවරණය වී තිබේ.මෙම සමූහ මිනී වලේ කැණීම් කටයුතු සිදු කරගෙන යන පිරිසට සමූහ මිනී වලේ තිබී බෝම්බ හා පතරොම් කීපයක් 8 දා හමු වී ඇත.යුද්ධයේ අවසන් කාලයට ඉතා ආසන්න කාලයේ මෙම සමූහ මිනී වලේ දමා ඇත්තේ කොටි වධකාගාරයකින් මරා දමන ලද කොටි සෙබළියන් බවට තොරතුරු අනාවරණය වන අතර දෙමළ දේශපාලනඥයින් මෙම සමූහ මිනී වලේ වළ දමා ඇත්තේ යුද හමුදාවෙන් ඝාතනය කරන ලද කොටි සෙබළියන්ගේ මළ සිරුරු බව ජාත්‍යන්තරයට පෙන්වීමට විශාල උත්සහයක් දරමින් සිටිති.

දෙමළ පක්ෂ කීපයක් විසින් යාපනයේ පවත්වන ලද සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් ඉතා දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කොට ඇති අතර කොක්කුතුඩුවායි සමූහ මිනී වලේ ඝාතකයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් මේ මස අවසානයේදී උතුරු නැගෙනහිර පුරා උද්ඝෝෂණයක් දියත් කිරීමටද එම සාකච්ඡාවේදී තීරණය කොට තිබේ.නමුත් යුද්ධයේ අවසන් කාලයට ඉතා ආසන්න කාලයේ ශ්‍රී ලංකා යුද හමුදාව පමණක් නොව කිසිදු ආරක්ෂක අංශ කණ්ඩායමක් මුලතිව් කොක්කුතුඩුවායි ප්‍රදේශයේ නොසිටි නිසා දෙමළ දේශපාලන පක්ෂ විසින් ගොඩ නැගීමට යන තර්කය සම්පූර්ණයෙන්ම අසත්‍යක් වනු ඇත.

මුලතිව් මහෙස්ත්‍රාත් ටී.සරවන රාජා මහතාගේ අධීක්ෂණය යටතේ සිදු කෙරෙන මෙම කැණීම් වලදී කොටි සෙබළියන්ගේ බවට සැකකෙරෙන ඇටසැකිලි කොටස් නිල ඇඳුම් කොටස් හා ආයුධ හමුවීම නිසා එම සමූහ මිනී වලේ කැණීම් කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතී.-

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress