උතුරේ බෙදුම්වාදී පක්ෂ හා ජනාධිපතිවරයා ඇතිකරගත් රහස් ගිවිසුමක් වෛද්‍ය වසන්ත බණ්ඩාර අනාවරණය කරයි… 13 දෙන්න හදන විදිහ මෙන්න
Posted on July 27th, 2023

 Lanka Lead News

ව්‍යවස්ථාව සංශෝධනය කිරීමක් හරහා 13 වැනි සංශෝධනය පූර්ණ වශයෙන් බලත්මක කිරීමට ජනාධිපතිවරයා හා උතුරේ දෙමළ දේශපාලන පක්ෂ අතර ඇති වූ එකඟතාවයන් ඇතුළත් ලියවිල්ලක් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අද( 27) ජාතික සංවිධාන එකමුතුව මගින් පැවැත්වූ මාධ්‍ය හමුවක දී අනාවරණය කළේය.

මෙහි සඳහන් එකඟතා පිළිබඳව මෙතෙක් රටේ ජනතාව හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පවා නොදන්නා බව මෙහිදී ඒ මහතා හෙළිදරව් කළේය.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් කැඳවා ඔවුන්ගේ ඇස් වසා කණ අත්සන ලබා ගන්නා අයුරින් මෙය සම්මත කරගැනීමට උත්සාහයක් ඇති බවද, 13 වැනි සංශෝධනයේ ඇති බාධක නිසා තවමත් රට නොබෙදී පවතින බව හා ඒවා ඉවත් කළ සැනින් රටේ වෙනම රාජ්‍යක් නිර්මාණය වන බවද ඒ මහතා පෙන්වා දෙයි.

ලෝකයේ රටවල් 26ක් මේ වන විට බෙදා වෙන්කොට ඇති බවත්, ඒ සියල්ල සිදුවූයේ දේශපාලන විසඳුම් ලබාදෙන මුවාවෙන් බවත් වසන්ත බණ්ඩාර මහතා පැහැදිලි කරයි.

13 සම්මත කර ගැනීමට ක්‍රම 2ක් ඇති බව සඳහන් කරන ඒ මහතා, ජනාධිපතිවරයා ලවා 13 ක්‍රියාත්මක නොවීමේ බාධක ඉවත් කිරීම හරහා පරිපාලනමය වශයෙන් එය ක්‍රියාත්මක කිරීම හා ව්‍යවස්ථා සංශෝධනයක් හරහා එය ක්‍රියාත්මක කිරීම එම ක්‍රම දෙක බව පෙන්වා දෙයි.

පරිපාලනමය වශයෙන් 13 සම්පූර්ණයෙන් බලාත්මක කෙරුන ද ජනාධිපතිවරයා මැතිවරණයෙන් පරාජයට පත්වුවහොත් එය බෙදුම්වාදීන්ට අවාසිවන බව දන්නා ඔවුන් කෙසේ හෝ ව්‍යවස්ථා සංශෝධනයක් හරහා 13 බලාත්මක කිරීමේ උත්සාහය මෙම රහසිගත ලියවිල්ල මගින් හෙළිදරව් වන බවයි වසන්ත බණ්ඩාර මහතා පවසන්නේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress