අස්වැසුමේ ගැටලු අගමැතිගේ අවධානයට.
Posted on July 26th, 2023

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

අස්වැසුම ක්‍රියාත්මක කිරීමේදී පැනනැගී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.07.26 දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

වැඩිහිටි, ආබාධිත, වකුගඩු යන නිර්ණායකයන් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමට සහ මතුව ඇති අනිකුත් ගැටලු වහා නිරාකරණය කිරීම සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝවශයෙන් සාකච්ඡා කෙරිණි.

රාජ්‍ය අමාත්‍යවරුන් වන ෂෙහාන් සේමසිංහ, අශෝක ප්‍රියන්ත, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක,  රාජ්‍ය පරිපාලන ලේකම් රංජිත් අශෝක, අස්වැසුම සභාපති බී. විජේරත්න ඇතුළු රාජ්‍ය නිලධාරීහු මෙම අවස්ථාවට සහභාගි වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress