13 වෙනි ව්‍යාවස්ථා සංශෝධනය
Posted on July 27th, 2023

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

අපේ රටේ දෙමළ ජනතාවට ඇත්තේ කුඩම්මලාගේ සැලකිලිලු. එසේ කියන්නේ, මෙරට රාජ්‍ය පාලනය කල ද්‍රවිඩ ජාතික රජෙක්වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාව බලයෙන් පහකොට, පසුව රටෙන්ද පිටුවහල් කර දැමු ඉංග්‍රීසි ජාතිකයින්ය.

“ඈ බොල ——- පුත්‍රයනි! තොප එදා අපේ සිංහල ජනප්‍රධානින්ට, මහජාතියට අයත් නොවෙන රජෙක් කොහොමද සිංහලයින්ව පාලනය කරන්නේ?” යන ප්‍රශ්නය සමාජගත කොට, ජාතිබේදය ව්‍යාප්ත කොට, ඉන් නොනැවතී, එදා සිංහලේට හදුන්වා දුන් නව ව්යාවස්තාව වන උඩරට ගිවිසුමහි 2වන වගන්තියෙන්,

‘සිංහලේ ආණ්ඩු කිරීමට දෙමළ වර්ගයට ඇත්තාවූ සියලුම අයිතිකම් නැතිකරන්ඩද, විනාශ කරන්ඩද යෙදුන වග මෙයින් එළිදරවු කරණුය’

යනුයෙන් ව්යාවස්තානුගත් නීතියක් බවට පත්කරනු ලැබුයේ තොපම නොවේද”යි  සුද්දන්ගෙන් ඇසීමට කිසිවෙක් ඉදිරිපත් නොවෙනුයේ, පිට කොන්දේ ඇති කසේරුකාවන්ගේ අඩුවක් බැවිනි.

1818 කැරැල්ලේදී හා 1848 කරල්ලේදීද ජාතික නායකත්වයට රාජකීය ලේ උරුමයක් ඇති අයෙකු සොයමින්, දෙමළ අයෙක්ව නායකත්වයට පත්කරගැනීමට එදා සිංහල සටන්කාමින් කටයුතු කලේ ඔවුන්තුල ජාතිවාදය කිසිසේත්ම කිදාබැසගෙන නොතිබුන බැවිනි. සිංහලයා හා සිංහලකම යනු විශේෂිත දෙයකි. මේ රටේ සම්ප්‍රධානුකුලාව රජවූ සෑම ද්‍රවිඩ රජෙක්ම සිංහලේට උචිත නමක් ගත අතර බුදු දහමට ප්‍රමුඛ තැන ලබාදී රට පාලනය කිරීම තුලින් ජාතික සමගිත ආරක්ෂා කිරීමට වගබලාගත්හ.

අද දෙමල ප්‍රජාව හිතන්නේ, සිංහල අපි ඒ අයගේ සතුරන් කියාය. ඔවුන්ට කිසිම බලයක් නොදෙන්නේද සිංහලයන්ය කියාය.එසේ කියමින් ඔවුන් සුද්දන්ගේ පසුපසම යන්නේ ඉතිහාසය ගැන කිසිවක් නොදන්නවුන්සේය.

මේ සෙල්ලමෙන් සිංහල හා දෙමල ජනතාව සමගිවිමක් නොව තව තව දුරස්තවිමක් සිදුවේ.

ලෝකයේ සෑම තැනකම බොරදියේ මාළුබාන සුද්දෝ, ශ්‍රී ලංකාවේද මාළු බෑම ආරම්භ කලේ දෙමළ ප්‍රජාවගේ ආරක්ෂකයෙකුගේ වෙස් අරගෙනය. එහි පලයක් වශයෙන්, ඔවුන්ගේ අනුග්‍රහය මත.ඉන්දියාව බලහත්කාරකම් පා මෙරටට 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යාවස්තා සංශෝධනය හදුන්වා දුන්හ.

මේ 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධනය හදුන්වා දුන් පළමු දිනාදීම මුළුමහත් ලෝකයා හමුවේම බලගතු රාජ්‍යක නායෙකයෙකුවූ රජීව් ගාන්ධි රයිෆල් බට් පහරකට ලක්ව අවමානයට ලක්වූ අතර, ඔහු විසින් ආරක්ෂා කොට රැකගත්, ඒ ත්‍රස්තවාදින්ගේම ගොදුරක්බවට පත්ව මියදුනහ.

13 මෙන්ම 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යාවස්තා සංශෝධනයද ඇති භයානක බව මෙයින් තේරුම්ගත යුතුය.

මේ ව්‍යාවස්ථා සංශෝධනයෙන් පසු උතුරේ මහා ඇමති බවට පත්වූ සියලුම මහා ඇමතිවරු, තම පළාතේ සංවර්ධනය කර එහි වාසය කරන ජනතාවගේ ගැටළු විසදනවා වෙනුවට බටහිර න්‍යාය පත්‍රයන්ට අනුකුලව කටයුතු කර දෙමල ජනතාවව සිංහල ජනතාවගේ  සතුරන් ලෙසම තබා ගැනීමට වෙර දැරුහ. එහි පලයක් වශයෙන් මෙරට ජනතාවට පළාත් සභා අවශ්‍ය නැති අංගයක්ය යන්න ප්‍රත්‍යක්ෂ වී හමාරය.

දැන් ඉන්දීය අගමැති රජිව්ගේ කාර්යභාරයට අතගසා එදා ජේ.ආර්. ජයවර්ධනයන්ට සිදුකල ආකාරයේම බලපෑම් රනිල් වික්‍රමසිංහයන්ට සිදුකරමින් සිටි. රනිල් වික්‍රමසිංහ යනු පාර්ලිමේන්තුවේ එක චන්දයක් උරුම අයෙකි. ද්‍රවිඩ නායකයින් මුළු රටේම විරෝධය මේ සඳහා නිර්මාණය කරගෙන ඇති බැවින් පාර්ලිමේන්තුවේදී 13 නැවත බල ගැන්විය නොහැකි බව පැහැදිලිය. දැන් ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ද  නිදහස්ය. ඉන්දීය අගමැතිටද මෙය පැහැදිලි විය යුතුය. එතුමා අසල්වැසි රටවල අභ්‍යන්තර කටයුතු වලට මැදිහත් නොවී සිටීම ගුණදායක බව අපේ මතයයි. අපිට හොඳ අසල වැසියෙකුගේ අවශ්‍යතාවය තදින්ම දැනේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress