මත්ද්‍රව්‍ය ජාවාරම් රටවලින් සල්ලි ඇවිත්.. රැට්ටා ඇතුළු පිරිසක ගිණුම් පරීක්‍ෂාවක.. අනුරගේ පුතා-ලේලි ගලදාරියේ..
Posted on July 16th, 2023

උපුටා ගැන්ම ලංකා සී නිව්ස්

අරගලයේ සිටි රැට්ටා ඇතුළු පිරිසගේ ගිණුම් පරීක්ෂණ නිලධාරීන් විසින් පරීක්ෂණ කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ දී මිනුවන්ගොඩදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන බලමණ්ඩලය අමතමිනි.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතාගේ පුත්‍රයා සහ ලේලිය ගලධාරී හෝටලයෙන් ආහාර ගනිද්දී අනුර දිසානායක මහතා කෙසෙල් කොලේ බත් කන බවත් හෙතෙම එහිදී පැවසීය.

මන්ත්‍රීවරයා තවදුරටත් මෙසේ අදහස් පල කලේය.

‘2019 ජනාධිපති ලෙස පත්වු ගෝඨාභය රාජපක්ෂ මහතා 2020 අගෝස්තු මාසය වන තුරු කොවිඩ් වසංගතයත් හොදින් කළමණාකරණය කර ගනිමින් රට පාලනය කළා. ඒ පැහැදීම නිසාම ජනතාව මහ මැතිවරණයේදී 2/3 ක බලයක් අපිට ලබා දුන්නා.

කොවිඩ් 19 වසංගතය සහ ලෝක ආර්ථික ආර්බුදය නිසා ඇති වුණු ප්‍රශ්න කළමණාකරණය කර ගැනීමට නොහැකි වීම නිසා අන්තවාදීන් එන්.ජී.ඕ. නඩ ක්‍රියාත්මක වෙලා ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ගෙදර යැවුවා. අපි පිළිගන්න ඕනි මිනිස්සු දැඩි පීඩනයක සිටියා කියලා. අරගලයෙන් එළියට ආවේ ඒ පීඩනයයි. නමුත් ජේවිපී එක පෙරටුගාමීන් තම දේශපාලන න්‍යාය පත්‍ර අරගලය ඇතුලේ ක්‍රියාත්මක කරා. අද ඒ බව එළි වෙමින් තිබෙනවා. ප්‍රසන්න රණතුංග ඇමතිතුමාගෙ නිවස ගිනි තිබ්බ කෙනා මිනුවන්ගොඩ ජේවිපි රැස්වීමේ කතා කරනවා. අරගලයේ හිටපු හාමුදුරුවෝ නමකගේ ගිණුමට රුපියල් කෝටි 12 ක් බැර වෙලා. තොරතුරු අනුව ඒ මුදල් ලැබි තිබෙන්නේ ගෝතමාලාවෙන්. ගෝතමාලාව තමයි ලෝකයේ වැඩිපුරම මත්ද්‍රව්‍ය භාවිතා කරන රට. එහෙම රටකින් තමයි ගෝඨාභය මහතා එළවන්න සල්ලි දෙන්නේ. අරගලයේ හිටපු රැට්ටා ඇතුළු පිරිසගේ ගිණුම් පරීක්ෂා කරනවා. තව තොරතුරු එළි වේවි. අපි ජනවරමකින් පත් වුනු රජයක්. නමුත් මෙම අරගලය නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාටත්, මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයටත් ගෙදර යන්න සිදු වුනා. මෙහෙම දෙයක් ලංකා දේශපාලනය ඉතිහාසයේ සිදු වුණු පළමු අවස්ථාව මෙයයි.

රටට විකල්පය ජේවිපි එක නෙමෙයි. මිනිස්සු අද ඒ බව තේරුම් අරගෙන ඉන්නවා. අනුර කුමාර කියන්නේ ෆේස් බුක් එකේ ජනාධිපති. රටට බොරු කියන්නේ මොකටද? ඇත්ත කියන්න ඕනි. තේ කඩයක්වත් කරපු නැති ජේවිපි එක රටක් පාලනය කරන්නේ කොහොමද? අනුර කුමාර 75 වසරක ශාපය ගැන කතා කරන්නේ එයාලා මුකුත්ම කරලා නැහැ වගේ. චන්ද්‍රිකා මැතිණියගේ ආණ්ඩුවේ අනුර කුමාරලත් ඇමතිකම් කරා. ඇමතිකම් දුන්නේ වසර 5 කටයි. නමුත් මගදි දාලා ගියා. එතුමා ඇමතිකම් කරපු විදිහ ගැන මම කියන්නේ නැහැ. ජේවිපි එකට ජාත්‍යන්තරය සමග කටයුතු කරන්න දැනුමක් නැහැ. ජේවිපි එක කියන්නේ ත්‍රස්තවාදී සංවිධානයක්. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අයවැය පරද්දන්න අනුර කුමාර සැලසුම් හැදුවා. ඒ යුද්ධය අවසානම කාලයේ. එදා අයවැය පැරදුනා නම් උතුරේ යුද්ධය තවම තියෙනවා. පාස්කු ප්‍රහාරයේ ඝාතකයන්ගේ පියා සහ මාමා ජේවිපී එකේ ජාතික ලැයිස්තුවේ හිටියා. මේවා නිකම් වෙන දේවල් නෙමෙයි.

අපි රනිල් වික්‍රමසිංහ මහතා විවේචනය කරා. නමුත් මේ මොහොතේ අභියෝගය භාරගෙන ආර්ථිකය ශක්තිමත් කරන්න පුළුවන් වුණේ එතුමට විතරයි. අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ කුකලෙන් අදින්නේ නැහැ. මම වගකීමේන කියනවා ගෝඨාභය ජනාධිපතිතුමාට වුණු දේ වත්මන් ජනාධිපතිවරයාට වෙන්න අපි ඉඩ තියන්නේ නැ’

– ප්‍රදීප් අනුර කුමාර

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress