සුනේත්‍රා බණ්ඩාරනායක සිය පියාව පාවා දීම (Betrayal of her father by Miss Sunethra Bandaranayaka)- Part I
Posted on July 13th, 2023

C. Wijeyawickrema, LL.B., Ph.D.

All human progress has depended on ‘new questions’ rather than on ‘new answers’ to the old questions.” Alfred North Whitehead — Science and the Modern World, 1925

Sinhala [language]’s survival as a clearly Indo-Aryan language can be considered a minor miracle of linguistic and cultural history” –James W. Gair, Studies in South Asian Linguistics: Sinhala and other South Asian languages, 1998, Chapter 14: How Dravidanized was Sinhala phonology? Pages 185-199).

(1956 අප්‍රේල් මස මහ මැතිවරණයට පෙර බෙදාහරින ලද මෙම කාටූනය සංකේතවත් කලේ කළු සුද්දන්ගෙන් රට බේරා ගැනීමේ අවශ්‍යතාවයය. 2018 නොවැම්බර් ජනාධිපති මැතිවරණයෙන් පසු තරුණ තරුණියන් තාප්පවල, බිත්තිවල චිත්‍ර අඳිමින් ප්‍රදර්ශණය කලේද එම අභිප්‍රායමය).

හැඳින්වීම

රටේ ඉතිහාසය හා භූගෝල විද්‍යාව නොදැන, සිය තරුණ කාලවල රටට කල හානිය ගැන පාපෝච්චාරණයක් කරණවා වෙනුවට, සිය මහළු වයසේදී බණ්ඩාරනායක දියණියන් දෙන්නා ගෙන් චන්ද්‍රිකා නංගී නම් තමන් මේ වනවිට <අවලංගු කාසියක්> බවට පත්වී ඇති බව වටහා ගෙන නැත. නටාෂාට කලින් ඥානසාර හිමියන් හිර භාරයට ගතයුතු යයි twitter මඟින් චන්ද්‍රිකා  කියා සිටියාය. පෙඩරල් බෙදුම්වාදී, ක්‍රිස්තියානි දෙමළ, කැනඩාවේ වසන DBS ජෙයරාජ් ඩේලි මිරර් පත්‍රය හරහා ඇයට ලොකු තල්ලුවක්ද දුන්නේය.

පරාස් සවුකත් අලි සුනේත්‍රාට දුන් කොටි වලිගය

දැන් සිරස නාලිකාවේ පරාස් සවුකත් අලි, පියවරුන්ගේ දිනය (Fathers’ Day) අල්ලාගෙන සුනේත්‍රා හරහා සිංහල රාජ්‍ය භාෂාව කිරීම ගැන ඇගෙන් විමසයි. ඊට තල්ලුවක් දෙන සේපාල් අමරසිංහ සුනේත්‍රා ඓතිහාසික ප්‍රකාශයක් කලායයි උදම් අණයි. රටේ සිංහල බෞද්ධ පදනමට පහර ගැසීම චන්ද්‍රිකා, ජේයරාජ්, සවුකත් අලි හා සේපාල්ගේ හවුල් ව්‍යාපාරයය (සුනේත්‍රාත් මේ උගුලට අසුවීම කණගාටුදායකය). මේ සම්බන්ධයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ඊමේල් ලිපිනය හරහා චන්ද්‍රිකාට යැවූ  පැහැදිලිකිරීම ලංකාවෙබ් වෙබ් අඩවියේ පලවිය. මෙම කෙටි වාර්තාව ලියන්නේ සුනේත්‍රාගේ හා සේපාල්ගේ <අධ්‍යාපනය> පිණිසය.

LankaWeb – ඥානාසාර හාමුදුරුවන්ගේ මස් රාත්තලම ඉල්ලන චන්ද්‍රිකා මැතිණිය-(Mrs. Chandrika goes after Ven. Gnanasara’s pound of flesh)

දිය යටින් ගින්දර ගෙනයන සිරස පරාස්ගේ පිට කසන සේපාල්

මෙම කූඨ ක්‍රියාවට Fathers’ Day හරහා සුනේත්‍රාව ගොඳුරුකර ගැනිම අසාධාරණය. පරාස් විසින් සුනේත්‍රාගෙන් ඇසූ ප්‍රශ්ණය කලින් ප්ලෑන් කරා යයි සිතෙන්නේ වෙනත් නාලිකාවල මෙන් ප්‍රශ්ණය අසණ පාඨකයා කෙළින්ම කතා කරණවා වෙනුවට පරාස් හරහා ප්‍රශ්ණය ඇසීමය. මෙය පරාස්ගේ උපක්‍රමයය. ඊළග කරුණ නම් ප්‍රශ්ණයේ ඇති මුග්ධ කමය. <1956 දී සුනේත්‍රාගේ පියා සිංහල රාජ්‍ය භාෂාව කිරීම නිසා බර්ගර් හා දක්ෂ දෙමළ අය රට අතහැර යෑම නිසා රට විනාශවුනා> යන ගොන් තර්කය රටේ සිංහල, දෙමළ ජනයාට කරණ අපහාසයක් බව සවුකත් අලිටවත්, ඉන් පසුව සවුකත් අලිට තල්ලුවක් දීමට ආ සේපාල්ට වත් නොතේරුණේ ඔවුන් රටේ සිංහල බෞද්ධ පදනමට වටකරගෙන තඩිබෑමේ ව්‍යාපාරයේ හවුල්කරුවන් නිසාය.

ගෝල්පේස් කුමන්ත්‍රණය හා සිරස පරාස්

ගෝල්පේස් අරගලයේ කුමණ්ත්‍රනකරුවන්ට අවශ්‍යවූයේ බණ්ඩාරනායක පිළිරුව බිම දමන්නටය. ඒ වෙනුවට ඔවුන්ට හැකිවූයේ එහි ඇස්දෙක බඳින්නටය.1956 දී සිදුවූයේ රටේ සිංහල බෞද්ධයින්ගේ අවුරුදු හාරසීයක් පරණ දුක්ගැනවිල්ලක් විසඳා ගැනීමට ගත් උත්සාහයකි. බණ්ඩාරනායක නම් පංචස්කන්ධය නොසිටියා නම් වෙන අයෙක් ඒ තැන ගන්නේය. සිංහල භාෂාව පිළිඹද සාධාරණ යුක්තිය ජාතික මෙහෙවරක් වශයෙන් කළමනාකරණය කර ගැනීම වැලැක්වුයේ JRJ-Dudley, NM-Colvin-Leslie, SJV Chelva යන අය විසින්ය. 1970 න් පසු සිරිමා මැතිණියද මේ පවට හවුල්වූයේ මාක්ස්වාදීන් හා ක්‍රිස්තියානි කළු සුද්දන්ගේ ග්‍රහණයට අසුවීම නිසාය. සුනේත්‍රා,  ඒ කාලයේ ඇගේ මව, අගමැතිණියගේ, පුද්ගලික ලේකම් විය. පරාස්, සුනේත්‍රා හරහා කරගන්නට හැදුවේ ඇය ලවා බණ්ඩාරනායක පිළිරුවට ගල් ගැස්සීමය.

පරණ ප්‍රශ්ණ වලට අළුත් උත්තර වෙනුවට අළුත් ප්‍රශ්ණ ඇසීම

<කළු සුද්දන් රට විනාශකලා, ඔබේ පියා කළු සුද්දෙක්ද> කියා සවුකත් ඇසුවා නම් සුනේත්‍රා අමාරුවේ වැටෙන්නේ නැත. එසේ නැත්නම් 1949 වෙනම දෙමළ රටක් සඳහා කල ඉල්ලීම 1956 සිංහල රාජ්‍ය භාෂාව කිරීම හා ගලපා ගන්නේ කෙසේද කියා අළුත් ප්‍රශ්ණයක් ඇසිය හැකිය. තවදුරටත් ඇසිය හැකි අළුත් ප්‍රශ්ණ නම්: භාෂා ප්‍රශ්ණය නිසා රට හැර ගිය බර්ගර්, ද්‍රවිඩ හා සිංහල ජනවර්ග සංඛ්‍යා වෙනුවට බර්ගර් හා ද්‍රවිඩ දෙකොටස පමණක් තෝරා ගත්තේ මොන පදනමකින්ද? කොළඹ වැඩකරණ දෙමළ දොස්තරලා ඉංගිරිස් නොදන්නා සිංහල ලෙඩ්ඩු බැලුවේ දෙමළෙන්ද? දෙමළ භාෂාවට සාධාරණ අයිතියක් හා රජයේ සේවකයින්ට සිංහල ඉගෙනගන්නට සියළුම පහසුකම් සපයාදී තිබෙද්දී සිංහල ප්‍රවීනතාවයක් ලබා නොගත්තේ බාලා තම්පෝ නිසාද? චෙල්වනායගම් නිසාද? පෙඩරල් නායකයින් තම දරුවන්ට සිංහල ටියුෂන් ලබා දුන්නේ ඇයි? භාෂාව මොකක් වුනත් 1983 න් පසු දෙමළ ජනයා සරණාගතයින් ලෙස පිටරට ගියේ ඊළම් සටන ලොතරැයියක් ලෙස යොදාගෙන නොවේද? මේ අය පිටරට ගොස් ඉක්මණින්ම ඒ විදේශ භාෂාව ඉගෙන ගන්නේ කෙසේද? මෙවැනි ප්‍රශ්ණ පරාස්ටත්, සේපාල්ටත්  වලංගු නැද්ද?

සේපාල් අරටු මාක්ස්වාදී කළු සුද්දෙක්?

1815 දී උඩරට රජු අල්ලා ගැනීමේ කුමණ්ත්‍රණයේදී සුද්දන් සමඟ එතැනට ගිය කළුසුද්දන් අතර සුනේත්‍රාගේ හා JRJ ගේ මී මුත්තාත්, කුමාරසූරියර් නමැති මන්නාරම් මුතුපර කැඩු මුදලිත් සිටියේය. 1551දී දොන් ජුවන් ධර්මපාල කෝට්ටේ ක්‍රිස්තියානි (පෘතුගීසි) රජු වීමත් සමඟ ආරම්භවුන සිංහල ක්‍රිස්තියානි පිරිස සමඟ මේ ක්‍රිස්තියානි චරපුරුෂයින්, ඒජන්තලා, බද්ධවී සිටියේය.

දැනට කලකට පෙර ඥානසාර හිමියන්ට <ඥානසාර මචං> කියා සේපාල්ට CID යන්නට සිදුවිය. මේ නිසා ඔහුගේ දළදා කතාව පරණ ජාති ගතියම යළිත් වරක් එලියට පැනීමකි. කතාකරන්නට මාතෘකා හෝ අල්ලාගත හැකි හාමුදුරුවරු නැති අහේනියකින් දැනට පසුවන (සුදත්තනම් අළුත් කතා අල්ලාගෙන යමින් සිටී) සේපාල්, පුළුවන්නම් ඥානසාර හිමියන් සමඟ මතවාදී සාකච්චාවක්, පරාස් ඇතුව හෝ නැතුව කලයුතුය. රැවුලේ දිග හෝ ඉන්ගිරිස් දැනගෙන සිටීම යමෙකුගේ ඥානයට සම්බන්ධ නැත. සේපාල් බුද්ධාගම සමඟ මෙතරම් තරහ මන්ද කියා නොතේරෙන්නේ ඔහු අගය කරණවා කියන <බෞද්ධ දර්ශණය> රැකුණේ <බෞද්ධාගම> නිසා බව ඔහුගේ මාක්ස්වාදී මනසට අරහංවීම වියයුතුය.

අගමැති බණ්ඩාරනායක නමැති වින්නඹුවා

පරාස්ගේ අසාධාරණ ප්‍රශ්ණයට සුනේත්‍රා ගොඳුරුවුණේ ඇගේ තාත්තා 1956 දී අගමැති කෙනෙක් නොව  හුදෙක් වින්නඹුවෙක් පමණක් බව ඇය දැනගෙන නොසිටීම නිසාය. මීට සමගාමීව කාම්භෝජයේ හා බුරුමයේද පුනරුද ඇතිවුවත් ඒවාද කඩාකප්පල්වුනායයි ලියවුණු මතයක් මා කියවා ඇත. බණ්ඩාරනායකට සිදුවූ යේද එයමය. ඔහුගේ යම් අඩුපාඩුද ඊට හේතුවිය. බණ්ඩාරනායකව ජාතික නායකයෙකු ලෙස පසුගිය දවසක TNA නායක R සම්බන්ධන් විසින් පාර්ලිමේන්තුවේදී වර්ණනා කල බව පරාස් දන්නවාද?  ඊට හේතුව B-C ගිවිසුම (1957/7/26) මඟින් බණ්ඩාරනායක අගමැති උතුරු නැඟෙනහිර දෙමළ නිජ භූමිය යන මිථ්‍යා කතාවට යම් නීත්‍යාණූකූල අනුග්‍රහයක් ලැබීමය. පසුකාලයක ඊළම් සටනේ පදනම වූයේ එය මිස, D-C (1965/3/24) හොර ගිවිසුම නොවේ.

1956 සමාන කල හැක්කේ 2020 දී ගෝඨාභය රාජපක්ෂද සිංහල බෞද්ධ බලවේගයේ අයිතිකාරයා නොව වින්නඹුවා පමණක් වීමටය. මෙහි අර්ථය නම් එම පංචස්කන්ධ හා සිංහල බෞද්ධ දුක අතර  වෙනසක් තිබෙනවා යන්නය.  ඔවුන් වේදිකාවෙන් ඉවත්වූ පසු කාලයක් ගොසින් හෝ සිංහල බෞද්ධ ජනතා බලවේගය යළි  අළුගසා දමා නැගිටිනු ඇත. නිදසුනක් වශයෙන් 1959 අගමැති ඝාතන කුමන්ත්‍රණයෙන් පසු 1970 වනතුරුම අසහනකාරී චංචල කාලයක් ගතවිය.

ඩොනමෝර් ඇමතිලාගේ හැසිරීම

1931 න් පසු සිංහල කළු සුද්දන් ඩොනමෝර් ඇමතිවරුන් වශයෙන් රටේ පාලනයට සහභාගීවී, ධර්මපාලතුමාව රටින් එලවාගෙන, සර් ඩී. බී ජයතිලකව ඉන්දියාවට පිටත් කරගෙන ඉන්පසු 1948  සිට, ඩී එස් සේනානායකලා, ඔලිවර් ගුණතිලකලා, එස්මන්ඩ් වික්‍රමසිංහලා ගෙනගිය බටහිර ගැති පාලන යන්ත්‍රය සර් ජෝන්ගේ අවධිය වන විට පිස්සු විකාරයක් බවට පත්විය. 1956-59 කාලය තුල සමසමාජකාරයින් දිනපතාම වැඩවර්ජන කරමින් බණ්ඩාරනායක අගමැතිව නොමරා මැරුවේය (සිරිමාවෝගේ වචන).

මෙහි පෙන්වන කාටූනය මෙම විකාරයේ සිංහල බෞද්ධ ආනිසංසය සනිටුහන් කරයි. තරුණ මාක්ස්වාදීන්ගේ මුග්ධ ක්‍රියාකලාපයද ඔවුන් රතු කළුසුද්දන් බව එලිදරව් කලේය. මේ අතරතුර රටේ සිදුවන සමාජ, සදාචාර හා අර්ථික පිරිහීම ඉදිරියේ ඊට <බෞද්ධ විසඳුමක්> වශයෙන් ධර්මපාලතුමාගේ ආදර්ශය අනුව යමින් කළුකොඳයාවේ ප්‍රඥාශෙඛර නාහිමියන් විසින් දියත්කල (1933) ග්‍රාම ප්‍රතිසංස්කරණ හා අපරාධ මර්දන දීපව්‍යාප්ත වැඩසටහනට (ව්‍යාපාරය) ඩී එස් සේනානයක, ඩී බී ජයතිලක හෝ SWRD බණ්ඩාරනායක යන ඇමතිලාගේ සහයෝගය ලැබුණේ නැත.

මැලේරියා ගම්වලට ලොරි වලින් බඩු ගෙන ගිය පොපිමල් වලට විරුද්ධව සූරියමල් විකුණූ සමසමාජකාරයින්ට ප්‍රඥාශෙඛර මොඩලය අරහංවිය. දැන් 2023 ජූලි මාසයේ ආණ්ඩුව විසින් අළුතින්ම කතාකරණ ජන සභා සංකල්පය  මුලින්ම සාර්ථක ලෙස ක්‍රියාවට නැංවූයේ කළුකොඳයාවේ හිමිඳුන් විසින්ය. උන්වහන්සේගේ සවයංලිඛිත චරිතාපදානය (1970) පොතේ ඇති කාරණා 99 අදටත් වලංගුය. අගමැති බණ්ඩාරනායක ගැන උන්වහන්සේගේ තිබුණේ ගෞරවණීය විශ්වාසයකි.  ඔහු, සුනේත්‍රා සිතන අන්දමට ජනප්‍රියවීම සඳහා හෝ අවස්ථාවාදී ලෙස ක්‍රියා නොකල ඒ යුගයේ සිරකරුවෙක් විය (The Expedient Utopian: Bandaranaike and Ceylon, James Manor, 2009).

.සිය බෑනාවන සර් ජෝන් දඩයම් බල්ලා ලෙස යොදවාගෙන ඩී එස් ඔහුට කැබිනට් එක අපායක් කලේ ඔහු එලවා ගැනීමේ හා පුතා අගමැති කිරීමේ උපායක් වශයෙනි. ගෝඨාභයටද අත්වූයේ මෙවන් ඉරණමකි. පී බී ජයසුන්දර, ලලිත් වීරතුංග, මිලින්ද මොරගොඩ යන අය හා පවුලේම අයත් ගෝඨාභයව ජුලී චුන්ගේ තුරුලට යැව්වේය.

ප්‍රඥාශෙඛර පොත නිකමටවත් කියෙව්වා නම් සුනේත්‍රා, ලන්ඩනයේදී මිත්‍රවූ කුමාර් රූපසිංහගේ හෝ රාජිතගේ ජාවාරම් මාක්ස්වාදයට හෝ යටවන්නේ නැත. තමාගේ නායාචාරී කතා සිය අම්මාට නොතේරෙන නිසා ඒවා ඇයට නොකියන ලෙස වරක් සුනේත්‍රා ඔහුට කියූ බව රාජිත මෑතකදී සඳහන් කලා මට මතකය. කෝප් කොමිටියේ මේ දිනවල එලිවන 1972 දී ජනසතුකල ඉඩම් විනාශ කර හා අවභාවිතාකර ඇති ආකාරය ගැන සිතන විට (land reforms project) එහි මූලික වගකීම නිසි අවභෝධයකින් තොරව ක්‍රියාකල සුනේත්‍රා-කුමාර් යුවල මත පැටවේ.  කුමාර් NGO  මුදලාලි කෙනෙක් වශයෙන් ඉතිහාස ගතවිය.

මෝඩිගේ තර්කය

හින්දි භාෂාව ඉන්දියාවේ රාජ්‍ය භාෂාව වූයේ එය බහුතර ජනයාගේ භාෂාව හෝ පරණම ඉන්දියන් භාෂාව වූ නිසා හෝ නොවේ. එහෙත් ටැමිල්නාඩ් හැර අන් ප්‍රාන්ත හින්දි විරෝධී සටනක් ගෙනගියේ නැත. ඇත්තවශයෙන් නේරුද පසුකලෙක, භාෂාව අනුව ප්‍රාන්ත බෙදීම තමන් ගත් වැරදි තීරණයක් බව පිළිගත්තේය. කෙසේ වෙතත් මෝඩි අගමැති ලඟදී ඇමෙරිකන් කොන්ග්‍රස් එකේදී කල කතාවේදී කියා සිටියේ ඉන්දියාවේ ලොකු කුඩා භෂා සිය ගණනක් තිබුණත් ඉන්දියාව ලෝකයට කතාකරන්නේ එක භාෂාවකින් (හින්දි) බවය.

ඇමෙරිකාවේ ජර්මන් භාෂාව වෙනුවට ඉංග්‍රීසි භාෂාව රාජ්‍ය භාෂාව වූයේ එක වැඩි චන්දයකින්ය. ලංකාවේ පසුබිම ඉන්දියාවට හෝ ඇමෙරිකාවට බෙහෙවින්ම වෙනස්ය. සිංහල රාජ්‍ය භාෂාව කිරීම 1956 දී සිදුවූ නිහඬ මහජන විප්ලවයේ එක් කරුණක් පමණය.   අපේ රටේ කතාන්තරයට අනුව SWRD එම සිද්ධිදාමයට අහම්බෙන් ඇමුණුනු පංචස්කන්ධයක් පමණය.

මැකෝලි සාමි හා වලානේ සිරි සිද්ධාර්ථ නාහිමි

බුද්ධාගම කියන්නේ බොරුවක් යයි සුද්දන් හා ක්‍රිස්තියානි (සිංහල) කළු සුද්දන් ක්‍රියාකරමින් සිටි අවධියක වලානේ සිරි සිද්ධාර්ථ නාහිමි පානදුරේ වලානේ සිට රත්මලානට වැඩමකර 1841 දී පරමධම්මචේතිය පිරිවෙන පිහිටුවා ධර්මධර-විනයධර සඟ පරපුරක් බිහිකිරීමේ කාර්යය ආරම්භකලේය. විද්යෝදය (1873) හා විද්‍යාලංකාර (1875) මහ පිරිවෙන් දෙක ආරම්භකලේ මෙම රත්මලානේ පිරිවෙනේ ගෝල හිමිවරුන් දෙනමක් විසින්ය. 1815 දී උඩරට රජු අල්ලාගත් වහාම දෙමළ ප්‍රදේශවල ඇමෙරිකන් සමාගම් මිෂනාරි පාසැල් ආරම්භ කලත් (අධ්‍යාපනයට වඩා අන්‍යාගමිකරණයට), 1832 කෝල්බෲක් කොමිෂමත් සමඟ මෙය නිලවශයෙන් දකුණේත් ව්‍යප්තවිය. 1835 දී මැකෝලි සාමි විසින් ඉන්දියාවේ දුඹුරුපාට බ්‍රිතාන්‍යයින් (කළු සුද්දන්) බෝකිරීමේ ව්‍යපෘතිය ප්‍රසිද්ධකලේය. මේ අනුව සිද්ධාර්ථ හිමිඳුන්ගේ ක්‍රියාව කෝල්බෲක්-මැකෝලි සැලැස්මට දැක්වු සිංහල බෞද්ධ ප්‍රතික්‍රියාවක් වැනිය. 1876 පානදුරා මහාවාදය වනවිට රටේ ඇතිවූ ජාතික-ආගමික ප්‍රභෝධය මෙම පිරිවෙන් වලින් පෝෂණය වූවකි.

භාෂාව-ආගම-රට-ජාතිය

1880 දි ඕල්කොට් ආගමනයත් සමඟ බිහිවූ ආනන්ද-නාලන්ද වැනි සිංහල බෞද්ධ ඉංග්‍රීසි භාෂා පාසැල් ලන්ඩන් පන්නයට අනුවම යමින් රෝයල්-සැන් තෝමස් ක්‍රමය කොපිකල පාසැල් විය. ආගම පැත්තෙන් ආ ක්‍රිස්තියානි බලපෑම් හා හිරිහැර වෙනස්කම් යම් දුරකට හෝ දමණය වුවත්, සිංහල භාෂාවට උදාවූයේ අඳුරු කාලයකි. උඩරට දෙමළ රජුන්ගේ කාලයේ සිටම දෙමළ භාෂාවට ඉහළ තැනක් ලැබුණේය. බෙදාපාලනය කිරීමේ න්‍යායට අනුව රට පුරාම ඉන්දියන් දෙමළ ආධිපත්‍යයක්/ව්‍යාප්තියක් දකින්නට හැකිවිය.

ද්‍රවිඩ <ප්‍රසාරණය> හා ගාන්ධිගේ අවවාදය

1930 දශකය වනවිට වතුකරයේ පමණක් නොව මුළු රට පුරාම දෙමළ පුවත්පත් සඟරා යනාදිය මිලට ගත හැකිවිය. ටැමිල්නාඩ් ජනයා වන්නි ප්‍රදේශවල පදිංචිකිරීමට ඕලන්ද කාලයේ පමණක් නොව බ්‍රිතාන්‍යයින්ද ගත් උත්සාහය මැලේරියා මඳුරුවා විසින් වලක්වන ලදී. 1930 ස් ගණන්වල ගාන්ධි ලංකාවට ආවිට, මෑත කාලයේ මෝඩි මෙන් නොව, ඔහු වතුකරයට ගොස් ජාතිවාදී උසිගැන්වීම් කලේ නැත. ඒ වෙනුවට, රටේ වෙළඳ කටයුතු අල්ලාගෙන සිටි ඉන්දියන් හා බෝරා වෙළඳුන් ඇතුළු හැම ඉන්දියන් දෙමළ ජනයාටම ගාන්ධි දුන් උපදේශය නම්, ‘තේ කෝප්පයක් පිරී ඉතිරී නොයනසේ එයට සෙමින් සෙමින් සීනි දමනවා මෙන් තමන් ජීවිකාව කරගෙන ඉන්නා රට නොතලා සාමයෙන් සිටිය යුතු බවය.’ මේ වනවිට මාක්ස්වාදීන් වතුකරයට රිංගීම සිදුවෙමින් පැවතියේය. ගාන්ධි වතුකරයට ගියේවත් නැත. මෙම බෝරා ආක්‍රමණයට විරුද්ධව කතාකිරීම නිසා එවකට කම්කරු පක්ෂයේ නායක  A. E. ගුණසිංහ ජාතිවාදියෙක් (Sinhala chauvinist)  වූවා යයි විශාඛා කුමාරි ජයවර්ධන නම් කුඩා කාලයේ සිය ඉංග්‍රීසි ජාතික මව සමඟ ලන්ඩනයේ ජීවත්වූ, මාක්ස්වාදිණිය (මිලින්ද මොරගොඩගේ නැන්දා) විසින් ඇගේ Ph.D. නිබන්ධනයේ සටහන් කලේය.

මේ වනවිට යාපනේ පැවතියේ මනිඕඩර් ආර්ථිකයකි (money-order economy). ඊට හේතුව වූයේ යාපනේ කටුක ජීවිතයෙන් ගැලවී දකුණේ වෙළඳ හා වෙනත් රැකියා සඳහා පැමිණි ද්‍රවිඩ ජනයා මාස්පතා සිය ගෙදරට මනිඕඩර් මඟින් මුදල් යැවීමය. මෙම දෙමළ ජනයාට, ගම් වල පරණ පත්තර, බෝතල්, යකඩ කැබලි එකතුකරන්නාගේ සිට, සිංහල ජනයාගෙන් කිසිදු අවහිරයක් සිදු නොවීය.

ඉංගිරිස් භාෂාව කතාකල හැකිවූ සියේට හතරක් පමණ වුන බර්ගර්, ඉංගිරිස් පාසැල් වලට ගිය දෙමළ හා සිංහල ක්‍රිස්තියානි පවුල්වල අයට පමණය. දෙමළ ජනයාට මැඩ්‍රාස් විශ්ව විද්‍යාල තිබුණත් ඒවාට යාහැකිවූයේ වෙල්ලාල, ධනවතුන්ට පමණය. 1960 දශකයේදී දෙමළ මාධ්‍යයෙන් පේරාදෙණිය සරසවියට යෑමට ඉඩක් ලැබන තෙක්ම දුගී, කුලහීනයයි සළකණ ජනයා අතරමංවී සිටියේ, සිංහල බහුතර ජනයා අසරණව සිටියා මෙන්මය. පේරාදෙණියේ සිංහල භාෂාව ඉගැන්වූයේ ඉන්ගිරිස් බසෙන්ය! තමන්ගේ දරුවන් නම් පේරාදෙණියට නොයවන බවත්, ලන්ඩන් යවන බවත්, SWRDර්‍ තම මව වන එස්තර්ට පැවසූ බව  යැස්මින් ගුණරත්න විසින් සිය බණ්ඩාරනායක පවුල් පිළිඹඳ පොතේ සඳහන් කර ඇත (Relative Merits: A Personal Memoir of the Bandaranaike Family of Sri Lanka, Yasmine Gooneratne, 1987).

සිංහල ජනවර්ගය උඩරට සිංහල හා පහත රට සිංහල වශයෙන් දෙකට බෙදීම යටත් විජිත උපායක් විය. මේ නිසා දේශපාලනිකව දමිළ ජනයාට බිම් මට්ටමෙන් ඔවුන්ට නොතිබූ බලයක් හිමිවිය. 1923 වනවිට අරුණාචලම් පොන්නම්බලම් ටැමිලක්කම් නමින් ද්‍රවිඩ රාජ්‍යයක් පිහිටුවීමට සැලසුම් කලේ, එක් පැත්තකින් දකුණු ඉන්දියාවේ වෙනම ද්‍රවිඩස්ථාන් රටක් සඳහා වන ව්‍යාපාරයේත්, අනිත් පැත්තෙන් මැනිං ආණ්ඩුකාරයා විසින් දමිළ ජනයාට ව්‍යවස්ථාදායක සභාවේ වැඩි බලයක් ලබාදීමට රහසින් ක්‍රියාකිරීමේ වාසියත් උපයෝගී කර ගනිමින්ය. තමන් ජන සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව භාරව සිටියදී මලබාර් දෙමළ යන නම ලංකා දෙමළ යනුවෙන් (1911 දී?) වෙනස් කර ගැනීමටද අරුණාචලම් සමත් විය.

සිංහල භාෂාවේ අඳුරු යුගය

මෙවැනි පසුබිමක් දෙමළ දේශපාලනය තුල සිදුවෙද්දී සිංහල නියෝජනය අල්ලාගෙන සිටියේ සිංහල භාෂාව නොදන්නා සිංහල ක්‍රිස්තියානි කළු සුද්දන් විසින්ය. මේ වනවිට සිංහල භාෂාවට අත්ව තිබූ අඳුරු ඉරණම 1932 පලවූ  තියඩෝර් ජී පෙරෙරාගේ සිංහල භාෂාව (ව්‍යාකරණ) පොතේ මැනවින් පෙන්වාදී ඇත. සිංහල භාෂාව දෙමළ භාෂා ආක්‍රමණයෙන් බේරා ගැනීම ඔහුගේ උත්සාහය විය. කුමාරතුංග මුනිදාස පඬිවරයාගේ හෙළ බස් සටනද  මෙවන් තවත් උත්සාහයකි. ටැමිල්නාඩ් හා ලෝකය පුරා විසිරී සිටින දෙමළ භාෂාව  කතාකරණ ජන සංඛ්‍යාව හා සසඳන විට සිංහල භාෂාව ලෝකයේ අවදානමකට ලක්වී ඇති භාෂා කීපය අතරට වැටේ.

සිංහල භාෂාවට 1900 මුල් දශක වලදී පමණක් නොව 2008 දී පවා මාක්ස්වාදී සිංහල බෞද්ධ විරෝධී සිංහල කළු සුද්දන් දැක්වූ  ආකල්පය මෙසේය:

In his opinion page letter (Island, 1/14/08), the American-living anthropology professor H. L. Seneviratne (HLS) stated that (1) Sinhalese are a variety” of Tamils and (2) that Sinhala language is Tamil, in its grammatical and syntactic structure, with a 20% Tamil vocabulary. On opinion number 2, no one denies Tamil influence on the Sinhala language. The traditional question has been the extent of this influence.”

Source: LankaWeb – Pure Tamils + ‘Sinhalized-Tamils’ in Sri Lanka: a theory   2020/8/28

මොහු මෙසේ කියද්දී සිංහල භාෂාව හා දකුණු ඉන්දියන් භාෂා ගැන ජීවිත කාලයක් පුරාම පර්යේෂණ කල ජේම්ස් ගයර් කියන දෙය මෙම ලිපියේ ආරම්භයේ උපුටා දක්වා ඇත. යුනිකෝඩ් ක්‍රමය යටතේ යුරෝපීය භාෂා 13 ට ලැබෙන මුල්තැන සිංහල භාෂාවටද ලබගත හැකි ක්‍රමයක් ඇමෙරිකාවේ වාසය කරණ ජයන්ත අහංගම (JA) විසින් නිර්මාණය කරණ ලදී.  මේ සඳහා ඔහු අතීත ඉංග්‍රිසි (old English) හා අයිස්ලන්ත භාෂාවෙන් අක්ෂර ශබ්ද හතරක් කොපිකර ගත්තේය. ඔහු අසන්නේ සිංහල භාෂාව ලංකාවෙන් පිටට ගියා විය නොහැකිද යන ප්‍රශ්ණයය. වතුර යන වචනය ජර්මන් බසේ වසාර් යන වචනය හා සම්බන්ධය. සිංහල, ඉන්දු ආර්ය  නොව, ඉන්දු යුරෝපීය භාෂාවක් විය නොහැකිද?

JA suggests an out-of-the-box thinking on Sinhala and questions the west-worshipping thinking of English-educated professors. Encouraged by new discoveries by Talageri, and his own ‘field work’ JA proposes a new theory.  In his book Talageri suggests that Indo-European languages went from India to Asia Minor. Then he stumbled on to the word vatura in Sinhala and the other unusual words such as oluva (head), bella (neck), kakula (leg) and kalava (thigh). These words are not found in Sanskrit, Pali, Tamil or any other language. So, JA asks, is it not possible that a Sinhala language went north and west from ancient Sri Lanka? After all the Yavanas mentioned in the Mahavamsa are present-day Iranians. He disagrees with TGP’s suggestion in 1932 that Sinhala had more affinity with the Semitic and Phoenician script.  He says Semitic and Phoenician scripts which write from right to left does not have all the sounds that the Sinhala and Brahmi scripts commonly shared. 

Malayalam is a new language, and the remarkable similarity between Sinhala and Malayalam letters makes one wonder if Sinhala letters influenced Malayalam letters. The reason for this is the possibility that Sinhala could be even older than Sanskrit or Pali. The Sinhala words vatura (water) and hakuru (jaggery) are found in Germanic languages and not in Indo-Aryan languages. Why?

Source: LankaWeb – Pure Tamils + ‘Sinhalized-Tamils’ in Sri Lanka: a theory   2020/8/28

මීළඟ කොටස  Part -II ….. ඩොනමෝර් බෞද්ධයින්

wijeychandra@gmail.com

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress