විෂ්ව විකුර්ථියක් සහ ලෝක විහිලුවක් බවට පත්ව ඇති ලන්කාවේ වර්ථමාන ආණ්ඩුව නඩත්තු කිරීම
Posted on July 27th, 2023

ආචාර්‍ය සුදත් ගු ණසේකර මහනුවර

රාජ්‍යක මූලික වගකීම් 3 වූ රක්ෂ, (රටේ ආරක්ෂාව) පාලන (නීතිය සහ සාමය පවත්වාගෙන යාම සහ යෝගක්ෂේම (ජනතා ශුභසෙත) යන මූලික යුතුම් තුනෙන් එකක් හෝ අවම වශයෙන්වත් ඉටුනොකරණ විෂ්ව විකුර්ථියක් සහ ලෝක විහිලුවක් බවට පත්ව ඇති ලන්කාවේ වර්ථමාන ආණ්ඩුව නඩත්තු කිරීම සඳහා වසරකට මහජන මුදල් රුපියල් බිලියන 4,472 (කෝටි 44,720 ක්) නාස්ති කරන්නේ  ඇයි?.

අද මේ රටේ තිබෙන්නේ කෞටිල්‍ය විසින් පෙන්වා දෙනලද රාජ්‍යක මූලික වගකීම් 3 වූ රක්ෂ,පාලන සහ යෝගක්ෂේම (ජනතා ශුභසෙත)  යන මූලික යුතුකම් තුනෙන් එකක් හෝ අවම වශයෙන්වත් ඉටුකිරීමට අපොහොසත්වූ රජයකි. එසේම මේ රටේ දැනට පවතින   රජය  2019 සහ 2020 මැතිවරණයන්ගෙන් ජයග්‍රහණය කළ නායකයින් සින්හල බෞද්ධ විරෝධී දෙස් විදෙස් ඒකාබද්ධ කුමන්ත්‍රණයකින් පළවාහැරීමෙන් පසු 2019 සහ 2020  ප්‍රකාෂිතවු ජනතා අපේක්ෂාවන් සහ අභිලාශයන් මුළුමනින්ම පාවාදෙමින් ඊට ඉඳුරාම ප්‍රතිවිරුද්ධ ප්‍රතිපත්ති ඇති  2020 දී ජනතාව විසින් ප්‍රතික්ෂේප කොට, දේශපාලන වණසණ්ඩයට යැවූ,  පාර්ලිමේන්තුවේ එකද අසුනක් හෝ නැති පුද්ගලයකු ඊනියා ව්‍යවස්ථාවයයි කියන අධිරාජ්‍යවාදි නෂ්ඨාවශේෂ උගුලේ හිදැසකින් තමන්ගේ ගැළවුම් කාරයා වශයෙන්, අභිෂේක කොට සෑම අතින්ම විකුර්තියක් වූ  කිසිදු ජනතා වරමක් නැති රජයකි. තව දුරටත් ජනතාවගේ හා රටේ යහපත පසෙක තබා දේශපාලකයින්ගේ ආත්මාර්ථය සඳහා පමණක් ක්‍රියාත්මකවන ලෝක  විහිලුවක් බවට මේ රජය දැන්  පත්ව ඇත.

මෙම පසුබිම තුල මා ජාතිය හමුවේ තබන ප්‍රශ්නය මෙයයි. රට ජාතිය විනාශය කරාම දක්කාගෙන යන, ප්‍රජාතන්ත්‍ර විරෝදී, සදාචාර විරෝදී ජනතා වරමක් නැති එවැනි ආණ්ඩුවක් නඩත්තු කිරීම සඳහා වසරකට මහජන මුදල් රුපියල් බිලියන 4,472 (කෝටි 44,720 ක්) නාස්ති කරමින් මේ රට සහ ජාතිය පූර්ණ විනාශය කරාම ඇදගෙන යාමට දී නිහඬව බලාසිටින්නේ ඇයි?

ඉහත සඳහන් වන පරිදි මෙයින් රජයේ ආදායම් සහ ප්‍රදාන මගින්  බලාපොරුත්තුවනුයේ 45% බවද ශේෂය 55% ණය ගින් ලබා ගැනීමට අපේක්ෂා කරන බවද ඉහතින් සඳන් වෙයි. රජයේ ආදායම් සහ ප්‍රදාන මගින් බලාපොරුත්තුවන 45% බොහෝ විට නොළැබීම සාමාන්‍ය සම්ප්‍රදායයි. එසේවූ විට රාජ්‍ය වියදම් පියවා ගැනීම සඳහා තවත් ණය ගතයුතුවේ. මේ අනුව රාජ්‍ය පවත්වාගෙන යාමට සිදුව ඇත්තේ රාජ්‍ය වියදමෙන් 65% කට වැඩි මුදලක් ණයට ගෙනයයි උපකල්පනය කළ හැක . (Source: CBSL as given in google)

මේ අණුව වසරකට මහජන මුදල් රුපියල් බිලියන 4,472 (කෝටි 44,720 ක්) නාස්ති කරමින්, රාජ්‍යක මූලික වගකීම් 3 වූ රක්ෂ,පාලන සහ යෝගක්ෂේම (ජනතා ශුභසෙත) යන මූලික යුතුකම් තුනෙන් එකක් හෝ නිසිපරිදි ඉටු  නොකරන, ජනාධිපති වරයෙකු ප්‍රධානකොට ඇති අගමැති වරයකු සහිත 60 දෙනෙකුගෙන් පමණ සමන්විත ඇමති/රාජ්‍ය ඇමති මණ්ඩලයක් සහ 225 ක පාර්ලිමේන්තුවක් මෙන්ම  දේශපාලන අනාතයින් වූ ආණ්ඩුකාරයින් 9 දෙනකු ඇතුලු රටට හා ජනතාවට කිසිදු ප්‍රයෝජනයක් නැති එසේම මේ රටේ වසර දහස් ගණනක් තිබුණු විශිෂ්ඨ දිසා  පාලනය අවුල් ජාලයක් බවට පත්කළ 8000 ක් පමණවන පලාත් සභා මන්ත්‍රීවරුන් සහ ලක්ශ 16 ක පමණ වන රාජ්‍ය නිලධාරීන්ගෙන් සමන්විත රජයක්  කියන ලෝක  විහිලුවක් ලෝකයෙන් ණය ලබාගෙන මේ රටේ පවත්වාගෙන යන්නේ ඇයි යන ප්‍රශ්නය මේ රටේ සමස්ථ ජනතාවම මහමඟට බැස ඇසියයුතු කාලය දැන් එළඹ ඇතැයි මම සිතමි

පාර්ලිමේන්තුවේ අද මන්ත්‍රීවරුන් 225 ක් සිටියත් රටේ කිසිම ආසනයකට මන්ත්‍රී වරයෙකුද නැත.මහජන චන්දයෙන් පත් උනායයි  කියන 196 අමතරව ජාතික ලැයිස්තුව නම්වූ ජනතාවගේ නියෝජිතයින් නොවන ඊනියා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාය විහිලුවක් බවට පත්කොට ඇති ජනතාවට වග නොකියන පක්ෂ නායකයින්ගේ එහෙයියන් පමණක් වන තවත් පරපුට්ටන් 29 කි. මොවුන් වගකියන්නේ තම පක්ෂ නායකයින්ට පමණි. එහෙත් මෙයද තරු හතේ ප්‍රජාතන්ත්‍ර වාදයයැයි කියත්. 

පාර්ලිමේන්තුව යනු ජාතියේ උත්තරීතර ව්‍යවස්ථාදායකයයැයි කියවේ. ඒ අනුව එහි මූලික වගකීම රට තුල යහපාලනය ගෙනයාම සඳහා අවශ්‍ය නීති සම්පාදනායයයි. පාර්ලිමේන්තුව සම්පාධනය කලද ඒවා දෙස විමර්ෂනයෙන් බලනවිට පැහැදිළිවන ප්‍රධාන කරුණ වන්නේ ඒ සෑම නීතියක්ම සම්මත කර තිබෙන්නේ මේ පිස්සන්කොටුව තුල සිටින මහජන නියෝජිතයින් යයි කියාගන්නා දේශපාලකයින්ගේ බලය තහවුරු කරගැනීම, සුඛවිහරණය, වරප්‍රසාධ සහ ආරක්ෂාවට මිස ඉහතින් සඳහන්කරණලද රාජ්‍යයක උසස් අරමුණු ඉටුකරගැනීමට නම් නොවන බව කිව යුතුය. විශේෂයෙන්ම 1977 න් පසු මේ පාර්ලිමේන්තුවෙ සම්මත කරණලද නීති පරීක්ෂා කරණවිට මෙම තත්වය මැනවින් පැහැදිළි වේ. මෙම කරුණු දෙස විමසිල්ලෙන් බලනවිට කිසිම නීත්‍යානුකූල මහජන නියෝජිතත්වයක් නැති සෑම අතින්ම විකුර්තිවූ මේ පාර්ලිමේන්තුව මෙන්ම රජයද තවදුරටත් පවත්වාගෙනයාමේ කිසිම තේරුමක් නැති බව දෑසම අන්ධ අයෙකුට වුවද මැනවින් පැහැදිළිවනු නොඅනුමානය.

 මේ අතර වර්තමානයේ ශ්‍රී ලන්කාව වැටී ඇති (නෑ නෑ 1977 සිට දේශපාලුවන් විසින්[S1]  ඇද දමා ඇති) අතිශයින්ම අභාග්‍යසම්පන්න මෙන්ම භයානක හා හිඟන තත්වයෙන් ගොඩ ගැනීමට ඇති එකම විසඳුම රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම/ විකීණීම පමණකැයි කියන දේශපාලන ගිරවුන්ගෙන් සහ එම භයානක ක්‍රියාවළිය අනුමතකරමින් නිහඬව සිටින ආර්ථික විද්‍යාඥයින්ගෙන් සහ නිළධාරීන්ගෙන් මම පහත සඳහන් ප්‍රශ්න කීපය අසමි.

1ප්‍රතිව්‍යුහගතකිරීම කියන්නේත් විකුණනවා කින්නේත් එකමද.එසේ නොමැතිනම් ප්‍රතිව්‍යුහගතකිරීම  යන්න විකීණීම යන වචනයට සොයාගත් තවත් එක් අළුත් පර්‍යාය වචනයක්ද. අප දන්නා සින්හල අනුවනම් ප්‍රතිව්‍යුහගත කිරීම යන්නෙන් අදහස් කරන්නේ පවතින ව්‍යුහයක් වෙනස්කිරීම මිස විකිණීම නොවේ

2.ජනතා ඇසට වැළිගසා සිදුකිරීමට යන මේ රාජ්‍ය ආයතන හා රාජ්‍ය දේපල විදේශීන්ට විකිනීමෙන් සිදුවන්නේ රට විදේශිකයින් සතු කිරීමයි.

3අපි මෙවා විකුණනවා කියා ඇත්ත නොකියා ප්‍රතිව්‍යුහගත කරණවා කියා දේශපාලන බොරු කියන්නේ ඇයි

4.ලාභ නොලබන ආයතනවලට දේශපාලන හෙන්චය්යන් පත් නොකොට ඒවා ලාභ ලබන යතන බවට පත් කිර්‍රිමට හැකි අදාල වුර්තීය සුදුසුකම් ඇති පුද්ගලයන් පත්කොට ඒවා ජාතික සම්පත් බවට පරිවර්තනය නොකොට විකුනන්නේ ඇයි.

5 එයාර් ලන්කා, දුම් රිය, කොලඹ, ත්‍රිකුණාමලේ සහ කන්සන්තුරේ ඇතුලු ප්‍රධා වරායන්, ගුවන් තොටුපල, ත්‍රිකුණාමලේ හෙක්ටෙයාර්  5261 ක භූමි භාගයකුත් සමඟ තෙල් ටැන්කි 100 ක්, ටෙලිකොම් සහ ශ්‍රී ලන්කා ඉන්ෂුවරන්ස් වැනි ධන උල්පත් සියල්ල විකිණීමට සිඅය්ළු කටයුතු දැනටමත් අවසන්කොට ඇතැයි කියවේ.විකුණා අනතුරුව ලන්කාව සතු නැව් කීපය සහ ලන්කා ගමනාගමන මණ්ඩලයද  විකුනනවා සිකුරුයි.

6.ලාභ ලබන ආයතන නොවිකුනා පාඩු ලබන ආයතන පමණක් වික්කොත් ඔබලාට ලැබෙන කොමිස් මුදල මඳි නිසාද ලාභ නොලබන විකුනන්නේ.

7 ලාභ ලබන, නොලබන ආයතන සියල්ලම වික්කොත් රටේ ආර්ථිකයට ඉතිරිවන්නේ මොනවා

8.මේ අන්දමින් රාජ්‍ය ආයතන 430 ගණනක් වික්කොත් එම ආයතවල දැනට රැකියා කරණ ලක්ශ සන්ක්‍යාත සේවක්යින්ගේ රැකියා අහිමිවන්නේ නැද්ද. ඔවුන්ගේ දරුපවුල්වල ලක්ෂ ගානක් ජීවත් කරන්නේ කෙසේද. ඔවුන්ට කන්ට අඳින්ට දෙන්නේ කවුද.

9. මේ රටේ සියළුම ආර්ථික මර්මස්ථාන මේ අන්දමින් විදේශීන්ට විකිණීමෙන් පසු රැකියා අහිමිවන පිරිස් විදේසීන්ගේ ආයතනවල වහලුන්මෙන් අඩු වැටුපකට විදේසීන්ට සේවය කොට ඔවුන්ගේ රටවල් සන්වර්ධනය කරණු බලා ඔබලා ලබන් සතුට කුමක්ද.

10. සියලුම රාජ්‍ය ආයතන, වරායවල්, ගුවන් තොටුපලවල්, මහපොලව ඇතුළු සියළු ජාතික සම්පත් විකුනා දැමීමෙන් පසු මේරටේ ආණ්ඩුවට පාලනය කිරීමට ඉතිරිවන්නේ මොනවාද

11රාජ්‍යයක මූලික වගකීම් තුන වන රක්ෂ, පාලන සහ යෝගක්ෂේම යන තුනම මේ වන විටත් මේ රටතුල සිදු නොවන්නේනම් එවැනි තත්වයක් යටතේ රජයක් අපි පවත්වාගෙන යන්නේ කුමක් සඳහාද.

12 එසේවූ විට රජය සහ පාර්ලිමේන්තුවද විසුරුවා හැර රාජ්‍ය ආයතන සියල්ල වසා දමා රාජ්‍ය සෙවකයින් සියල්ලද ගෙදර යවනවාද.

13 මෙසේ කිරීමෙන් රාජ්‍යක මූලික වකීම් 3න් එකක්වත් කිරීමට රටක් නොමැතිව තව දුරටත් රාජයක් පවතවාගෙන යාමේ කිසිදු අවශ්‍යතාවක් නොමැතිවන බැවින් ආණ්ඩුවද විසුරුවා හැර පාර්ලිමේන්තුවද වසාදමා එයද සූපිරි විදේශීය හෝටලයක් බවට පත්කරනවාද.

14දැනට ලක්ෂ 16ක් පමණ වන රාජ්‍ය සේවකයින්ට එවිට සිදුවන්නේ කුමක්ද. ඔවුන් ජීවත් වන්නේ කෙසේද.

15 1505 සිට තම රිජු යටත් විජිත පාලනය හරහා සිදු කරණළද කොල්ලකෑම වෙනුවට   ඔවුන්ගේ නිශ්පාදන භාණ්ඩ, තාක්ෂනය සහ ගිණිපොලියට නය, නිශ්පාදිත භාණ්ඩ අලෙවිය සහ එම භාණ්ඩ නිශ්පාධන සඳහා අඩු වැටුපට අපරටවලින්  කම්කරුවන් ලබාගැනීම ආදි උපක්‍රම මගින් ක්‍රියාත්මක වන නව යටත්විජිත වාදය හරහා දකුණේ රටවල් කොල්ලකමින් දැනට මරනාසන්නව සිටින රටවල් විසින් අටවන මර උගුල්වලට හසු නොවී 21 වන සියවසේ ලෝක බල කේද්‍රය බවට ශීග්‍රයෙයෙන් පත්වෙමින් පවතින නව අප්‍රිකා-ආසියාතික බලවේගය වන බ්‍රික්  සම්ඟ එක්ව මේ රට නව ලෝකයක් කරා ගෙන යාමට ක්‍රියා කළයුතුව තිබියදී එසේ නොකොට  මේ ලක් මව  බටහිර අධිරාජ්‍ය වාදි කුමන්ත්‍රන කරුවන්ගේ බිල්ලක් බවට පත් කරන්නේ ඇයි.

16 පෙරදිග ආසියාව 21 වන සියවසේ ලෝකයේ ආර්ථිකයේ මෙන්ම ලෝක බල තුලනයේ තීරණාත්මක් කේද්‍රස්ථානය වී දසවසරක් තුල ආසියාවේ ආශ්චර්‍ය වීමට හැකියාව තිබියදී සීග්‍රයෙන් අත්ලන්තික්  සාගරයේ ගිලෙමින් පවතින බටහිර අධිරාජ්‍ය වාදී නැවට ඔබ අපි පටවන්නේ ඇයි?

17.පොලව මතුපිට මෙන්ම යටද මේ තරම් ස්වාභාවික සම්පත් ඇති, ලෝකයේ අඩුම මහී ආකර්ෂනය ඇති, එසේම වසර පුරා නොඅඩුව පැය 12ක් හිරු එලිය ලැබෙණ වසර පුරා වර්ෂාව ලැබෙන, ලෝකයේ සෑම රටකම පානීය ජලය සිඳී ගියත් එසේ නොවන එකම රට බවට පිලිගත්, වියළුණු දණ්ඩක් වුවත් පොලවේ පැලවෙන,  පෙර අපර ලෝක දෙක අතර ලෝකගෝලයේ මැද පිහිටා ඇති නිසා ලන්කා නමින් පුරාණයේ සිට ප්‍රචලිත,(භූ මධ්‍යයයේ අන්කීයතිති ලන්කා),පෙර අපරදිග ලෝක දෙක අතර අසමසම   නාවික, වානිජ හා ගුවන් වැදගත්කමක් හා ගෝලීය වශයෙන් ඉහලම යුද්ධෝපාය වටිනාකමක් ඇති, ලෝක  නාවික වෙළඳාමෙන් වැඩිම ප්‍රතිශතක් හුවමාරුවන නාවික මාර්ගයේ පිහිටා ඇති, පෙර අපර දෙදිගටම නැතිවම බැරි, රට වටා වර්ග සැතපුම් කෝටි 5කට අධික (සැ 7876 x 6455) සාගරික සම්පත්වලින් පිරුණු මහා සාගරයක් රටවටා ඇති ලෝකයේ අනෙක් එසේම විශිෂ්ඨ ගණයේ මානව සම්පතහක් ඇති අනෙක් රට කුමක්ද.

18 එසේ තිබියදී එම සම්පත් උපයෝගිකොට ගෙන මේ රට දියුණු නොකොට රට සහ ජාතිය සතු සියළු සම්පත් අපගෙ සතුරන්ට  විකුණා සිදුකිරිමට ඔබලා සූදානම්වන මේ ජාතික පවාදීම කුමක්ද.

19. 21 වන සියවසේ ආර්ථික හා ලෝක බලතුළනයේ ආධිපත්‍යට පත්වන ඉන්දු පැසිපික් කලාපයේ කේද්‍රස්ථානය බවට පත්වීමේ රන් දොරටුව පෙනි පෙනී ඉන් උපරිම ඵල නෙලාගැනීමට රට සූදානම් නොකොට 1505 සිට මේ රම්‍ය දිවයින සූරාකෑ එසේම විනාශකළ අදටත් එසේම සූරා කමින් මේ රටේ සම්පත් සහ ශිෂ්ඨාචාරය තමන්ගේ ආත්මාර්ථය සඳහා විනාශ කිරීමට උගුල් අටවන අත්ලන්තික් සාගරයේ ශීග්‍රයෙන් ගිලාබසින සතුරන් සමඟ එක්වන්නේ මොන හිතකින්ද. ඔබලා මේ නැටීමට ස්සුදානම්වන නාඩගම කුමක්ද. එසේ කිරීමෙන් ඔබ  සියළු දෙනාම මේ රට හා ජාතිය පාවාදීමේ අයිතිහාසික අපරාධයක කොටස්කරුවන්වී ජාති ද්‍රෝහීන් සහ දේශ ග්‍රෝහීන් රැළක් වශයෙන් ඉතිහාස ගතවීමට දඟලන්නේන්නේ ඇයි

20 විදෙස් ආයෝජනය ගැන හඬා වැටෙන ඔබලා විදෙස් ආයෝජකයින් මෙහි එන්නේ ඔවුන්ගේ මඩිය තරකර ගැනීමේ මූලික අදහසින් මිස අපගේ රට දියුණු කිරීමට නොවෙන බවවත් ඔබලාට තේරෙන්නේ නැත්තේ ඇයි?

21.පෙර දවස සින්හල රජදරුවන් රට පුරා මහා පරාක්‍රමභාහු සමුද්‍රය වැනි සින්දූපමාන වැව් 12 දහසකට අධික ගාණක් සහ  ගඩොලින් තැණූ ලෝකයේ උසම  චයිත්‍ය වූ ජේතවනරාමය ඇතුළු අහස උසට නැගු ස්ථූප සිය දහස් ගානක් රටපුර හැදුවේ කුමණ ලෝක බැන්කුවෙන් හා අරමුදලෙන් ණය ලබාගෙනද/ තාක්ෂනික උපදෙස් ලබාගෙන්ද?

22. අවසාන්වශයෙන් දේශීය සම්පත් විකුණා ලෝක බැන්කුවෙන් සහ ජා.මූ,අරමුදලෙන් ණය ලබාගෙන ඔවුන්ගේ උපදෙස් මත ක්‍රියාකොට දියුණුවූ ලෝකයේ එක රටක් අපට පෙන්වා දෙන්ට ඔබලාට පුළුවන්ද

(12.& 2023 දින  Daily /FT පලවු පරිදී)

රජය ණය ලබාගැනීමට යන ණය හිමියන්ගේම උපදේශක ආයතන වන පහත සඳහන් ආයතන වලින් ලබාගන්න උපදෙස්

ඔවුන්ගේ ලාබ වැඩිකර ගැනීමට මිස අපේ රටේ ආර්ථික යේ වර්ධනය හේතුවන පරිදි ඔවුන් උපදෙස් දේවි යයි සිතිය හැක්කේ කාටද.මෙය කුකුල්කොටුව බලාගැනීමට නරින්ට භාරදීමක් වැනි  තිරණයක් නොවේද. එසේම හොරාගේ අම්මාගෙන් නොව හොරගෙන්ම පේන ඇසීම වැනි ක්‍රියාවක් නොවේද

 • Litro Gas Ltd (Litro, including Litro Gas Terminals Ltd): Deloitte Touche Tohmatsu India (Deloitte India) has been appointed as the transaction advisor.

• Canwill Holdings Ltd (Hyatt): Deloitte Touche Tohmatsu India (Deloitte India) has been appointed as the transaction advisor.

• Hotel Developers Lanka Ltd (Hilton): Colliers International Consultancy and Valuation (Singapore) Ltd and Platinum Advisors has been appointed as the transaction advisor.

• Sri Lanka Insurance Corporation Ltd (SLIC): Alvarez & Marsal Middle East Ltd., and Capital Alliance Partners LTD has been appointed as the transaction advisor.

The Daily FT on 22 June 2023 exclusively reported the selection of four local parties (https://www.ft.lk/top-story/Govt-selects-transaction-advisors-for-sale-of-4-SOEs/26-749808)

මේ සියල්ල විකුනා දැමීමෙන් පසු ලන්කාණ්ඩුවට පාලන්ය කිරීමට  ඉතිරිවන්නේ මොන්වද. එවැනි සූන්‍ය රටකට ආණ්ඩුවක් මොනවාටද?

දෙවණුව

ඉහත සඳහන් සාපරාධී  පාවාදීම නොකොට

1 1977 ආණ්ඩු පෙරළියත් සමඟම මේ රටේ ස්වයන්පෝෂිත කෘෂිකර්මාන්තය, සහ කර්මාන්ත සියල්ල විනාශකොට පටන්ගත් ඊණියා විවුර්ථ ආර්ථිකය හරහා අල්පෙනෙත්තේ සිට  සියළු දෙයක්ම පිටරටින් ආනායනයකොට රට හැදීමේ දවල් හීනය දැන්වත් වහාම අත් හැර දමා දේශීය ගොවිතැන සහ  සුලු කර්මාන්ත ප්‍රධානකොට කර්මාන්ත ආරම්භකොට ස්වයන්පෝෂිත ආර්ථිකයක් ගොඩ නැගීම දන්වත් ආරම්භකකොට දේශීය වශයෙන් රැකියා  උත්පාදනය සහ නිශ්පාදනය නැන්වීමේ වැඩපිලිවෙළක් පලමුවම ගම් මට්ටමින් දීප ව්‍යාප්ත වගා සන්ග්‍රාමයක් අරම්භ කරමු.


 [S1]

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress