ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත රටේ ඒකීයභාවයට තර්ජනයක් – නීතීඥ අරුණ ලක්සිරි කියයි.
Posted on July 27th, 2023

ඒ. ජේ. ඒ. අබේනායක – (2023 ජූලි 27 “දිවයින” 05 පිටුව)

රජය විසින් මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති ආයුර්වේද සංශෝධන පනත් කෙටුම්පත රටේ ඒකීය භාවයට දැඩි තර්ජනයක් එල්ල කරන ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි පනත් කෙටුම්පතක් වන්නේ යැයි එම පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් පෙත්සමක් ගොනුකර තිබූ කමල් බන්දුල වීරප්පෙරුම හා වොෂින්ටන් ගල්හේනගේ නානායක්කාර යන ආයුර්වේද වෛද්‍යවරුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ඊයේ (26 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට පැවසීය.

එම ආයුර්වේද වෛද්‍යවරුන් දෙදෙනා හා බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණ ආයතනයේ වෛද්‍ය නිලධාරි පරාක්‍රම අමරතුංග මහතා ඇතුලු පිරිසක් ගොනු කර තිබූ පෙත්සම් විභාගයේ දී කරුණු දක්වමින් නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා එලෙස පැවසීය.

එම විශේෂ පෙත්සම් එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ජගත් ද සිල්වා යන විනිසුරු මඩුල්ල හමුවේදී තෙවන දිනටත් විභාගයට ගැනිණි. යෝජිත පනත් කෙටුම්පත සංශෝධනයේ දී පෙර පනතේ සඳහන් වූ වෛද්‍ය කර්මය සහ කොටස වෛද්‍ය ප්‍රතිකාර ලෙසටත් ආයුර්වේද නීති සංග්‍රහය සහ කොටස වෛද්‍ය ප්‍රතිකාර ලෙසටත් ආයුර්වේද නීති සංග්‍රහය යන කොටස ආයුර්වේද සංග්‍රහය ලෙසටත් සංශෝධනය කිරීමට යෝජනා කර ඇති බව නීතිඥ අරුණ ලක්සිරි මහතා විනිසුරු මඬුල්ලට පැවසීය.

පෙරකී සංශෝධන මෙන්ම සම්භාහන මධ්‍යස්ථානවල සේවයේ යොදවන සම්භාහන ශිල්පීන් (තෙරපිවරුන්) ආයුර්වේද වෛද්‍යවරුන්ගේ අධීක්‍ෂණයෙන් බැහැර කිරීමට ඉඩකඩ සැලසීම විවිධ අපචාරවලට මග පාදාදීමක් වන්නා සේම එය ආයුර්වේද වෛද්‍යවරුන්ගේ අභිමානයට හා
වෘත්තිය ගරුත්වයට කැළලක් ඇති කරන ක්‍රියාවලියක් වන්නේ යැයිද නීතිඥ ඒකනායක මහතා සමග එම පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අරුණ ලක්සිරි උණවටුණ මහතා විනිසුරු මඩුල්ලට පුරා පැය දෙකකට ආසන්න කාලයක් කරුණු දක්වමින් පහදා දුන්නේය.

ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ තනුක නන්දසිරි මහතාත්, වෛද්‍ය පරාක්‍රම අමරතුංග මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණිෂ්ක විතාරණ මහතාත් එහි දී කරුණු දැක්වූ අතර පෙත්සම්කාර ආයුර්වේද වෛද්‍ය උපාලි චන්ද්‍රසිරි මහතා තමන්
වෙනුවෙන්ම අධිකරණය හමුවේ දීර්ඝ ලෙස කරුණු දක්වමින් එකී පනත්කෙ ටුම්පතට ඇතුළත් සංශෝධන මගින් සිදුවන අහිතකර බලපෑම් විනිසුරු මඬුල්ලට සවිස්තරව පහදා දුන්නේය.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිස්ටර් ජනරල්ජ නාධිපති නීතිඥ සිරිවර්ධන මහත්මියද කරුණු දැක්වූවාය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress