පුවත්පතක පළවූ වැරදි ප්‍රවෘත්තියක් හේතුවෙන් ආයුර්වේද සංශෝධනයට එරෙහි මුල්ම පෙත්සමේ නීතීඥවරයා එම නඩුවෙන් ඉවත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි.
Posted on July 21st, 2023

වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන

ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත සුසිල් ප්‍රේම්ජයන්ත ඇමතිවරයා විසින් 2023 ජූලි 05 වැනි දින පාර්ලිමේන්තුවේ පළමුවර කියවා ඇත.

එයට එරෙහිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්නේය පදනමින් මත්තෙගොඩ රෝපා ආයුර්වේද රෝහලේ වෛද්‍ය බී. ඒ. රත්නපාල මහතා නීතීඥ අරුණ උණවටුන මහතා මගින් SC/SD/22/23 අංක යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථාව යටතේ පෙත්සමක්
ඉදිරිපත් කර ඇත.

පළාත් සභා ලැයිස්තුව යටතේ ඇති ආයුර්වේදය අදාල කාරණා සම්බන්ධයෙන් යෝජිත ආයුර්වේද පනත් සංශෝධනය පළාත් සභා නොවිමසා ගෙනවිත් ඇති බව ඇතුලු කාරණා එකී පෙත්සම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දක්වා ඇත.

සෙවනගල ප්‍රදේශයේ වෛද්‍යවරයෙකු වන කමල් බන්දුල වීරප්පෙරුම සහ මුල්ලේරියාව නව නගරයේ වෛද්‍යවරයෙකු වන වොෂින්ටන් ගල්හේනගේ නානායක්කාර යන අයද වෛද්‍ය රත්නපාල මහතාගේ පෙත්සම වැනිම පෙත්සමක නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා මගින් ගොනු කර ඇත.

2023 ජූලි 19 වැනි දින ඒ සම්බන්ධයෙන් වැරදි කරුණු ඇතුළත් ප්‍රවෘත්තියක් දිවයින පුවත්පතේ පළ වී ඇත. එකී ප්‍රවෘත්තිය පහත පළ වේ.

එකී වැරදි ප්‍රවෘත්තිය හේතුවෙන් නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතාට සිය නඩුවෙන් ඉවත්වන ලෙස වෛද්‍ය රත්නපාල මහතා විසින් නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතාට දැනුම් දී ඇත.

එකී ප්‍රවෘත්තිය නිවැරදි කරමින් 2023.07.20 දින දිවයින පුවත්පත විසින් නිවැරදි කිරීමක්ද පළකර ඇත. එකී නිවැරදි කිරීම කළ ප්‍රවෘත්තිය පහත දැක්වේ.

ආයුර්වේද පනත සංශෝධනයට එරෙහිව මුල්ම පෙත්සම ඉදිරිපත් කළ වෛද්‍ය බී.ඒ. රත්නපාල මහතාගේ නීතීඥවරයා වූ නීතීඥ අරුණ ලක්සිරි උණවටුන මහතා මෙකී කරුණු ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්කර එකී නඩුවෙන් ඉවත්වීමට අවසර ඉල්ලා ඇති අතර නීතිපතිවරයාටත්, වෛද්‍ය රත්නපාල මහතාටත් එහි පිටපත් ලබා දී ඇත.

http://neethiyalk.blogspot.com/2023/07/blog-post.html?m=1

“නීතියේ සිංහල නුගමුල”
ෆීනික්ස් නීති සාර සංග්‍රහය (2023 ජූලි)
වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress